Pada (2022) Malayalam by Ramitha Vimukthi
මේ දිනවල ලංකාව තුල හටගෙන තිබෙන ජනතා අරගලයට ප්‍රධාන හේතුවක් අපගේ ජරාජීර්ණ දේශපාලනය. දේශපාලකයා තම බලය දූෂිත ලෙස අවභාවිතා කරද්දී, පොදු ජනයා එය දෙස නිහඬව බලා සිටින්නේ නැත. ඔවුන් එතනට පැමිණියේ පොදු ජනතාවගේ තේරීමෙන් සහ ජනතා නියෝජිතයින් වශයෙන් යන කාරණයද අපට අමතක කළ නොහැක. එම නිසා බලය අවභාවිතා වන තැන පොදු ජනයාට තම ස්වාධීන බලය අතට ගැනීමට සම්පූර්ණ අයිතියක් ඇත. දේශපාලනය හමුවේ පොදු ජනයාව අල්ලේ නටවන මාතෘකාවක් ජාතිවාදය සහ සුළු ජන කොටස් ලෙස සැලකෙන පුද්ගලයින්ට එරෙහිව සිදු කරන අසාදාරණයන්. Kamal. K. M අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයට පාධක වන්නේ කේරලයේ ආදිවාසී ජන ප්‍රජාවක් මූලිකව සිදුවූ එක් ප්‍රභල දේශපාලනික අරගලයක් සම්බන්දවය.
මෙම චිත්‍රපටයට පාධක වන සැබෑ සිදුවීම හට ගන්නේ, 1996 වර්ෂයේ කේරලයේ පිහිටි Palakkad නම් දිස්ත්‍රික්කය තුලයි. Palakkad ප්‍රදේශයේ විවිද ගම්බද ප්‍රදේශ වලින් පැමිණෙන පුරුෂයින් පස් දෙනෙකු මෙම අරගලයට මුල් වනවා. පස් දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම ඔවුන්ව හඳුනා ගනු ලබන්නේ Ayyankali Pada යන නාමයෙන්. Palakkad ප්‍රදේශයේ ආදිවාසීන්ගේ සමාජ අයතීන් වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරීන් පස් දෙනෙක් මොවුන්. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ, රජය විසින් පණවනු ලැබූ ආන්දෝලනාත්මක ආදිවාසී ඉඩම් සංශෝධන පනතක් අවලංගු කිරීමටයි. දීර්ග කාලීන අරගලයකින් මෙය අවලංගු කිරීමට ඔවුන් දැඩි උත්සාහයක නියැලී තිබුනත්, ඉන් නිසි ප්‍රතිපලයක් ඔවුන්ට ලැබී නැත. ඕනෑම පොදු ජන කොටසක් තමන්ට නිසි සාදාරණයක් නොලැබෙන තැන නීතිය තමාගේ අතට ගැනීමට තීරණය කරනවා. පොදු ජනයා නීතිය තමාගේ අතට ගත් තැන ඕනෑම භයානක පියවරක් වෙනුවෙන් ගමන් කිරීමට සුදානම්. මෙහි අපට හමුවන රාකේෂ්, අරවින්දන්, බාලු සහ කුට්ටීද එවැනි භයානක පියවරක් වෙනුවෙන් ගමන් කරනවා. එම භයානක පියවර කුමක්ද සහ එවැනි භයානක පියවරක් වෙනුවෙන් ගමන් කිරීමට තරම් ඔවුන්ට ආදිවාසී ප්‍රජාව වශයෙන් අත්වූ අසාදාරණය කුමක්ද?.
Pada චිත්‍රපටයේ සුවිශේෂී අංගයක් වන්නේ, මෙය ප්‍රධාන වශයෙන් ගෘහස්තව රූපගත කළ චිත්‍රපටයක් වීමයි. විශේෂයෙන්ම කතාවේ ප්‍රධාන හැරවුම සිදුවන ස්ථානයේ පටන් මෙහි බහුතරයක් සිදුවීම් පෙන්නුම් කරන්නේ ගෘහස්තව. මෙවැනි අවස්ථාවකදී වඩාත් වැදගත් වන අංගයක් වන්නේ ප්‍රේක්ෂක අවදානය චිත්‍රපටය දාවන කාලය පුරාවටම රඳවා ගැනීමයි. මෙහි අධ්‍යක්ෂක සහ තිර රචකයා වන Kamal. K. M ඉතා සාර්ථකව මෙහි කතාවට අනුකූල වන කුතුහලය ගොඩනැගීමට සමත්වී තිබෙනවා. විශේෂයෙන්ම මදක් සෙමින් ගලා ගිය ආරම්භක හෝරාව තුල පවා, මෙම පුද්ගලයින්ගේ අනන්‍යතාවයන් සහ සැබෑ අරමුණ පිලිබඳ කුතුහලයක් ඇතුලත් කර තිබුනා. ප්‍රධාන චරිත හතරට අමතරව මෙහි අනිකුත් සහාය සහ සුළු චරිත වලින් පවා හොඳ දායකත්වයක් ලබා ගෙන තිබෙනවා. ඒ සමගම එවකට කේරලයේ පැවති සමාජ දේශපාලනික පසුබිම සහ රජයේ කාර්යාලන් තුල එදා පටන් පැවති අවුල්සහගත ක්‍රමවේදයන්, මෙහි කතා තේමාවට බද්ද කර තිබෙනවා.
මෙහි ප්‍රධාන චරිත රඟ දැක්වූ Kunchacko Boban, Joju George, Vinayakan සහ Dileesh Pothan ඉතා හොඳ රංගනයක නියැළුනා. ඒ සමගම සහාය චරිතයන් තුලින් රංගනයෙන් දායක වුනු Prakash Raj, Unnimaya Prasad සහ Shine Tom Chacko ද ඔවුන්ගේ සීමිත දර්ශන කාලයන් තුලින් උපරිම ප්‍රයෝජනයක් ගෙන තිබුනා. තවද මෙහි සිනමාකරණය, සංස්කරණය සහ පසුබිම් සංගීත අධ්‍යක්ෂණයද ඉතාම ඉහල මට්ටමක දක්නට ලැබුනා.
මෙහි අවසන් දර්ශනය දැකීමෙන් මෙයට පාධක වූ සැබෑ සිදුවීමේ සංකීර්ණ ස්වභාවය ඔබටද වැටහේවි.