Queen of Hearts (2019) Denmark | Sinhala Article

Queen of Hearts (2019) Denmark by Upul Dissanayake

⚠️️ අතිශයින් වැඩිහිටියන්ට පමණයි ⚠️

මම මේ වැඩිහිටියන්ට පමණයි කිව්වෙ. චිත්‍රපටයෙ තියෙන දර්ශන නිසාම නෙමේ.(තිබුන කාමුක දර්ශනත් ටිකක් සැර වැඩියි තමා) නමුත් මේ ..චිත්‍රපටයෙ ප්‍රකාශනය වැඩිහිටියන්ට වඩා ප්‍රයෝජනවත් වේවි!

[ආදරය ලබාගැනීමට යාමේදී ඇතිවන කුතුහලය , බය, සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක වීම, ඔබත් අත්විඳල ඇති..අම්මෝ ඒකනම්..ඒ අත්දැකීම අනිවා විඳින්න ඕනෙ සුන්දර අත්දැකීමක් .. මම ඔයාට ආදරෙයි..හෝ කැමතියි, ඔයා මොකද කියන්නෙ ? එහෙම නැත්තං ඔයත් මට ආදරෙයිද ? යනාදි වශයෙන් අපි අහන මුල්ම වතාව .. කොහොමද ඒක..ඒකට මුහුන දෙන කෙනත් ලොකු අර්බුදයකට මුහුන පානව ඇති..ඇත්තටම සුන්දර අත්දැකීම් ඒව..]

ඒ වගේම ,ඊට වඩා ඇඩ්වාන්ස් අවසර පැතීමක් තමා, ලිංගිකත්වය සඳහා අපි ආරාධනා කරද්දි අපට සැලසුම් කරන්න වෙන්නෙ. එතනදි තමන්ගෙ පෙම්වතිය පෙම්වතා නම් ලොකු අවුලක් නෑ… නමුත් වෙනස්ම පුත්ගලභාවයන් දෙකක් නම්..අසම්මතයක් තුල සිදුවන ලිංගිකාරාධනයක් නම්… එතන මහත් සංකීර්ණයි… අන්න ඒ මම කියපු සංකීර්ණත්වයක් තමා මේ චිත්‍රපටය තුල පුදුම ලස්සට සිනමාවට අරගෙන තියෙන්නෙ..

බලන්න ඔබේ රෝමෝද්ගමනය වෙලා නතර වුනොත් ඇති. ඒ තරමට අපේ හැඟීම් වලට පහර එල්ල කරල තියෙනො.. 

පුද්ගලයෙකුට ඉටුකරගැනීමට අවශ්‍ය ලිංගික ෆැන්ටසියක් හිතේ පැලපදියම් වුනොත්.. ඔහු හෝ ඇය ඒ තුලින්ම තමා උපරිම තෘප්තියට පත් වෙන්නෙ.. ඒ කෙනා තුලින් පමණයි උපරිම සුරතාන්තයකට පැමිනෙන්නෙ…කොටින්ම කිව්වොත් ඔය ” ක්‍රෂ් එක ” කියන්නෙ.. අන්න එතනින්..

බලන්න විඳින්න මේකෙත් ඉන්නම මාර ක්‍රෂ් එකක්.. අසම්මතය තමා.. නමුත් හැඟීමට / හෝමෝන වලට ඒව අදාල නෑ.

………………………………………………………..

මානව ලිංගිකත්වය ,ප්‍රජනනය ඉක්මවා යයි. ප්‍රජනනය ඉක්මවූ වූ මිනිසා ශරීරය පිළිබඳ අදහස් හා හැඟීම් සමූදායක් වර්ධනය කර ගත් අතර එමඟින් අපගේ ලිංගිකත්වය පිළිබඳ විශ්වීය හැඟීම්, සමුදායක්, සංවේදනයන්, ආදර සබඳතා, විශ්වාසයන් සහ ශාරීරික සම්මතයන්ගෙන් යුත් වපසරියක් නිර්මාණය කරගත්තා. එය බොහෝ දුරට පුද්ගලයන් වශයෙන් සහ සාමාජිකයන් වශයෙන් සමාජය තුල අපගේ ජීවිත හැඩගස්වනවා.

පුද්ගලයෙකුගේ ලිංගික දිශානතිය සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්න සමඟ සංකීර්ණ හා නොගැලපීම් සමඟ සැසඳිය හැකි බොහෝ මාතෘකා පවතිනු ඇතැයි සිතිය නොහැක. මෙම ප්‍රශ්න අපගේ වඩාත් රහසිගත සිතුවිලි සහ හැඟීම් කෙරෙහි බලපාන අතර සෑම කෙනෙකුම පුද්ගලයෙකු ලෙස සහ සමාජයේ සාමාජිකයෙකු ලෙස අර්ථ දැක්වීමට උපකාරී වේ. ලිංගික දිශානතිය හා ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආචාරධාර්මික කරුණු පිළිබඳ විවාදය උණුසුම් වන අතර, ඔවුන්ගේ සහභාගිවන්නන් පෞද්ගලික වීමට නැඹුරු වන අතර, බටහිර රටවල මේ පිළිබඳව ඉතා විවෘත බාවයකින් සහ නිදහස් මනසින් නිරීක්ෂණය කරන බව පෙනේ..

Queen of Hearts scored 7.1 out of 10 on IMDb.

Queen of Hearts scored 97 percent on Rotten Tomatoes.

Queen of Hearts scored 67 percent on Metacritic.
73% liked this film Google users

 

Release date: March 28, 2019 (Denmark)
Director: May el-Toukhy
Music by: Jon Ekstrand
Distributed by: Nordisk Film
Language: Danish
Produced by: Caroline BlancoRene Ezra

උපුල් දිසානායක

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *