Penguin [2020] Tamil
Director: Eashvar Karthic
මවකගෙ සෙනෙහස
මවකට දරුවෙක් කියන්නේ හරියට මිල කල නොහැකි මැණිකක් වගේ, මොකද ගැහැණියෙකට තම ජීවිතේ ලැබෙන වටිනාම පදවිය තමා මව් පදවිය , මේ පදවිය ලබා ගන්න ඇය දුක් විදින්නේ ගැබ් ගෙන සිටින මාස කීපයේ නෙමේ, ඔවුන්ගේ කුඩා වයසේ සිටම මේ මව් පදවිය වෙනුවෙන් සාමාන්ය මනුස්සයෙක්ට හිතාගන්නවත් බැරි තරම් දුකක් ඇය විදිනවා.ඉතිං එහෙම අවුරුදු ගානක් දුක් විදලා , තමන් ආදරයෙන් මෙලොවට බිහි කරන ඒ දරුවා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න මේ අම්මා සූදානම් නැතිද ?
-
මේ කතාවෙන් කියවෙන්නේ අන්න ඒ වගේ මවක් ගැන………….
චිත්රපටය ආරම්භ වෙන්නේ අදුරු වනාන්තරයේ මැද ඇති එක් විශාල පිලිමයක් දෙසට තනිවම ඇවිද යන පුංචි
පිරිමි ලමයෙක් සමගයි..
ඉතිං මේ පුංචි ලමයා පිළිමය දෙසට යනවාත් සමගම ඔහු දකිනවා පිලිමය පිටුපස සිටින චාලි චැප්ලීන්ගේ වෙස් මුහුණක් පැලදගත් මනුස්සයෙක්,ඉතා වේගයෙන් ලමයා දෙසට එන මෙම පුද්ගලයා එක් වේගවත් පහරකින් මේ ලමයව කපල දානවා…
පසුව මිණීමරුවා විසින් සිරුරද රැගෙන විලක් මැදට ඇවිදගෙන යන අතර තප්පර කීපයකින් මිණීමරුවා සහ සිරුර නොපෙනී ගිහින් කහ පැහැති කුඩයක් විල මැද පාවෙනවා අපිට බලාගන්න පුලුවන්…
ඉතිං මෙලෙස මේ චිත්රපටයේ මනෝභාවය තරමක් ඵලදායි ලෙස සකසන්න මෙහි අධ්යක්ශක ඊෂ්වර් කාර්තික් මහතා සමත් වෙලා තියෙනවා………
මෙහෙම ආරම්භ වෙන මේ චිත්රපටය ඊලගට අපිව අරගෙන යන්නේ..
කදුකර වනාන්තරයක එක් ලස්සන නිවසක සිටින ගැබිනි කාන්තාවක් දෙසටයි.මේ වෙන කවුරුත් නෙමේ අපේ කතාවේ වීරවරිය එනම් සැබෑ ජීවිතයේ ‘කීර්ති සුරේෂ්’ නමින් හදුන්වන මේ චිත්රපටයේ රිදිම් නම් චරිතයට පන පොවන අපේ කතා නායිකාවයි…
තම පලමු දරුවාගේ අහිමිවීම නිසා මානසිකව පීඩා විදින ඇගේ කතාවයි මේ..

වසර කීපයක් පෙර අතීතයට………
ගොඩක් ආදරෙන් සහ සෙනෙහසින් පිරුණ පවුලක්, තම එකම පුතාට පනටත් වඩා ආදරේ කරන මවක්,ඉතිං මෙහෙම ජීවත් වන මොවුන්ගේ ජීවිතයට එක් අදුරු කාලයක් පැමිණුනා.. ඒ තම පුතු අජේගේ අතුරුදහන් වීම…
තම පුතුගේ අතුරුදහන් වීමත් සමග හිතාගන්නවත් බැරි විදිහට මානසිකව වැටෙන රිදිම්, පිස්සියෙක් වගේ තම පුතු අජේව හොයන්න පටන් ගන්නවා….ඉතිං ඔහොම අවුරුද්දක් ගෙවිලා යනවා ඒත් අජේ ගැන කිසිම හෝඩුවාවක් නෑ. මේ කාලය අතර තුර මේ ගමේ වෙසෙන තවත් එක් දරුවෙක් අතුරුදහන් වෙනවා.. මේ සිද්දියත් සමගම මැයගේ බිය තව තවත් වැඩි වෙන්න ගන්නවා…ඉතිං ඔය වගේ අවුරුදු 2,3 ගතවෙනවා , ඒත් අජේ ගැන කිසිම ආරංචියක් නෑ..ඔහොම අවුරුදු 6ක් ගත වෙලත් කිසිම තොරතුරක් නැහැ.. මේ අවුරුදු 6 ක කාලය තුල මැය නැවත මවක් වීමට සුදුසුකම් ලබනවා, ඒත් ඒ ගැන ලොකු අදහසක් නැති රිදිම්ගේ හිතේ මොහොතින් මොහොත රිදුම් දෙන්නේ ඇගේ නොසැලකිලිමත් බව නිසා තම දරුවා නැති උනා කියන එක විතරයි………
ඉතිං ඔහොම යනකොට එක දවසක් ඇය තනිවම වැව දෙසට යනවා, එහිදී ඇය දකිනවා එක මිනිහෙක් කිසියම් පුද්ගලයෙක්ගෙන් පහර කෑමකට ලක් වී ඇය දෙසට දිව එන ආකාරය , එහිදී ඇය ඔහුට උදව් කරන්න කියලා හිතාගෙන ඔහු ලගට ගියාම ඔහු රිදිම්ට පවසනවා,
“ඔහු ආයෙ එනවා”
කියලා මේ මිනිහා කියන කිසිම දෙයක් නොතේරෙන රිදිම් ඔහුගේ ජීවිතය බේරගන්න උත්සහ කරන කොට මොහු ආයෙත් කියනවා,
“පැහැරගත්තු දරුවව වනාන්තරයේදී දැක්කා කියලා”
ඉතිං මේක අහන රිදිම් කනස්සල්ලට පත් වී මොන දරුවාද කියලා ඔහුගෙන් විමසන විට වැවේ එහා කොනෙන් තවත් පුද්ගලයෙක් ඇවිද එන ආකාරය දකින මොහු රිදිම්ට කියනවා දුවන්න කියලා, එහෙම කියලා එතනම ගසක් පිටුපස හැංගෙන රිදිම් දකිනවා අර ආව පුද්ගලයා මේ තුවාල ලබපු මනුස්සයව මරල දාන ආකරය,
කොහොමින් කොහොම හරි එතනින් පැන ගන්න රිදිම් ඉතාමත් ඹ්හීතියර පත්ව තම වාහනේද අරගෙන කැලෑ පාර දිගේ වේගයෙන් ගමන් කරනවා. එහිදී ඇයට පොලිස් මුර පොලක් හමුවී ඇයට සිදුවූ මේ සිද්ධිය ගැන එතන ඉන්න පොලිස් නිලධාරීන්ට පැහැදිලි කලාට පසුව ඇයට එතනම ඉන්න කියලා පොලීසියේ අය යනව මේ සිද්දිය වෙච්චි තැනට , එතනම ආරක්ෂිතව ඉන්න කියල කිව්වත් රිදිම් ඒ දේ ගානකටවත් නොගෙන තම වාහනයද රැගෙන නැවත කැලෑ පාරෙන් වැව දෙසට ගමන් කරන අතරතුරදී ඇයගේ යන මාර්ගයේ එක් පිරිමි ලමයෙක් හිටගෙන ඉන්න ආකාරය දකින ඇය වහාම වාහනය නවතා එයින් එලියට බහිනවා…… මෙලෙස එලියට බැස අර පිරිමි ලමයා දෙසට ගමන් කරන මැය ඔහුව දැක ඉතාමත් සතුටට වගේම පුදුමයට පත් වෙනවා, ඒ වෙන කවුරුත් නොවේ, මීට අවුරුදු 6 ට පෙර නැති වුන ඇගේ පුත් අජේ…….. ඒ උනත් අජේ හිටියේ හොද මානසිකත්වයක නෙමේ,ඔහු කිසිවෙකු සමග වචනයක්වත් කතා කලේ නෑ,ඔහු හිටියේ මේ සිද්දීන් නිසා ෂොක් වෙලා වගේම , අර මිනීමරුවාට වශී වෙලා,
ඔය වගේ දවස් කීපයක් ගෙවිල යනවා, ඔහොම යනකොට අජේට ප්රතිකාර කරන වෛද්යවරයා ගැන රිදිම්ට පුංචි සැකයක් ඇති වෙනවා, බැරිවෙලාවත් මිනීමරුවා ඔහුද කියලා, ඉතිං මේ සම්භන්දව තොරතුරු හොයා ගන්න ඇය වෛද්යවරයගේ නිවසට යනවා, එහිදී ඇය දකිනවා එක කාමරයක්, කාමරයක් කිව්වට ඒක මෝචරියක්,මේ කාමරේ ඇතුලෙදී ඇය හොයාගන්නවා අර වැව ලගදී මරා දැමූ පුද්ගලයාත් , තවත් එක ගැහැණු ලමයෙක් , මේ වෙන කවුරුත් නෙමේ අජේ නැති වෙලා ටික කාලෙකට පස්සෙ නැති උන අනිත් ලමයා.මේ ලමයවත් අරගෙන ඇය එතනින් පැනගන්න උත්සහ කරනකොට වෛද්යවරයා ඇයව දකිනවා ඇයව මරන්න උත්සහ කරනවා,කොහොමින් කොහොම හරි එතනින් පැන ගන්න ඇය මේ පිලිබදව පොලීසියට දැනුම් දුන්නාම, පොලීසියෙන් පැමින මේ වෛද්යවරයාව අත්තඩංගුවට ගන්නවා. ඉතිං මෙතනින් මේ කතාව ඉවරයි කියලා හිතුවත් සැබෑ මිනීමරුවා වෛද්යවරය නෙමේ කියලා වෛද්යවරයා සමග රිදිම් කරන සාකච්චාවකදී ඇය දැනගන්නවා……
ඇත්තටම කවුද මේ මිණීමරුවා ?
-
ඒ ගැන මම කිව්වොත් කතාවට වටිනාකමක් නැති වෙනවා ඉතිං
-
අදට මම සමුගන්නවා හැමෝටම බුදු සරනයි..