Putham Pudhu Kaalai (නැවුම් අරුණාලෝකය) 2020
දෙමළ Anthology චිත්රපටි තවමත් ප්රේක්ෂකයාට තරමක් අලුත්. එක දිගට ගලාගෙන යන කතාවක් පැය දෙකක් නරඹන්නට හුරුවී සිටින අයට එක එක විදියේ කතා හතරක් හෝ පහක් පැය දෙකක් තුළ නරඹන්න ලැබෙනවා කියන්නේ වෙනස් දෙයක් ඇත්තටම. මේ Anthology එකේ පළමු කතා හතර රොක් වෙන්නේ ප්රේමය වටා. විවිධ ආකාරයේ ආදරණී බැඳීම් මේ කතා තුළ ඔබට දකින්න ලැබෙවි. පස්වෙනි සහ අන්තිම කතාව ටිකක් වෙනස්.
1. Ilamai Idho Idho




මං මේ ළඟදි දැක්කා කවුරුහරි සහෝදරයෙක් කියල තියනවා දැන් දමිළ සිනමාවටත් දැන් මලයාලම් නළු නිළියෝ නැතුවම බැහැ කියලා. ඔහු එය කියලා තිබුණේ මේ නිර්මාණය ගැන. ඇත්තටම කිව්වොත් මලයාලම් සම්භවයක් සහිත නළු නිළියන් දමිළ සිනමාව එක්ක කටයුතු කරන්නේ අදක ඊයෙ නෙවෙයි. ඒ අතරිනුත් ඉදිරියෙන්ම ඉන්න නළුවෙක් සහ නිළියක් තමයි ජයරාම් සහ ඌර්වසී කියන්නේ.
මෙම නිර්මාණය කේන්ද්රගත වන්නේ මැදි වියේ ඉන්න ජෝඩුවක් වටේ. බෙහෝම සොෆ්ට් ලව් ස්ටෝරි එකක් 

සංගීතයත් උපරිමයෙන්ම භාවිතා කරලා තියනවා. මිනිසුන්ගේ ජීවිතයට මොනතරම් ආදරය අවශ්යද කියන එක මෙයින් ඉතා හොඳින් ප්රකාශ කරනවා. ආදරයට සීමා මායිම් වයස් බේධ කුලමල බලපාන්නේ නැහැ. එය නිදහසේ ගලාගෙන යනවා.
Sudha Kongara අධ්යක්ෂකවරියක් විදියට බොහොම පැහැදිලි මාවතක් ඉදිරියේ ඉන්නවා කියලා තමයි හිතෙන්නේ මේ නිර්මාණය බලාගෙන ඉද්දි. හාස්යය, විහිළු තහළු පිරුණ හරිම සරල ලස්සන විඳින්න පුලුවන් ආදර කතාවක් තියනවා. සුධා පොඩි ට්රික් එකකුත් යූස් කරලා තියනවා, බලන්නකෝ 

2. Avarum Naanum – Avalum Naanum




ගෞතම් මෙනන් ගැන අටුවා ටීකා අවශ්ය නැහැනෙ. මාර්තු ලොක් ඩවුන් එක අස්සෙත් අයි ෆෝන්ස් වලින් විනාඩි දොළහක දහතුනක පොඩි ෆිල්ම් කොටසක් ශූට් කරලා මදිවට ඒකට රහුමාන් මාස්ටර්වත් සෙට් කරගෙන වෙනස්ම දෙයක් කරපු තාමත් තමන්ගේ ෆිල්ම් උණ කන්ටිනිව් කරන මිනිහෙක්( ගොඩක් ඩිරෙක්ටර්ස්ලට වෙන වැඩක් තමයි කාලයත් එක්ක ‘ෆිල්ම් උණ’ බහින එක).
මෙහි තියෙන්නේ හදිස්සියේම ආපු ලොක්ඩවුන් එක නිසා මිණිබිරියක් තමන්ගේ සීයගෙ ගෙදරට එනවා. ඇයගෙ දෙමාපියන් සහ සහෝදරිය ඉන්නේ ඇමරිකාවේ. සීයා ගෙදර ඉන්නේ තනියම. සීයා සහ මිණිබිරිය අතර තමයි කතාව ගලාගෙන යන්නෙ.
මෙය බොහොම සංවේදී කතාවක්. දරුවෝ සහ දෙමව්පියෝ අතර මොනතරම් නම් සියුම් සහ සංවේදී බැඳීමක්ද තියෙන්නේ කියලා මෙයින් පෙන්නුම් කරනවා. ඒ වගේම කතාව වගේම BGM විදියට යන ශාස්ත්රීය සංගීතයත් බොහොම හිත නිවෙන සුළුයි. කතාවේ අවසානයට බොම්බෙ ජයශ්රී විසින් ගායනා කරන ලස්සන ගීතයකුත් තියනවා. සමස්තයක් විදියට මෙය කවියක් වගේ ගලාගෙන යන නිර්මාණයක්.
GVMට අනන්ය ලක්ෂණ දෙක තුනක් දකින්න පුලුවන් මේක තුළත්(කතාව narrate කිරීම, ඉංග්රීසියට බර දෙබස් වගේ ඒවා). හැබැයි තමන්ගේ නොවන පිටපතක් එක්ක වැඩ කරද්දි සාමාන්යයෙන් ඔහුට දැනෙන uncomfortable ගතිය මේකෙත් ලාවට තියනවා (මම අවසාන වතාවට එය දැක්කෙ නීදානෙ එන් පොන්වසන්තම් ෆිල්ම් එකෙන්).
3. Coffee, Anyone?




Cast එකේ නම් ටික කියවගෙන යද්දිම පේන විදියට මේක ඇවිල්ලා ෆැමිලි ප්රඩක්ෂන් එකක්. එක පවුලේ සහෝදරියෝ සහ ඥාතීන් තමයි මේ නිර්මාණයට එකතු වෙලා ඉන්නේ.
සාමාන්යයෙන් ජනප්රිය පුද්ගලයෝ ක්ෂේත්රයට ගේන්නේ, තමන්ගේ ලෙගසි එක බාර දෙන්නෙ දරුවන්ට. හැබැයි Mr. මනිරත්නම් දරුවා වෙනුවට තමන්ගේ නෝනාව ගේන්න වගේ හදන්නේ

ලොකු අවුලක් නෑ කොහොම වුනත්

කතාව ගෙතෙන්නේ පවුලක් වටේ. සහෝදරියන් තුන් දෙනෙක් සමග මව සහ පියා ඉන්න පවුලක සිදුවන සිදුවීමක් තමයි මේ කතාවට පාදක වන්නේ. ටිකක් සංවේදී කියලා කියන්න පුලුවන් මේ කතාව. විශේෂයෙන්ම මිනිස්සුන්ගේ අවංක හැඟීම් වලට සහ ආදරණීය බවට පුලුවන් ලෝකය තුළ ලොකු වෙනසක් කරන්න. ඒක තමයි මෙයින් කියන්න හදන්නේ. ලොකු අවුලක් නෑ. බලාපොරොත්තු වුනාට වඩා හොඳ මට්ටමක තිබුනා 

4. Reunion
අධ්යක්ෂණය: රාජීව් මෙනන්
කතාව: Rajiv Menon,
Adhithya KR,
Krishnaswamy Ramkumar
සංගීතය: Nivas K. Prasanna
රංගනය: ඇන්ඩ්රියා ජෙරමියා, ලීලා සැම්සන්, ගුරුචරන්
චෙන්නායි වලට යන්න ගිය තරුණියකට පොඩි ගැටලුවක් වෙලා ඇය තමන්ගේ පැරණි පාසල් මිතුරෙක්ගෙ නිවසට යනවා. ඔහු වෛද්යවරයෙක්. ඔහු සහ ඔහුගේ මව ජීවත් වන ඒ නිවසේ ඇයත් ඔවුන් සමග ටික දවසක් ගත කරනවා. ඒ ටික දවස ඇගේ ජීවිතය වෙනස් කරනවා(හැබැයි මේක කියවද්දි ඔබ හිතපු විදියට නම් නෙවෙයි).
රාජීව් මෙනන් අධ්යක්ෂණය කළ කෙටි චිත්රපටියකුත් තියනවා කිව්වම ලොකු බලාපොරොත්තුවකින් හිටියෙ. නමුත් ටිකක් විතර disappoint වුනා කියලා කිව්වොත් තමයි හරි. කතාව ඉතා ආදර්ශමත් කතාවක්. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. රඟපෑමත් අවුලක් නෑ.රාජීව් මෙනන් ටිකක් හදිස්සියේ වගේ ස්ක්රිප්ට් එක හදාගෙන තියෙන්නේ. මෙය විශිෂ්ඨයි
, තව ටිකක් ස්ක්රිප්ට් එක පොලිෂ් වුනා නම් මේ නිර්මාණය අති විශිෂ්ඨයි.

