Pleasure (2021) English by Upul Dissanayake
බුගිනයිට්ස් වලට පස්සෙ මෙච්චර සැර ෆිල්ම් එකක් බැලුමයි මයෙ හිතේ, ඒ ගැන..?
……………………
මුදල් වල විතරද අපි සොයන සතුට තියෙන්නෙ..නෑ මිතුර සමහර ජීවිත වල අරමුණ මුදල්ම නෙමේ, තමන්ගේ පර්සනල් ටාගට්ස් තියෙනව හිත යට තද කරගෙන කවදා හරි රීච් කරන්නට අදිටන් කර ගත්..
මේ අති බිහිසුනු චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව හොබවන ඒ සුරූපිනියටත්, මුදල් වලට එහා ගිය තැනක /පූජාසනයක හිඳ ගන්න අවශ්‍යයි..
ලෝකෙ හොඳම කෙනා වෙන්න අවශ්‍යයි..
හිතන්න පොඩ්ඩක් , ඕනෑම ක්ෂේත්රයකින් ලෝකයේ හොඳම කෙනා වෙන එක ලෙහෙසි පහසු කටයුත්තක්ද..කොහෙත්ම නෑ සහෝදරවරුනි ..රට රටවල් වලින් අති දක්ෂයො තමා මේ ගේම් එකට එන්ටර් වෙන්නෙ..ඒ අය එන්නෙත් හොදම කෙනා බවට පත්වීමේ අදිටනින්.. ඒ වෙනුවෙන් ඔවුන් ඕනෑම කැප කිරීමක් කරාවි..හොඳට පුහුණු වේවි, හොඳින් අධ්‍යනය කරාවි, හොදටම පර්ෆෝම් කරාවි..
ඒ නිසා හොඳම කෙනා වෙන්නනම් කුමක් හෝ යුනික් ටැලන්ට් එකක් පෙන්විය යුතුයි වගේම නව දක්ෂතා එළි දැක්විය යුතුයි..
ඔය තරඟයේදී, උදවු කරන්නට බොහෝ පිරිසක් පෙල ගැසේවි,, ඒ ඔබට තියෙන ආදරයටනම් නෙමේ,, මුදල් වලට..ඒ වගේම තරහා කාරයොත් එමට එකතු වේවි..එහෙම වෙන්නෙ අනෙක් අයට ඔබ අභියෝගයක් වෙන නිසා..ඒසේම නොහිතූ විරූ අත්දැකීම් වලට මුහුනදෙන්නට සිදුවේවි..විටෙක හරිම වේදනාකාරී වේවි, විටෙක බිහිසුනු වේවි, විටෙක ත්‍රාස්‍යජනක වේවි..
නමුත් ඔබේ අරමුණේම ඔබ සිටිනවනම් , ඒ බාදක මැඩගෙන ගමන යන්නට සිදු වෙනවා..
කාටද මම මෙච්චර වෙලා ඔබ කිව්වෙ..ඔබ කිව්වෙ විශිෂ්ට රංගනයක යෙදෙන Pleasure චිත්‍රපටයේ ප්‍රධාන චරිතය
Bella Cherry ට..
…………………………………………………………..
විටෙක මේක බලන කෙනෙකුට හිතෙයි..ගේම් එක දැනගෙන වතුරට බැස්සනම් ඒකෙ ගැඹුර දැනගත යුතුය කියල..ඒ ගැන හැදෑරීමක් යුතුව පැමිණිය යුතුය කියල..ආයෙ ආවට පස්සෙ අඬල දොඩල වැඩක් නෑ..කියල.
නමුත්,,සමහර ක්ෂේත්‍ර තියෙනවා, ඒවයෙ අත්දැකීම් කලින් ගන්න බෑ..කොහෙවත් පාසල් නෑ..කොහෙවත් පෙරහුරු නෑ..ගේමට බැහැලම තමා ඉගෙන ගන්න සිද්ධ වෙන්නෙ..
මේ චිත්‍රපටයේ තියෙන්නෙත් ඒ වගේ කර්මාන්තයක් , එහෙම ව්‍යාපාරයක්, එහෙම රැකියාවක්… කරලම බලන්න ඕනෙ ඒකෙ තියෙන රඟේ දැනෙන්න..
……………………………..
අපි රහ කර කර කන පැනි හදන්න මී මැස්සො මැස්සියො විඳින දුකක්. කියල හිතෙයි.. නමුත් කොටි ප්‍රකොටි ගානක මහා ව්‍යාපාර ජාලයක් ඒක..ඒකෙන් අපිත් සතුටට පත්වෙනවා. නිෂ්පාදකයාත් සතුටට පත්වෙනවා..ක්ෂේත්රයෙ අයත් බොහෝ අය සතුටින්..සැවොම කිසිතැනක සතුටින් නෑනෙ..කිසිම තැනක් පර්ෆෙක්ට් නෑනෙ. නමුත් තමන් රැකියාවකට එනවනම් ඒක තමන් ආසාවෙන් කල හැක්කක්ද කියල බලල කරන්න ඕනෙ, නැත්තං අයින් වෙලා යන්න ඕනෙ..ගන්න පඩියට උපරිමයක් දෙන්න ඕනෙ.. එතකොට තමා යා දෙන්නෙ..
………………………………………
මානව ඉතිහාසයේ අංශ දෙකක් ගැන මාක්ස් සඳහන් කරයි. ස්වභාව ධර්මය අභිබවා මිනිසා ජය ගැනීමේ ඉතිහාසය හා මිනිසා වේගයෙන් පරාරෝපනය වන ඉතිහාසයයි. ධනවාදී සමාජය තුළ හතර ආකාරයක පරාරෝපනයක් මාක්ස් දකී.
තමන් නිෂ්පාදනය කරන ද්‍යසයම හෝ නිෂ්පාදනයෙන් මිනිසා පරාරෝපනය වීම. කම්කරුවා තමා භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ වුවත් එහි අයිතිය හිමි වී නැත. භාණ්ඩයේ වටිනාකම අනුවවැටුපක් ද ඔහුට නොලැබේ.
කම්කරුවා නිෂ්පාදන ක්‍රියාවලියෙන් පරාරෝපනය වීම. නිෂ්පාදනයේ ශ්‍රමය පරාරෝපනය වීම පමනක් නොව නිෂ්පාදනයෙන් ද පරාරෝපනය වීමක් ද දැක්විය හැකිය.
කම්කරුවා ඔහුගෙන්ම පරාරෝපනය වීම. නිෂ්පාදන ශ්‍රමයෙන් නිෂ්පාදනයෙන් පමණක් නොව ඔහුගෙන් ඔහුගේ පෞරුෂයෙන් පරාරෝපනය වේ. වැඩ සෙවකයාගෙන් පරිභාහිරව පවතී.
පරාරෝපනය වු මිනිසා මානව ප්‍රජාවෙන් ද පරාරෝපනය වේ. සහචරයන්ගෙන් ද පරාරෝපනය වේ. එකිනෙක මිනිසා එකිනෙකාගෙන් පරාරෝපනය වීම දැකගත හැකිය.
…………………………………………….
අම්බෝ බං..⬆️ මේ ඡේදෙ මොකටද බං මෙතනට..???
අවුලක් නෑ…නිකං දැම්මෙ..ඒක නෙමේ මේ චිත්‍රපටය පවුලේ සැමට එකට සිට නරඹන්න පුළුවන් ද…
පුළුවන් ..කිසි ප්‍රශ්නයක් නෑ..?