Pratisandhi (The Choice is yours ) – Short Film By Duthika Gayashan
ප්‍රතිසන්ධි කියන නමේ තේරුම සරලවම නැවත ඉපදීම යන්නයි. සාමාන්‍ය මධ්‍යම පාන්තික , බෞද්ධ පරිසරයක හැදුනු වැඩුනු ආදිත්‍ය නම් තරුණයෙකු වටා තමයි මේ කථාව දිවෙන්නේ. මුලින්ම කියන්න ඕනේ බොහෝ කාලයක් තිස්සේ, හති හලාගෙන තමන්ගේ ජීවිතේ සතුට හොයාගෙන දුවන මිනිස්සු දිහා බලාගෙන නිහඩව බලාගෙන හිටපු මම අවුරුදු එකහමාරකට විතර පස්සේ තමයි මේ විදිහට නිර්මාණයක් කරන්න එළිබහින්නේ. ඒ නිසාම මම ලොකු දේවල් කරන්න උත්සහ ගත්තේ නෑ. මට දැනෙන, මම දැකපු සහ මම අත්විඳපු අතිශය සාමාන්‍ය ජීවිත අත්දැකීමක් පදනම් කරගෙන ලියවිච්ච කථාවක් මේක. පහුගිය කාලසීමාව පුරාවටම මම පෞද්ගලිකව අත්විඳපු දෙයක් තමයි අපි ජීවත් වෙලා ඉන්නකං කරන හොඳ නරක , අපි ජීවත් වෙලා ඉන්නකොට වගේම, අපි මියගියාට පස්සෙත් අපේ ජීවිත වලට බලපෑම් කරන්න සමත් වෙනවාය කියන කාරණය මම අත්දැකීමෙන්ම දන්න කෙනෙක්.
මම, බෞද්ධ දර්ශණය තදින්ම විශ්වාස කරන, මරණින් මතු අප කල කී සියල්ල තනිවම අපි කරතියාගෙන අරන් යනවාය කියන කාරණය විශ්වාස කරන කෙනෙක්. ඒ නිසාම තමයි මම කරන්න කරන්නට බලාගෙන හිටපු වෙනත් කෙටි චිත්‍රපටයක් නවත්තලා, මේ කථාව නිර්මාණයක් විදිහට කරලා බලන්න පෙළඹුනේ.
මේ කෙටි චිත්රනපටයේ කථා තේමාව මගේ පෞද්ගලික අත්දැකීමක් එක්ක බැදුනු මට රසවත් කියලා දැනුනු එකක්. කථාව මෙහෙමයි.
අපේ රටේ මෑතකදි සිද්ධවෙච්ච දරුණුම සමූල මනුශ්‍ය ඝාතනයක් විදිහට සළකන අපරාධය විදිහට 2019 අවුරුද්දේ සිද්ධ වුනු පාස්කු බෝම්බ ප්‍රහාරය මතක් කරන්න පුළුවන්. මේ කාලසීමාවෙදි මම රැකියාව කළේ ටී.වී. දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති අංශයේ. එක පිට එක ත්‍රස්ත ප්‍රහාර ගණනාවක් සිදුවීම නිසා රටේ ලොකු කලබලයක් ඇතිවෙච්ච කාලසීමක් මේක.
මේ නිසාම, මම එවකට රැකියාව කරපු දෙරණ මාධ්‍ය ජාලයේ ඉහළ කළමනාකාරීත්වය තීරණයක් ගන්නවා මේ කාලසීමාවේදී යළිත් වරක් මෙවැනි හදිසි තත්ත්වයක් ඇති වුනොත් රැයක් දවාලක් නොබලා එම ප්‍රවෘත්තිය වහාම වාර්තා කළ යුතුයි කියලා. ඒ නිසා, වැඩ කරපු හැම වාර්තාකරුවෙක්ටම සහ සියලුම ප්‍රවෘත්ති නිවේදකයින්ට තමන් වැඩ කරන වේලාවට අමතරව, රාත්‍රී වැඩමුරයක් (Night Shift) ඉටුකරන්න සිද්ධ වෙනවා. ඉතිං මටත් සිද්ධ වෙනවා රාත්‍රීන් කිහිපයක්ම ආයතනයේ රැඳී සිටිමින් මේ අමතර රාත්‍රී රාාජකාරී වැඩ මුරය දවස් ගානක්ම කරන්න. එක දවසක්, මම මගේ Night Shift එක අවසන් කරලා මම පාන්දර 6ට විතර ගෙදර එනවා. අපිව ආයතනික වාහනයකින් තමයි ගෙරදට ගෙනත් බස්සවන්නේ. දවසක් එහෙම වාහනෙන් බැහැලා අපේ ගෙදර ගාවට මම හෙමින් ඇවිද ගෙන එනවා. රෑ හරියට නින්දකුත් නැති නිසා මට නිදිමත ගතියකුත්, මහන්සියකුත් ලොකුවටම තිබුනා. කොහොම හරි ගෙදර ගාවට ඇවිල්ලා අපේ ගෙදර බෙල් එක ගහන්න අත තියද්දිම, අපේ තාත්තා ගේට්ටුව ඇරගෙන එළියට බැස්සා. සාමාන්‍යයෙන් උදේම නැගිටලා බත් වගේ මොනාහරි දෙයක් ගෙදර ඉතුරු වෙලා තිබුනොත්, ඉස්සරහ ගෙදර ඉන්න බල්ලන්ට අඩගහලා කන්න දෙන පුරුද්දක් අපේ තාත්තට තියෙනවා. කොහොම හරි ගේට්ටුව ඇරගෙන එළියට ආපු අපේ තාත්තා මම ගේට්ටුව ගාව ඉන්නවා කියලා ගණන් ගන්නැතුව එයා කරන්න ආපු වැඩේ කළා. එවෙලේ මට තාත්තා ගැනවත්, තාත්තට මම ගැනවත් ලොකු අමුත්තක් තිබ්බේ නෑ. කොහොමටත් මාව ගෙදර මිනිස්සු ලොකුවට ගෙදර ආවයි කියලා පිළිගන්න යන්නෑ.
මාත් හිටියේ නිදිමතෙනුයි මහන්සියෙනුයි නිසා තාත්තා එක්ක කථා කරන්නැතුවම ගෙරදට ගොඩවුනා. ආපු ගමන් මම කළේ වොෂ් එකක් දාගෙන හොඳ නින්දක් දාපු එක. කොහොම හරි ඒ නින්ද නිදාගෙන ඇහැරෙද්දි උදේ 11.30 ට විතර ඇති. ඒ වෙලාවට අම්මයි තාත්තයි දෙන්නම ගෙදර නෑ. දෙන්නම වැඩට ගිහිල්ලා. ඉතිං මමත් කුස්සියට ගිහින් නිදිමතේම තේකක් හදාගෙන අපේ ගෙදර ඉස්සරහා දොරකඩ ගාවින් ඇවිල්ලා ඉඳගත්තා. ගෙදර ප්‍රධාන දොරකඩ ගාවින් ඉඳගත්තහම මට ඉස්සරින් පේන්න තියෙන්නේ අපේ ගෙදර ගේට්ටුව. මම තේකත් බි බී ගේට්ටුව දිහා බලාගෙන පොඩි මනෝ පාරක් ගැහුවා. එවෙලේ මගේ කල්පනාවට ආපු දෙයක් තමයි, උදේ මං එද්දි ගේට්ටුව ඇරපු අපේ තාත්තා මාව දැක්කද ? නැද්ද ? දැක්කද නැද්ද ?
මට එකපාරටම හිතුනා මම මැරලවත්ද කියලා.
අහනකොටත් මේක හෙන හිනා යන කථාවක් නේ. හැබැයි ඔන්න ඔය කියන සිද්ධිය පාදක කරගෙන ඒකට තව කාරණා එකතු කරලා තමයි ‘ ප්‍රතිසන්ධි ’ කෙටි චිත්‍රපටයේ කතාව මම ලියන්නේ. මේ කථාව සමාජ, ආර්ථික, දේශපාලනික කාරණා පදනම් වෙච්ච මහ ලොකු කතන්දරයක් නෙමෙයි. අතිශය සාමාන්යක සිද්ධි ටිකක් පාදක කරගෙන ලියවිච්ච සරල කතාවක්. මම සාමාන්‍යයෙන් අනිත් අය මම ගැන හිතන විදිහ සම්බන්ධයෙන් කිසිම වෙලාවක පසුතැවෙන කෙනෙක් නෙමෙයි. කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් මොන මඟුලකට මේ කතාව අපිට කිව්වේ කියලා?
මේ කතාව කිව්වේ, මේ කෙටි චිත්‍රපටය බලලා රසවිඳින කෙනෙක්ට ඒ රසය අඩුවක් නැතුව බලාගන්න පුළුවන් වෙයි මම විශ්වාස කරපු නිසා.
ඉතිං , මේක බලපු , බලන්න බලාගෙන ඉන්න හැමෝගෙන්ම ඉල්ලනවා මේ නිර්මාණය පිළිබඳව හොඳ සහ විශේෂයෙන්ම නරක අපි එක්ක බෙදාගන්න කියලා. කාලෙකට පස්සේ කරපු වැඩක් නිසා කලින් කරපු වැරදි ගොඩක් අඩුවෙන් කරන්න මම වගබලාගත්තා කියලා මම හිතනවා.
හැබැයි මම දන්නවා මේකේ අඩුපාඩු ඇති. කමක් නෑ. පිඟන් හෝදන මිනිස්සු අතින් තමයි පිඟන් බිඳෙන්නේ. ඒ නිසා මේ පාර බිඳුනු පිඟාන ආයේ නොබිදෙන්න මම ඇතුළු මගේ කණ්ඩායම වගබලාගන්නම්. ඒ වගේම මේ කෙටි චිත්‍රපටය තුළ තිබෙන සංකේත භාවිතාව ගැන, වර්ණ භාවිතාව ගැන, සහ සිද්ධි ගැන මොනයම් හෝ දෙයක්, ගැටලුවක් තියෙනවනම් මගෙන් අහන්න. මොකද ඒ හැමදේකටම කතාවක් තියෙන නිසයි මේ සඳහා යොදාගෙන තියෙන්නේ.
මේක එකපාරක් හරි බලලා අපි ඔබගේ ප්‍රතිචාරය කියන්න. මොකද ඒ ප්‍රතිචාරය අපි වගේ පිරිසකට මීට වඩා තවත් නිර්මාණ කරන්න සහයක් වේවි.
Full Video Link – https://youtu.be/UhXTwgLTS2c
Teaser
Teaser Link – https://youtu.be/TewV6ExOtEQ
MG Cinema youtube Channel link – https://www.youtube.com/channel/UCHBoqzuqWDKpLQPtPVeFFIw
MG Cinema Facebook Page Link – https://www.facebook.com/DuthikaGayashanFilmslk
( use headphones for better experience )
Director & Script Writer – Duthika Gayashan
Producer – Nimna Mali Perera & MG Cinema Productions
Cast – Nilnayana Ekanayake | Dharmapriya Dias | Rangajith Abeysuriya | Najini Dikkovita ( Female Dubbing ) | Suu Jayawardana
DOP & Editor – Dinusha Chamikara
Assistant director – Benuka Senadheera
Production manager – Jesmine Zain
Mua – Suu Jayawardana
Music – Abhishek Geethadeva ( First Chord Music Productions )
Audio Engineer – Rapzilla – LKM
Still Photographer – Hasith Zain
camera equipments – Wizetv Studio
Location Owners –
Mrs.Maheshika Wijesinghe
Mrs.Samithri Abeyrathne
Special Thanks –
My parents
Mr.Sachira Krishan
Mr.Sameera Thilakawardana
Mr.Sarath Dharmasiri
Mr.Channa Deshappriya
Mr.Tharindu Dananjaya Weerasinghe
Mr.Benil Shantha
National Film Copperation of Sri lanka