Puthiya Niyamam (2016) Malayalam by Thara Rajarathna
Vasuki ( වාසුකි )
ගැහැණුන් කෙලසන , පුංචි මල් කැකුළු විනාශ කරන ඔනේම කෙනෙක්ට ලැබිය යුතු එකම දඩුවම තමයි මරණය , අප රටෙද ඉවරයක් නොමැති මේ අපචාර වලට එකම විසදුම එයයි , කවදා මෙය ඉවරයක් වෙවිද..ගැහැණු ළමයෙකුට නිදහසේ පාරෙ යන්න , නිදහසෙ ගෙදර ඉන්න කවදා ඉඩ ලැබෙයිද.. ඇයි මිනිසුන් මෙතරම් පාපකාරි දෙවල් කරන්නේ , මෑත කාලයේද කොතරම් නම් මෙවැනි දෑ අහන්නට දකින්නට ලැබුනද , ගැහැණු දරුවො පමණක් නෙමෙ , තාම පිපිලාවත් නැති පුංචි මල් කැකුළු කොතරම් නම් මෙ පාපතරයින් විනාශ කර දැමුවද , කවදාද මෙයට විසදුමක් ලැබෙන්නෙ , මම නම් කැමතිම මෙවට අරාබි රටවල තිබෙන දඩුවම් ක්‍රම භාවිතා කරනවට , ඒ අතින් එම රටවල් කල යුතු දේ කරන නිසයි ඒ රටවල් එසෙ වෙලා තියෙන්නේ ,
මෙ වාසුකි කියන්නෙත් ඒ වැනි පාපතරයින් විසින් කෙලසා දැමු අහිංසක තරුණියක් , ඉතාමත් සතුටින් තම ස්වාමියා සහා දුව සමග කාලය ගත කල වාසුකිගේ තිබුනු සිනහව සතුට නැති වෙන්න ගියෙ එක් මොහොතයි , උදැසනම තම ස්වාමියා සහා දුවව නිවසින් පිට කල ඇය දැන සිටියේ නැ එදා ඇයව බිලි ගන්න පාපතරයින් පිරිසක් බලන් ඉන්න වග , ඒ නමුත් ඇයට ඉතාම බුද්ධිමත් ස්වාමියෙක් ලැබි තිබුණා ඒ ඇගෙ තිබුනු පිනකට ,
මෙ කතාව හරිම කුතුහලයෙන් නැරඹිය හැකි එකක් , අවසානයේ කුමක්ද උනේ කියලා කාටවත් හිතන්නවත් බැ.. හැබැයි මට නම් අවසානයේ වාසුකිගේ ස්වාමියා පිළිබඳ ඉතාම විශාල ගරුත්වයක් ඇති උනා , ඒ වැනි මිනිසුන් බොහො අඩුයි , මෙය නරඹපු ඔනෙම කෙනෙක් දන්නවා වාසුකිගෙ ස්වාමියා මොන වගෙ පුද්ගලයෙක් ද කියලා , ඒ වගෙමයි මෙ සිද්දියෙන් පසු වාසුකි ඒ ගත්ත පියවර නිසා ඉදිරියෙදි විනාශ් වෙන්න ගිය තවත් ජිවිත රැසක් බෙරුනා ,
ඉතාම විශිෂ්ට සිනමාපටයක් සහා රචනයක් , මෙහි පෙන්නුම් කරනවා වැරදි කරුවාට දිය හැකි උපරිම දඩුවම මොන වගේද සහා සුක්ශම ලෙස ඔවුන් හසු කරගන්නේ කොහොමද කියලා , මොනා වුනත් මෙය රචනය කරපු මිනිසා ඉතාම නුවණක්කාර මිනිසෙක් කිව්වොත් මම හිතන්නේ මම නිවැරදි , එ වගේමයි නයන්තාරා ඇයගේ රගපැම් ගැන කතා කිරිමට වචන නැ ඒ වගෙමයි ඇයගේ සුන්දරත්වය ,
ඒ වගෙම මෙහි මගේ හිත දිනා ගත්තේ ලුයිස් ඒ කියන්නේ වාසුකිගේ ස්වාමියා , ඔහුගේ ඇත්ත නම Mammootty
මොහු උපත ලබා තිබෙන්නේ 1951 ඒ වගෙම මොහු මලයාලම් සිනමාපට වල වැඩ කරන ඉතාම ප්‍රසිද්ධ නිශ්පාදකවරයෙක් , මලයාලම් විතරක් නෙමෙ දෙමළ, තෙළිඟු, කන්නඩ, හින්දි සහ ඉංග්‍රීසි භාෂා වලින් නිමැවු සිනමාපට වලද ඔහු නිශ්පාදන කටයුතු කර තිබෙනවා , ඒ විතරක් නෙමෙ මොහු දශක පහක ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ චිත්‍රපට 400 කට අධික සංඛ්‍යාවක රගපා තිබෙනවා , එය නම් ඇත්තටම අපුරුයි , ඔහු ඉතාමත් විශිෂ්ට නළුවෙක් , ඔහුගෙ රගපැම් කෙතරම් තාත්විකද කිව්වොත් ඔහු රගපානවා හිතන්න වත් බැ.. සමස්තයක් වශයෙන් මෙම සිනමාපටය ඉහළ තැනක තිබිය යුතු සිනාමාපටයක් , මෙහි සිදු වන්නේ කුමක්ද කියලා අවසානය වෙනකන් ඔබට තෙරුම් ගන්න බැ , එක එකාන්තයි