Predator (1987) English | Sinhala Article

Predator (1987) English by Prageeth Shan

Predator පලවෙනි ෆිල්ම් එක මුලින්ම තිරගත උනේ 1987 වගේ කාලෙක. ඉතින් ඒකාලේ ඉපදිලා වත් නැති අපි වගේ අය ඒ ෆිල්ම් එක ගැන ඇත්තටම පොඩිකාලේ දැනගෙන හිටියෙ නෑ. ගෙදර ඔය ෆිල්ම් බලපු වැඩිහිටි කෙනෙක් ID එක දීලා CD තැටි කුලියට අරගෙන ඇවිත් CD Player වල දාලා බලද්දි ඒ කට්ටිය එක්ක වටවෙලා බලපු කාලේ ඉතින් අද වගේ හිතෙන හිතෙන ෆිල්ම් එක හොයාගෙන බලන්න අවස්ථාවක් තිබුනෙ නෑ. ඒ නිසා ඇත්තටම Predator කියන ෆිල්ම් එක මට බලන්න ලැබුනේ ඒක තිරගත වෙලත් අවුරුදු විස්සක් විතර ගත උනාට පස්සෙ..??

ඉතින් Predator කියන්නෙ ෆිල්ම් එකක ඉන්න චරිතයක් බව හාංකවිසියක් නොදැන හිටපු කාලෙදි මට අහම්බෙන් වගේ කියවන්න ලැබුන පොතක් තමයි ඔය පහල දාලා තියෙන “පිටසක්වලින් ආ අද්භූත සත්ත්වයා” කියන්නෙ. මුල් පිටු කීපය කියවලා ඒ ගැන ආපු කුතුහලේ එක්ක පට්ටම බයේ උනත් එක හුස්මට මුලු පොතම කියෙව්වා..?? ඊටපස්සෙ ආයෙ සතියක් දෙකක් යනකන් කරුවලේ එලියට බහින්නත් පට්ට බය උනා. ඒ තරමටම ඒ කතාව මගෙ හිතේ බියකරු විදියට තැන්පත් වෙලා තිබුනා. අන්න ඒ තමයි පොත කියවලා මගෙ හිතේ මැවුන Predator ගේ චිත්තරූපය..??

ඇත්තටම මේ Predator කියන ජීවියා ඉන්න ෆිල්ම් එක බලන්න ලැබුනෙ ඊට අවුරුදු කීපයකට පස්සෙ.. ඉතින් ඒක බලද්දි කතාවෙ පොඩි පොඩි වෙනස් කම් පෙනුනා නමුත් මොකක් නිසාද මන්දා අර පොතේ කතාව තරම්ම මට ඒ ගැන බයක් දැනුනෙ නෑ. ඇත්ත වශයෙන්ම කිව්වොත් පොතේ කතාවෙ යම් යම් වෙනස්කම් සිදුකරලා තිබුනා. ඒ වෙනස්කම් නිසාද, නැත්නම් මම ඒක කියෙව්වෙ ටිකක් පොඩිකාලෙ නිසාද මන්දා මට ඒ පොතෙන් මනසේ මැවුන Predator මම පස්සෙ දැකපු ෆිල්ම් එකේ Predator ට වඩා සෑහෙන බියකරුයි…

ඔයාලටත් මෙහෙම අත්දැකීම් ඇති. ගොඩක් වෙලාවට පොතක සඳහන් වෙන කතාවක් පාදක කරගෙන යම් විදියකට film එකක් නිර්මාණය කරන අවස්ථාවලදි අපි පොතත් කියවලා ඒ ෆිල්ම් එකත් බැලුවම බොහෝ වෙලාවට හිතෙන දෙයක් තමයි පොතේ කියෙව්ව තරම් ඒ කතාව දැනුනෙ නෑ කියන කාරණාව. මටනම් හිතෙන්නෙ ෆිල්ම් එකක් බලනවටත් වඩා යම් කතාවස්තුවක් අත්විඳින්න හොඳම විදිය තමයි ඒක පොතක් විදියට කියවන එක. පොත කියවද්දි අපේ හිත විසින්ම ඒ කතාවස්තුව ගැන හොඳ perfect චිත්‍රයක් මවාගන්නවා. ඒක අපි ඒ කතාවම ෆිල්ම් එකකින් බලද්දි පෙනෙන දේට වඩා ගොඩක් පරිපූර්ණව වගේම අපේ හිතට ගැලපෙන විදියට මැවෙනවා. අන්න ඒ දේ ෆිල්ම් එකේ පෙන්නන දේ තරම්ම හිතට දැනෙන්නෙ හරිම කලාතුරකින්. ඒ නිසා වෙන්න ඕන පොතකින් ෆිල්ම් එකක් හදන අවස්ථාවලදි ගොඩක් දෙනෙක්ට නිරායාසයෙන් ම අර ෆිල්ම් එකට වඩා පොත හැම අතින්ම perfect විදියට දැනෙන්නෙ.. මේ මට එහෙම දැනුන එක අවස්ථාවක් විතරයි. ඔයාලටත් මේ වගේ අත්දැකීම් ඇති. ඉතින් මේ ගැන ඔයාලගෙ අත්දැකීම් සහ අදහස මොකක්ද කියලත් කියාගෙන යන්න බලන්න…??

Predator scored 7.8 out of 10 on IMDb.

Predator scored 80 percent on Rotten Tomatoes.

Predator scored 45 percent on Metacritic.
92% liked this film Google users
Release date: June 12, 1987 (USA)
Director: John McTiernan
Music by: Alan Silvestri
Box office: $98.3 million
Written by: Jim Thomas; John Thomas
Distributed by: 20th Century Studios

ප්‍රගීත් ශාන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *