Raavan (2010) Hindi -Tamil | Sinhala Article

Raavan (2010) Hindi – Tamil  by Shashin Prabod

රාම පිටුපස රාවණා
(රත්නම්ගේ රාමායණය)

ආදරය කියන්නේ කෙනෙක් ගේ හදවතේ මොන මොහොතේ කා එකද්ද ඇවිලෙන්නේ කියන එකට නිර්ණායක නැති හැගීමක්. කැවුම් ගෙඩියක් වගේ නහයක් එක්ක වීරූපි මූනක් තිබ්බ කුස කුමරුත් විරූපි මුහුණක් තමාට තිබ්බ වුනත් හෙව්වේ තමන් රත්තරින් කරපු ඒ පිලිමේ වගේ කාන්තාවක්. අහම්බෙන් ඒ වගේ කුමරියක් හිටියත් කුස කුමරුට ඒ කුමරිය පබා ගේ ඒ ආදරේ හිමි වුනේ නෑ. අවසානයේ කුස කුමරු පබා කුමරියයි එක්වෙන්නේ ආදරය , උත්තරීතර ආදරය වෙනුවෙන් කල නොහැක්කක් නොමැති බව අපිට පසක් කරගෙන.

මායාකාරියෙක් ගේ ශාපයකින් විරූපි රාක්ෂකයෙකු වුනු කුමාරයෙක්ට ඒ ශාපයෙක් ගැලවෙන්න අවශ්‍ය වුනේ සත්‍ය ආදරය ක්. අහම්බෙන් සිද්ධ වෙන සිදුවීම් දාමයක අවසානේ ඒ කුමාරයට ඒ ශාපයෙක් ගැලවෙන්න උදවු කරන්නේ Belle. රාක්ෂකයෙක් වගේ විරූපි කුමාරයෙක්ට belle වගේ ලස්සන සුරූපිනියකගේ හදවතේ ආදරේ ඇතිවෙන්නෙ කොහොම වෙන්නැද්ද?

පුංචි වීරා , තමන් පැහැර ගත්ත මංකොල්ලකාරයා ත් එක්කත් පෙමෙන් බැඳින්නියක් වුනා. ඒ කිසිම හේතුවක් නැතුව. සමහර විට හේතුවක් තියෙන්නත් ඇති. කිසිම මොහොතකමවත් ආරක්ෂාව , ආදරය හම්බ නොවුනු තැන. ඒ වගේ රාක්ෂකයෙක් වගේ තමන්ව පැහැරගන්න මහබීර් ආදරය කරන්න වීරා පෙලබෙන්න ඇති.

වාල්මිකීගේ රාමායණයේ නෙමේ මනි රත්නම් මවපු ඒ රාමායණයේ රාවන් එහෙම නැත්නම් වීරාගේ චරිතය තිරයේ දැක්ක මොහොතේ ඉඳන් හිතට ගලන් ආවේ ඔය උඩ කියපු චරිත ටික. කුස ජාතකයේ කුස , බියුටි ඇන්ඩ් ද බීස්ට් හී විරූපි රාක්ෂයා , හයිවේ ෆිල්ම් එකේ මහබීර්. සමහර චරිත නම් වීරාගේ චරිතයට ඍජුවම නොගැලපෙන්න පුළුවන් . ඒත් මේ කතා හතරෙම පොදු සාධකයක් තියෙනවා . ඒ තමයි ආදරය.

මනි රත්නම් කියන්නේ සිනමාව තුල මන් දැක්ක කවියෙක්. ආදරයේ සප්ත වර්ණයන් වලට ත්‍රස්තවාදය මුසු කරමින් රත්නම් කල විප්ලවය Dil se , දෙකොපුල් මත තැබූ හාදුව Kannattil muthamittal , කාශ්මිරයේ යුදු ගැටුමට මැදි වුනු පෙම් යුවල Roja වැනි සිනමානිර්නාණ වලට සාපේක්ෂව Ravanan කියන්නේ මනි රත්නම් ගේ වෙනස්ම නිර්මාණයක්. ඒ වගේමයි විශිෂ්ට නිර්මාණයක්. මෙයට පාදක වෙන්නේ රාමායණය . රාමායණයේ තියෙන කරුණු හරිම සූක්ෂවම නූතනයට ගලපමින් මනි රත්නම් බිහිකල මේ නිර්මාණය එකෙන්ම හයේ පහරක්.

