Parasite (2019) Korean

Parasite Movie Breakdown

සවුත් කොරියාවේ නිර්මාණය වී තිරගත වුන චිත්‍රපටයකට worldwide එකෙන් ලොකු ජනප්‍රිය කමක් සහා ජයග්‍රහණයක් ලැබුනා. ඒ ජයග්‍රහණය කොයි තරම්ද කියලා කිව්වොත් ⤵️

අවුරුදු ගානක් තිස්සේ තිබ්බ නීතිය වෙනස් කරලා , තමන්ගේ රටට අයිති චිත්‍රපට වලට විතරක් සම්මාන දුන්න ලෝකේ ලොකුම සම්මානයක් විදිහට බලන ඔස්කාර් සම්මානය , ඒ සම්මාන උළෙලේදී ම එම සවුත් කොරියාවෙන් නිර්මාණය වුන චිත්‍රපටය ලැබුනා.

පොඩි සම්මානයකුත් නෙමෙයි best Picture , Award ඒක තමයි එම චිත්‍රපටයට ලැබුනේ. මේ තරම් ලොකු ජයග්‍රහණයක් සහා ජනප්‍රිය කමක් ලැබෙන්න හේතුව මොකක්ද කියලා , මට දැනුන විදිහට මේ ආටිකල් එකේ සදහන් කරලා තියෙන්නේ ⤵️

#Parasite ⬅️ එම චිත්‍රපටයේ නම

———————————————————————————–
———————————————————————————–

මේ චිත්‍රපටය ගැන breakdown කරන්න කලින් පොඩි දෙයක් ගැන කියන්නම් ⬇️

1. මෙම චිත්‍රපටය බලලා නැත්නම් මේ ආටිකල් එක කියවන්න එපා , ඇයි කිව්වොත් Spoiler වෙන්න අවස්ථාවක් තියෙනවා

2. ගොඩක් දෙනෙක් කියනවා මේ චිත්‍රපටය දෙමළ චිත්‍රපටයක කොපියක් කියලා. හැබැයි මේ parasite චිත්‍රපටයේ අධ්‍යක්ෂවරු Bong Joon-ho මේ චිත්‍රපටය තිරගත වෙන්න කලින්ම පොඩි දෙයක් ගැන කිව්වා ➡️ මේ parasite කියන චිත්‍රපටයේ script එක අවුරුදු ගානකට කලින් තිරගත වුන කොරියන් චිත්‍රපට දෙකකින් ඔහු ලබා ගත් අද්දැකීමක් කියලා. ගොඩක් දෙනෙක් ඒ දේ දැනගෙනත් කොපි කියලා තමයි කියන්නේ. හැබැයි මේ parasite චිත්‍රපටයටයි ඔය කියන දෙමල චිත්‍රපටයටයි පොඩි clip Card එකකින් තමයි සමානකමක් තියෙන්නේ මිසක් , parasite කියන චිත්‍රපටයෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්..

මේ ආටිකල් එක කියවලා ඉවර වෙනකොට ඔයාටම ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි.

———————————————————————————–
———————————————————————————–

මේ චිත්‍රපටයට ලැබුන ලොකුම අයිය අධ්‍යක්ෂක වරු Bong Joon-ho , ඒකට හේතුව ➡️ ඔහුගේ නිර්මාණශීලී හැකියාව ඔහු උපරිම උත්සාහයෙන් ඉහල තැනකින් පෙන්නුම් කරලා තියෙනවා. ⬇️

මේ චිත්‍රපටයේ Screenplay එක කොටස් දෙකකට වෙන් කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ.

1. දුප්පත් පවුලක්
2. පොහොසත් පවුලක්

මේ චිත්‍රපටය ඉදිරියට ගමන් කරන්නේ ඔන්න ඔය ⬆️ දුප්පත් සහා පොහොසත් පවුලක් අතර තියෙන සම්බන්ධයකින්.

