Power Stars of South Indian Cinema
දකුණු ඉන්දීය සිනමාවේ බල කණු
නියම වීරයා: රජිණිකාන්ත්, වයස අවුරුදු 70
සිවාජි රාඕ ලෙස අප්රකටව,නමුත් සියල්ල අවධානයෙන් දකිමින් සිටි තැනැත්තෙක් තම සිනමාගමනයේ පළමු වෙඩිමුරය 1975 වසරේ තිරගත වුනු අබූර්ව රාගන්ගල් චිත්රපටය හරහා එල්ල කරමින් සිනමා ලොව දොරටුව විවර කර ගැනීමට සමත් වෙනවා. පා.රංජීත්ගේ කබාලි(2016) සහ කාලා(2018) සිනමාපට ද්විත්වය තුලින් තම ප්රතිරූපය නැවතත් ඔසවා ගැනීමට ඔහු හැකියාව ලැබුනා. ගුරුත්වය ගුන්යයට ඇද දමමින් සිදුකරන සටන් සහ ඔහුටම ආවේණික රිද්මයකට පවසන පන්ච් ඩයලොග්ස් නිසා හෙතෙම ඉමහත් ජනාදරයකට පත්වෙනවා. බොලිවුඩය විසින් ඔහුව අර්ථ දක්වා ගැනීමට බොහෝ කාලයකට පෙර සිටම රජිණිකාන්ත් ඉතා විශිෂ්ඨ නලුවෙක්. Mullum Maralum (1978) , ශ්රීදේවිය සමගින් ඔහු රඟපෑ කිසිදා අමතක කළ නොහැකි Johnny(1978) චිත්රපටය සහ 2019 වසරේ තිරගත වුනු පේට්ට වැනි එකිනෙකට වෙනස් චිත්රපට තුලින් පෙනී යන්නේ රජිණිකාන්ත් නම් සුපිරි තරුවට වඩා රජිනිකාන්ත් නම් නලුවා ඔහු තුල වඩාත් ජීවමාන බවයි. (වර්තමානයේ සිදු වන ‘නලුවෙක් වීමට පෙර සුපිරි තරුවක් වීමේ’ ක්රමවේදයට වඩා වෙනස් ලෙස ඔහු සුපිරි තරුවක් බවට පත් වූයේ සුපිරි නලුවෙක් බවට පත්වූ පසුවයි– පරිවර්තක)
ප්රමුඛ කාන්තාව: රම්යා ක්රිශ්නන්, වයස අවුරුදු 50
රජිණිකාන්ත්ට පසෙකින්, ඔහු හා සමානව, කරට කර රංගනයක යෙදුනු එකම නිළිය රම්යා ක්රිශ්නන්. 1999 වසරේ තිරගත් වුනු Padaiyappa චිත්රපටයේ ‘නීලම්බරී’ නමින් ඇය රඟපෑ චරිතය රජිණිකාන්ත්ගේ චිත්රපටයක එදා මෙදාතුර දක්නට ලැබුනු ප්රබලම කාන්තා චරිතය බව නිසැකයි. එසේම අදටත් රජිණිකාන්ත් රඟපෑ සියගණනක් චිත්රපට වලින් අදටද ඔහුගේ ජනප්රියමතම විරුද්ධවාදියා වන්නේද රම්යා ක්රිශ්නන් ය. තරමක් පසුවී සිනමාවට පය තැබූ ඇය බොහෝ නිළියන් සිනමාවෙන් සමුගන්නා හතලිස් හැවිරිදි වියේදී පවා ඉතා සරාගී නිළියක් ලෙසින් අඛන්ඩවම රංගනයේ නියැලෙනවා. බොහෝ නිළියන් හතලිස් වියේදී තම වෘත්තීය දිවිය නිමා කළද හතලිස් නම වැනි වියේදීත් එක ලෙසින්ම බැබලෙන රම්යාගේ ‘තරු ගුණය’ නම් පුදුම සහගතයි. K. රාඝවේන්ද්රා රාඕගේ ‘අල්ලුඩුගාරු’ (1990) සහ Allari Mogudu (1992) වැනි චිත්රපට තුළින් ඇය තෙලිගු සිනමාවට පිවිසෙනවා. නමුත් ඇයගේ වඩාත්ම සුවිශේෂී චරිත නිරූපණය සිදු වූයේ එයින් බොහෝ කලකට පසුව කමල් හසන් සමඟ රඟපෑ Panchatanthiram (2002) චිත්රපටයෙනුයි. එසේම මෑතකදී බාහුබලී චිත්රපට ද්විත්වයේ රාජමාතා සිවගාමී දේවිය ලෙසද ඇය කැපී පෙනෙන රංගනයක් ඉදිරිපත් කළා.