වීරා,
වීරාගේ අරමුණ වුනු තමන්ගේ සහෝදරියක් වුනු වෙනීලා ගේ මරණයේ පලිය ගැනීම. වෙනිලාගේ මරණයට වග කියන්නෙ පොලිසිය . විවාහ දිනයේදිම දූෂණය කට ලක් වුනු නිසාම ඇයම ඇගේ ජීවිතයේන් වන්දිගෙව්වා. වීරාට ඕන වුනේ මේ මරණයෙ පලිය ගන්න. වෙනිලාගේ මරණය වක්‍රව හෝ වග කියන්නෙක් තමයි දේව්. ඉතින් වීරා මේ පලිය ගන්න උත්සහ කරන්නේ වීරාගේ බිරිඳ රාගිනිව පැගැරගැනීමෙන්. මරණය කියන එක සුදූ පලිගැනීමක් නොවන බව දන්නා වීරා. රාගිනිව තමන් ලගම තියාගන්නවා. ඉතින් මේ පැහැරග්නීම හරි වෙනස් රාගිනි යි වීරායි එකිනෙකට එක්කෙනා ලං වෙනවා. ඒත් ඒක ආදරය ක්ම නෙමේ. වීරා තමන්ගේ ජීවිතයේ තියෙන ගැටලු ඔක්කොම රාගිනිට කියන්න විවෘත වෙනවා . ඒත් ඒ ආදරය කියන්නේ රාගී ආශාවක් නෙමේ.එතැනදි හරිම පිවිතුරු දෙයක්.පැහැරගැනීමක් වුනාට වෙනමම කැමැත්තක්.

රාගිනි,
වීරා රාගිනි ඉදිරියේ විවෘත වුනා . ඒත් රාගිනි ඇය තමන්ගේ ජීවිතය පුරාවටම විවෘත වෙන්නේ විවාහයෙන් තමන් හා බැඳුනු දේව් සමඟ පමණයි . ඒත් රාගිනි ගේ හිතේ කොනක හෝ මේ රාක්ෂකයෙක් වුන වීරා ගැනා පොඩි හෝ ආදරයක් ඇති නොවූනා කියලා ත් හිතන්න බෑ. රාගිනි සමහර විට තමන්ගේ න්ම ප්‍රශ්න කරන්න ඈති මේ පැහැරගැනීමට හේතුව ඇය ඇයටම උත්තර දීගන්න ඇති. මේකට හේතුව වීරාගේ අසරන කම කියලා . වීරා වෙනුවෙන් ඇයට තිබ්බා ආදරය වචනයකින් වත් අපිට නොකිව්වට අවසාන දර්ශනය හොදටෝම ඇති වීරා වෙබුවෙන් රාගීනි ගේ හදවතේ ඇවිලිච්චි ඒ ආදරය වචන වලට පෙරලගන්න.

දේව්,
මනි රත්නම් රාමායණයේ දුෂ්ඨයා. දේව්. සමහර විට වාල්මිකීගේ රාමායණයේ ත් දුෂ්ඨයා රාම් වෙන්න පුළුවන් . තමන්ගේ භාර්‍යාව ගේ පතිවත සැක කරනවා, රාමායණය ට අනුව කියවෙනවා සීතා කියන්නේ රාම්ට ශිව දෙවිදුන්ගෙන් ලැබුනු තෑග්ගක් කියලා . රාමා සීතාට ආදරේ කරලා නැහැ රාමාගේ හිත තිබ්බේ රාවණාගේ සොයුරියක් වුනු සුප්‍ර්නා ලගලු. ඒත් අවාසනාවකට සුපර්නා එය ප්‍රතික්ෂේප කරනවා. එහි ප්‍රතිඵල විදියට තමයි සුපර්ණා ට රාම් දරුනු විදියට තුවාල කලේ. ඒත් රාවණා බිසෝවරු දහස් ගානක් ලග තියාගන්න පුළුවන් වුනත් ඔහු ආදරේ කරලා තියෙන්නේ එකම එක හදවතකට විතරයි . පිටත පෙනුමෙබ් අපිට පේන්නේ දේව් කියන්නේ කතාවේ වීරයා කියලා ඒත් ඒක එහෙමද? මංකොල්ලකාරයෙක් වුනු වීරාටත් වැඩිය දුෂ්ඨයෙක් තමයි. පොලිස්කාරයෙකු වුනු දේව්. දේව්ට ඕනේවුනේ අභිමානයක් මිසක්වා රාගිනිව නෙමේ. දේව් කියන්නේ නියම ආදරවන්තයෙක් ද නෙමේ. රාමා ත් එහෙමයි ලංකාවෙන් ආයෝධ්‍යාව ට ගිහින් රාවණා ව පරාද කරන එකයි රාමාගේ අරමුන ඒ මිසක් සීතාව නෙමේ. ඒත් සමහර අයට අනුව රාමා කියන්නේ නියම පෙම්වතා . රාවණා යනු ගිනිතබා පිලිස්සිය යුතු රාක්ශයෙක්. ?

( මට අනුව දෙදෙනාම සාධාරණය නොකර යුතු චරිත හැබැයි පොඩ්ඩක් හරි රාවනා රාම්ට වඩා ඉදිරියෙන් )

මේ චිත්‍රපටයේ තවත් සුවිශේශි තාවයක් තමයි මන් දැක්ක පසුතල නිර්මාණයන්. කැලෑවකම මූලික වශයෙන් රූගත කිරීම් කරපු මේ සිනමාපටය පුරාවටම හරි ම අපූරු පසුතල යන් අපිට දැකගන්න පුළුවන් . ඒවගේමයි මේ නිර්මාණය ම මනි රත්නම් විසින්ම භාෂා දෙකකින් එකවර නිර්මාණය කලා. ඒ වගෙමයි ඔහුගේ yuva චිත්‍රපටයත් මෙලෙස භාෂා ද්විත්වයෙන්ම නිර්මාණය කලා මට නැරඹීමට හැකි වුනේ දමිල නිර්මාණය විතරයි. ඒ නිසා හින්දි චිත්‍රපටය ගැන අදහසක් දෙන්න අපහසුයි. වික්‍රම්ගේ හා අයිශ්වර්‍යාගේ රංගනය ඉතමත් ඉහලින් ඒ නිර්මාණය පුරාවටම තිබ්බා. ඒ වගේමයි මනි රත්නම් ගේ නමත් එක්කම එන රහුමාන් ගේ සංගීතය . ඒ මැජික් එක එහෙම් පිටින්ම මේ සිනමාපටයෙත් අන්තර්ගත වුනා.

රාමායණයේ ගොඩක් අය කතාකරන්නේ රාම් සීතා ගෙයි ආදරේ . රාවණාගේ දුෂ්ඨකමයි. සීතාගෙ පතිවතයි ගැන විතරයි . ඒත් මනි රත්නම් ගේ රාමායණය රාමායණයේ කොකියූ පැතිකඩවල් රැසක් කතාකලා.

1. රාවණාගේ සහෝදරිය සුපර්ණා සහ රාවණාගේ අසරණකම

චිත්‍රපටයේ වීරාගේ සහෝදරිය සිදු වුනු ඒ කැලල වෙනුවෙන් තමයි විරා පැහැර ගන්නේ දේව්ගේ බිරිඳ රාගිනිව.රාවණාට අවශ්‍ය වුන්‍රෙ මරණයට මරණයක්.ඒත් රාගිනිට මරණය සාමාන්‍ය දෙයක් වුනු නිසා වීරා එය නවත්වනවා. රාමායණය ට අනුව නම් තියෙන්නේ සුපර්ණා ගේ නාසය රාම් කැපු තරහට රාවණා පලි ගත්තා කියලා ඒ විදියට . ඒත් ගොඩක් අය කතානොකරන දෙයක් තමයි රාම්ගේ මේ සම්බන්ධතාවය.

2. රාම් ගේ සෑබෑ අරමුණ සහ රාම්ගේ නරක පැතිකඩ

නිර්මාණය කලින් කිව්වා වගේ රාම්ගෙ නරක පැතිකඩ . සුපර්නා සමග සම්බන්ධ ය. නිර්මාණය යට එන්නේ දූෂණය ක් විදියට . එතනින් අපුට අදුන ගන්න පුළුවන් දේව්ගේ චරිතය තුල තියෙන නපුරු පැතිකඩ ඒවගේමයි රාගිනිට අවසානයේ දේව් හිමි වුනත් දෙව්ට අවශ්‍ය වීරාව මරදමන එක. ඒ නිසා දේව් රාගිනිගේ පතිවත ගැන ප්‍රශ්න කරනවා.

3. ආදරය ආශාවකට නොපෙරලූ රාවනාගේ ආදරය

තමන් මරන්න ගෙනාපු රාගිනිට තමන්ට අවශ්‍ය විදියට මෙවලමක් විදියට පාවිච්චි කරන්න ඕන තරම් අවස්ථාව තිබ්බා වීරට. ඒත් ඔහු රාගිනිට ලබාදුන්නේ ඊට වඩ පිවිතුරු ආදරය ක්.

4. රාවනාටත් රහසින් පෙම් කල සීතා

රාගීනිට වීරා ආදරේ කලාට ව රාගිනි විරාට ආදරේ කලාද මේකට උත්තරය ඔව්. හේතුව අවසාන දර්ශනය . කෙනෙක් ට තමන්ගේ ජීවිතය පුදකරන්න පුළුවන් . තමන් ආදරය කරන කෙනෙක් වෙනුවෙ විතරයි . රාගිනිත් වීරා වෙනුවෙන් තමන්ගේ ජීවිතය පුදකරන්න උත්සහ කලේ ඒ ආදරේ නිසාම නෙමේ ද?

ඉතින් බොලිවුඩයම වර්ණවත් කරපු බොලිවුඩයේ රැජිනයට අදට අවුරුදු 48 ක්. ඉතින් ඒ නිසාමයි ඇගේ මේ නිර්මාණය ගැන කතාකරන්න හිතුවේ. ඉතින් ඇයට සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා .

” කවුරු කැඩුනත් කඩාගෙන ගියත් වට්ටන්න හැදුවත් අළු පාට වැටෙන්නෑ වට්ටන්නත් බෑ “

ශශින් ප්‍රබෝද්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *