RAHASYA (2015) Hindi
Mystery / Thriller
අවස්ථාව ලැබුණු තැන ඔබෙන් පළිගනිමි . . .
ලෝකයේ යම් පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් තවත් ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට සැබැවින් ප්‍රේම කරන්නේ නම් ඔහු හෝ ඇගේ ගුණයට මිස කිසි කලෙකත් අනෙකාගේ කායික රූසපුවට ආදරය නො කළ යුතුය. කුමක් නිසා ද යත් රූපය මොහොතින් මොහොත දවසින් දවස දිරන, අඩුවන, මියයන නිසා ඒ සමඟම ඔහුගේ හෝ ඇයගේ ප්‍රේමය හෝ ආදරය ද අඩුවන හෝ මැරෙන නිසාය. එබැවින් සදාකාලික ප්‍රේමයක් අපේක්ෂා කරන්නේ නම් යමෙකුගේ ගුණයට ආදරය කළ යුතුය. කුමක් නිසාද යත් යහපත් ගුණාංග වැඩිවෙන තරමට ප්‍රේමය ද දිනෙන් දින වැඩි වන නිසාය. එය ජීවිතයේ දියුණුවට හේතු වන නිසාය. තවද වයස් ගත වන විට රූපය විරූපී වීම සාමාන්‍ය ලක්ෂණයකි. එය ලෝක ස්වභාවයයි. රූප කයට ආදරය කරන්නෝ තමා ප්‍රේම කරන්නාගේ හෝ කරන්නියගේ රූපය විරූප වන විට වෙනත් රූපයකට ඇලුම් කරති. බොහෝ විට ඇතැම් විවාහක ස්ත්‍රී පුරුෂයන් දික්කසාද වන්නේ ද ඔවුන්ගේ පවුල් ජීවිතවල අනේකවිධ අර්බුද ඇති වන්නේ ද මේ නිසාය. පවුල් සංස්ථාවේ අවුල් ඇතිවීමට ආර්ථිකය, අසංවිධානාත්මක බව ආදී වෙනත් හේතු තිබිය හැකි නමුත් ඉහත කී තත්වයන්ද ඒ සියලු ගැටුම්වලට හේතු සාධක වන ඔවුන් තුළ සැඟවී තිබෙන රහසකි. විවාහක යුවලක් ප්‍රේමයෙන් වෙළී සිටී නම් ඔවුනට අනෙකුත් බාධක ප්‍රබල බාධක වන්නේ නැත. කුමක් නිසාද යත් ඔවුන් කවරාකාර අභියෝගයක් වුවද සාදරයෙන් පිළිගැනීමට අධ්‍යාත්මික එකමුතුවකින් සූදානම් වී සිටින බැවිනි. එබැවින් කෙනෙකුගේ රූපයට නොව ගුණයට ආදරය කිරීම ප්‍රේමයේ පදනම වේ. ගැහැණියක තමන්ට වූ අසාධාරණයක් නිකම්ම අත් හැර දමන්නේ නැත. ඇය ඒ සදහා සුදුසු වේලාව එන තෙක් බලා සිටියි. මේ කතා කරන්නට යන සිනමා නිර්මාණයද එවැන්නකි. එය නමින් ” RAHASYA” නම් වේ.