මේ දුප්පත් සහා පොහොසත් පවුල අතර තියෙන ඒ වෙනස හැම frame එකකින්ම පෙන්නුම් කරලා තියෙනවා , උදාහරණයක් ලෙස කිව්වොත් ⬇️

1. දුප්පත් පවුලේ ඉන්න අය පොඩි underground place එකක තමයි ජීවත් වෙන්නේ , ඔහුන් ඔහුන්ගේ ගෙදරට යන්න ඕනේ නම් පල්ලයාට බහින්න ඕනේ , ඒකෙන් පෙන්නුම් කරලා තියෙන්නේ ➡️ ඔහුන් කොච්චර පහත් මට්ටමකද ඉන්නේ කියලා.

2. ඒ වගේම තමයි , පොහොසත් පවුලේ ඉන්න අය තමන්ගේ ගෙදරට යන්න ඕනේ පඩිපෙළෙන් නැගලා තමයි යන්න ඕනේ , ඒකෙන් පෙන්නුම් කරන්නේ ඔහුන් කොච්චර උසස් මට්ටමකද ඉන්නේ කියලා.

දුප්පත් පවුලේ අය පඩියෙන් නැගලා උඩට ගියොත් ඔහුන්ගේ වැසිකිළිය තමයි බලාගන්න පුළුවන් වෙන්නේ.

පොහොසත් පවුලේ අය පඩියෙන් නැගලා උඩට ගියොත් ලස්සන කාමරයක් බලා ගන්න පුළුවන් වෙනවා.

ගේ ඇතුලේ තියෙන පඩිපෙළෙන් පවා දුප්පත් සහා පොහොසත් අතර තියෙන ඒ වෙනස අධ්‍යක්ෂක වරු Bong Joon-ho ගොඩක් නුවණක්කාරව පෙන්නුම් කරලා තියෙනවා.

ඒ වගේම තමයි දුප්පත් ගෙදර පොඩි ජනේලයක් තියෙනවා , පොහොසත් ගෙදර ඊට වඩා ලොකු ජනේලයක් තියෙනවා. මේ ජනේලෙන් පවා privacy එක ගොඩක් තදින් පෙන්නුම් කරලා තියෙනවා.

1. දුප්පත් ගෙදර තියෙන ඒ ජනේලෙන් එලිය බැලුවොත් කිසිම privacy එකක් තියෙන්නේ නෑ , හැමදාම ඔහුන්ගේ ජනේලය ගාලට ඇවිල්ලා එකෙක් bathroom කරලා යනවා , ඒ වගේම පැය 24ම සෙනග

2. පොහොසත් ගෙදර තියෙන ජනේලෙන් එලිය බැලුවොත් , ලොකු වත්තක් තියෙනවා ලස්සන ගස් වගාවක් තියෙනවා. කෙටියෙන් කිව්වොත් හොද privacy එකක් තියෙනවා.
ඒ වගේම තමයි දුප්පත් පවුලේ ඉන්න අය කොච්චර පහත් මට්ටමකද ඉන්නේ කියලා ගොඩක් හැගීම් බරව පෙන්නුම් වෙන්නේ ඔහුන් මාට්ටු වුනාට පස්සේ ⬇️

ඒ වැස්සේ ඔහුන් ඔහුන්ගේ ගෙදරට යන ඒ අතර , ඔහුන් පඩිපෙළවල් කීයකින් විතර බැහැලා යනවද කියලා චිත්‍රපටය බැලුවොත් දැන ගන්න පුළුවන් වෙයි.

මේ දුප්පත් සහා පොහොසත් අතර තියෙන ඒ වෙනස පඩිපෙළෙන් විතරක් නෙවෙයි පොඩි ඉරි කෑල්ලකින් පවා පෙන්නුම් කරලා තියෙනවා. ඉරි කෑල්ලට දකුණු පැත්ත පොහොසත් සහා වම් පැත්ත දුප්පත්. උදාහරණයක් ලෙස කිව්වොත් ⬇️

1 . ගේ ඇතුලේ ලොකු open place එකක් තියෙනවා , ඒ place එක සම්පූර්ණයෙන්ම ග්ලාස් එකෙන් කවර් කරලා තියෙන්නේ , එලියේ ඉදන් ඇතුල බලන්නත් පුළුවන් , ඇතුලේ ඉදන් එලිය බලන්නත් පුළුවන් ඒ විදිහට තමයි design කරලා තියෙන්නේ.

එක සීන් එකක් තියෙනවා ඒ සීන් එකේදී , පොහොසත් පවුලේ ඉන්න නෝනා කෙනෙක් පුටුවේ ඉදගෙන ඉන්නවා , දුප්පත් පවුලේ ඉන්න මව හිටගෙන ඉන්නවා. ඒ දේ ගේ ඇතුලේ ඉදන් දුප්පත් පවුලේ ඉන්න කොල්ලෙක් බලාගෙන ඉන්නවා.

ඒ frame එකෙන් සම්පූර්ණයෙන්ම ඒ ග්ලාස් එක කවර් කරලා තියෙනවා. ඒ ග්ලාස් එක මැදින් පොඩි ඉරක් යනවා. ඒ ඉරට දකුණු පැත්තේ පොහොසත් පවුලේ ඉන්න ගැහැණු කෙනාව බලා ගන්න පුළුවන් , ඒ වගේම ඉරට වම් පැත්තේ දුප්පත් පවුලේ ඉන්න මව සහා කොල්ලව බලා ගන්න පුළුවන්.

2 . තව frame එකක , පොහොසත් පවුලේ ඉන්න ගැහැණු කෙනා සහා දුප්පත් පවුලේ ඉන්න කොල්ලා ෆ්‍රිජ් එකක් ගාව ඉන්නවා , ඒ ෆ්‍රිජ් එක මැදින් පොඩි ඉරක් යනවා , ඒ ඉරට දකුණු පැත්තේ ඒ ගැහැණු කෙනා ඉන්නවා ඒ වගේම වම් පැත්තේ අර කොල්ලා ඉන්නවා.

3 . පොඩි සීන් එකක් තියෙනවා , ඒ සීන් එකේ අර පොහොසත් ගැහැණු කෙනා සහා දුප්පත් කොල්ලා උඩ තට්ටුවට ඇවිල්ලා , උඩ ෆ්ලෝර් එකේ ඒ දෙන්නම ඇවිදගෙන කැමරාව ඉස්සරහට එනවා , ඒ ෆ්ලෝර් එකේ සීලින්ග් එක උඩ ටියුබ් ලයිට් එකක් තියෙනවා දිගට , ඒ ලයිට් එකට දකුණු පැත්තෙන් කොල්ලට වඩා අඩි දෙකක් ඉදිරියෙන් ඒ ගැහැණු කෙනා ඇවිදගෙන එනවා , ඒ වගේම ලයිට් එකට වම් පැත්තෙන් ඒ ගැහැණු කෙනාට වඩා අඩි දෙකක් පිටිපස්සෙන් ඒ කොල්ලා ඇවිදගෙන එනවා.

4 . දුප්පත් පවුලේ ඉන්න පියා ඔහුගේ රැකියාව ගැන කතා කරන්න office එකකට යනවා , ඔහු එක පුටුවක් උඩ ඉඳන් ඉන්නවා ඒ frame එකත් ග්ලාස් එකකින් තමයි කවර් වෙලා තියෙන්නේ. ඒ ග්ලාස් එක මැදින් පොඩි ඉරක් යනවා , ඒ ඉරට දකුණු පැත්තෙන් office එකේ වැඩ කරන ලොකු ලොකු අයව බලා ගන්න පුළුවන් , ඒ වගේම වම් පැත්තෙන් ඒ දුප්පත් පියාව බලා ගන්න පුළුවන්.

5 . මේ සීන් එකේ ටිකක් විතර එක මාරු වෙලා තමයි පෙන්නුම් වෙන්නේ , දුප්පත් කොල්ලා සහා පොහොසත් ගැහැණු කෙනා හිටගෙන ඉන්නවා , ඒ දෙන්නගෙ මැදින් ඉරක් යනවා ඒ ඉරට දකුණු පැත්තේ ඒ ගැහැණු කෙනා , වම් පැත්තේ අර කොල්ලා , ඒ ගැහැණු කෙනා ඒ කොල්ලට ඔහුගේ පඩිය ලබා දෙනවා , එතකොට ඒ කොල්ලා ඒ ගැහැණු කෙනාට පහත් වෙලා නමස්කාර කරනවා එතකොට ඒ කොල්ලා ඉරෙන් දකුණු පැත්තට ඇතුල් වෙනවා. ඒ සීන් එකෙන් පෙන්නුම් කරන්නේ ⬇️

ඒ කොල්ලා පඩියක් ලබා ගත්තා දැන් ඉතින් ඒ දුප්පත් පවුලත් ලොකු තැනකට එයි කියලා.

මේ චිත්‍රපටයේ interval සීන් එක , එක calling Bell එකකින් තමයි අපිට දැනුවත් කරලා තියෙන්නේ. ඔය හොලිවුඩ් , කොරියන් , ජැපනිස් චිත්‍රපට වල interval කියලා දෙයක් පෙන්නුම් කරන්නේ නැහැ. හැබැයි මේ parasite කියන චිත්‍රපටයේ ඒ දේ එක calling bell එකකින් පෙන්නුම් කරලා තියෙනවා. ⬇️

Parasite චිත්‍රපටයේ සම්පූර්ණ script එක පිටු 141 කින් නිර්මාණය කරලා තියෙනවා. හරියට 71 වෙනි පිටුවේ තියෙන 6 වෙනි සීන් එකෙන් තමයි මෙම චිත්‍රපටයට interval එක දීලා තියෙන්නේ.

පොහොසත් පවුලේ ඉන්න අය ගෙදරින් පිට ගියාට පස්සේ දුප්පත් පවුලේ ඉන්න අය හැමෝම එකතු වෙලා විනෝද වෙනවා. එතකොට ලොකුවට calling bell එකක් ඇහෙනවා , එතකොට ඒ දුප්පත් පවුලේ ඉන්න අය silent වෙන්න පටන් ගන්නවා. අන්න ඒ හරියෙන් මේ චිත්‍රපටයට interval එක දීලා තියෙන්නේ ඒ කියන්නේ 1st Half එක ඒ හරියෙන් තමයි ඉවර කරලා තියෙන්නේ.

ඒ සීන් එකෙන්ම දැන ගන්න පුළුවන් මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම අධ්‍යක්ෂක වරු Bong Joon-ho ගේ Master planning එකක් කියලා.

Parasite කියන චිත්‍රපටයේ තවත් කැපී පෙනෙන දෙයක් තමයි ⬇️

විනාඩි පහක් ඇතුලත ශොට් 60 ක් පෙන්නුම් කරලා තියෙනවා.

මේ චිත්‍රපටයේ story line එක ගැන හැමෝම දන්නවා ඇති ⬇️

දුප්පත් කොල්ලා පොහොසත් ගෙදර්ට වැඩ කරන්න යනවා.. ඉටපස්සේ බොරු කිය කිය ඔහුගේ පවුලේ ඉන්න හැම කෙනෙක්වම ඒ පොහොසත් ගෙදර්ට ඇතුල් කර ගන්නවා. ඔහුගේ සහෝදරියව චිත්‍ර උගන්වන ගුරුතුමියක් ලෙස ඒ ගේ ඇතුලට ගෙන්න ගන්නවා , ඔහුගේ පියාව රියදුරෙක් විදිහට ගෙන්න ගන්නවා , අන්තිමට ඉතුරු වෙන්නෙ ඔහුගේ මව පමණයි.

හැබැයි ඒ හරියෙන් තමයි චිත්‍රපටයේ තත්වය වෙනස් වෙන්නේ.. ඒ දේ චිත්‍රපටයේ story එකෙන් නෙමෙයි වෙනස් වෙන්නේ චිත්‍රපටය ගෙනියන විදියෙන්., ඒ කියන්නේ screenplay එකෙන්.

Already තුන් දෙනෙක්ව බොරු කරලා ඒ පොහොසත් ගෙදර්ට ඇතුල් කරවන විදිහ පෙන්නුම් කරපු නිසා , හතරවෙනි පාරටත් ඒ වගේම පෙන්නුම් කලොත් බලන අයට කම්මැලි කමක් දැනෙයි. අන්න ඒ දේ වෙන්න හොද නැති නිසා අධ්‍යක්ෂක වරු Bong Joon-ho Create කල Master planning එක ? ⬇️

දුප්පත් පවුලේ ඉන්න මවව පොහොසත් ගෙදර්ට ඇතුල් කරන්න ඕනේ නම් ➡️ අලුත් විදිහේ සීන් එකක් පෙන්නුම් කරන්න ඕනේ , ගොඩක් වේගයෙන් පෙන්නුම් කරන්න ඕනේ , ඊටත් වඩා ඒ සීන් එකෙන් හැම දෙයක්ම පෙන්නුම් කරන්න ඕනේ.

ඒ කියන්නේ එයාලා මොන වගේ planning එකක් දාලද මවව පොහොසත් ගෙදර්ට ඇතුල් කරවන්නේ , ඒ planning එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද , මේ විදිහට හැම දෙයක්ම විනාඩි පහක් ඇතුලත පෙන්නුම් කරන්න ඕනේ. ඒ දේ කරන්න අධ්‍යක්ෂක වරු Bong Joon-ho උපයෝගී කර ගත්තේ ශොට් 60 යි.

ඔයා මේ චිත්‍රපටය හරි විදිහට නෝට් කලොත් ⬇️

39 Minutes 11 Seconds
44 Minutes 11 Seconds

⬆️ මේ කාලය ඇතුලත ශොට් 60ක් කොයි තරම් නිර්මාණශීලි ව පෙන්නුම් කරලද කියලා බලා ගන්න පුළුවන්.

ඒ කියලා නිකන් බොරුවට හැම ශොට් එකක්ම පෙන්නුම් කරලා නෑ ., ⬇️

පලවෙනියට පෙන්නුම් කරන ශොට් 7ටයි , අන්තිමට පෙන්නුම් කරන ශොට් 7ටයි සම්බන්ධයක් ඇති කරලා තියෙනවා. ඒ වගේම , planning කරන විදිහ විතරක් පෙන්නුම් කලොත් කම්මැලි කමක් දැනෙයි නිසා , ඒ planning එක Create කරනකොටම ඒ planning එක ක්‍රියාත්මක වෙන විදිහත් ගොඩක් නිර්මාණශීලී ව පෙන්නුම් කරලා තියෙනවා.

විනාඩි පහක සීන් එකේදී , දෙපාරක් විතර පොහොසත් ගෙදර ඉන්න house keeper ගේ ඔලුවට මුහුදු වැලි දානවා වගේ ශොට් දෙකක් පෙන්නුම් කරනවා., ඒ ශොට් එකත් එකිනෙකට වෙනස් කරලා තමයි අධ්‍යක්ෂක වරු Bong Joon-ho පෙන්නුම් කරන්නේ ⬆️

පලවෙනි පාර House keeper ගේ ඔලුවට කොල්ලා මුහුදු වැලි දානවා වගේ පෙන්නුම් කරලා , දෙවෙනි ශොට් එකෙන් ඒ දේම කෙල්ල කරනවා වගේ පෙන්නුම් කරලා තියෙනවා. ඒකෙනුත් එකම සීන් එක පෙන්නුම් වන්නේ නැති විදිහට , වෙනම ඇන්ගල් එකක් වෙනම background එකක් use කරලා තමයි ඒ ශොට් ටික පෙන්නුම් කරන්නේ.

මේ විදිහට ඔය විනාඩි පහක සීන් එක බලනකොට , ඔයාටම සමහරක් විට දැනෙයි [ සුපිරිම චිත්‍රපටයක්] කියලා. ඒ නිසා තමයි මේ විනාඩි පහක සීන් එක මේ චිත්‍රපටයේ කැපි පෙනෙන ලක්ෂණ වෙන්න හේතුව.

මේ දේ විතරක් නෙමෙයි ඊටත් වඩා ගොඩක් දෙවල් තියෙනවා මේ චිත්‍රපටය ඇතුලේ ⬇️

මේ චිත්‍රපටයේ ආරම්භයේ දුප්පත් කොල්ලා ගේ යාලුවෙක් ඔහුට , ඔහුගේ අදහස් ගැන කියනවා. ඒ frame එකකදි ලොකු කන්දක් උඩට යන පාරක් තියෙනවා. ඒ frame එකෙන් පෙන්නුම් කරන්නේ ➡️ දැන් ඉතින් ඒ දුප්පත් කොල්ලගේ ජීවිතය ඉහලින් යයි කියන දේ

ඒ වගේම තමයි දුප්පත් කොල්ලගේ යාලුවා ඔහුගේ phone එකෙන් එක photo එකක් පෙන්නනවා , ඒ හරිය එනකන් silent එකෙන් තිබුන පාරේ ලොකු ෆෑන් එකක් වේගයෙන් යනවා වගේ පෙන්නුම් කරනවා. ඒ සීන් එකෙන් කියවෙන්නේ ➡️ අද වෙනකන් ඒ දුප්පත් කොල්ලගේ ජීවිතය සිනිදුව ගමන් කලා හැබැයි දැන් ඉතින් ගොඩක් වේගයෙන් ගමන් කරයි කියලා.

ඒ වගේම තව සීන් එකක , ඒ දුප්පත් කොල්ලගේ යාලුවා ඔහුට පොඩි තෑග්ගක් දෙනවා , ඒ තෑග්ග ඇරලා බලනකොට ඇතුලේ ලොකු ගලක් තියෙනවා. ඒ ගල ඇවිල්ලා සවුත් කොරියාවේ ගොඩක් ජනප්‍රියයි. ඒකට හේතුව ⬇️

ඒ ගල තමන්ගේ ගෙවල් වල තියාගෙන හිටියොත් , තමන් පොහොසත් වෙයි කියලා තමයි සවුත් කොරියාවේ ඉන්න අය විශ්වාස කරන්නේ. ඒ නිසා තමයි ඒ දුප්පත් කොල්ලගේ යාලුවා , [මේ ගල අපේ ගෙදරත් තියෙනවා , මේ ගල නිසා තමයි අපි පොහොසත් වුනේ සමහරක් විට ඔයාලටත් මේ ගලෙන් ප්‍රයෝජනයක් ලැබෙයි., මම කිව්ව විදිහට රස්සාවට ගියොත් ඔයාලත් පොහොසත් වෙයි] කියලා ඒ ගල ඒ දුප්පත් පවුලේ අයට දෙනවා.

ඒ ගලම ගෙදර්ට ගං වතුර ආවට පස්සේ ඒ දුප්පත් කොල්ල අතට අරගෙන බලන් ඉන්නවා. ඒ සීන් එකෙන් පෙන්නුම් කරන්නේ ➡️ මේ ගල සාධාරණ ගලක් විතරයි , ඔයා දුප්පත් කෙනෙක් ද පොහොසත් කෙනෙක් ද කියලා තීරණය කරන්න ඕනේ ඔයා විතරයි කියලා හැගීම් බරව පෙන්නුම් කරලා තියෙනවා.

මේ චිත්‍රපටයේ Cinematography එක පැත්තෙන් බැලුවොත් ⬇️

Open shot එකෙන් , ජනේලේ ඉදන් පල්ලයාට කැමරාව අරගෙන එනවා. ඒ හරියේ දුප්පත් කොල්ලා phone එක ඔබ ඔබ ඉන්නවා. ඒ frame එකේ ඉන්න කොල්ලගෙ පපුවෙන් උඩට තමයි කැමරාව කවර් කරලා තියෙන්නේ. ඒ ඇවිල්ලා සාධාරණ ටෙක්නිකල් එකක් තමයි , හැබැයි මේ parasite කියන චිත්‍රපටයෙන් ඒ වගේ frame එකක් පෙන්නුම් කරලා තියෙන්නෙ ➡️ ඒ දුප්පත් කොල්ලා තාම සම්පූර්ණ නැති මනුස්සයෙක් කියලා පෙන්නුම් කරන්න

ඒ වගේම ඒ කොල්ලා අර පොහොසත් ගෙදර්ට යනකොට , පල්ලයා ඉදන් උඩට ඇවිදගෙන යනවා වගේ සීන් එකක් තමයි තියෙන්නේ.

පලවෙනි ශොට් එකෙන් ➡️ කැමරාව උඩ තියෙනවා ඒ කොල්ලා පල්ලෙහා ඉදන් එනවා වගේ පෙන්නුම් කරනවා. ඒ කියන්නේ , ඒ කොල්ලා තාම පහත් මට්ටමේ ඉන්න කෙනෙක් කියලා තමයි ඒ ශොට් එකෙන් පෙන්නුම් කරන්නේ.

දෙවෙනි ශොට් එකෙන් ➡️ කැමරාව පල්ලෙහා තියෙනවා ඒ කොල්ලා උඩ හිටගෙන ඉන්නවා , ඒ ශොට් එකෙන් පෙන්නුම් කරන්නේ , දැන් ඉතින් ඒ කොල්ලා උසස් තැනකට යයි කියලා.

මේ දේ ඇන්ගල් එකෙන් විතරක් නෙමෙයි brightness and Darkness එකෙන් පවා පෙන්නුම් කරලා තියෙනවා ⬇️

ඒ දුප්පත් කොල්ලා පොහොසත් ගෙදර්ට පඩිපෙළෙන් නැගලා උඩට යනකොට. කැමරාව Down කරලා ඒ කොල්ලත් එක්කම සයිඩ් එකේ තියෙන හිරු එළියත් කවර් කරලා තියෙනවා. ඒ frame එකෙන් පෙන්නුම් කරන්නේ , දැන් ඉතින් ඒ දුප්පත් කොල්ලගේ ජීවිතය brightness වෙයි කියලා.

ඒ දේම වෙනස් කරලා , පොහොසත් පවුලේ ඉන්න අයට මාට්ටු වෙලා දුවගෙන එනකොට , සම්පූර්ණයෙන්ම කලුවර ගතියක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ සීන් එකෙන් පෙන්නුම් කරන්නේ , දැන් ඉතින් ආයේ ඒ පවුලට අදුරු කාලය පටන් ගත්තා කියලා.

ඉටපස්සේ ඒ අයගේ ගේ සම්පූර්ණයෙන්ම වතුරට යටවෙනවා , හැමෝම එකතු වෙලා ගන්න පුළුවන් බඩු ටික විතරක් අරගෙන එලියට යනකොට , කැමරාව සම්පූර්ණයෙන්ම උඩට යනවා එතකොට පල්ලෙහා ඉන්න අය පොඩියට තමයි පේන්නේ. ඒ සීන් එකෙන් පෙන්නුම් කරන්නේ , ඒ මුලු පවුලම ආයේ පරණ විදිහට පහත් මට්ටමකට වැටුනා කියලා.

මම උඩ හරියේ සදහන් කලා වගේ , දැන් ගොඩක් දෙනෙක් දැන ගන්න ඇති ඔය දෙමල චිත්‍රපටයටයි parasite චිත්‍රපටයටයි තියෙන වෙනස.

විජයි ගේ රංගනයෙන් 1999 දී තිරගත වුන මින්සාර කන්නා කියන චිත්‍රපටයේ කොපියක් ලු parasite කියන්නේ ? , කියන විදිහට ඒම කොපියක් වුනත් ⬇️

ඔය අවංක ආදරයක් කරන්නේ කොහොමද , තමන්ගේ ආදරයට දෙමව්පියන්ගෙන් සහා සහෝදර සහෝදරියන් ගෙන් කැමත්ත ගන්නේ කොහොමද කියලා මින්සාර කන්නා චිත්‍රපටයෙන් බලා ගන්න පුළුවන්., ඒක නම් ඇත්තටම ලොකු වටිනා දෙයක් ???

ඒ වගේම තමයි parasite කියන චිත්‍රපටයෙන් ➡️ අධ්‍යක්ෂණය ගැන දන්නෙ නැති අයටත් අධ්‍යක්ෂණය කෙරෙහි ආසාවක් ඇති වෙනවා , අධ්‍යක්ෂණය ඉගෙන ගන්න අයට මේ චිත්‍රපටයෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ?❤?

මම දුන්න breakdown එක ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ parasite කියන චිත්‍රපටය බැලුවොත් විතරයි ??

මාර්ෂල් ජෑන්ස්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *