Perseus | Psychological Thriller Short Film

Perseus | Psychological Thriller Short Film
ගොඩාක් කාලෙකට පස්සේ චිත්රපටයක් ගැන මෙහෙම ලිපියක් ලියන්නේ. ඒකත් කෙටි චිත්රපටයක් වීම සුවිශේෂයි. මම කලින් ලියපු Reviews වලට වඩා මේක වෙනස් වේවි. ඒකට හේතුව කෙටි හෝ දිගු හෝ චිත්රපටයක් හදන්න යන මහන්සිය යම් තාක් දුරකට දැන් මාත් දන්නවා. හැබැයි ඒක චිත්රපටයක් විවේචනය කරද්දී Excuse එකක් වෙන්න ඕන නෑ.
 
සාමාන්යයෙන් මම බලන්න කැමති ශානර වලට අයිති කෙටි චිත්රපට ලංකාවෙ හැදෙන්නෙ නෑ. Feature Movies වුණත් තත්වය ඒකයි. ඒකට හේතුව මම ගොඩක්ම ආස වැඩිපුර Commercial touch එකක් තියෙන චිත්රපට වලට වීම. මම හරි පහසුවෙන් අසුනක වාඩි වෙලා, බොහොම සැහැල්ලුවෙන් චිත්රපටයක් බලන්න ආස කෙනෙක්. ඒක මගේ අඩුපාඩුවක් හෝ weird ලක්ශණයක් වෙන්න පුලුවන්.
හැබැයි Ruwishan මල්ලි රංගනයෙන් දායක වුණු Perseus එකේ Stills ටිකක් දැක්කම මට වැඩේ ගැන ආස හිතුණා. මට ඒවයෙ හරි ලස්සනක් පෙනුණා. මම ඇහුවා කොහොමද මේවයෙ Lighting කලේ කියලා. ගොඩක් වෙලාවට Lighting වලට පාවිච්චි කරලා තිබුණේ වාහන වලම එලිය. ඒත් වැඩේ කිසි අඩුවක් නෑ. මම පුදුම වුණා සහ චිත්රපටය බලන්න උවමනාවෙන් බලාගෙන හිටියා. අවසානයේ චිත්රපටය බැලුවා.
විනාඩි දහ තුන පුරාවට චිත්රපටය මම බලන් හිටියා. කැමරාව, ආලෝකකරණය, සංස්කරණය, තැන් කිහිපයක දකින්න ලැබුණු අස්වාභාවික වර්ණ ඇරුණම වර්ණ ගැන්වීම මේ හැමදේම හරි විදිහට pitch වෙලා තිබ්බා. Scene එකෙන් Scene එකට, Shot එකෙන් Shot එකට තදට බැඳපු නූලක් තියෙනවා වගේ හරි ලස්සන Flow එකක් තිබ්බා. මේ Department කිහිපය තමන්ගේ වැඩ තිතටම කරලා තිබුණා. ඒකට බොහෝ දුරට පෙර සූදානම උදවු වෙන්න ඇති. ඒ වගේම බයක් නැතුව, රාත්රී දර්ශන ආදිය කරද්දී ගත්තු අවදානම අගය කරන්න ඕන. බය වෙන්නේ “කවුරුහරි රෑ crew එකම උස්සන් යාවි” කියලා නෙමෙයි. හරියට Lighting කරගන්න බැරි වෙයි කියලා. ඒ Risk එක අරගෙන, ඒ වැඩේ Perfect විදිහට ඉවර කරපු එකම මේ කණ්ඩායමේ ජයග්රහණයක්.
චිත්රපටයේ කතාව මම තේරුම් ගත්තේ මෙහෙමයි.
“චිත්රපටය පටන් ගන්නේ කාට හරි කියන කතාවකින්. කියන කතාවක් ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්. ඉතින් ඔන්න Taxi Driver කෙනෙක් කතාවක් කියනවා තමන්ට වුණු සිදුවීමක් ගැන. කෙනෙක් ඇවිල්ලා හදිසියේ මෝටර් රථයට නගිනවා. ඉන් පස්සේ ඔහුගේ ඇඟේ තියෙන ලේ දැකලා ටැක්සිය පොලීසියකට හරවනවා. ලේ එහේ මෙහේ ගා ගත්තු කෙනා පැනලා යනවා. ටැක්සි ඩ්රයිවර් මෝටර් රථය ටිකක් එහාට අරගෙන ගිහිල්ලා, රථයේ පිටුපස අසුන පරීක්ශා කරනවා. එතකොට ඔහු දකිනවා ඔන්න මිනියක කඳ නැති හිසක්. ඔහු ඊට පස්සේ කල්පනා කරලා ආදිය කරලා අර ඔලුව ගෙනිහිල්ලා පන්සල් වත්තක හංගනවා.”
චිත්රපටයේ මෙතනට එනකම්ම ඒක Drama genre එකට තමා සෙට් වෙන්නේ කියලා මම කල්පනා කලා. හැබැයි චිත්රපටයේ අන්තිමට ප්රධාන නලුවා, අර “තාප්පේ කඩාගෙන” අපට නෝන්ඩියට හිනාවෙනවා. මට අන්න එතකොට තමා Plot එක Twist වුණු බව හිතුණේ.
එතකොට මම හිතාගත්ත දේ තමයි, මේ Taxi Driver කියන කතාවේ මුල කොටස බොරු. ඒ කියන්නෙ, කවුරුහරි නාඳුනන කෙනෙක් ඇවිල්ලා මේ කාර් එකට නැගලා මිනියක ඔලුවක් තියලා ගියාය කියන කතාව බොරු. ඒ මිනීමැරුම කලේ මේ Taxi Driver. ඔහු තමන්ගේ හිතවතා එක්ක කියන්නේ තමන්ව බේරෙන විදිහේ බොරුවක්.
හරියට Andhadhun එකේ වගේ.
හැබැයි කතාවෙ වෙන්නෙ මේක නෙමෙයි කියලා මම පස්සේ දැනගත්තා. හැබැයි මේ version එකට මම ආසයි. මුල ඉඳලා ආයෙත් බැලුවමත්, මගේ ඒ Interpretation එකට හානියක් වෙන කිසි දර්ශනයක් පේන්න තිබ්බෙත් නෑ.
Ruwishan ගේ රංගනයට මම හරි කැමතියි. රුවිශාන් බොහොම සැහැල්ලුවෙන්, අසීරු භාවයන් වලට පණ දෙනවා. හැබැයි පොරගේ හඬ “ආර්මි ගුණේ” කැරැක්ටර් එකට ගැලපෙන්නැති ගතියක් ආවා. මුලින් යන Voice Over Dialogues ටික පොඩි බලාගෙන කියවනවා වගේ ගතියක් තිබ්බා. සංගීතය Hollywood වලට ලඟයි. සංගීතය තියෙනවා. තියෙනවා කියලා දැනෙන්නෙ නෑ. හැබැයි ඒක චිත්රපටය පුරාම ලොකු දෙයක් කරනවා.
මම සාමාන්යයෙන් අකමැති දෙයක් තමයි, චිත්රපටයෙන් දෙන්න හදන Message එකට අදාල කරුණු Directly කියන Dialogues වලින් කියන එක. එහෙම ඒවා තැන් කිහිපයක තිබුණා. ලංකාවේ අලුතින් ආපු Feature Films බහුතරයක මම මේ අවුල දැක්කා. ඒකෙන් වෙන්නේ චිත්රපටය බලන ප්රේක්ශකයාව එක කොණකට සීමා වෙන එක. ඒක මගේ පෞද්ගලික අදහසක්.
සමස්තයක් විදිහට ගත්තම Perseus ලංකාවේ සිනමාවේ අනාගතයට අපූරු දක්ශයින් කිහිපයක්ම දායාද කරනවා. එකම කෝණයකට, එකම මාතෘකා කිහිපයකට සීමා නොවී, අනාගතයේ දී වෙනස් රසයන් සොයා යන්න යැයි මම මේ දක්ශයන් කාටත් ඉතා ආදරයෙන් ආරාධනා කරනවා. ඒ වගේම ප්රේක්ශක ඔබට Perseus නරඹන ලෙසටත් ආරාධනා කරනවා.
ඔබ මේ සිනමාපටය වෙනුවෙන් වෙන් කරනා විනාඩි 13, කිසිසේත්ම අපතේ නොයන බව නම් විශ්වාසයි.

මහේල හෙට්ටිආරච්චි

Writer

Leave a Reply

Your email address will not be published.