මිනිස්සු ජීවිතය තුළ වැටෙනවා සහ පසු බසිනවා. එවැනි වෙලාවට කරන්න පුලුවන් දේවල් දෙකක් තියනවා. එක්කෝ ඔලුව කෙලින් කරගෙන සටන් කරන්න පුලුවන්, නැත්තන් විකල්ප හොයාගෙන අභියෝග මගඅරින්න පුලුවන්. සටන් කරනවද පැනලා යනවද කියන තීරණය ඔබේ අතේ. බැරි වෙලාවත් ඔබ සටන්කරන්න නම් තීරණය කරන්නේ, ඒක අවංක හැඟීමක් නම් මේ මුළු ලෝකයම ඔබට ඔබේ සටන දිනා දෙන්න පෙළගැහෙනවා.
කාලෙකට පස්සේ නැවතත් රාජීව් මෙනන්ව සිනමාපටයක් තුළින් දැකීම ලොකු සතුටක් 

මාර්තු ලොක් ඩවුන් එක දමිළ සිනමාවට නම් බොහොම සාධනීය විදියට බලපාලා තියනවා.
5. Miracle



Song Track:
Oru Kili uruguthu from ‘Aanandha Kummi’ composed by Ilaiyaraja
BGM Tracks:




“විදුලි එළිය දැක ගිණිහුල දියේ ඔබා
පැන යන මුවන් දැක දැමුවයි නෙලූ පලා”
මිරකල් බලාගෙන ඉද්දි මට මතක් වුනේ ඔය කවිය. කතා දෙකක් නැහැ මේක තමයි හොඳම කතාව. කාර්තික් සුබ්බාරාජ්ට ආවේණික ඩාක් ශේඩ්ස් එක්ක බොබී සිම්හා ඇතුලු පිරිසගේ රංගනයත්, පිස්සු හැදෙන bgm එකකුත් මෙහි තියනවා.
කලින් කතා හතරටම පාදක වෙලා තියෙන්නේ ඉහළ මධ්යම පාන්තික ජීවන රටාවක්. මේකේ ඉන්නවා කොරෝනා කාලේ විවිධ සමාජ සේවා සංවිධාන විසින් නිකං බෙදාගෙන යන සියඹලා බත් එකෙන් යැපෙන ඩබලක්(ප්රේක්ෂකයා දිව්ය ලෝකෙන් අපායට ගේනවා, ඒක කාර්තික්ගෙ සිනමා ස්ටයිල් එකේ කොටසක්).
ආර්ථික මට්ටම ගැන කියන්න ඕන නෑනේ මෙයාලගෙ,ලොක් ඩවුන් නිසා සතේට හිඳිලා ඉන්න ලෝකල් මැරයෝ දෙන්නෙක් තමයි මේ ඩබල. එක්කෙනෙක් ගුරුජී කෙනෙක් විසින් යූටියුබ් එකේ කරන මිරකල් ශෝ එකක් බලාගෙන ඉන්නවා. අනිත් මෑන් ටීවි එකේ කොරෝනා අප්ඩේට් බලාගෙන ඉන්නවා. අර ගුරුජී කියනවා “ප්රාතිහාර්යයන් සැබෑවටම සිදුවේ” කියලා. මේක අහන මේ ඩබලට හිතෙනවා හැමදාම සියඹලා බත් කන එකේ අද බුරියානි කෑවොත් හොඳයි කියලා. ඒම හිතලා බුරියානි කන්න සල්ලි හොයන්න ගහන ගේම් එක තමයි තියෙන්නේ. ඇත්තටම ප්රාතිහාර්යයක් සිද්ද වෙනවා. ඒක වෙන්නේ නම් හිනා සාගරයක් මැදින් 

මෙතනදි කාර්තික් හෙමීට කනත් අතගාලා දැනෙන නොදැනෙන ගාණට දැවැන්ත කනේ පාරක් ගහනවා සමස්ත සමාජයටම. පොඩ්ඩක් උවමනාවෙන් බලන්න ඒ කනේ පාරෙ සැර දැනෙයිද කියලා. අපි අපිට තියන දේවල් අතෑරලා තව තවත් දේවල් හොයනවා; සියඹලා බත් අතෑරලා බුරියානි හොයනවා… හැබැයි එහෙම බුරියානි හොයාගන්න ලැබෙන්නේ ඉතාම සුළු පිරිසකට විතරයි. ඉතිං ඒක නිසා අපිත් miracles will happen කියලා විස්වාසෙන් ඉන්නවා

More From Writer: https://gmwwcine.com/gautham-vasudev-menon-to-infinity-beyond/
Join with our facebook group : https://www.facebook.com/groups/198826720998625