Premam (2015) Malayalam
මන් මේක මෙහෙම කියන්නම්.කට්ටියටම මතක ඇති නේද ස්කෝලෙ කාලෙ කෙල්ලෙක්ට හිත ගියාම තියන ගැම්ම.කොහොමද කියන්නෙ ඒ කෙල්ලට හිතේ තියන ආදරය කියා ගන්න බැරුව කොච්චර කට්ටක්ද කන්නෙ.නිකමට හිතපන් ඒ කෙල්ලත් පට්ට ලස්සන වෙලා ගමේම කොල්ලො සෙට් එකක් ඒ කෙල්ලගෙ පස්සෙන් යද්දි උබට තියන තරගෙ කොහොමද??ඒව තමා නියම ආදරේ ෆීල් කියන්නෙ.ඔය ඔක්කොම කට්ට කාල කෙල්ලට ලියුමක් ලියන්න දුක් වෙලා ලියුමකුත් ලියල ආදරේ ප්‍රකාශ කරන්න යද්දි ඒකිට කොල්ලෙක් ඉදියොත්(හම්මො ඉතින් සැප නේ)
ඔහොම තමා ජීවිතේ ඉතින්.අපි ආදරේ කරන්න මුල් කාලෙ ඉදන් අපි කෙල්ලො කීයකට ට්‍රයිකරනවද?අපෙ වචනෙන් කීවොත් කොල්ලො විදියට අපිකන කට්ට මොන තරම්ද…ඔහොම තමා ඉතින් ජීවිතේ.අපි මුලින් ආදරේ කරන්නෙ ඒ කෙල්ල බැදල සතුටින් ඉදල ගෙයක් දොරක් හදල ලමයෙක් හදල ඉන්න.ඒත් අපිට බදින්න වෙන්නෙ ඒ කෙල්ලමද??
ජීවිතේ අපි මොන තරන් පියවර පහු කරනවද කසාදයට කලින්.කුඩා කාලය,පාසල් කාලය,කැම්පස් ජීවිතය,රැකියාව…ඔය හැම දෙයක් එක්කම අපට එකතුවෙන අත්දැකීම් මොන තරම්ද.ආදරේ කල මිනිස්සු වෙනස්වෙනවා,අසනීප හැදිල අපිව දාල යනවා අපිට අන්තිමට කවුරුන් නැතත් මන් මෙහිදී දකින ලොකුම දෙයක් තමා යාලුවො කියන්නෙ.
ජීවිතේ මොන පියවර වලින් ඉස්සරහට ගියත් මැරෙන්න,අඩන්න,බොන්න යාලුවො ටිකක් ඉන්නව.උන් කවදාවත් අපේ මෝඩකම් අපේ වැටෙන අතපසුවීම් වලදි අපිව දාල යන්නෙ නෑ.ඒක තමා යාලුකම කියන්නෙ.ජීවිතේ යාලුවො කියන කොටස කියන්නෙ තමන්ගෙම උන් වගේ දෙයක්.බොරුවට රගපාන මිනිස්සු ඉන්න ලෝකෙ යහලුවන් කියන්නෙ ඇත්තටම අපට හයියක්.
තමන් ආස දේ කරන්න,අත් හැරීම් අත් හරින්න.ජීවිතේ ඔය කරන දේවල් අපි අත් හරිනකන් අපටහිතෙන්නෙ හොදම දේවල් කියල.ඒත් අත් හැරියම අපට හිතෙනවා අපි මෙච්චර කල් ලොකුවට හිතල මානසිකව වද විදපු ඒ දේවල් අයින් උනාම හොද දේවල් ලගට එනවා.වැරදි වැරදි තමා අපි හරි දේවල් වලට යන්නෙ.ඒ දේවල් කාලය හෙමිහිට විසදනවා…
ඔය හැම දෙයක්ම මුහු උන චිත්‍රපටියක් තමා ප්‍රේමම් කියන්නෙ.2015 වසරෙ ආවත් අද වෙනතුරු ඒ තිබ්බ රස අඩු නොවූ චිත්‍රපටියක්.nivin, sai, madonna, anupama වගෙ ගොඩක් නලු නිලියො එකතුවුනු චිත්‍රපයක්.8.3ක් වගේ ඉහල imdb rate එකක් තියනවා.පැය 2.30ක් වගේ කාලයක් තියනවා චිත්‍රපටිය.බලන්න නොබලපු හැමෝම…