Prithviraj Sukumaran Indian Actor by Hashan Dulanga
ප්‍රිත්විරාජ් සුකුමාරන් (Prithviraj Sukumaran)..
මලයාලම් සිනමාවේ මහා දැවැන්ත ප්‍රතිරුපයක් වන ඔහු දක්ෂතම රංගන ශිල්පියෙක්, පසුබිම ගායකයෙක්, චිත්‍රපට නිෂ්පාදකයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් හා පසුබිම කථකයෙක්. ප්‍රිත්විරාජ් සුකුමාරන් 1982 වසරේ ඔක්තෝබර් මස 16 දින තිරුවානපුරම් හි උපත ලැබුවේ සුකුමාරන් සහ මල්ලිකා සුකුමාරන් යන නළු නිළියන් දෙපලටයි. ඔහුගේ පවුල එවකට තමිල්නාඩුවේ පදිංචි වූ අතර එහිදී ඔහු චෙන්නායි හි ටී.නගර් හි පිහිටි Shrine Vailankanni Senior Secondary පාසලට සහ කුනූර්හි ශාන්ත ජෝශප් පිරිමි පාසලට ඇතුළත් විය. පවුල කේරළයට ගිය විට ඔහු පෙරුන්තන්නි NSS පොදු පාසලට ඇතුළත් විය. පසුව ඔහු පූජාප්පර් හී St. Mary’s Residential Central පාසල වෙත ගිය අතර එහිදී පාසලේ වාර්ෂික දින සැමරුම් සඳහා නාට්‍ය හා දක්ෂතා දැක්වීය. ඔහු අධ්‍යාපනය ලැබුවේ Sainik School, Kazhakootam සහ Bhavan’s Senior Secondary යන පාසල් වලින්ය. ඔහු පාසැලේ සිටියදී වාද විවාද හා කථන තරඟ කිහිපයකට සහභාගී වී ජයග්‍රහණය කළේය. තිරුවානපුරම් හි Loyola පාසල විසින් වාර්ෂිකව පවත්වනු ලබන වාර්ෂික අන්තර් පාසල් කලා උළෙලේදී “Mr LA Fest” යන පදක්කම ප්‍රිත්විරාජ් දිනා ගත් අතර එම ශූරතාව දෙවරක් දිනාගත් එකම පුද්ගලයා ඔහු වේ. පාසලෙන් පසු ඔහු ඕස්ට්‍රේලියාවේ ටස්මේනියා විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධියක් හැදෑරීය. මෙම කාලය තුළ ඔහු චිත්‍රපට අධ්‍යක්ෂ රංජිත් වෙනුවෙන් තිර පරික්ෂණක් කළ අතර Nandanam චිත්‍රපටයේ ප්‍රධාන චරිතය දිනා ගත්තේය. ඔහුව රංජිත්ට හඳුන්වා දුන්නේ චිත්‍රපට අධ්‍යක්ෂ ෆාසිල් විසිනි. ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන ඉන්ද්‍රජිත් සුකුමාරන් සහ සහෝදරිය පූර්ණිමා ඉන්ද්‍රජිත් ද චිත්‍රපට නළු නිළියන්ය. ප්‍රිත්විරාජ් 2011 අප්‍රේල් 25 වන දින පලක්කඩ් හි පැවති පෞද්ගලික උත්සවයකදී බීබීසී ඉන්දියානු වාර්තාකරු සුප්‍රියා මෙනන් සමඟ විවාහ විය. ඔහුගේ පවුල පදිංචිව සිටින්නේ කොචි හි තෙවරා හිය.
2001 දී ප්‍රිත්විරාජ් විසින් අධ්‍යක්ෂ ෆාසිල් විසින් ඔහුගේ එක් ව්‍යාපෘතියක් සඳහා තිර පරීක්ෂාවකට ලක් කරන ලදී. එම ව්‍යාපෘතිය කිසි විටෙකත් ක්‍රියාත්මක නොවූවත්, ෆසීල් විසින් ඔහුගේ දෙවන අධ්‍යක්ෂණය වන Nandanam (2002) සැලසුම් කරමින් සිටි අධ්‍යක්ෂ රංජිත් වෙත නිර්දේශ කරන ලදී. ප්‍රිත්විරාජ් රඟපෑ පළමු චිත්‍රපටය Nandanam වුවද එය නිකුත් වූයේ Nakshathrakkannulla Rajakumaran Avanundoru Rajakumari චිත්‍රපටයෙන් පසුවය. ප්‍රිතිවිරාජ් පසුව ලොහිදාදාස්, විනයන්, කමල් සහ භද්‍රන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවල පෙනී සිටියේය. ඔහුගේ Akale චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන ශ්‍යාමප්‍රසාද් පැවසුවේ බොක්ස් ඔෆිස් ජයග්‍රහණ නොසලකා ප්‍රිත්වීගේ හැකියාව වන ඔහුගේ දක්ෂතාවය හා බුද්ධිය බව ඉස්මතු කිරිමට සමත්වුන බවයි. 2005 දී ප්‍රිත්විරාජ් සුකුමාරන් Kana Kandaen හරහා කොලිවුඩ් සිනමාවට එක් විය. 2006 වසරේදි M.පද්මකුමාර්ගේ නිර්මාණයක් වු Vargam හි රංගනයෙ දායකත්වය සැපයිය. ඒ සඳහා හොඳම නළුවාට කේරළ ප්‍රාන්ත චිත්‍රපට සම්මානය හිමි විය. එම සම්මානය දිනාගත් ලාබාලම නළුවා ප්‍රිත්විරාජ් විය. එම වසරේම ඔහු ලාල් ජෝස්ගේ Classmates හි රංගනය යෙදු අතර එය ඒ දක්වා වැඩි ආදයමක් ලැබු මලයාලම් චිත්‍රපට බවට පත්විය. ඔහු ෂෆි විසින් අධ්‍යක්ෂණය කරන ලද Chocolate හි රඟපෑවේය. 2007 වසරේදී රාධා මොහන් නිර්මාණයක් වු Mozhi නම් දමිල චිත්‍රපට සදහා එක්විය. 2008 දී ඔහු මධුපාල් විසින් අධ්‍යක්ෂණය කරන ලද Thalappavu සහ රංජිත් විසින් අධ්‍යක්ෂණය කල Thirakkatha සදහා එක්විය.
2009 වසරේ තිරගතවු ඔහු රංගනයෙන් දායකත්වය සැපයු Puthiya Mukham හි ඔහු තම චිත්‍රපට පසුබිම ගායනය සදහා අවතිර්ණ විය. 2009 වසරේ නැවතත් ජෝෂි නිර්මාණයක් වන Robin Hood සහ මලයාලම් සිනමාවේ දැවැන්ත නිර්මාණයක් වන Kerala Cafe රංගනයෙන් එක්වුහ. 2010 දී සුකුමාරන්ගේ කැපී පෙනෙන චිත්‍රපට වූයේ අමල් නීරාඩ් විසින් අධ්‍යක්ෂණය කරන ලද Pokkiri Raja සහ Anwar ය. එම වසරේදී මනිරත්නම් අධ්‍යක්ෂණය කල Raavanan සදහා ද ඔහු එක්විය. මෙම වසරේ තිරගතවු මන්මොහන් චල්ලාගේ Police Police සිනමා පටය හරහා තෙලිගු සිනමාවට අවතිර්ණ විය. 2011 දී ප්‍රිත්විරාජ් සිය පළමු චිත්‍රපට නිෂ්පාදනය වන Urumi තිරගත විය. City of God, Manikyakallu, Veettilekkulla Vazhi සහ Indian Rupee යන නිර්මාණය සදහා එක්විය. සිනමා විචාරයන් අතර ඔහු රංගනය දායකත්වය වු Indian Rupee හි ඔහුගේ රංගනය ගැන විචාරකයින් ප්‍රශංසා කළ අතර එය ඔහුගේ “වෘත්තීය හොඳම රංගනය” ලෙස විස්තර කළේය. 2012 දී ඔහු Hero, Molly Aunty Rocks සහ Ayalum Njanum Thammil සිනමා පටයන් වල ප්‍රධාන චරිත නිරුපණය කල අතර Aakashathinte Niram සහ Manjadikuru සුළු රංගන දායකත්වයක් දැක්වුහ. 2012 වසරේ දි ඔහු බොලිවුඩයට අවතිර්ණ වුයේ සචින් කුන්දල්කර්ගේ Aiyyaa නිර්මාණය තුලින්ය. 2013 වසරේදී ප්‍රිත්විරාජ් විසින් Celluloid, Mumbai Police සහ Memories යන සිනමා පටයන් හා එක්වු අතර ඒවා සියල්ලම විවේචනාත්මක හා වාණිජමය වශයෙන් සාර්ථක විය. ඔහු Celluloid හි ජේ. සී. ඩැනියෙල් නම් මලයාලම් සිනමාවේ දැවැන්තයකු චරිතප්‍රදානයක් කළ අතර, ඒ සඳහා ඔහු හොඳම නළුවාට හිමි දෙවන කේරළ ප්‍රාන්ත සිනමා සම්මානය දිනා ගත්තේය.
2014 දී ප්‍රෘත්විරාජ්ගේ පළමු නිකුත් චිත්‍රපටය වූයේ London Bridge ය. එය බොක්ස් ඔෆිස් හි අසාර්ථක විය. ඉන්පසු 7 th Day සිනමා නිර්මාණය වාණිජමය වශයෙන් සාර්ථක විය. ඔහු වසරේ තෙවැනි චිත්‍රපටය වන Sapthamashree Thaskaraha විචාරකයින්ගේ හා ප්‍රේක්ෂකයන්ගේ පැසසුමට ලක්විය. ඔහු විසින් 2015 දී තිරගතවු පලමු නිර්මාණය වූයේ Picket 43 ය. ඔහුගේ දෙවන චිත්‍රපටය වූයේ ශ්‍යාමප්‍රසාද්ගේ Ivide ය. චිත්‍රපටයේ රඟපෑම පිළිබඳව ප්‍රිත්විරාජ්ගේ රංගනය පැසසුමට ලක් වු අතර මේ දක්වා ඔහුගේ හොඳම රංගනය ලෙස විචාරක සම්මාන පාත්‍රවූහ. ඔහුගේ වසරේ වඩාත්ම සාර්ථක චිත්‍රපටය වූයේ 1960 දී කේරළයේ ගංගා ගම්මානයක් වන මුක්කම් හි සිදු වූ කාංචනමාලා සහ මොයිඩීන් ගේ ඛේදනීය ආදර කතාව විස්තර කළ Ennu Ninte Moideen ය. මෙම චිත්‍රපටය විචාරක පැසසුමට ලක් වූ අතර එය මලයාලම් හි නිපදවූ විශිෂ්ඨම ආදර චිත්‍රපටයක් ලෙස විචාරකයින් කිහිප දෙනෙකුගේ මතය විය. චිත්‍රපටයේ මොයිඩීන් ලෙස ඔහුගේ චරිත නිරුපණය ඔහුගේ වෘත්තීය ජීවිතයේ හොඳම අවස්ථාවක් ලෙස සැලකේ. ඔහුගේ මීළඟ නිකුතුව වන Amar Akbar Anthony සහ Anarkali බොක්ස් ඔෆිස් හි විශාල වාණිජමය සාර්ථකත්වයක් අත්කර ගත් අතර එමඟින් වසර අවසන් වන විට සාර්ථක චිත්‍රපටයක් ත්‍රිත්වයක් ලබා ගැනීමට හැකි විය.
ප්‍රිත්විරාජ් විසින් 2016 දී චිත්‍රපට 4ක් තිරගතවු අතර, ඔහු බේබද්දෙකු ලෙස රඟපෑ පවුල් නාට්‍යයක් වන Paavada එහි ආරම්භ නිර්මාණය විය. එය ධනාත්මක ප්‍රතිචාරයක් ලැබූ අතර එය වාණිජමය වශයෙන් සාර්ථක වූ අතර කේරළ බොක්ස් ඔෆිස් වෙතින් ඉන්දියානු රුපියල් කෝටි 16.34 ක ආදායමක් උපයා ගත් අතර දින 100 ක් සිනමාහල් වල දිව ගියේය. ඔහුගේ ඊලග සිනමාපටයන් වු Darvinte Parinamam සහ James & Alice මිශ්‍ර විචාරයන් ලබා ගත් අතර ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වන Oozham ජේතු ජෝශප්ගේ නිර්මාණයකි. දින 25 ක් තුළ රුපියල් කෝටි 15.25 ක් උපයා ඇත. 2017 දී ඔහු Ezra නම් ත්‍රාසජනක චිත්‍රපටයට රංගනයෙන් දායක වූ අතර එය වසරේ වැඩිම ආදායමක් උපයා ඇති මලයාලම් චිත්‍රපටයක් බවට පත්විය. එය ලොව පුරා රුපියල් කෝටි 50 ක් උපයා ඇති අතර කේරළ බොක්ස් ඔෆිස් වෙතින් රුපියල් කෝටි 33 කි. Tiyaan, Adam Joan සහ Vimaanam එම වසරේ නිකුත් වු ඔහුගේ අනිකුත් සිනමා පටයි. Tiyaan සහ Vimaanam යන දෙදෙනාම මධ්‍යස්ථ බොක්ස් ඔෆිස් ආදයම් ලබා ගත් අතර Adam Joan රුපියල් කෝටි 20 ක් පමණ එකතු කර ගත් සුපිරි චිත්‍රපටයක් බවට පත්විය. 2017 වසරේ ශිවම් නායර්ගේ දැවැන්ත නිර්මාණයක් වන Naam Shabana සිනමා පටයේ අක්ෂේ කුමාර් සමග රංගනයෙන් එක්විය..
ඔහු විසින් 2018 දී නිකුත් කරන ලද පළමු චිත්‍රපටය වාණිජමය වශයෙන් අසාර්ථක වූ රොෂිනි දිනකාර්ගේ ආදර නාට්‍යය වන My Story ය. ඔහුගේ ඊළඟ නිර්මාණයන් වූයේ අංජලී මෙනන් ගේ Koode සහ නිර්මාල් සහදේව්ගේ අපරාධ නාට්‍යය වන Ranam ය. Koode විවේචනාත්මක පැසසුමට ලක් වූ අතර එය වාණිජමය වශයෙන් සාර්ථක වූ අතර Ranam ධනාත්මක විවේචනාත්මක ප්‍රතිචාරයක් ලැබුණද ආදයම් අතින් මධ්‍යස්ථව අගයක් විය. 2018 දී ප්‍රිත්විරාජ් සිය ස්වාධීන නිෂ්පාදන ආයතනය වන ප්‍රිත්විරාජ් ප්‍රඩක්ෂන්ස් දියත් කළේය. 2019 දී ඔහු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටක් වන 9 නිෂ්පාදනය කොට රඟපෑවේය. මෙම චිත්‍රපටයේ නවකතාව, නළුවන්ගේ රංගනය, අධ්‍යක්ෂණය සහ සිනමාව සඳහා විවේචනාත්මක පැසසුමට ලක්විය. එය ආදයම් හා ජනප්‍රියත්වයේ ඉහලට ගිය සාර්ථකම නිර්මාණයක් විය. ප්‍රිත්විරාජ් තම මංගල අධ්‍යක්ෂණය කළ සිනමපටය වුයේ 2019 දී තිරගතවු Lucifer.
මලයාලම් සිනමාවේ දැවැන්තයකු වන මොහාන්ලාල් රඟපෑ මෙම චිත්‍රපටය මලයාලම් චිත්‍රපටයේ මෙතෙක් වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය බවට පත්විය. එය උපයාගත් මුදල ඉන්දියානු රුපියල් කෝටි 175 වැඩිය. එම වසරේ දි ලාල් ජුනියර් නිර්මාණයක් වු Driving Licence වඩාත් ජනප්‍රිය චිත්‍රපටයක් විය. 2020 වසරේ ඔහු රංගනයෙන් දායකත්වය ලබ දුන් එකම සිනමාපටය වුයේ Ayyappanum Koshiyum. එයද වානිජ වශයෙන් සාර්ථක නිර්මාණයක් විය.
සම්මාන හා නිර්දේශිත නාම…
Filmfare Awards….
* Celluloid (2013) : Filmfare Critics Award :Best Actor (South)
* Indian Rupee (2011) : Best Actor (Malayalam) : Nominated
* Anwar (2010) : Best Actor (Malayalam) : Nominated
* Raavanan (2010) : Best Supporting Actor (Tamil) : Nominated
Kerala State Film Awards…
* Celluloid , Ayalum Njanum Thammil (2012) : Best Actor
* Indian Rupee (2011) :Best Film (Producer) for (Shared with Santhosh Sivan & Shaji Nadeshan)
* Vaasthavam (2006) : Best Actor
Kerala Film Critics Association Awards…
* Lucifer (2019 ) :Special Jury Award (Director)
* Meerayude Dukhavum Muthuvinte Swapnavum, Chakram (2003) : Best Actor
SIIMA Awards..
* Koode (2018) : Best Actor (Critics)
* Ennu Ninte Moideen (2015) : Best Actor
* 7th Day (2014) : Best Actor (Critics)
* Mumbai Police (2013) : Best Actor ( Critics)
පසුබිම් ගායකයෙකු ලෙස…
* “Kaane Kaane” : Puthiya Mukham
* “Kaattu Paranjathum” : Thanthonni
* “Kettille Kettille” : Pokkiri RajaJassie
* “Njan” : Anwar
* “Vadakku Vadakku” : Urumi
* “Oru Kadha Parayunnu Lokam” : 7th Day
* “Ivide” : Ivide
*”Premamennaal” : Amar Akbar Anthony
* “Arikil Ini Njan Varaam” : Adam Joan
*”Adakachakko” : Ayyappanum Koshiyum