පුරාවෘත්තය: කමල් හාසන්, වසය අවුරුදු 66
සත්ය කතාවක් වනුයේ 1960 තිරගත වූ Kalathur kannamma චිත්රපටයේ ඔහු විසින් ඉදිරිපත් කල වෙනුවෙන් කමල් හසන් ජනාධිපති ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබීමයි. එහි ඇති ආශ්චර්යජනක කරුණ වනුයේ ඔහු එම චිත්රපටයට එක් වූයේ ළමා නලුවෙකු ලෙස වීමයි. එතැන් සිට ඉන්දීය ජාතික සම්මාන කිහිපයක් සහ 2014 වසරේ පිරිනැමුනු පද්ම භූෂන් සම්මනයද සමගින් සම්මාන පෙරහැරක් ඔහු වෙත ගලාගෙන පැමිනියා. ඔහු තමාව හඳුන්වා ගන්නේ ‘පසුබට නලුවෙක්’ ලෙසටයි. නර්තන ශිල්පියෙක් ලෙස තම සිනමා දිවිය ඇරඹූ කමල්හසන් පසුකාලීනව නලුවෙකුට අමතරව ගායකයෙක්, පිටපත් රචකයෙක් සහ අධ්යක්ශකවරයෙක් ලෙස පර්වර්තනය වුනා. චිත්රපට නිමැවුම්කරුවකු ලෙස ඔහු අතින් බිහිවුනු Virumandi (2004) සහ Hey Rama (2000) යන චිත්රපට එම අදාළ වර්ෂයන්හි පැවැත්වුනු ඔස්කාර් සම්මාන උළෙලවල හොඳම විදේශීය චිත්රපට කාණ්ඩයට ඇතුලත්වී තිබුනා. මේ වසරේදී කමල්ගේ සිනමා දිවියට වසර හැටක් සම්පූර්ණ වෙනවා. කමල් හසන් යනු ජීවමාන පුරාවෘත්තයක් සේම දක්ෂතා රැසක උල්පතක් ලෙස හැඳින්වීම නිවැරදියි.
හුරුබුහුටි ප්රභාවන්තිය: ශෝබනා, වයස අවුරුදු 51
1970 සහ 80 දශකයන්හි සිටි K.බාලචන්දර්, අදූර් ගෝපාලක්රිශ්නන්, ජී. අරවින්දන්, ෆාසිල්, මනි රත්නම්, භාරතන් සහ ප්රියදර්ශන් වැනි දක්ශ අධ්යක්ෂකවරුන් සියලුදෙනා සමගම ශෝබනා කටයුතු කර තිබෙනවා. ඇය විසින් රංගනයෙන් දායක වුනු මලයාලම්,තෙලිඟු, දමිළ, හින්දි සහ ඉංග්රීසි භාෂාවලින් නිමැවුනු චිත්රපට සංඛ්යාව දෙසීයකට අධිකයි. ඒ සෑම චිත්රපටයක් තුලින්ම තම ප්රතිභාපූර්ණ රංගන කුසලතාවය විදහා දැක්වීමට ඇයට හැකිවුනා. ‘භරත් නාට්යම්’ නර්තන කළාව ප්රගුන කර සිටි ශෝබනා හට ජාතික සම්මානයෙන් පවා පිදුම් ලැබීමට තරම් එය අත්වැලක් බවට පත්වුනා. ඒ 1993 වසරේ තිරගත වුනු Manichithrathazhu චිත්රපටයේ ‘ගංඟා ලෙස ඉදිරිපත් කළ අපූරු රංගනය වෙනුවෙනුයි.
ජයග්රහණයේ යන්ත්රය: චිරන්ජීව්, වයස අවුරුදු 65
දමිළ සිනමාව රජිණිකාන්ත්ගේ අණසකට යටත්ව තිබුණු වකවානුවෙහි තෙලිඟු සිනමාවේ
සෙන්පතියා වූයේ චිරන්ජීව්ය. 1990 සිට දෙදහස දශකයේ මුල් භාගය දක්වාම ඔහුගේ බල පරාක්රමය විහිදී පැවතුනා. ‘100- Crore clubs’ පිළිබඳව අසාවත් නොතිබුනු අවධියක චිරන්ජීව් යනු නියම super-hit මැශිමක්ව සිටියා.ඔහුගේ චිත්රපට තිරගත් වූයේ ආදායම් වාර්තා බිඳහෙලමින්, එකකට පසු තවත් එකක් වශයෙන් සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට යමිනුයි. අසූව දශකයේ අග භාගය සහ අනූව දශකයේ මුල භාගය අතර කාල පරිච්ඡේදයේදී චිරන්ජීව් සහ කේ. රාඝවේන්ද්රා රාඕ සුසංයෝගයෙන් නිමැවුනු Jagadeka Veeralu Athiloka Sundari (1990) සහ Gharana mogudu (1992) වැනි චිත්රපට අතිසාර්ථක වුනේ එකල සිටි වැඩිම ලාබ උපයන නලුවා බවට චිරන්ජීව් ඔසොවා තබමින්.
බොක්ස් ඔෆිස් රැජිණ: විජයශාන්ති, වයස අවුරුදු 53

විජයශාන්ති යනු අනූව දශකයේදී සිනමාවට පා තැබූ, ඉන්දීය සිනමාවේ පළමු සටන් නිළියන් කිහිපදෙනා අතරට අයත්වන නිළියකි. ඇගේ ජනකාන්ත තෙලිඟු සිනමාපටය වන Karthavyam (1990), Vyjayanthi IPS ලෙස දමිළ භාශාවට හඬකවා ප්රදර්ශනය කිරීමත් සමග එතැන් sසිට එය රඟපෑ සියලුම චිත්රපට ජනප්රිය වූවා. වර්තමානයේ ‘Lady SuperStar’ කිරුළ දරන නයන්තරාට බොහෝ කලකට පෙරයි විජයශාන්තිය විසින් ‘Lady SuperStar’ නාමයෙන් පිදුම් ලැබුවේ. මක්නිසාද යත් ඇය තිරයේ ඉදිපත්කළ බොහෝ රංගනයන් තක්කඩියන් සහ දූශිත දේශපාලකයන්ට එරෙහිව සිදු කරනු ලබන සටන් ලෙස ඉදිරිපත් කළා. එසේම තිරයෙන් බාහිරව සැබෑ ලෝකයේදී ඇය විසින් එකළ සමාජය පැවතුනු මූල්ය විශමතාවයන්ට එරෙහිව සටන් කලා.
සදාකාලික හදගැස්ම: අක්කිනේනි නාගර්ජුන, වයස අවුරුදු 61
ඉන්දියානු සිනමාව තුල හැට හැවිරිදි නාගර්ජුන වඩාත් ප්රසිද්ධව සිටින්නේ ඔහු හැර නොයන ඔහුගේ තරුණ පෙනුම සහ ප්රියශීලී ගතිගුණ නිසාය. අද ඔහුගේ පුත්රයින් පවා රංගනයේ යෙදුනද තවමත් අක්කිනේනි පවුලේ තරුව වන්නේ නාගර්ජුනයි. ගෝඛාන්තයක් උරුම වුනු වීරයෙකු ලෙස මනිරත්නම්ගේ ගීතාන්ජලී (1989) චිත්රපටයේත් තරුණ දඩ්බ්බරයෙක් ලෙස ගෝපාල් වර්මාගේ සිවා (1989) චිත්රපටයේත් නාගර්ජුන විසින් ඉදිරිපත් කළ රංගනය තවමත් ප්රේක්ශ්කයින්ගේ මනසේ සටහන්ව තිබෙනවා. ප්රධාන ධාරාවේ නලුවෙකු ලෙස දිගින් දිගටම කටයුතු කළත් අවස්ථානුකූලව ඔහු විසින් Annamayya (1997) වැනි චිත්රපට වලටද දායක වෙමින් තම ප්රතිභාව දියුණු කරගත්තා. 2002 වසරේ තිරගත වුනු Manmadhudu චිත්රපටයේ දෙවැනි කොටස මෙම වසරේදී තිරගත් වුනු අතර ඔහු එම චිත්රපටයේ ඉදිරිපත් කලේ හතලිස් වියැති සෙල්ලක්කාරයෙකුගේ චරිතයයි.
අති දක්ෂයා: මම්මූටි, වයස අවුරුදු 69
දිලීප් පෝතාන්ගේ ‘මහේෂින්ටේ ප්රතිකාරම්’ චිත්රපටයේ ‘ක්රිස්පින්’ ලෙස රඟපාන සෞබින් ශාහිර් ඔහුගේ ප්රියතම මෝහන් ලාල් පිළිවඳව පැවසීමට ගොස් නිරායාසයෙන්ම ‘මම්මුකාගේ’ බහුවිධ රංගන හුරුබුහුටි බව විස්තර කරන්නේ මෙලෙසිනි;
“මම්මුකාට ඕනම චරිතයක් කරන්න පුලුවන්; පොල් කඩන කෙනෙක්, තේකඩ කාරයෙක් එහෙම නැත්තන් මෝඩයෙක් විදියට වුනත් නියමෙටම කරනවා. ඒත් මෝහන් ලාල්ට එහෙම බෑ, එයා කරන්නේ ඉහළ පංතියේ(ඉහළ කුලයේ) චරිත; වර්මා, නායර්,මෙනන් වගේ ඒවා …”
ආරම්භයේ සිට මේ දක්වා වකවානුව සැලකූ විට මම්මූටි විසින් මලයාලම් සිනමාවේ ආධිපත්යය දැරුවේ 1980ත් 1990ත් අතර කාල වකවානුවේදීය. New Dhilhi(1987) සහ Oru Vadakkan Veeragatha(1989) වැනි සිනමා මිණි කැට මලයාලම් සිනමා වංශකතාවට oඔහු ඉසින් දායක කලේ එම කාල වකවානුවේදීය. මෙම වසරේ තිරගත් වුනු Unda චිත්රපටය මාම්මූටි හට අගනා පුනර්-පැමිණීමක් ලබාදුන් අතර ප්රේක්ශකාගාරයට තිළින කලේ වටිනා සිනමා අද්දැකීමක් බව නම් නොඅනුමානය.