“ලාල් කේදර්නාත්” (ආක්ෂේ කුමාර්) කියන්නේ බඳින වයසේ සහෝදරියෝ හතර දෙනෙක් ඉන්න වැඩිමහල් සහෝදරයෙක්. මෙි සහෝදරියෝ හතර දෙනාට අමිමා තාත්තා කියලා දෙන්නටම ඉන්නේ තමන්ගේ අයියා විතරමයි. ලාල්ගේ දවස ආරමිභ වෙන්නේම තමන්ගේ නංගිලා හතර දෙනා කසාද බන්දලා දෙන්න ඔිනය කියන දැඩි වගකීම හිසේ දරාගෙනමයි. නංගිලා හතර දෙනා කසාද බන්දවන්න බැරිව ලාල්ට කසාද බඳින්නත් බෑ. ලාල් මෙි බරපතළ ගණයේ වගකීමෙන් මිදෙන්න මාර දහමි ගැට ටිකක් දානවා. ඒකට හැමවෙලාවෙම හරස් වෙන්නේ දැවැද්ද (Dowery) කියන සාධකය. ඉතින් ලාල්ගේ නංගිලා බලන්න එන හැම මනමාලයම අාපහු හැරිලා යන්නේ ලක්ෂ ගණනින් ඉල්ලන දැවැද්දක් දෙන්න නැතිකම නිසාම තමයි.
මෙි විදියට තමයි ආනන්ද් ඒල්.රායි අධ්‍යක්ෂණය කරපු “රක්ෂා බන්ධන්” ෆිල්ම් එකේ කතාව ගලාගෙන යන්නේ. ෆිල්ම් එක fully entertainment. Comedy කෑලි එක්ක විවාහය කියන දේ හරි අපුරුවට හාස්‍යයට ලක් කරනවා. බලන් ඉන්න අපිටත් ඒවාට හිනා යනවා. ඇත්ත නේන්නමි කියලා. විශේෂයෙන් දැවැද්ද කියන දේට නොසෑහෙන්න පහරවල් එල්ල කරනවා. Emotional effect එක වැඩියි. දුක හිතෙන සංවෙිදී තැන් බොහෝමයක් තියෙනවා චිත්‍රපටය ඇතුළේ. බලන් ඉන්න අපිටත් ඒවාට දුක හිතෙනවා. ආක්ෂේ කුමාර්ගේ ඇක්ටි ගැන නමි ඉතින් කියන්න දෙයක් නෑ ඉතින්. මරු. සංවෙිදී, වගකීමිසහගත නියම සහෝදරයකුගේ භූමිකාව ආක්ෂේ කුමාර් විශිෂ්ට විදියට නිරූපණය කරනවා. සෙල්ලක්කාර නංගිලා හතර දෙනෙක්..වගකීමකින් හෙමිබත් වෙන අයියා කෙනෙක්. “රක්ෂා බන්ධන්” චිත්‍රපටය එක පැත්තකින් විවාහය සමඟ ගැටගැසුණු දැවැද්ද තුළ ඇති දේශපාලන, සමාජ, සංස්කෘතික බලවෙිගයට එරෙහිව සටන් කරන සිනමා ව්‍යාප්තියක් විදියටත් කටයුතු කරනවා. මෙික බලන්න වටින ෆිල්ම් එකක්. “රක්ෂා බන්ධන්”. නියමයි.