R. Muttusamy Sri Lankan Music Director | Sinhala Article

R. Muttusamy Sri Lankan Music Director by Keerthica Neeliya

සදහටම අප අතරින් නික්ම ගිය සිංහල සිනමාවේ මුල් යුගයේ සිංහල චිත්‍රපට ක්ෂේත්‍රයට මහගු සේවයක් කළ සිංහල සිනමා යුගය නියෝජනය කළ විශිෂ්ට ප්‍රතිභාපූර්ණ සංගීත අධ්‍යක්ෂක ආර්. මුත්තුස්වාමි සූරීන් වන මගේ පියාණන් භාරතයේ ඉපිද, පෙර භවයක සංසාර ගත බැඳීමක් නිසාදෝ සිරි ලක්දිවට සපැමිණ, හෙළ සිනමා සංගීත කෙත අස්වැද්දීමෙහි ලා සිය අනභිභවනීය මෙහෙවර ඉටුකළා වූ ප්‍රවීණ සංගීතවේදී ආර්. මුත්තුස්වාමි ශූරීන්, දකුණු ඉන්දියාවේ නාගර්කෝවිල් හි උපත ලබා ඇත්තේ 1926 ජනවාරි 05 වෙනිදාය. විපත – 1988 ජුනි මස 27 දින.

සංගිතය තම ජිව්තය කර ගත් මුලින්ම භාරතීය ජාතිකයෙකු වුවද (පසුව ශ්‍රි ලාංකික පුරවැසිභාවය ලැබු) ශ්‍රී ලාංකේය ජන හදවත් තුල නොමැකෙන ගී නිර්මාණ සටහන් තැබු ආර්. මුත්තුස්වාමි මාස්ටර්.

“ප්‍රේම තරගය” ඔහු විසින් තනිව සංගීත අධ්‍යක්ෂණය කළ ප්‍රථම චිත්‍රපටයයි. පළමු වතාවට ජාත්‍යන්තර සම්මානයක් හිමිවුණා හොඳම සංගීත අධ්‍යක්ෂවරයා බවට පත් වෙමින්. එම ගෞරවය ඔහුට හිමි වී තිබුණේ ” ප්‍රේම තර​ඟය ” චිත්‍රපටය වෙනුවෙන් සිදු කළ සංගීත නිර්මාණ නිසයි. මෙම Indian Jounalists Association All India Cultural Carnival – 1954 සංගමයෙන් පිරිනමන ලදි.
(R. Muthuswamy to receive the Award Ceylon’s Best Musical Director – 1953 in ‘ Prema Tharangaya ’ ) එහි සඳහන් වී තිබුණි.

” ප්‍රේම තර​ඟය ” චිත්‍රපටය නැරඹීමෙන් පසුව භාරතීය ජාතිකයකු වුණු ආර්. මුත්තුස්වාමි මාස්ටර් ​හට මෙරට පුරවැසිභාවය පිරිනැමීමට එවකට හිටපු ගරු අගමැති සර් ජෝන් කොතලාවල මහතා තීරණය කළා. ලංකාවේ පුරවැසියකු ලෙස ජීවත්වීමට ඔහු තුළ පෙරදී බලාපොරොත්තුවක් තිබී නැත. එහෙත් ඔහුගේ අදහස වෙනස් කර ගැනීමට සිදු වූයේ එවකට අගමැති ධූරය දැරූ සර් ජෝන් කොතලාවල මහතා නරඹා සුමිහිරි සංගීතය ගැන පැහැදී ඔහුට මෙරට පුරවැසිභාවය ලබා දුන් බැවිනි.

සිංහල සිනමා සංගීත ක්ෂෙත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරමින්, අද තාරකා බවට පත්ව සිටින ගායන ශිල්පී, ශිල්පිනියන්, වාදකයන්, සංගීතවේදීන් ගණනාවක් සිංහල සිනමා ක්ෂේත්‍රයට, හඳුන්වා දුන් ජාති ආගම් භේදයකින් තොරව සුභාවිත ගීතයට ලැදි සියළු දෙනාගේම ගෞරව බහුමානයට පාත්‍ර වූ, ආර්. මුත්තුස්වාමි මාස්ටර් එකල සිංහල සිනමාවේ වාසනාවන්තම සංගීත අධ්‍යක්ෂකවරයා වූයේය.

සිංහල බෞද්ධ පවුල් පසුබිමකින් පැවත එන බමුණුකුලආරච්චිගේ දෝන නීලියා පෙරේරා වන මගේ මව කොළඹ විශාඛා විද්‍යාලයේ ආදී සිසුවියක් වන අතර දකුණු ඉන්දියානු සංගීතඥ ආර්. මුත්තුස්වාමි වන මගේ පියා 1961 නොවැම්බර් 8 වැනිදා මගේ මව වන නීලියා පෙරේරා සමග සිදුවූ අමරණිය විවාහය. මගේ මව පියාගේ ජීවිතයටම මිණි පහනක් වූවාය…
මට වැඩිමහල් එකම සහෝදරයා මොහාන් රාජ්. ( අප්සරාස් වාදක මඩුල්ලේ නියමුවා.) ඔහු අධ්‍යාපනය ලැබු පාසල ශාන්ත බෙනඩික්ට් විදුහල. මට වැඩිමහල් සහෝදරියන් චිත්‍රාංගි සහ ප්‍රසන්නී වධනී. අපි තිදෙනාම කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ ආදී සිසුවියන්.

