Pushpa is not a flower, It’s fire !!!| Sinhala Article

Pushpa is not a flower, It’s fire !!! by Indeewari Herath 

‘Pushpa: The Rise’ චිත්රපටිය උතුරු ඉන්දියානුවන් මේ තරම් තදින් වැලඳගනියි කියලා මං හිතන්නේ චිත්රපටිය හදපු ටීම් එකවත් හිතලා තියෙන්න නැතුව ඇති. කිසිම ප්රමෝශන් එකක් නැතුව, මාකටින් කැම්පේන් එකක් නැතුව උතුරු ඉන්දියාවේ රිලීස් කරපු පුෂ්පා ෆිල්ම් එකට ලැබුනු ස්ක්රීන් ප්රමාණය දිනෙන් දින වැඩිවීමත් සමග නොහිතපු විදියට උතුරු ඉන්දියානු ප්රේක්ෂකාගාරය පුෂ්පරාජ් ව බොහොම සාදරයෙන් පිළිගත්තා.
උතුරු ඉන්දියානුවන් බහුලව ඉන්න ඉන්දියන් සිනමා ගෘෘප් වල ඉන්නෙම පුෂ්පරාජ් විතරයි. සරලවම කිව්වොත් පුෂ්පරාජ් දැන් බ්රෑන්ඩ් එකක් වෙලා තියෙන්නේ.
PAN ඉන්දියන් කියන වචනය භාවිතයට ආවෙ මෑත කාලේ වුනාට හැටේ දශකයේ හෝ ඊටත් කලින් ඉඳලම උතුරු ඉන්දියානු චිත්රපටි ඉන්දියාව දිගේ පහලට ගලාගෙන ඇවිල්ලා ඉන්දියාවේ පහළ තියන ලංකාවටත් ඇවිල්ලා ලාංකික ජන සමාජයත් ආක්රමණය කලා. එසේම දකුණු ඉන්දියානු දමිළ චිත්රපටි ද සිංහල දමිළ භේදයකින් තොරව ශ්රී ලාංකික ජනසමාජය විසින් ආදරයෙන් වැළඳ ගත්තා. ඇම්ජීආර්, සිවාජි ගනේසන්, ජයලලිතා ආදීන්ට පෙම් බැන්දවුන් එකල අපේ රටේද බහුලව සිටියා. අපේ පරණ සිංහල චිත්රපටි වල තියන අතිශය ජනප්රිය ගීත වලින් 99% ම ඒ කාලේ ලංකාවේ අය සෑහෙන්න ආදරය කල හින්දි චිත්රපටි ගීත වල තනු. මට මතක් වෙන ඒ පන්නයේ පරණ ම සිංහල සිංදුව ‘දෛව විපාකය (1956)’ චිත්රපටියේ එන ‘සරා ගොයියා හරි මිනිහා’ ගීතය. මතක විදියට ඒක රාජ් කපූර්ගෙ ‘Sri 420 (1955)’ චිත්රපටියෙ ගීතයක තනුවක් (හරියටම මතක නෑ,වැරදි නම් නිවැරැදි කරන්න).
දැන් තියෙන්නේ PAN ඉන්දියන් රැල්ලක්. හැමෝටම PAN ඉන්දියන් නළුවො වෙන්න ඕන, ෆිල්ම්ස් හදන්න ඕන. හැබැයි සැබෑ PAN ඉන්දියන් නළුවො බිහිකරවන්න අධ්යක්ෂකවරයින් ට හෝ නිෂ්පාදකයින්ට බෑ. PAN ඉන්දියන් නළුවො ඉබේම බිහිවෙන්න ඕන. ඒක කරන්න පුලුවන් ප්රේක්ෂකයින්ට විතරයි. PAN ඉන්දියන් ෆිල්ම් එකක් කියලා ඉන්දියාව වටේ ප්රමෝශන් කර කර ගියාට වැඩක් නෑ.භාෂා කීපයකින්ම නිකුත් කලාට වැඩකුත් නෑ.
චිත්රපටියක් තියටර් රිලීස් වුනාට පස්සේ ප්රේක්ෂකයා තමයි ඒක තීරණය කරන්නෙ ඒ නළුවා/නිළිය හෝ චිත්රපටිය තමන්ගේ හිතට දැනෙන ප්රමාණය අනුව. උදාහරණයක් විදියට බාහුබලී පළවෙනි චිත්රපටිය ඉන්දියානුවන්ව පිස්සු වැට්ටුවෙ ඒක හයි බජට් නිසා නෙවෙයි. සරලවම බාහුබලී පළවෙනි ෆිල්ම් එක බලපු අයගෙ හිතට වැදුනු නිසා. ඒක අමුතුම විදියෙ තියටර් experience එකක් වුන නිසා. ප්රේක්ෂකයා තමයි තීරණය කලේ. ප්රේක්ෂකයාට තමයි ඒ අයිතිය තියෙන්නෙ. ශාරුක් ඛාන් මිනිස්සු අතර උමතුවක් බවට පත් වුනේ ඔහු සද්දන්ත ශරීරයක් තියන දැවැන්ත මනුස්සයෙක් වුන නිසා නෙවෙයි, ඔහු ප්රේක්ෂකයා තුළ නොමැකෙන සුලු දැවැන්ත මතකයන් සටහන් කරන්න සමත් වුනු නළුවෙක් නිසා. ඉන්දියාවේ ජනාධිපති කවුද කියලා නොදන්න ඉන්දියානුවෙක් අහම්බෙන් හරි ඉන්න පුලුවන් කමක් තිබුනත් ශාරුක් ඛාන් කියන්නේ කවුද කියලා නොදන්න ඉන්දියානුවෙක් ඉන්න ඉඩක් තියෙන්න විදියක් ඇත්තෙම නැති තරම්.
පුෂ්පරාජ් කියන්නේ ඒ වගේ ඉන්දියන් ප්රේක්ෂකයින් තුළින් බිහිවුනු PAN ඉන්දියන් ස්ටාර් කෙනෙක් ??
ඒක ඇත්තටම unbelievable. විශේෂයෙන්ම පුෂ්පා ෆිල්ම් එක චිත්රපටියක් විදියට එච්චරම සාර්ථක ෆිල්ම් එකක් නොවී තියෙද්දිත් පුෂ්පරාජ් කියන චරිතය බ්රෑන්ඩ් එකක් වීම වටිනවා ?
PAN ඉන්දියන් වෙන්න ඕන දැවැන්ත බජට් සහිත ෆිල්ම්ස් හෝ ලොකු ලොකු ප්රමෝශන් නෙවෙයි. සරලවම මිනිස්සුන්ට දැනෙන්න යමක් කිරීම පමණයි ??
පුෂ්පා කියන්නේ විශිෂ්ඨ චිත්රපටියක් කියලා මම කීයටවත්ම අදහස් කරන්නේ නැහැ. හැබැයි ඒ චිත්රපටිය ප්රේක්ෂකයා විසින් බොහොම උද්යෝගයෙන් බාරගත්තා කියන එක සුළුවෙන් සැලකිය යුතුත් නැහැ ?

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *