Paava Kadhaigal (2020) Tamil | Sinhala Article

Paava Kadhaigal (2020)- පව්කාර කතාන්දර

Episode 3 – Vaanmagal (නිලඹරේ දියණිය)

අධ්යක්ෂණය: ගෞතම් මෙනන්
රංගනය:ගෞතම් මෙනන්, සිම්රන්
Paava Kadhaigal Anthology කිව්වට කතා හතර වෙන වෙනම එපිසෝඩ්ස් හතරක් විදියට තමයි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. එතකොට නිකං මිනි සීරිස් එකක් වගේ කිව්වත් අවුලක් නෑ ?
මේ විදියට තියන එකේ ලොකුම වාසිය තමයි තමන්ට කැමති තැනකින් පටන් අරගෙන කැමති තැනකින් අවසන් කරන්න පුලුවන්.
ඒ වගේම මේ හැම කතාවකම තියෙන්නේ ප්රශ්නයක් සහ ඒ ප්රශ්නයට පිළිතුරක්.
ගෞතම් වාසුදේව් මෙනන්ගෙ ෆෑන් කෙනෙක් විදියට මම පටන් ගත්තේ ඔහු විසින් අධ්යක්ෂණය කරන Vaanmagal කතාවෙන්. ප්රධාන චරිත නිරූපණය කරන්නේත් ගෞතම් මෙනන් සමග සිම්රන් විසින්මයි. ගෞතම් මෙනන් මේක කරන්නේ ඇයි කියලා ඔහුගේ වචනයෙන්ම කිව්වොත් male lead චරිතය වෙනුවෙන් තෝරාගෙන ඉඳපු නළුවා අවසන් මොහොතේ වැඩේ අතෑරලා දැමීම තමයි හේතුව.

Vaanmagal කතාව තමයි මේ anthology එකේ තුන්වෙනි කතාව. ඒකට පස්සේ තියෙන්නේ වෙට්රිමාරන් සර්ගෙ Oor Iravu කතාව. ඒ ගැන පොඩි ක්ලූ එකකුත් Vaanmagal එකේ මුලම වගේ තියනවා.
මේකෙ හරිම ලස්සන සිංදුවකුත් තියනවා. මධන් කාකිගෙ lyrics එක්ක බොම්බෙ ජයශ්රීගෙ කටහඬත් කාර්තික්ගෙ බොහොම මෘදු සංගීතයත් වෙනම level එකකට ප්රේක්ෂකයාව අරගෙන යනවා. බොහෝ දුරට ඇසට කඳුලක් එන හැඟීමක් දනවන ගීතයක්.
රංගනය පැත්තෙන් ගත්තොත් මේකෙ රඟපාන අවුරුදු දොළහක දහතුනක විතර පොඩි ගෑණු දරුවා සම්මානයක් ලැබිය යුතු මට්ටමේ රංගනයක් ඉදිරිපත් කරනවා❤
සිම්රන්ගෙ රංගනය ඊට නොදෙවෙනියි. ඇය හැඟීම් ප්රකාශනය අතින් කොයිතරමක් දක්ෂ නිළියක්ද කියලා හරියටම දැනගත්තෙ අද ❤
සිම්රන් තමයි මේ කතාවේ කොඳුනාරටිය. මොකද පවුලේ අම්මා කියන චරිතය වටේ තමයි කතාව කේන්ද්රගත වෙන්නේ. ඇය ඒ වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉෂ්ඨ කරනවා. තනි වචනයෙන් කිව්වොත් ‘Marvelous’ ??
Paava Kadhaigal ගැන තිබුන පුවත්පත් සාකච්ඡාවකදි ගෞතම් මෙනන් තමන්ගේ රංගනය ගැන දෙයක් මෙහෙම දෙයක් කියලා තිබුනා;
“කවුරු කාව අධ්යක්ෂණය කරනවද කියලා ෆිල්ම් එක බැලුවම තේරෙයි”
අන්න එ් කතාව හරියටම හරි. සාමාන්යයෙන් පවුලේ අම්මා තමයි අනිත් හැමෝවම කන්ට්රෝල් කරගන්නෙ. මේ කතාවෙ සිම්රන් කරන්නේ දරුවෝ තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙකුගේ චරිතයක්. ඉතිං විය යුතු විදියටම ඇය අනිකුත් සියලුම චරිත තමන්ගේ අණසක යටතේ තියාගෙන තියනවා.
අපේ ප්රධාන නළුවා දිහාට හැරුණොත් ගෞතම් මෙනන් වෙනත් අධ්යක්ෂකවරයින් යටතේ චිත්රපටි කීපයකම රඟපාලා තියනවා. එක්කෝ පොලිස් නිලධාරියෙක් නැත්තන් දුෂ්ඨයෙක් විදියට අපි දැකපු ඔහුගේ සුපුරුදු ස්වරූපය මෙහිදී පොඩ්ඩක් බ්රේක් කරගෙන තියනවා. අර හැමදාම කලිසම්, කමිස, ෆුල් සූට් ගහලා ඉන්න මනුස්සයා වෙනුවට එක පාර වේට්ටි කමිස ඇඳපු කෙනෙක්ව දකිද්දි පොඩි නුහුරු ගතියක් දැනුනා කියලා කිව්වත් වැරැද්දක් නෑ. ඔහුගේ චරිතය තුළ පළවෙනි විනාඩි පහ දහය තුළ පොඩි uncomfortable ගතියක් පේන්න තිබුනා. නමුත් එතනින් පස්සේ 100% ම වගේ චරිතයට අනුගත වෙලා ඉන්නවා. වැඩේ සාර්ථකයි ??
නළුවෙක් විදියට ගෞතම් මෙනන්ගෙන් මම අපේක්ෂා කරපු විදියේ වෙනස් දෙයක් මේ චිත්රපටියේ රංගනය තුළින් දකින්න පුලුවන්. ඔහු අධ්යක්ෂකවරයා නොවුනා නම් මේ චරිතය මීටත් වඩා ගොඩක් හොඳට කරයි කියලා හිතනවා සහ ඒක paava kadhaigal trailer release event එකේදි ගෞතම් මෙනන්ම කිව්වා.
සැමියා සහ බිරිඳ විදියට ගෞතම් මෙනන් සම සිම්රන් අතර ගැලපීම ඉතාම හොඳයි. පොඩිම පොඩි දෙයක් තිබුනා ෆිල්ම් එකේ මුල් හරියෙ මේ දෙන්නගෙ ඩයලොග්ස් වල, නිකං හරියට “No marride couple in marriage history talks like this” වගේ ගතියක් ?
ෆිල්ම් එක ගැන නම් මම මොනවත් කියන්නේ නෑ. මේක ලොකු ඩෙප්ත් එකක් තියන කතාවක්. තමන්ට දැනෙන විදියට ඒක බලලම තේරුම් ගැනීම තමයි වටින්නේ ❤
එක කාරණයක් මම තේරුම් ගත්තා අද?
මම පාන්දර බස් එකේ කැම්පස් එකට යන්න යද්දි, කොළඹ ඉඳලා ආපහු ගෙදර එද්දි ඒ යනකන් එනකන් මගේ අම්මා ලොකු බයකින් ඉන්නවා. මම ඒක ගණන් අරගෙන නෑ, “අයියෝ නිකං බොරුවට බය වෙනවා” වගේ දෙයක් තමයි මම කියන්නේ සහ හිතන්නේ. නමුත් ඒ බය මොකද්ද කියලා අද හරියටම තේරුම් ගත්තා කියලා කියන්න පුලුවන්.
කාන්තාවන්ට ඒ බයෙන් තොරව ජීවත් වෙන්න පුලුවන් සමාජයක් හදන්න පුලුවන් පිරිමින්ට විතරයි. නමුත් අද වෙද්දි බහුතරයක් පිරිමි ඉන්නේ කෝමා එකක් හැදිලා වගේ තත්වයක. ස්වභාවධර්මයෙන් පිරිමියෙක්ව හදන්නේ කායිකව වගේම මානසිකවත් ශක්තිමත් ⁣විදියට. දැකලා ඇති පිරිමි දරුවෝ වැඩෙන්නේත් හෙමිහිට, එයාලට කලින් ගෑණු දරුවෝ ඇවිදිනවා, කතා කරනවා, උස යනවා, වැඩි වියට පැමි⁣ණෙනවා. නමුත් එක්තරා තැනකදි පිරිමියා භෞතික වශයෙන් කාන්තාව අභිබවා යනවා. නමුත් අනිත් අංශ වලින් අර ස්වභාවධර්මය නැමැති මැවුම්කරුවා විසින් බලාපොරොත්තු වුනු ගතිගුණ අද වෙද්දි බහුතරයක් පිරිමි උදවිය අතරින් මැකිලා ගිහිල්ලා ඉවරයි.

මං හිතන්නේ පිරිමි සහ ගැහැණු දෙපාර්ශවයම තමන් පිරිමියෙක්, ගැහැණියක් වෙලා ඉපදුනේ ඇයි කියලා තේරුම් ගත්ත දවසට මේ සමාජය තියනවට වඩා යහපත් තැනක් වෙයි අනිවාර්යයෙන්ම. ඒ සඳහා දෙපාර්ශවයටම සමාන වගකීමක් තිබෙනවා.

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *