Paruthiveeran (2007) Tamil by Anuja Wickramasingha
හිතුවක්කාර ආදරය……
මේක සාමාන්‍ය ආදර කතාවක් නම් නෙවෙයි…..අසාමාන්‍යයි…ටිකක් නෙවේ.
දමිළ ෆිල්ම්ස් වලට ගොඩක් තැන් වල විවේචන එල්ල වෙනවා දකින්න ලැබෙනවා.ගුරුත්වාකර්ෂණය අඩුයි,පට්ට අතාත්විකයි,කිසි හරයක් නැති කතා….තව එක එක විදිහේ කතා.ඔය ඔක්කොම කතාවලට උත්තර දෙන විදිහේ ඕනේ තරම් ෆිල්ම්ස් දමිළ,තෙලිගු,මලයාලම් ඕනේ බාශාවකින් හොයාගන්න පුළුවන්.මේකත් ඒ වගේම තමා.තාත්වික ඒවාද හොයන්නේ.එහෙනම් හොයන් බලන්න…ඉල්ලන තාත්වික ගතිය ඕනෙවටත් වඩා ඇති.ෆිල්ම් එකේ පැය 2ක හමාර අවසානයේදී බලන ඇස් අද්දරට කඳුලක් එකතු නොවුනොත් පුදුම වෙන්න ඕන.
ග්‍රාමීය පරිසරය එක්ක ගොඩනැගෙන කතාවක්.පරුතිවීන් කිසිම හොදක් අහන්නේ නැති කෙනෙක්.මිනීමරුවෙක්.ඒ වගේ කෙනෙක්ට කවුරු හරි ආදරය කරාවිද….? ඔව්..ඒ මුත්තුඅලගු… කිසිම අණක් ගුණක් නැති මනුස්සයෙක්ට ආදරේ කරන කෙල්ල කොහොමට ඉදීවිද…බලලම දැන ගන්න..
කතාව ගලාගෙන යන විදිහ තමා මටනම් උපරිමයෙන්ම දැනුනු දේ.සිද්දි එකකට එකක් සම්බන්ද වෙන විදිහ,අතීත කතාවක් ෆිලුමට සෙට් කරන විදිහ පට්ටයි.ෆිල්ම් එකේ සංස්කරණයත් හොද මට්ටමක තියේ.
කාර්ති පරුතිවීරන් විදිහට,ප්‍රියමනී මුත්තුඅලගු විදිහට චරිත රඟපානවා වගේම උපරිම සාදාරණයක් කරනවා ඒ චරිත 2කට.අනිත් චරිතත් රඟපෑම් උපරිමයි.ෆිල්ම් එකේ මුල ඉදන් අගටම හැමතනම වගේ දකින්න ලැබෙන පොඩි කොල්ලා පවා තමන්ගේ චරිතෙට උපරිම සාදාරණයක් කරනවා.
මේ කාර්ති ප්‍රදාන චරිතයක් රඟපාන පලවෙනි ෆිල්ම් එක. මීට කලින් Aayutha Ezhuthu ෆිල්ම් එකේ පොඩි චරිතයක් විතරක් කරපු කාර්ති මේ ෆිල්ම් එකෙන් වැඩ අල්ලනවා.මේ වැඩ ඇල්ලිල්ල නවතින්නේ හොඳම නළුවා,නැගී එන නළුවා වගේ සම්මාන රාශියක් තමන්ගේ අතේ රඳවා ගෙන.ප්‍රියමනී කාර්තිටත් වඩා සම්මාන දිනා ගන්නවා හොඳම නිළිය විදිහට. ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ,ඒ තරම් විශිෂ්ට රංගනයක්. මීට අමතරව සරවනන්,සුජාතා හොඳම සහය නළුවට, නිලියට සම්මාන දිනා ගන්නවා.සම්මාන උළෙල 2ක තුනකම.
ෆිල්ම් එක හොඳම චිත්‍රපටය විදිහට සම්මාන ලබනවා. හොඳම අද්යක්ෂක විදිහට Ameer සම්මාන ලබද්දී,සංස්කරණය ඇතුළු විවිධ සම්මාන රාශියක් ෆිල්ම් එක නමට එකතු වෙනවා.
ෆිල්ම් එකේ සංගීතය ගැනත් කතා නොකරම බෑ.යුවන් ශංකර් රජා…පපුවට කතා කරනවා සංගීතයෙන්.ෆිල්ම් එකේ පසුබිම් සංගීතය ෆිල්ම් එකේ සිද්දි එක්ක ගලපලා දැනෙන හැගීම තීව්ර කරන්න සමත් වෙනවා.ග්‍රාමීය සංගීත රටා වල ආභාෂය ලබපු යන ගීත අන්තර්ගතයි.සමහරෙක්ට නම් සංගීතය රළු විදිහට දැනෙන්න පුලුවන්,එත් එකෙත් අමුතුම රහක් තියෙන්නේ.
මේකේ බලලා හිත සනසගන්න පුළුවන් විදිහේ සුන්දර අවසානයක් නම් නෑ….පට්ටම රළුයි කතාව මුල ඉඳන් අගට යනකම් ම.භෂාව භාවිත වෙන විදිහ පවා,සිද්ද වෙන සිද්දි පවා.සමහර තැන් වල හාස්‍ය මුසු වෙන සිද්දි ඇතුලත් උනත් ඒවා උඩට මතුවෙන්නේ හරිම අඩුවෙන් ෆිල්ම් එකේ ගලායමත් එක්ක.ෆිල්ම් එක අවසානයත් එක්ක දැනෙන හැගීම මට නම් විස්තර කරගන්න පුළුවන් කමක් නැහැ.
