Ram Charan Indian Actor by Anuja Wijesinghe
රාම්චරන් ?️
1985 වසරේ මාර්තු මස 27 වනදින තෙලුඟු සිනමා සුපිරි නලු චිරන්ජීව් සහ ඔහුගෙ බිරිඳ සුරේඛා දාව හයිද්‍රාබාදයේදී චරන් උපත ලබනව. ඔහුට ස්රීජා සහ සශ්මිතා නමින් සහෝදරියන් දෙදෙනෙකුද සිටියි. අල්ලු අර්ජුන්, වරුන් තේජ් සහ සායි ධරම් තේජ් චරන්ගෙ ඥාතීන්ද වෙනව. ඔහු සිය ප්‍රාථමික අධ්‍යාපනය චෙන්නාය්හි පිහිටි උසස් පාසැලක හදාරනව. පසුව චරන් B.com (Bachelor of Commerce) උපාධිය හැදෑරුවද එය අතරමඟ නවතිනව.
පසුව චරන් පූරි ජගන්නාද් අධ්‍යක්ෂණය කළ Chirutha චිත්‍රපටයෙ ඔහුගෙ නමින්ම එනම් චරන් නම් චරිතයට පන පොවා තෙලුඟු සිනමාවට ඇතුළු වෙනව. මෙම චිත්‍රපටයෙහි තවත් විශේෂත්වයක් නම් නේහා ශර්මාද සිනමාවට පා තබන්නේද මෙම චිත්‍රපටයෙනි. පසුව S.S.රාජමෞලිගෙ අධ්‍යක්ෂණයෙන් තෙලුඟු චිත්‍රපට නිෂ්පාදක අල්ලු අරවින්ද්ගෙ නිෂ්පාදනයෙන්ද කාජල්ගෙ ෆීමේල් ලීඩ් රෝල් එකෙන් සමන්විතවූ මගධීරා චිත්‍රපටය 2009 වසරේදී තිරගත වෙනව. චරන්ගෙ සිනමාදිවියේ ටර්නින්ග් පොයින්ට් එක විදිහට අපිට මගධීරා දකින්න පුලුවන්.
රංගනයෙන් දායක වූ චිත්‍රපට
2007 – Chirutha
2009 – Magadheera
2010 – Orange
2012 – Racha
2013 – Naayak, Zanjeer
2014 – Yevadu, Govindudu
2015 – Bruce Lee
2016 – Dhurva
2018 – Rangasthalam
2019 – Vinaya Vidheya Rama
ඉතින් මෙ දවස්වල චරන් ටිකක් අතගහල ඉන්නෙ ටිකක් දැවැන්ත ප්‍රජෙක්ට් එහෙකට කියල තමයි ආරංචිය. යන්ග් ටයිගර් NTR මෙන්ම බොලිවුඩ් සුරූපී නිළි ආලියා බාට් සහ සුපිරි නලු අජේ දේව්ගන් මෙම #RRR චිත්‍රපටයට දායක වන බව සඳහන් වෙ. ආලියා සහ අජේ තෙලුඟු සිනමාවට පාතබන පළමු චිත්‍රපටයද මෙය වීම සුවිශේෂීම කරුණක්. එමෙන්ම මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ චරන්ගෙ පළමු චිත්‍රපටයම අධ්‍යක්ෂණය කළ S.S.රාජමෞලිම වීම තවත් එක් විශේෂත්වයක්. දැනට වාර්තාවන පරිදි ප්‍රබන්ධ ගණයට අදාළව මෙම චිත්‍රපටය නිර්මාණය වෙ. බොහෝවිට මෙම චිත්‍රපටය ලබන වසරේ මැදභාගයේදී තිරගත වේවී. දැනට වාර්තාවන පරිදි කෝටි 400 කට ආසන්න මුදලක් මෙ සඳහා යටකර ඇතිබව සඳහන්.
චරන්ගෙ Dhurva චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සුරේන්දර් රෙඩ්ඩිගෙ අධ්‍යක්ෂණයෙන් තිරගතවීමට නියමිත Sye Raa Narasimha Reddy චිත්‍රපටයේ නිෂ්පාදනයෙන් චරන් දායක වෙ. එමෙන්ම චරන්ගෙ පියාණන්ගෙ Khaidi No.150 චිත්‍රපටයේද නිෂ්පාදකයෙක් ලෙස ඔහු කටයුතු කරයි.
චරන් ලබාගත් ෆිල්ම්ෆෙයාර් සම්මාන ගැන කියනව නම් Chirutha චිත්‍රපටයෙහි රඟපෑමට බෙස්ට් මේල් debut (South) සම්මානයද මගධීරා චිත්‍රපටයෙහි රඟපෑමට හොඳම තෙලුඟු නලුවා සම්මානයද ඔහු සතුකරගැනීමට හැකිවෙනව. මෙ වනවිටදී වාර්තාවන පරිදි ෆිල්ම්ෆෙයාර් සම්මාන පහකට නොමිනේෂන්ස් වූ අතැරම ඉන් සම්මානයන් දෙකක් චරන් දිනාගෙන ඇත.
චරන්ගෙ පෞද්ගලික ජීවිතය ගැන කියනව නම් Apollo රෝහලේ උපසභාපතිනයක් මෙන්ම B පොසිටිව් සඟරාවෙහි අධ්‍යක්ෂකවරියක් ලෙස කටයුතු කරන්නා වූ උපස්සනා කාමිනේනී සමඟ 2011 වසරේ දෙසැම්බර් පළමු දින විවාහ ගිවිසගන්නා ලදී.
චරන්ගෙ ටර්නින්ග් පොයින්ට් එක විදිහට මගධීරා දැක්කට වාණිජමය අතින් බලද්දී රචා සහ නායක් මසාලා මූවීස් අපිට ගන්න පුලුවන්. ඔහුගෙ ක්‍රිටිකල් සයිඩ් එකෙන් වගේම වාණිජත්වය අතින් බලද්දි එකල සාර්ථක නිර්මාණයක් ලෙස යෙවඩු අපට ගතහැකියි.
ඒ වගේම 2016 වසරේදී තමන්ගේම නිෂ්පාදන සමාගමක් විදිහට කොනිඩේලා නිෂ්පාදන සමාගම ඔහු විසින් ආරම්භ කරන ලදී. චරන් අශ්වාරෝහකයෙකු මෙන්ම ව්‍යවසායකයෙකු ලෙසද ජනතාව අතර ප්‍රසිද්ධියක් උසුලයි. තවද ඔහුට Ram Charan Hyderabad Polo Riding Club එකක්ද ඇත. එලෙසම MAA ටීවී එකෙහි අධ්‍යක්ෂක මණ්ඩලයෙහිද චරන් සේවය කරයි. 2015 වසරේ ජූලි මස මුල්භාගයේදී ඔහු TruJet නමින් ගුවන්සමාගමක් හයිද්‍රාබාදයෙහි පිහිටුවන ලදී. ඒ වගේම චරන් Devil’s Circuit බාධක ධාවන මාලාවෙහි නියෝජිතයෙකු මෙන්ම සමහිමිකරුවෙක්ද වෙ.
චරන්ගෙ පරිපූර්ණ රංගනයක් ලෙස ඔබට මට නිරවුල්ව තෝරාබේරා ගත හැකි ලැයිස්තුවේ උඩින්ම පවතින්නෙ නම් නිසැකවම රංගස්තලම් චිත්‍රපටයයි. මෙම චිත්‍රපටයේදී ඔහු දැක්වූ අද්විතීය රංගනය නිසාවෙන් Zee Cinema Awards හිදී බෙස්ට් ඇක්ටර් අවර්ඩ් එකද චරන් සතුවිය.
ඒ කෙසේ වූ නමුදු කාලීනව මාසාලා චිත්‍රපටයන් තුළ චරන් හිරවුනද
රංගස්තලම් වැනි සාර්ථක නිර්මාණයයන් දෙස බලන කල ඔහුට එයින් පිටපැන සාර්ථක නිර්මාණයයන් වලට දායක වීමට හැකිවේවායි මම ප්‍රාර්ථනා කරනව !