Panchathanthiram Ladies Dance
#Panchathanthiram
#simran
#RamyaKrishnan
#KamalHassan
පංචත්න්දිරම් යනු මීට අවුරුදු 19කට කලින් තිරගත වුන ෆිල්ම් එකකි. තිරයට මුදා හැරුණු මුල් කාලයේදි එයට ඉහල ප්‍රතිචාරයක් නොතිබු අතර මධ්‍යස්ථ පිළිගැනීමක් තිබුනි.. පසුව second run, third run එකෙන් පසුව DVD, CD හරහා ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය විය.
මෙහි ප්‍රබල කොලිවුඩ් නළු කමල් හසන්, නාගේෂ්, මොලිවුඩයේ ජයරාම්, රම්‍යාක්‍රිෂ්ණන්, සිම්‍රන් ආදී ප්‍රබලයින් කිහිපයක් රඟදක්වා තිබුණි.. අද මම කතා කරන්න යන්නේ බොලිවුඩ් වල ඩෝලාරේ, පිංගා, අප්ලම් චප්ලම් වගේ කොලිවුඩ් වල මම දැකපු ජනප්‍රියම කාන්තා මුහුණට මුහුණ නර්ථනය ගැනයි. පංචත්න්දිරම් චිත්‍රපටයේ අවසන් ජවනිකවේ යන වන්දේන් වන්දේන් ගීතයට නර්තනය හරි ආකාරව ඉගෙන ගෙන කොලිවුඩය තුල තම නම සලකුණු කරගත් නිළි දෙපලක් වන රම්‍යාක්‍රිෂ්ණන් සහ සිම්‍රන් ය. මේ දෙදෙනා ගැන නොදන්නා අය අතලොස්සයි. චිත්‍රපටය බලපු වාර ගණනට වඩා මේ ගීතය මා නරඹා තිබෙමි. ගීතයේ සැබෑ ස්වාමිපුරුෂයා වෙනුවෙන් නැටුමෙන් සටන් වදින සිම්‍රන් සහ කමල් සතුව ඇති මැණික්ගල් ලබා ගැනීමට ව්‍යාජ බිරිඳ විදිහට රඟ දක්වන රම්‍යාක්‍රිෂ්ණන් අතර සිදුවන ද්වන්ත සටනක් කිව්වොත් නිවැරදියි. අදටත් රංගන, නර්තන මෙන්ම ගායනය සම්බන්ධ දමිළ රියැලිටි වැඩසටහන් වල මෙම ගීතය බහුලව දැක ගත හැකිය. Most popular ladies dance faceoff in kollywood කිව්වොත් අනිවාරෙන්ම මගේ තේරීම මේකයි. ඔයාලත් බලන්නකො දෙන්නගේ හැකියාව කොහොමද කියලා..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️