Priyanka Chopra and Matrix by Mmp Ranaweera
MATRIX හී ප්‍රියංකාගේ චරිතය සහ MATRIX චිත්‍රපටිය ගැන…
MATRIX ගැන අමුතුවෙන් කියන්නට දෙයකුත් නෑ. නමුත් භාරතයට ප්‍රිය කරන අපිට මේ සැරේ MATRIX සුවිශේෂී වන්නේ ප්‍රියංකා මෙහි රංඟනයෙන් දායකවන නිසයි. MATRIX ඔබ බලනවනම් චිත්‍රපටිය ගැන පොඩි පහේ අවභෝදයක් තියෙන්නම ඕන. මොකද එය ගලාගෙන යන්නේ 1999 තිරගත වූකතාවේ දිගුවක් ලෙසට වීමයි.. මේ මගේ මතකයෙන් මුළු කතා සාරාංශයම කෙටි කර ලියන්නට හිතුවේ ඔබ MATRIX 4 නරඹන්න සිටිනවානම් එයට ඌනපූර්ණයක් සැපයීම උදෙසා පමනයි.
මෙට්රික්ස් කතාව ගෙතෙන්නේ 2199දී ලෝකයේ සිදු වන සිදුවීමක් ඇසුරින් . මේ ලෝකය පාලනය කරන්නේ කෘතිම බුද්ධි මූලික කර ගත්ත රොබෝලා සහ එයට අදාලව නිර්මාණය උනු යන්ත්‍ර මගින් ඒ වනවිට මිනිස්සු නිකම්ම නික බලශක්තිය ලබාදෙන ප්‍රභවයක් පමනයි. කොහොමහරි මේ රොබෝලා මිනිසුන්ගේ ශතිය උරාගන්න ක්‍රමවේදයක් නිර්මාණය කරනවා ඒ ස්තානය තමා Matrix කියලා කියන්නේ. ඒ වගේම මේ Matrix එකෙන් බේරිලා ඉන්න මිනිසුන් කොට්ටාශයක් පොලවේ යට ජීවත්වනවා. එතෙන්ට කියන්නේ Zion කියලා. මේ රොබෝවරු මේ මිනිසුන් ඉන්නව වග දන්නවා. ඒවගේම මේ මිනිස්සු අතර Matrix එක හැක් කරන්න හැකි හැකර්ලත් ඉන්නවා කොහොමහරි Matrix ලා මෙයාලට ලොකු ආරක්ෂාවක් දාලා තමා තියෙන්නේ.
මේ මෙට්රික්ස් එකේ හිරකරන් ඉන්න මිනිස්සු තනිකරම වෙනම ලෝකවල අතරමන් වෙලා තමා ඉම්නේ ඉතින් මේ මිනිස්සුන් Matrix එකේ මොකක් හරි අවුලක් තියනවා කියල දැනෙනවානම අන්න එහෙම වෙන අයව matrix එකෙන් අයින් කරලා දානවා අන්න ඒ අයව බේර ගන්න එක zion එකේ ඉන්න අයගේ වැඩක්.
නියෝ කියන්නේ matrix වල මෘදුකාංග කාර්මිකයෙක් වශයෙන් සිටින, රාත්‍රියේ දී පරිගණක හැකර්වරයෙකු ලෙස සිටින කෙනෙක්. ( Computer Hacker ) . ඔහුව සොයා එන zion හී ට්‍රිනිටි( Trinity ) නම් කාන්තාවක් විසින් නියෝ හට මෝර්ෆියුස් ( Morpheus ) නැමැත්තෙක් හදුන්වා දෙනවා. . මෙපමණ කලක් තිබෙන අඳුරු රහස් නියෝට එතැන් සිට හෙළිදරව් වනවා. මේ අතර තුරදී තමා ඔහුට Oracle හමුවන්නේ Oracle කියන්නෙත් Matrix එකෙන් යම් සීමාවකදී ස්වාදීන උනු කෙනෙක්. ඉතින් එයාගේ ස්වාධීන හැකියාව මත මිනිස් සිත ග්රහනය කරගනිමින් අනාවැකි කියන්න එයාට පුළුවන්. මිනිසුන්ගේ ඉදිරි ජීවිතය මොනවගේ වේවිද දන්නේ ඔරකල් තමයි. නියෝ ඇයගෙන් උපදෙස් ලබා ගන්නවා.
ඉතින් නියෝ සිතන්නේ නියෝ තමා මිනිස් වර්ගයාගේ ගැලවුම් කාරයා කියලා. නමුත් ඔරකල් එයාට මේ ගැන මේ වෙනකම්ම හරි පිළිතුරක් දීලා නම් නෑ.
නමුත් MATRIX 3 හී කතාවේ අපි නොසිතන අලුත් චරිතයක් එනවා ඒ තමා පුංචි කෙලි පොඩ්ඩ “සාතී” සාතී කියන්නේ matrix වල ජීවත් වූ ඉන්දියානු සම්භවයක් ඇති දෙමව්පියන් දාව බිහිවූ මනුෂ්‍ය දුවක්. ඇයගේ යම් සුවිශේෂී බලයක් තිබෙන බව ඔරකල් දැනගන්නවා.. කොහොමහරි මෙට්රික්ස් 3 වැනි චිත්‍රපටිය අවසන් වන්නේ සාතී ඔරකල් විසින් ඇගේ ආරක්ෂාව යටතේ දරුවෙකු ලෙස හදාගන්න බව අපට පෙන්වමින්…
කොහොම කොහොමහරි දීර්ඟ කාලයකට පසුව මේ දෙසැම්බර් 22 ඔබට MATRIX හී ඊලග කතාංගය ඔබට නැරඹිය හැකියි. චරිත රගපාන අයගෙන් ප්‍රධාන චරිත කරපු කීනු රිවිස් නියෝ ලෙස Neo සහ ඈන් මොස් ට්‍රිනිටි ලෙස නැවත සිව්වන දිගහැරුම ට ආවත්, මෝර්ෆියුස් විදියට චිත්‍රපට තුනකම හිටපු ලෝරන්ස් ෆිෂ්බර්න් සිව්වැන්නෙ නොමැති වීම හිඩැසක් ,ඒ වෙනුවට ඉන්නෙ යාහ්යා අබ්දුල් මාටින්.. ප්‍රියංකා චොප්රා මෙහි පෙනී සිටින්නේ මම කලින් අවසන් කළ කොටසේ ලියූ සාතිගේ චරිතය.. ඒ කියන්නේ ඔරකල්ගේ හදාගන්නා දියණියගේ සුවිශේෂී චරිතය.
ඉංග්‍රීසි හොලිවුඩ් චිත්‍රපටියක ප්‍රියංකා මේ රඟපාන චරිතයත් සුවිශේෂී චරිතයක් නිසාම මම මේ ලිපිය ගෲප් එක පල කරන්නට හිතුවේ.. ඔබටත් එය බැලීමට අස්වැසිල්ලක් වන්න..