Penguin Bloom ( 2021) English | Sinhala Article

Penguin Bloom ( 2021) English by Hirusha Kasun

86% liked this film Google users

Pengui Bloom සත්‍ය කතාවක් මත පදනම් වූ විශිෂ්ට , සංවේදජනක චිත්‍රපටයක් . !!!

සෑම් පිහිනීම , හා රැලි පැදීම ප්‍රිය කරන කාන්තාවක් . ඈට ඇගේ සැමියා මුණ හැගෙන්නෙත් වෙරලෙදි. පසුව ඔව්න් විවාහ වෙනවා. නමුත් Penguin Bloom හී කතාන්දරය නම් ඒක නෙවෙයි

සෑම් සිය පව්ල සමග තාය්ලන්තයේ සංචාරයක් අතර තුර උඩුමහලට සිට බිමට ඇද වැටීමෙන් අනතුරට ලක්වෙනවා ඉන් ඇගේ ජීවිතේ බේරුනත් කොන්දෙන් පහල පණ නැති වෙනවා ඈ සදහටම එක් තැන් වෙනවා

මේ අනතුර පවුලේ සැමටම ගෙන එන්නෙ දුකක්. ඒක ගෙන මම කියන්න ඕනෙ නෑනෙ. අම්මා ලෙඩ උනොත් පවුලක් කොච්චර අගාධයකට වැටෙනවද මේකෙත් එහෙමය් . නමුත් ඇගේ සැමියා සූදානම් නැහැ එහෙමය් කියලා වැඩේ අල්ලලා දාන්න. ඔහු හදන්නෙ පවුලේ මිලින වූ බලාපොරොත්තු ආයෙ ඇති කරන්න . ඔහු දරුවන් වගේම රෝගී බිරිදවත් බලාගෙන නිහඩ යුද්ධයක් කරනවා

නමුත් සෑම් ඉන්නෙ පසුගාමී ආකල්ප එක්ක. ඈ ඇගේ අතීතයට ඊර්ෂ්‍යා කරන්න ගන්නවා ඒකෙන් ඈ නිරායාසයෙන්ම අතීතයට වෛර කරනවා . අතීතය වගේම වර්තමානය අනාගතය සලසා ගන්න බැරි වීම ගෙන ඈ තැවෙනවා. මේ චිත්‍රපටයට ඇගේ පුත්‍රයා නෝවා වෙරලෙ ඉදන් පියාඹන්න බැරුව උන්න කුරුල්ලෙක් අරන් එන්නෙ මේ අතර ඔහු කුරුල්ලව නම් කරනවා පෙන්ගුය්න් කියලා .

සෑම්ගේ වගේම ඇගේ දරුවන්ගේ පසුගාමී ආකල්ප වලට බලාපොරොත්තුවක්, මොරාල් එකක් දෙන්නෙ මේ කුරුල්ලගෙ හැසිරීම් . චිත්‍රපටය පුරාවටම ගෙවෙන්නෙ සෑම් ඇගේ පසුගාමී ආකල්ප වලට තිත තියලා ධනාත්මකව හිතන්න පෙලෙඹෙන්න කරන අරගලය එක්ක. ඇත්තටම මේක විශිෂ්ට නිර්මාණයක්

නයෝමි වොට්ස් සෑම් විදිහට විශිෂ්ට රගපෑමක නිරතවෙනවා. මම පෞද්ගලිකව හැම විටම විශිෂ්ට රංගනශිල්පිනියක් විදිහට නයෝමිව දකිනවා. ඈ කිසිම විදිහකින් රංගනය තුල නරඹන්නා අසංතෘප්ත කරන්නෑ
මේකෙදිත් ඇගේ රංගනය ඇගේ කාය්ක වගේම මානසික යුද්ධය අපව හඩවනවා , සංවේදී කරවනවා

ජීවිතේ කියන්නෙ පෙරයීම් කරන්න බැරිම දෙයක් . මේ දැන් මේ මොහොතෙ මොනා වෙය්ද කියලා අපිට කියන්න බෑ. සමහර විට පොඩි සිදුවීමකින් මුලු ජීවිතේම කනපිට හැරෙන්න පුලුවන් . වැදගත් වෙන්නෙ ජීවිතේ මොන අතට හැරුනත් අපි පසුගාමී නොවි ධනාත්මකව ජීවිතයට මුහුණ දීම

පෙන්ගුය්න් බ්ලූම් එකේ සෑම්ගෙ ජීවිත කතාව අපිට කියන කතාව ඒක.

Glendyn Ivin
Release dateJanuary 21, 2021 (Australia)
Based onPenguin Bloom; by: Cameron Bloom; Bradley Trevor Greive
Box office$5.9 million
Written byShaun Grant; Harry Cripps

හිරුෂ කසුන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *