Queen (2014) Hindi by Mmp Ranaweera
හැම කෙල්ලක්ම රැජිනක් බව කියාදුන් අපූරු කතන්දරයේ පසුබිම් කතාව..? ?️
Queen – 2014?️
අපි හැමෝගේම සිත් වල රැජින වෙන්නේ අපේ අම්මා ඒ තනතුරට මේ ලෝකේ කිසිම රාජිනියකර ලගා වෙන්න තියා සිතන්නටවත් බෑ.. නමුත් ඇය අම්මා කියන උතුම් පදවියට එන්නට කලින් ඇය කෙල්ලක් .. ඉතින් අපි අපේ අම්මාට සලකනවා වගේම අපේ සහෝදරියන්ට වගේම යෙහෙලියන්ටත් දියණියන්ටත් සැලකිය යුතුමයි..ලෝකයේ පැවැත්ම පවතින්නට ඇය ලෝකයට අත්‍යාවශ්‍යම මූලදාතුවක්.. ඉතින් ඇය මොන කාල සීමාවේ සිටියත් සියලුම ගැහැනුන් අපට රැජිනක් විය යුතුයි..කාන්තාව යනු පිරිමිගේ වගකීමක් වන්නේ ඒ නිසයි.?️
“රාණී” අපූරු දගකාර යෞවනියක්.. ගමක හැදුණ රාණී සාමාන්‍ය ලඩ්ඩු කඩයක් කරගෙන ගිය අතර ගමේම හිටිය විජේ කියන හාදයා ඇගේ පෙම්වතා වූවා. විජේට හොදට ඉගෙනගන්න පුලුවන්.. ඒ නිසාම විජේ ඉංජිනේරුවෙක් වෙන්න ලන්ඩන් යනවා.. එහිදී ඉංජිනේරු විභාගේ පාස් වෙන විජේ ලොකු පොරක් වෙලා තමා ගමට එන්නේ ඒ එනකොට රාණිගේ පවුලේ අය දෙදෙනාගේම විවාහය සංවිධානය කරලා අවසන් .. නමුත් ලොකු ඉංජිනේරුවෙක් වූ විජේට ගමේ ගොඩේ කෙල්ලක් වූ රාණී දැන් නොගැලපෙන බව හැගෙනවා. ඔහු කසාදයට දවස් දෙකක් තිබියදී රාණි හට පවසන්නේ ඔහුගේ තත්වය අනුව ඇය නොගැලපෙන බවටත්.. ගමේ කොල්ලෙක් හොයාගෙන කසාද බදින ලෙසටත් … දැන් මොකක් කරන්නද.. මේ වගේ වෙලාවකට ගමේ කෙල්ලන්ට වෙන ඉරනම ආයි අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. නමුත් රාණී රැජිනක් වෙන්නේ ඉන් පසුවයි ඇය උන හැමදේම අමතකරලා තනිවම මධුසමය ගත කරන්න යනවා පැරිස්.. හිතුවක්කාරකමට ගියාට රාණිට ලොකු කට්ටක් කන්න වෙනවා , රාණිගේ ඉංග්‍රීසිසි දැනුම අඩු නිසා වෙන අකරතැබ්බවල් ගොඩයි. මේ අස්සේ තමා ඇයට ජිජයලක්ෂ්මී හම්බවෙන්නේ.. ඇය ඇත්තටම නියම කෙල්ලෙක්.. රාණිගේ ජීවිතය ගොඩේ කෙල්ලක් සිට හිත හයිය ජීවිතය විදින කෙල්ලෙක් කරන්නේ විජයලක්ෂ්මී.. පස්සේ රාණිට පැරිස් වලදී ඉතාලි කොකියෙකුත් සෙට් වෙනවා.. මේ අපූරු කතාව අපිට ගෙන ආවේ 2014 වසරේ ආදායම්පිට ආදායම් ලැබූ Queen චිත්‍රපටියෙන්..
රාණි ලෙස කංගනාත්, විජේ ලෙස රාජ් කුමාර් රාඕත්, විජයලක්ෂ්මී ලෙස Lisa Haydon ත් රගපෑ මෙහි අධ්‍යකෂකවරයා වූවේ Vikas Bahl..
?මේ Queen චිත්‍රපටියේ ඔබ අසා ඇති අසා නැති අපූරු කතා කිහිපයක්…
?චිත්රපරය තිරගතවන්නේ 2014. මාර්තු වෙනිදා නමුත් සැබෑ සිනමා රාජිනියන් දෙදෙනෙකුගේ චිත්රපටියක්ද මේ දිනයේ තිරගත වනවා ඒ මාධුරි සහ ජුහී එකට රගපෑ Gulaab Gang චිත්‍රපටියට . ඔවුන් වෙනුවෙන් ලොකු කටවුට් වීදි පුරා ප්‍රචාරය වූ අතර අඩු ආදායමකින් ප්‍රචාරණ කටයිතු සිදු කළ Queen හී පෝස්ටර් ඇලඋනේ ලයිට් කණුවල සහ තාප්ප වල පමණි. ඉහල පෙලේ සිනමා ශාලා Gulaab Gang වෙනුවෙන් වෙන් වූවත් Queen තිරගත වූවේ සාමාන්‍ය සිනමා ශාලාවල.. නමුත් රැජිනියන් දෙදෙනෙක් පරදා එක් රැජිනක් නොසිතූ ලෙසක් බොක්ස්ඔෆිස් වාර්තා බිද හෙලුවේ කිසිවෙකු නොසිතූ ලෙසයි..
?මෙහි රාණිගේ චරිතට මුළින්ම ලබා දෙන්නේ කරීනා කපූර් හට නමුත් ඇය මූල්‍යමය ගැටළුවක් හේතුවෙන් එය ප්‍රතික්ෂේප කරනවා. පසුව එය ප්‍රියංකා චොප්රා හට පිරිනැමූවත් ඇයගේ දින ප්රෂ්නයක් හේතුවෙන් ඇයත් ප්‍රතික්ෂේප කරනවා.ප්‍රියංකාගේ යෝජනාවක් අනුව තමා මේ චරිතය කංගනාට පිරිනැමෙන්නේ.. කංගනා මෙහි අඩු පිරිවැය නිසා කලින් ප්‍රතික්ෂේප කළද පසුව ඇය වෙනස්කම් කීහිපයකට අවනත වූ පසුව කැමති වී තිබෙනවා.
?විකාස් බාල් හට චිත්‍රපටිය සදහා අඩු පිරිවැයක් තිබුනු අතර නිෂ්පාදකවරුන්ගේ සහයද අවම මට්ටමකින් ලැබී තිබුනා, රූගත කිරීම් සදහා ඔහුට පසුතල වලට ගෙවීමට මුදල් නොතිබුණු අතර බොහෝ රූගත කිරීම් සිදු කර තිබුනේ පොදු ස්තානවලදී ශනිකව ක්‍රියාත්මකවීම් වලින් .. ඒ හේතුවෙන් මේ චිත්‍රපටියේ දෙබස් බොහෝ ඒවා නළු නිළියන් විසින් ඔහුන්ගේ හිතු මතේ කියපු දෙබස් වූ අතර මෙහි බොහෝ රූප රාමු පළමු අදියරේදීම රගපාපු ධර්ශන වනවා.
?රූගත කිරීම් සදහා විකාස් පැරිස් වලට රැගෙන යන්නේ සාමාජිකයින් 25 දෙනෙකු පමනයි.අත්‍යාවශ්‍යම කාර්යමණඩලයක් පමනක් රැගෙන ගොස් ඇති අතර වේෂනිරූපන කටයිතු පවා සිදු කර තිබෙන්නේ නළු නිළියන් විසින්මයි.
?නිෂ්චිතව වෙන් කර ගත් කාමර නොතිබූ අතර ඔවුන් ලැගුම් ගෙන තිබෙන්නේ කුලියට ගත් වාහන වල අතර කංගනා ඇගේ ඇදුම් පවා මාරු කරගෙන තිබෙන්නේ එක්කෝ වාහනේ ඇතුලේ නැත්නම් පොදු නාන කාමරවල දී බව සදහන්.
?ලන්ඩනයේදී දින 40ක් තුළ ස්ථාන 145 ක ඔවුන් රූගත කිරීම් සිදු කර තිබෙනවා.. ඉංදියාවේ දී දින 5 රූගත කිරීමක් සිදු කර ඇති අතර චිත්‍රපටියට සදහා රූගත කිරීම් කාලය වන්නේ දින 45යි.
?කන්ගනා රනෞත් සහ අනුරාග් බාසු වගේම විකාස් බාල් විසින් පිටපත රචනා කර ඇති බව පැවසූවද මෙහි කතාව රගපාන අතරතුරදී තමා වෙනස්වෙලා තියෙන්නේ. අඩු මූල්‍ය ප්‍රතිපාදන නිසා ගැලපෙන අයුරින් ඔවුන් එය වෙනස් කරගෙන තිබුන නිසා .. කංගනාත් මෙහි සම තිර රචිකාවියක් ලෙස නම් කර තිබෙනවා.
? හොඳම චිත්‍රපටය, හොඳම නිළිය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම කැමරාකරණය සහ හොඳම පසුබිම් සංගීතය යන සම්මාන ඇතුළුව ෆිල්ම් ෆෙයාර් සම්මාන 6 ක් දිනා ගැනීමට Queen සමත් වි තිබුනා.
?හොදම නිළියට හිමි ජාතික සම්මානයද කංගනා ලබා ගන්නා අතර හොදම නිළියට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය ලබා ගැනීමට කංගනා පැමිනෙන්නේ නෑ.. නමුත් රේඛා විසින් පසුව කංගනාගේ නිවසටම ගොස් ඇයට එම සම්මානය ලබාදීමට කටයුතු කර තිබුනේ අදාල ගෞරවයද සමගින්.
?මෙහි ලන්ඩනයේ දර්ශන වල රගපෑ නළු නිළියන් බොහෝ දෙනා අඩු පිරිවයකින් රගපෑ නළු නිළියන් වූ අතර රාණිගේ එක් මිතුරෙක්න්වන ටිම් ට රගපෑ නළුවා වීදියේ සිංදු කියමින් සිටියදී තමා චිත්‍රපටියට සම්බ්න්ධ කරගෙන තියෙන්නේ..
?මෙහි රාණිගේ සහ මාර්චෙලෝගේ ඉම්රාන් හස්මි මතක් කරලා දෙන තොල් සිපගැනීම බොහෝ දෙනාගේ කතා බහට ලක් වූ අතර එය තිරපිටපතේ නොතිබුන කංගනාගේ අදහසකට අනුව රූගත වූවකි.
?චිත්‍රපටය 90% ක් රූගත කිරීම් කර තිබියදී චිත්‍රපටයේ කැමරා ශිල්පියා වූ බොබී සිං රෝගතත්වයක් හේතුවෙන් නොසිතූ ලෙස මියයන අතර කෙසේ හෝ චිත්‍රපටියේ ගුනාත්මක බව හැදින ගන්නා අනුරාග් කාශප් විසින් සංස්කරණ කටයුතු සහ මූල්‍යමය වශයෙන් වූ කටයිතු භාරගන්නවා. මුලදී විකාස් එයට අකමැති වී තිබුනත් මූල්‍යමය සහ අපහසුතාවයන් හේතුවෙන් ඔහු එයට කැමති වී තිබෙනවා.
?මෙම චිත්‍රපටය දෙමළ භාෂාවෙන් Paris Paris ලෙසත්, කන්නඩ භාෂාවෙන් Butterfly ලෙසත්, තෙළිඟු භාෂාවෙන් Mahalakshmi ලෙසත් සහ මලයාලම් භාෂාවෙන් Zam Zam ලෙසත් ප්‍රතිනිර්මාණය වී තිබෙනවා.
?️?ඔන්න ඔහොමළු චිත්‍රපටිය හැදුනේ…