Oru CBI Diary Kurippu (1988) Malayalam
IMDb: 8.2/10
Google Users Rating: 94%
ධනවත් ව්‍යාපරිකයෙකුගේ පුත්‍රයා සමග විවාහ වී සිටි ඕමනා එක් රාත්‍රියක අභිරහස් ලෙස නිවස පිටුපස මිය ගොස් සිටිනු හමුවෙයි. මරණය සියදිවි නසාගැනීමක් ලෙස පැවසුනද එම පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත් නොවන ඕමනා ගේ පියා සහ සොහොයුරිය විසින් පොලීසියේ සේවය කරන තම ඤාතියෙකු මාර්ගයෙන් එම පරීක්ෂණය CBI (Central Bureau of Investigation) වෙත යොමු කර ගැනීමට සමත් වෙති. එහිදී එම පරීක්ෂණය බාර වන්නේ DSP සේතුරාමන් අයියර් වෙතයි. ඕමනා ගේ මරණය පිළිබඳව අභිරහස විසඳීමට සේතුරාමන් අයියර් ට හැකි වේවි ද?
……………………………………………………………………………
අධ්‍යක්ෂණය: K. මධු
පිටපත: S.N. ස්වාමි
රංගනය:
මම්මුති (සේතුරාමන් අයියර්- DySP of CBI)
සුරේශ් ගෝපි (හැරී- CI of CBI)
සුකුමරන් (DySP දේවදාස්)
මුකේශ් (කොස්තාපල් චාකෝ)
Boxoffice: ඉන්දියානු රුපියල් ලක්ෂ 37 ක වියදමින් නිපදවුනු මෙම චිත්‍රපටප ඉන්දියානු රුපියල් කෝටි තුනක ආදායමක් උපයාගෙන ඇත.
……………………………………………………………………………….
මලයාලම් ත්‍රිලර් සිනමාවේ කිරුළු පලන් රජු වන K. මධු විසින් අධ්‍යක්ෂණය කල ඔරු CBI ඩයරි කුරිප්පු චිත්‍රපටය යනු සුප්‍රසිද්ධ CBI චිත්‍රපටි මාලාවේ පළමු වන චිත්‍රපටයයි. 2009 වසරේ National Investigation Agency හි ප්‍රධානීල් ලෙස පත්වුනු IPS නිළධාරියෙක් වන Radha Vinod Raju මහතාගේ චරිතය ඇසුරින් මෙම සේතුරාමන් අයියර් චරිතය නිර්මාණය කර ඇත.
CBI කතා මාලාවේ අනිකුත් චිත්‍රපට: Jagratha (1989), Sethurama Iyer CBI (2004), and Nerariyan CBI (2005), CBI 5 (pre-production)
එවකට සිනමාපටයක් තුළ තිබිය යුතුමයැයි සැලකුන ගීත සහ නර්ථන ආදී කිසිවකින් තොරව 100% රහස් පීක්ෂණයට පමනක් මුල් තැන ලබා දෙමින් නිර්මාණය කරන ලද ඔරු CBI ඩයරි කුරිප්පු චිත්‍රපටය එකල විසින් එවකට වැඩිම ආදායම ඉපයූ චිත්‍රපටය ලෙස වාර්තා තබා තිබුනු මම්මුතිගේම New Delhi (කෝටි 2.5) චිත්‍රපටයේ ආදායම් වාර්තාව ද බිඳ දමන ලදී. එසේම මෙය තමිල්නාඩු ප්‍රාන්තය තුළ අඛණ්ඩව දින 365, එනම් වසරක් තිරගත විය.
good job indeewari