මාගේ පුද්ගලික හැඟිම යනු අවසානයේ මාගේ පියාට හිමි වූයේ එවකට හිටපු ගරු අගමැති ශ්‍රීමත් සර් ජෝන් කොතලාවල මැතිතුමා ලබාදුන් ශ්‍රී ලාංකික පුරවැසිභාවය සහ සදා නොමියෙන සහෘද රසික රසිකාවියන්ගේත් මුලු මහත් ජනතාවගේත් ලැබුණු ආදරය.. එයයි ඔහුට ලැබුණු උතුම් සම්මානය සහ ජනතා උපහාරය. ???

මාගේ සදාදරණීය පියාණන් සදා අමරණීයයි ජීවමානයි. මගේ ආදරණීය පියාණන් යළි අප අතරම ඉපදේවා !!! ???

R. Muthuswamy Master was born in the town of Nagerkovil abutting Kerala, South India, on 05-January, 1926.

On January 21 1947, the first Sinhala motion picture in Ceylon Kadawuna Poronduwa (Broken Promise) was screened. R Narayana lyer, the music director of the movie, gave the opportunity for Muthuswamy to join his orchestra, when recordings were being made in India.

Narayana lyer was quick to recognize Muthuswamy’s talents as a violinist and appointed him as his assistant. It was at one of these recordings in India that SM Nayagam, the South Indian producer of Kadawunu Poronduwa, met Muthuswamy. Nayagam encouraged Muthuswamy to visit Ceylon, where, subsequently, his career as a music director was firmly established.

He served as Leader of the Tamil Orchestra at Radio Ceylon through its conversion to CBC/SLBC for a period of 24-years upto his retirement on 05-January, 1981 at age 55.

Sometime in 1953, Muthuswamy Master resigned from Radio Ceylon, accepting an invitation extended by film producer Nayagam, who had built the Sundara Murugan Navakala Sound Studios in Kandana (presently SPM Studio) in Ceylon, to be in charge of the music section at the studio.

During this period, business tycoon cum film producer, K Gunaratnam, who considered Muthuswamy Master as a top Carnatic violinist, sought his services in music direction for the movies he produced.

It was in 1953 that Muthuswamy made his debut as film music director in providing music for the Sinhala movie Prema Tharangaya.

He received the award of a certificate, for the Best Music director for this achievement, from the South Indian Journalists’ Association at age 27.

In recognition of his contribution to Sinhala music, a directive was made by Prime Minister Sir John Kotelawala, consequent upon which Muthuswamy Master was awarded an honourary Ceylon citizenship on April 12, 1956: a historic day on which Prime Minister SWRD Bandaranaike’s first Cabinet in the 3rd Parliament of Ceylon was sworn in.

Then followed Pudhuma Laylee (1953), Ahankaara Sthree, Maathalang, Hitha Honda Minihek (1975) in a series of movies, leading to the road of fame and success.

Sometime in 1966, Muthuswamy Master played on the first electric Hammond organ imported to Ceylon, at the opening ceremony of the Sinhala movie, Okkoma Hari, produced by Wijayapala Hettiarachchi. In 1974,

On December 9, 1961 Muthuswamy Master played Oya Belma Oya Kelma Nilupul Nethai, the song in the Sinhala movie Kurulubedde, at the ceremonial opening of the Vijaya Sound Studio in Hendala.
It was penned by lyricist and broadcaster Mr. Karunaratne Abeysekera.

Muthuswamy Master received the Deepasikha award for being selected as the musician who composed music for the most number of movies.

While several South Indian singers sang under Muthuswamy Master’s baton- Jikki, K. Rani, A.M. Rajah, K. K. Anthony.
local artistes who were backed by Muthuswamy Master included the famed Dharmadasa and Lata Walpola (later Kalasuri), HR Jothipala, Mohideen Baig (later Kalasuri), GSB Rani, Sujatha Perera (now Attanayake), Milton Perera, Narada Dissasekera, Angeline Gunatilleka.
( So many to mention)

Notable were Albert Perera (Pandith W D Amaradeva – violin), Premasiri Khemadasa (flute) (later Dr), Sarath Dassanayake (sitar), Victor Ratnayake (violin) and Dharmadasa Walpola (flute) all reading their respective instruments under Muthuswamy Master’s direction.
(So many to mention )

කීර්තිකා නීලියා

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *