??Superstar RAJINIKANTH ??
ඔන්න මේ දවස්වල Hot News එක වෙලා තියෙන්නේ 2.0 එක ගැන නේ. ඉතින් ඔක්කෝමලා රජිනිකාන්ත් ගැන තමයි කතාව. කව්ද මේ රජිනිකාන්ත් ?
සිවාජි රාඕ ගයික්වාඩ් නොහෝත් අපි කවුරුත් දන්නා රජිනිකාන්ත් සුපිරි තරුව දෙසැම්බර් 12 1950 දී මෙලොව එලි දුටුවේ කර්නාටක ප්‍රාන්තයයේ බැංගලෝරයේ දීයි. මොහු සිනවාවට අමතරව දේශපාලනයටද පිවිසුණේ ය. අප කතා කරන්නේ ඒ දේශාපාලකයා ගැන නොවේ. 1973 ඔහුගේ රංගන ජීවිතය ආරම්භ කරන්නේ කොන්දොස්තර කෙනෙක් ලෙසින් බැංගලෝරයේ ගමනා ගමන සේවයේ සිට Madras Film Institute වල රංගනය පිලිබදව උපාධියට සම්බන්ධ වීමෙනුයි. මොහු කොන්දොස්තරකෙනෙක් වීමට පෙර බැංගලෝරයේ හා මැඩ්රාසයේ කුලී (කම්කරු) හා වඩුවෙක් වැනි විවිධ රැකියාවන්හි නිරත වී ඇත.
කන්නඩ නාට්‍යය රචකයෙකු වූ ටෝනි මුනියප්පා විසින් ඔහුගේ ජනපුරාණ නාට්‍යයක රංගන අවස්ථාව සලසා දීමෙන් පසු වේදිකා නාට්‍යවලට සහභාගී විය. ඒ කාලයේදී ඔහුගේ ඇස ගැසුණු දැන්වීමක් වුයේ අලුතින් ආරම්භකරන ලද Madras Film Institute ආයතනයේ පිරිනමනු ලබන රංගන පාඨමාලාවක් . කෙසේ වුවත් ඔහුගේ පවුලේ අයගේ කිසිම සහයෝගයක් මේ සදහා හිමිවූයේ නැත. නමුත් ඔහුගේ සහෝදර සේවකයෙක් හා හොදම මිතුරා වන රාජ් බාදුර් විසින් මොහු පොළඹවු අතර ඒ කාලය තුල මොහුට ආර්ථික වශයෙන්ද උදව්කලේය. මොහු වේදිකාවේ රගදැක්වීම අව්ධානයට ලක් කල ඉන්දීය දමිල සිනමාවේ පතාක අධ්‍යක්ෂක වරයෙක් වන කේ බාලචන්දර් උපදේශයක් ලෙස ලබා දුන්නේ දෙමල භාෂාව ඉගෙන ගන්නා ලෙසයි. මේ උපදේශය ඉක්මනින්ම රජිනි විසින් ඉෂ්ට කරගන්න ලදි. අවසානයේදී 1975 දී කේ. බාලචන්ද්‍රන් ගේ සම්මානනීය චිත්‍රපටයක් වූ Apoorva Ragangal චිත්‍රපටයේන් රජිනිකාන්ත් තිරයට පිවිසියේ ඉතාමත් සුලු චරිතයක් වු එකල ශ්‍රි විද්‍යාගේ නම් නිලියගේ දුෂ්ට සැමියා ලෙසින්ය.තම ප්‍රථම ෆිලුමෙන්ම දමිල සිනමාවේ අවධානයට ලක්වු රජිනි ගැන එකල The Hindu පුවත් පත ලියා තිබුනේ “නවක රජිනිකාන්ත් ගෞරවාන්විත හා සිත් ඇදගන්නා සුළුයි” යනුවෙනි. මෙය සත්‍යයක්යයි පසක් කරමින් කන්නඩ භාෂාවෙන් නිකුත් වූ Katha Sangama 1975 චිත්‍රපටයෙන් ඔප්පු කර පෙන්වුවේය. මෙය කොටස්තුනකින් වූ කෙටි චිත්‍රපටයක සුලු චරිතයක් විය. රජිනිගේ පලවෙනි ප්‍රධාන චරිතය වුවේ කේ . බාලචන්දර් විසින්ම අධ්‍යක්ෂණය කල Anthuleni Katha නම් තෙලුගු චිත්‍රපටයයි. මේ හැම චිත්‍රපටයකම ඔහුට ලැබුනේ ඍණාත්මක චරිතයන්. ප්‍රථම වතාවට මොහුවිසින් ධනාත්මක ප්‍රධාන චරිතයක් Moondru Mudichu චිත්‍රපටය තුලිනුයි. මෙහිදී ඔහු සිගරැට්ටුව තොල්මත පතිතකිරීමේ ශෛලිය තුලින් ඉතාමත් ප්‍රසිද්ධියට මෙන්ම ඔහුටමකියා රසික පිරිසක් එකතුකරගත්තේය.
රජිනිගේ සාර්ථකම කාලය කෙස 1990 – 2001 හැදින්විය හැක. එනම් මේ කාලයේදී නිකුත් වූ සියලු චිත්‍රපටි ඉහල ආදායම්වාර්තා තැබු චිත්රපටිවිය. ලෝක සිනමාවේ විවිධ සතර ආකෘතියයන් වු කලු – සුදු , වර්ණ , 3D හා motion capture (චලන රෑප ) යන ආකෘතියන්වල රගපෑ ප්‍රථම නලුවාද වේ. රංගනයට අමතරව තිර රචකයෙක් , නිෂ්පාදකයෙක් , දේශාපාලකයෙක් වගේම ධානපතියෙක් ලෙසද කටයුතු කරයි.
මොහුගේ බිරිද ලතා රජිනිකාන්ත් ගායිකාවක් වන අතර දරුවන් දෙදෙනා අයිස්වර්යා හා සෞන්දර්යා වේ. මොවුන්ද සිනමාවට සම්බන්ධවී කටයුතු කරයි. අප කවුරුත් දන්නා ධනුෂ් අයිස්වර්යා විවහකරගෙන බෑනායන නාමය ලබාගෙන ඇත.
සෞන්දර්යා ගේ සැමියාවීමට සිටින්නේ රංගන ශිල්පී Vishagan Vanangamudi (Vanjagar Ulagam ෆිලුම ) ය. ඩොලර් මිලියන 7.8 ආදායමක් සිවාජි චිත්‍රපටය මගින් 2017 දී උපයා ගැනීමෙන් ආසියාව ඉහලම ගෙවීම් කරන රංගන ශිල්පියා ලෙස දෙවෙනි තැනටපත් වුයේ පලවෙනි තැන ජැකී චෑන් ලබාගැනීම නිසාවෙනි. ඉන්දිය සිනමාව මෙන්ම ජාත්‍යන්තර චිත්‍රපටි සදහා 1988 දී Bloodstone හරහා සම්බන්ධවිය.
Tamil Nadu State Film Awards මගින් සම්මානයන් 6 ක් දිනාගෙන ඇති අතර ඒ හොදම නලුවා සදහා සම්මානයන් 4 ද , විශේෂ සම්මානයන් හොදම නලුවා සදහා 2 ක්ද ලෙසිනි. Filmfare සම්මානයන් ද හොදම නලුවා සදහා ලබාගෙන ඇත. ඉන්දියාවේ කිහිඔඅ දෙනෙකුට පමණක් ලබාගත හැකි ගෞරවනාමයක්වන The Padma Bhushan (2000) හා The Padma Vibhushan (2016) දී ඉන්දීය රජය විසින් පිරිනමන ලදී.
Awards and nominations
Cinema Express Awards Win 70
Filmfare Awards South Win10
Filmfans Association Awards Win 80
NDTV Awards 30
South Screen Awards 10
Tamil Nadu State Film Awards 09
Vijay Awards 40
Total :
Awards won 3000
Nominations 3300