මෙම සිනමා නිර්මාණය ලියා , අධ්‍යක්ෂණය කරනු ලබන්නේ , Manish Gupta විසිනි. මෙය නිෂ්පාදනය කරනු ලබන්නේ , Monica Vimal Maluka විසින් වන අතර Kay Kay Menon , Tisca Chopra , Ashish Vidyarthi , Mita Vashisht, Ashwini Kalsekar ඇතුළු තවත් නළු නිළියන් රැසකගේ රංගනයෙන් ඔපවත් වී ඇත. මෙම නිර්මාණයේ සංගීතය Ranjit Barot අතින් නිර්මාණය වී ඇත. මෙම සිනමා නිර්මාණය ප්‍රේක්ෂක දැක බලා ගැනීම සදහා නිකුත් වන්නේ , 30 January 2015 වන දින වන අතර එසේ නිකුත් වන්නේද , දහසකුත් එකක් වාරණ තහංචි වලට මුහුණ දීමෙන් පසුවය. මිනිත්තු 123 ක ධාවන කාලයකින් යුත් මේ සිනමා නිර්මාණය සිනමාලෝලී ඔබ තුල කුතුහලය රදවාලමින් සිනමා නිර්මාණයේ අවසානය තෙක් රදවා ගන්නා බව නිසැකවම සදහන් කල හැක. ඉන්දීය රුපියල් කෝටි 6 ක පිරිවැයකින් නිර්මාණය වූ මෙම නිර්මාණයේ බොක්ස් ඔෆිස් ආදායම ඉන්දීය රුපියල් කෝටි 2.8 ලෙස සදහන් වේ. ඒ වගේම මෙය IMDb හි 7.8/10 ඉහළ අගයක් තම සිනමා නිර්මාණය ඉදිරියේ සටහන් කර ගන්නට සමත් වී ඇත. මෙම සිනමා නිර්මාණය 2008 ” නොයිඩා ද්විත්ව මිනීමැරුම් ” නඩුවෙන් ආභාෂය ලබා ඇති අතර එය රාජේෂ් සහ නුපූර් තල්වාර්ගේ දැඩි විවේචනයට ලක්විය. එසේ විවේචනයන්ට ලක් වී තිබියදී 2015 ජනවාරි 30 වන දින මෙය මහජන ප්‍රදර්ශණය සඳහා නිකුත් කරන ලදී.
වෛද්‍ය දෙමව්පියන් දෙදෙනෙකු වන සචින් සහ ආරතී මහජාන් යන දෙදෙනාගේ දියණිය වන 18 හැවිරිදි අයේෂා මහජාන් ඇගේ නිවසේ මියගොස් තිබී සිටින අවස්ථාවකින් මෙම සිනමා නිර්මාණයේ ආරම්භය ඇරඹේ. මෙම මරණය වටා මෙම සිනමා නිර්මාණය ගලා යාම සිදුවේ. මෙය මුම්බාය තුල සිදුවන ඝාතනයකි. මුම්බායි පොලිසිය මෙහි මුල් ප්‍රශ්න කිරීම සිදු කරනු ලබන අතර ඔවුනට මෙම මරණය පිළිබදව පැහැදිළි තොරතුරක් සොයා ගැනීමට නොහැකිවීම නිසාවෙන් මෙම නඩුව සීබීඅයි භාරයට වැටේ. රළු මුම්බායි පොලිස් පරීක්ෂකවරයකු තම දියණිය අහිමි වූ දෙමව්පියන් දෙදෙනාගෙන් ප්‍රශ්න කරන්නේ ඔවුන් අපරාධකරුවන් ලෙසට ගෙනය. නමුත් සීබීඅයි නිළධාරී සුනිල් පරාස්කර් මෙම අභිරහස සොයා යාම ඇරඹීම සමග සිනමා නිර්මාණයද වෙනමම මානයකට යොමු වේ.
මිය ගිය වෛද්‍ය යුවළගේ දියණිය සිටි නිවසේ සේවය කල රෙමී ෆර්නැන්ඩස් මෙම මිනීමැරුම මුළින්ම දුටු තැනැත්තිය වන අතර ඇයගෙන් , මෙන්ම සචින් මහජාන්ගෙන් , අයේෂාගේ මව වූ ආරතී මහජාන්ගෙන් ද සීබීඅයි නිළධාරී සුනිල් පරාස්කර් විසින් ප්‍රශ්න කිරීම සිදුකරයි. මිය ගිය අයේෂා ඒ වන විට ගැබ් ගෙන සිටි බවට තහවුරු වෙයි. ඒ අසල පදිංචිව සිටි රියාස් නැමති මුස්ලිම් තරුණයෙකු නිසාවෙනි. විමර්ශනයේ මුල් අවධියේ සාක්ෂි මගින් රහස් පරීක්ෂකයින් විශ්වාස කරන්නේ ආචාර්ය සචින් මේ මරණයේ ප්‍රධාන සැකකරු බවය. එබැවින් ඔහු අධිකරණ භාරයට ගනු ලැබේ. නමුත් සීබීඅයි නිළධාරී සුනිල් පරාස්කර් විසින් වෙනමම පරීක්ෂණයක් අරඹනු ලබන අතර මේ සියල්ල වෙනතක පෙරළෙන්නේ මේ සමගය.
සචින්ගේ සගයා වන ආචාර්ය හන්සාල් සමඟ විවාහ වී සිටින හිටපු නිළියක් වන බ්‍රින්ඩා සමඟ සචින් විවාහයෙන් පිටත ප්‍රේම සම්බන්ධයක් ඇති බව ඔහු ඉක්මනින් සොයා ගනී. හන්සාල් සම්බන්ධතාවය දන්නා අතර නිතරම සචින් හා බ්‍රින්ඩා තරු පහේ හෝටල් වල ලැගුම් ගනී. වරක්, සචින් සහ බ්‍රින්ඩා පසුපස යන විට, ඔහු අයේෂා සහ රියාස්ව එකම හෝටලයක දක්නට ලැබේ. සචින් ද තම දියණිය දුටු අතර රියාස් සමඟ වෙන්වන ලෙස අයේෂාට අවවාද කරයි. දෙදෙනා වෙන්ව සිටියද රියාස් ඇගේ දෙමව්පියන් නොසිටින විට අයේෂාගේ නිවසට රිංගයි. වරක් රියාස් අයේෂාගේ නිවසට ඇතුළු වන දුටු හන්සාල් එය සචින් වෙත දැනුම් දෙයි. බීමතින් සිටි ඔහු හදිසියේම තම නිවස කරා එයි. එහිදී රියාස් දුටු ඔහු ඔහුගේ කෝපය පාලනය කර ගත නොහැකි වූ තැන ඔහු හට ශල්‍ය පිහියකින් පහර දී රියාස්ගේ අතට තුවාල සිදු කරයි.රියාස් බේරා ගැනීමේ උත්සාහයකදී අයේෂා ඇගේ පියාගේ හිසට පහර දුන් අතර ඔහු සිහිසුන්ව ඇද වැටේ. දෙදෙනා එක්ව සචින්ව ඔහුගේ කාමරයට ගොස් දැමීම සිදු කරයි. ඉන්පසු රියාස් වේදනාව හා කේන්තියෙන් යුතුව අයේෂාගේ නිවසින් පිටව යයි. අයේෂා නින්දට වැටේ. නමුත් ඒ ඇගේ අවසාන නින්ද බව ඇය නොසිතුවා නොඅනුමානය.
සචින් වරදකරුවා නොවන බවට සීබීඅයි නිළධාරී සුනිල් පරාස්කර් හට ඒත්තු ගොස් තිබේ. සචින් ඇප මත මුදා ගැනීමට බ්‍රින්ඩා ඒ වන ප්‍රකට නීතිවේදියෙකු ගේ සහය ලබා ගනී. ඉන් පසු සචින් , ආරතීගෙන් දික්කසාද වන බව පවසා බ්‍රින්ඩා සමග හෝටලය වාසය කරයි. සීබීඅයි නිළධාරී සුනිල් පරාස්කර් රියාස් සොයා යන අතර ඔහුව ඔහුට මග හැරේ. පසුව රියාස්ද අභිරහස් ලෙස මිය යයි. ඒ අතරතුර සචින් හා ආරතීගේ නිවසේ සේවය කල චෙතන්ගේ මළ සිරුර සොයා ගැනීමට සුනිල් පරස්කාර් හට හැකි වේ.
ඉන් පසු චෙතන්ගේ නෑයෙකු වූ සුදාකර් මිශ්රා ද අභිරහස් ලෙස මරා දැමේ. අවසන සචින් ද අවාසනාවන්ත ලෙස මිය යයි.
මෙසේ මේ මිනීමැරුම් අභිරහස ක්‍රම ක්‍රමයෙන් සංකීර්ණ වේ. මෙතනින් එපිට නැරඹීම ඔබට ඉතිරි කරමි. කුතුහලය සිනමා නිර්මාණයේ ආරම්භයේ සිට අවසානය වන තෙක් නොඅඩුව ඇත. මිනීමරුවා ඔබත් මාත් කිසිසේත් නොසිතූ අයෙකි. අවසානයේ මිනීමරුවා අත් අඩංගුවට ගන්නා විට පවා ඒ ඇස් වල බියක් තිබුනේ නැත. එහි තිබුනේ මගේ අවශ්‍යතාවය මා ඉෂ්ථ කර ගත්තා යන්න පමණි. ඔබ තවම මේ සිනමා නිර්මාණය නරඹා නොමැති නම් එය ඔබගේ නරඹන්නට සිටින සිනමා නිර්මාණ අතරට නොවරදවා එක් කර ගන්න. නැරඹූ ඔබේ අදහස් පහළින් එක් කිරීමටද අමතක නොකරන්න.
මෙම සිනමා නිර්මාණය පිළිබදව තවත් යමක් සටහන් කල යුතුමය. මෙය 2008 ” නොයිඩා ද්විත්ව මිනීමැරුම් ” නඩුව අදාල කර ගනිමින් නිර්මාණය වූවක් ලෙස වාර්තා විය. නමුත් මනීෂ් ගුප්තා සදහන් කලේ තමන් එය තම සිනමා නිර්මාණය වෙනුවෙන් යොදා නොගත් බවයි. සිනමා නිර්මාණය රූගත කරන කාලය තුලදී පවා මේ නඩුව අධිකරණයේ අසන ලදී. තීන්දුව ප්‍රකාශයට පෙර චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වූ අතර ගුප්තා ප්‍රකාශ කළේ තමා එය භාවිතා නොකරන බවයි. නඩුව හා සම්බන්ධ ඕනෑම අයෙකුට “තීන්දුවක් දීමට” චිත්‍රපටය තුල අන්තර්ගතය බාධාවක් නොවන බවයි. නමුත් මේ නිර්මාණය හා තවත් සිනමා නිර්මාණයක්
තල්වාර් පවුල විසින් දැඩිව විවේචනයට ලක් කරන ලද අතර, ඔවුන් කියා සිටියේ මිනීමැරුම් නඩුවේ ඕනෑම මාධ්‍ය අනුවර්තනයකට එරෙහිව නීතිමය සහය ලබා ගන්නා බවයි. ගුප්තා පසුව මෙයට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ මෙම චිත්‍රපටය සම්පුර්ණ ප්‍රබන්ධ කෘතියක් බවත්, නොයිඩා මිනීමැරුම සම්බන්ධ පුද්ගලයින්ගේ සැබෑ නම් කිසිවක් ඔහු භාවිතා නොකළ බවත්ය.
රහස්යාට 2014 ජනවාරි මාසයේදී වාරණ මණ්ඩලය විසින් යූ / ඒ සහතිකයක් ලබා දුන් අතර ඔවුන් පවසා සිටියේ මෙම චිත්‍රපටය මිනීමැරුම් නඩුවට සමාන නොවන බවයි. රහස්‍යා මහජනතාව වෙත මුදා හැරීමට පෙර තල්වාර් පවුල මුලින් නැරඹීමට අවසර ඉල්ලා සිටි අතර ගුප්තාගෙන් හෝ නිෂ්පාදන සමාගමෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු පසු චිත්‍රපටයට එරෙහිව නඩුවක් ගොනු කළේ තම දියණියගේ මරණය පිළිබඳ කරුණු විකෘති කළ හැකි යැයි හැඟෙන බව පවසමිනි. මෙම නඩුව බොම්බායේ මහාධිකරණය හරහා සමථයකට පත් කරන ලද අතර එහිදී තල්වාර් පවුලේ එක් සාමාජිකයෙකු චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට තීරණය කළ නමුත් චිත්‍රපටය අවසන් වූ පසු කිසිදු අලෙවිසැලකට අනාවරණය නොකරනු ඇත. චිත්‍රපටය තිරගත කිරීමෙන් පසු තල්වාර් පවුලේ නීතිවේදියෙකු විසින් චිත්‍රපටය මුදා හැරීම නවත්වන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කරමින් කියා සිටියේ චිත්‍රපටය සහ මිනීමැරුම් නඩුව සමාන නොවන බව වාරණ මණ්ඩලය විසින් සලකනු ලැබුවද ලැයිස්තුගත කර නොමැති “සමානකම් 100 කට වඩා” සිනමා නිර්මාණය තුල ඇති බව පවසමිනි.
ජය . . .!!!
ජායාරූප උපුටාගැනීම අන්තර්ජාලයෙනි . . .
©️ සටහන : ප්‍රමෝද් සදරුවන් ගමගේ.
प्रमोद संदरुवन गमगे ।
සැ:යු :- මේ දිනවල කොරෝනා භීෂණය අප රට තුල දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. ඔබත් සෑම විටම එයින් වැලකීම සදහා නිවරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. හැකි සෑම විටකම සෙනග බහුල ස්ථාන වල ගැවසීමෙන් වළකින්න. ඒ වගේම ඔබ සමාජ ජාලා හරහා මේ සම්බන්ධ තොරතුරු හුවමාරු කරගැනීමේදී නිවරදි තොරතුරු පමණක්ම හුවමාරු කරගැනීමට සැලකිලිමත් වන්න.