Rangana Premaratne Sri Lanka Actor | Sinhala Article

Rangana Premaratne Sri Lanka Actor by Thusha S Weerasinghe

90 දශකයේ පුංචි තිරයේ කඩවසම් පෞරුෂය |

රංගන ප්‍රේමරත්න ෴

…………………………………………….

80 දශකයේ අග භාගයේ සහ 90 දශකයේ මුල් භාගය යනු ලාංකීය ප්‍රෙක්ෂකයන් ටෙලිවිෂනයට ඇදබැඳ ගත් විශිෂ්ට නිර්මාණ බිහිවූ කාලවකවානුවකි… මේ අවධියේ දක්ෂ නළු නිලියන් රැසක් මෙරට කලා ක්‍ෂේත්‍රයේ සිය සලකුණ තබන ලදී… රංගන ප්‍රේමරත්නද ඒ අතරින් කෙනෙකි…

රංගන ශිල්පියෙකුට සතු වූ උස , දේහධාරී පෙනුම.ඊටම සරිලන ගැඹුරු කටහඬක් සතු වූ රංගන .. කුරුණෑගල මලියදේව විදුහලේ ආදී ශිෂ්‍යයෙකි.. 1998දී විකාශය වූ මනෝකාය ටෙලිනාට්‍යය අදටත් සැලකෙන්නේ මෙරට බිහිවූ විශිෂ්ටතම ටෙලිනාට්‍යයක් ලෙසයි.. එහි ප්‍රධාන චරිතය වූ මහිජිත්ගේ චරිතය නිරුපණය කලේ රංගන ප්‍රේමරත්නයි… මේ දිනවල නැවත විකාශය කෙරෙන මනෝකාය ටෙලිනාට්‍යය ප්‍රෙක්ෂකයන්ගේ වැඩි කතාබහට ලක් වෙයි… රංගන ප්‍රේමරත්න රංගන ශිල්පියාගේ හැකියාව කවරආකාරදැයි යන්න බොහෝ දෙනෙකුට අමතකය . ඒ චරිත හඹාගොස් අධ්‍යකෂක වරයෙකුට කරදරයක් වදයක් නොවූ රංගධරයෙක් නිසාමය . මොහුගේ සැබෑ කුසලතාවය හදුනාගත් අධ්‍යක්ෂකවරු පිටපත් රචකයන් හිටියානම් අතක ඇගිලි ගානට පමණි .

උදයකාන්ත වර්ණකුලසූරිය ගිනි අවි හා ගිනි කෙළි තුලින් රංගන ගේ කුසලතා රසිකත්වයට ප්‍රදර්ශනය කළේය .ඔහු පොලිස් පරික්ෂකවරයෙකුගේ බූමිකාව රසට යසට නිරූපණය කළේය .නිහාල් සිල්වා සාජන් නල්ලතම්බි වේදිකාවේ රංගනගේ හැකියාව සොරා ගත්තේය . ටෝනි රණසිංහයන් ඔහුගේ නිර්මාණයක ත්‍රිත්ව චරිත නිරූපණයක් සදහා රංගන තෝරාගත්තේය . පිටපතද ටෝනිගේය. ඉන්පසුව තවත් ටෙලි නාටකයක රංගන චරිත හතරක ආවේෂයකින් රසිකත්වයට ඔසවා තැබීය . තිස්ස අබේසේකර ටෝනි වැනි ප්‍රවීනයන් ගේ පිටපතක මෙම රංගධරයාගේ අවශ්‍යතාවය බෙහෙවින් කැපීපෙනුනි . අද ඔවුන් නැති අඩුව කලාරසිකත්වයට පමණක් නොව හැකියාවන් ඇති රංගන ශිල්පීන්ට මෙන්ම ශිල්පිණියන්ට ද විශාල පාඩුවකි . ඔවුන්ගේ කුසලතා ඉවෙන් හදුනාගැනීමේ හැකියාව සපිරි පිටපත් රචකයන් අධ්‍යක්ෂවරුන් හිගයකි . සමහරුන්‍ට පෙනුනත් නිශ්පාදකවරයා අකමැතිය .මන්ද ඔවුන් වටා බ්‍රමණය වන පිරිසෙන් පිට දක්ෂතාවයට තැන දෙන න්‍යායේ නොපිහිටන කුහකකම කරපින්නා ගැනීමය .

අද කාලයේ පඳුරකට ගැසුවත් නළුවන් බිහි වෙයි.බාල හරසුන් ටෙලිනාට්‍යය වල රඟපාන ඔවුන් දවසෙන් දෙකෙන් ප්‍රෙක්ෂක මනසෙන් විසි වී යයි… ඒ අතරින් බලන කල සහජ දක්ෂතාව සහිත රංගන සුවිශේෂී රංගන ශිල්පියෙකි.. මෙරට අධ්‍යක්ෂකවරු ඔහුගෙන් හරියට වැඩක් ගත්තාදැයි අපි නොදනිමු…

තුෂාර එස්. වීරසිංහ

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *