Pappayude Swantham Appoos (1992) Malayalam
IMDb: 7.5/10
Google Users Rating: 95%
සිය බිරිඳ භාමා ගේ හදිසි මිය යෑමෙන් පසු ක්රමයෙන් නැවතත් සිය සුපුරුදු ජීවන රටාවට අවතීර්ණ වීමට බාලචන්ද්රන් දරන උත්සාහය තුළ ඔහුට තම දරුවා පිළිබඳව අවධානය ගිලිහෙන්නේ නිරායාසයෙනි. නේවාසික පාසලක අධ්යාපනය ලබන දරුවා නිවාඩු කාලයේ නිවසට පැමිණි පසු බාලචන්ද්රන් ඔහු වෙනුවෙන් බොහෝ දේවල් පොරොන්දු වන නමුත් ඒ සියල්ල කඩවුණු පොරොන්දු බවට පත් වෙයි. මව ද අහිමිව, පියා ගේ අවධානයෙන් ද ගිළිහී සිටින කුඩා අප්පු තමන්ව රැක බලාගන්නා මීනාක්ෂි වෙත මහත් සේ ඇලුම් කරයි.
පියාගේත් පුත්රයාගේත් අනාගතය කුමන ආකාරයෙන් විසඳේවි ද?
………………………………………………………….
අධ්යක්ෂණය සහ පිටපත: ෆාසිල්
සංගීතය: ඉලෛරාජා
රංගනය:
මම්මුති (බාලචන්ද්රන්)
ශෝභනා (භාමා)
මාස්ටර් බදුශා (අප්පු)
සුරේෂ් ගෝපි (වෛද්ය ගෝපන්)
සීනා (මීනාක්ෂි)
. …………………………………………………………
මලයාලම් සිනමාව සතු තවත් විශිෂ්ඨ වාණිජ සිනමාපට අධ්යක්ෂකවරයෙක් වන ෆාසිල් විසින් නිමැවුනු අපූරු සිනමාපටයකි Pappayude Swantham Appos. තරුණ කාලයේදීම බිරිඳ අහිමි ව,දරුවෙකුත් සමග තනි වන පුද්ගලයෙකුගේ මනෝභාවය ඉතා සාර්ථකව මෙයින් නිරූපණය කර ඇත. ෆාසිල්ගේ පුතුන් දෙදෙනා ළමා නළුවන් ලෙස තම සිනමාගමනය සටහන් කලේ ද මෙම චිත්රපටියේ දර්ශනයකට දායක වෙමිනි.
සිනමාශාලා තුළ අඛණ්ඩව දින 200 ඉක්මවා තිරගත වුනු මෙම චිත්රපටිය විසින් එවකට පැවති සියලු ආදායම් වාර්තා බිඳ හෙලන ලදී.

Directed by | Fazil |
---|---|
Written by | Fazil |
Produced by | Khais |
Starring | Mammootty Shobhana Suresh Gopi Master Badusha Seena Dadi |
Cinematography | Anandakuttan |
Edited by | T. R. Shekhar |
Music by | Ilaiyaraaja |
Release date
|
4 September 1992 |
Running time
|
146 mins |
Country | India |
Language | Malayalam |