Origin of Star Wars Film Series | Sinhala Article

Origin of Star Wars Film Series

Star Wars හැදුනේ කොහොමද ??

Star Wars කියන නම ඇහුවම මොකක්ද මතක් වෙන්නෙ. ඔව් 70,80 දශකවල අයටනම් Star Wars කියන්නෙ තනිකරම ආගමක් වගේ දෙයක්. Visual Effect කියන දේ බොහොම අඩු මට්ටමකින් තිබුන, විද්‍යා ප්‍රබන්ධ සිනමාපට කියන ශානරය යටතේ ඉතාම අඩු සිනමාපට ප්‍රමාණයක් නිර්මාණය උන ඒ දශකවලදි ඒ හැමදේම සම්පූර්ණ කණපිට හරවමින් සිනමා ප්‍රේක්ෂකයන්ව දීර්ඝ අභ්‍යවකාශ වීර චාරිකාවක රැගෙන යමින් අමන්දානන්දයට පත්කරන්න Star Wars සමත් උනා. ඉතින් ඒකාලේ ආදායම් වාර්ථා සියල්ලම අලුත් කරා විතරක් නෙමෙයි අති විශාලම Fan base එකක් තමන් වෙතට එකතුකරගන්නට Star Wars සමත් උනා. අද උනත් 1977 වගේ කාලයකදි තිරගත උන Star Wars: A New Hope (Episode IV) බලද්දි හිතෙනවා ඒකාලෙ මේ මිනිස්සු මේ තරම් Quality එකට චිත්‍රපටියක් හැදුවෙ කොහොමද කියලා. ඉතින් දැන් ඉහලම තාක්ෂණයෙන් පරිපූර්ණ උන සිනමාපටි බලන අපිට අදටත් මෙහෙම හිතෙනවා කියන්නේ ඒකාලෙ මිනිස්සුන්ට මේක කොහොම ඇඟට වදින්න ඇතිද කියලා පොඩ්ඩක් හිතන්න. තනිකරම පිස්සුවක් මේක. මේ මෑතකදි තිරගත උන Star Wars Sequel trilogy එක කොයිතරම් අසාර්ථක උනත් ඒවා ලබපු ආදායමෙන්ම තේරෙනවනෙ Star Wars කියන්නෙ මොනතරම් Fan base එකක් ඉන්න සිනමාපට මාලාවක්ද කියලා. Sequel Trilogy එකෙන් පැරණි Star Wars සිනමාවට ආදරේ කරපු රසිකයන්ව සෑහෙන Disappoint කලත් පසුව පැමිණි Rogue One: A Star Wars Story සහ Mandalorian Tv series එකෙන් ආයෙම පැරණි මතකයන්ට රසිකයන්ව අරගෙන ගිහින් වැඩේ ගොඩදාගන්න Disney සමාගම යන්තම් සමත් උනා. ඉතින් ඉදිරියට Star Wars සිනමා විශ්වය තවතවත් පුලුල් වීමට නියමිතයි. ඒවගේම මේ වෙද්දි ඒකෙ හොඳම Fans ලා කිහිප දෙනෙක් උන Jon Favreau, Dave Filoni ඇතුලු පිරිස සම්බන්ධ වෙලා ඉන්න නිසා ඉස්සරහට නම් කිසිම අවුලක් නැතුව වැඩේ සුපිරියටම යයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා.

ඉතින් මම අද කතාකරන්න ආවෙ මේ Star Wars විශ්වය නිර්මාණය උන හැටි, ඒ චරිත, තාක්ෂණයන්, සිදුවීම් යනාදිය නිර්මාණය කරන්න පාදක උනේ මොනවගේ දේවල්ද කියන එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නයි. Star Wars කියන මේ දැවැන්ත සිනමා නිර්මාණය පිටුපස ඉන්න ප්‍රධානම හස්තය තමයි George Lucas කියන්නෙ. ඉතින් මෙයා මේ දැවැන්ත කතාවස්තුව ගොඩනගන්න මූලිකවම සැබෑ ලෝකයෙන් පාදක කරගත්තෙ මොනවද කියලා අපි පොඩ්ඩක් හොයලා බලමු. එහෙනම් මම එකින් එක විස්තර කරනවා. ඊට අදාල පින්තූර පහල Comment section එකේම දාන්නම්. එතකොට විස්තරය සහ අදාල පින්තූරය එක්ක හොඳ අදහසක් ගන්න පුලුවන් වෙයි කට්ටියටම. එහෙනම් අපි බලමු මොනවද මේ Star Wars වෙනුවෙන් මූලික උන සැබෑ ලෝකයේ දේවල් කියලා.

1. Star Wars කිව්වම බොහෝ දෙනෙක්ට මුලින්ම මතක් වෙන්නෙ ඒකෙ ප්‍රධාන චරිතය උන Luke Skywalker ව නම් නෙමෙයි. අර උසට උසේ කලු ලෝගුවක් දාලා අමුතු හෙල්මට් එකක් දාගෙන රොබෝ කෙනෙක් වගේ ඉන්න Darth Vader ව තමයි ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නෙ. මම හරි නේද ? ඔව් Star Wars මගින් හඳුන්වලා දුන්න Darth Vader කියන චරිතය ඇත්තටම සිනමා ලෝකයේ නිර්මාණය උන හොඳම දුෂ්ඨ චරිත අතර මුල් ස්ථාන තුනේ නිතරම ඉන්න චරිතයක්. රොබෝ කෙනෙක් වගේ හිටියට මේ චරිතය එක්ක බැඳුනු ගැඹුරු වගේම සංවේදී කතාවක් තිබුන නිසාම මේ චරිතයේ Motivation එක, Attitude එක වගේම ඒ Personality එකටත් ආදරේ කරන විශාල පිරිසක් හිටියා සහ අදටත් ඉන්නවා. අපි උනත් අපේම නිර්මාණයකට දුෂ්ඨ චරිතයක් නිර්මාණය කරද්දි ඒකට අවශ්‍ය කරන දේවල් ගැන ලොකු දැනුමක් අපිට මේ චරිතයෙන් අරගන්න පුලුවන්. මුලදිම මේ යකා කොහොමද ඔය කියන තරම් චරිතයක් වෙන්නෙ කියලා හිතුනත් Star Wars Original සහ Prequel Trilogies බැලුවට පස්සෙ නම් කවුරුවත් එහෙම කියන එකක් නෑ කියලා මටනම් විශ්වාසයි. ඉතින් මේ චරිතේ ගැන කියන්න උවමනා උන නිසාම පොඩි අමතර දේවල් ටිකක් කිව්වට මට ඇත්තටම කියන්න ඕන උනේ මේ චරිතය නිර්මාණය කරන්න පාදක උන ඇත්තම චරිතය ගැනයි. ඔව් Darth Vader කියන්නෙත් ඇත්තම චරිතයක් පාදක කරගෙන නිර්මාණය උන කල්පිත නිර්මාණයක්. මේ ඇත්තම කෙනා තමයි ලේ පිපාසිත දරුණු සමුරායි Lord කෙනෙක් උන Date Masamune. ඉතින් Darth Vader ගේ පෙනුම දැක්කත් ඒකත් ජපානයේ පැරණි සමුරායිවරුන්ගෙ ඇඳුමට ගොඩක්ම සමානයි කියලා තේරෙන්න ඇති. මේ Masamune ගත්තම මේ චරිත දෙකටම පොදු කාරණා කිහිපයක්ම තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. අංක එක තමයි මේ දෙන්නම ශාරීරික ආබාධයකින් පෙලුන අය. Darth Vader ගේ අතක් සහ කකුල් දෙකම නෑ සහ Masamune ගේ දකුණු ඇහැ නෑ. ඊලඟට මේ දෙන්නම දෙමාපියන්ගෙන් එක්කෙනෙක් එක්ක පොඩිකාලෙ ඉදන් හැදුනු වැඩුණු අය ඒවගේම ඒ කෙනාගෙ අහිමිවීමත් එක්ක ජීවිතේ වෙනස්ම මාවතකට ගිය අය. ඊට අමතරව මේ දෙන්නම ඔවුන්ට යන්න පුලුවන් ඉහලම Rank වලට ගියා විතරක් නෙමෙයි චරිතයෙ තිබුන රුදුරුබව සහ අනුකම්පා විරහිත ස්වභාවය නිසාම මේ දෙන්නව ඇසුරු කර අය මෙයාලට බය උනා. ඒවගේම තවත් සුවිශේෂී දෙයක් තමයි මේ දෙන්නම නිතරම සැරසිලා හිටියෙ තද කලු පැහැති ඇඳුමකින්. ඉතින් පේනවා නේද මේ සැබෑ චරිතය සහ ප්‍රබන්ධ චරිතය මොනතරම් සමානද කියලා. මම පහලින් photo එකකුත් දාන්නම්. එතකොට මේ දෙන්නගෙ සමානකම හොඳටම බලාගන්න පුලුවන්.

2. මේකේ බහුලව දකින්න ලැබුන අභ්‍යවකාශයේ සටන් ජවනිකා නිර්මාණය කිරීමෙදි George Lucas මූලිකවම 20 වෙනි ශතවර්ශයේ මැද භාගයෙදි සිදු උන ගුවන් සටන් වල ආභාශයන් තම චිත්‍රපටියට එකතු කරගෙන තියෙනවා. චිත්‍රපටියට අවශ්‍ය අභ්‍යවකාශ යානාවන් නිර්මාණය කිරීමේදි එහි ඇතුලත කොටස් බොහෝමයක් නිර්මාණය කරලා තියෙන්නෙ ඒ සමයේදි නිර්මාණය වෙලා තිබුන සැබෑ ගුවන් යානාවන්වල ඇතුලත කොටස් ආශ්‍රය කරගෙනයි. මේවල නියමු කුටි වල පවා ඉතාම ලොකු සමානකමක් දකින්න ලැබෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් Star Wars හි අමතක කරන්නම බැරි යානය වෙන Millennium Falcon හි නියමු කුටිය ඒකාලෙ තිබුන Boeing B-29 ගුවන්‍ යානයෙ නියමු කුටියට බොහෝ සමානයි. ඊට අමතරව මේවල ශබ්දයන් පවා ගුවන් යානාවල හඬවල් ආශ්‍රයෙන් නිර්මාණය කරන්න George Lucas කටයුතු කරලා තියෙනවා.

3. Star Wars හි ප්‍රධානම පාර්ශවයක් තමයි Jedi Order එක. සාමාන්‍යයෙන් යුක්තිය, සාධාරණත්වය සහ සාමය සංකේතවක් උන මේ Jedi Order එකත් ජපන් සමුරායි රණශූරයන් වගේම Shaolin හිමිවරුන් (කුංග් ෆූ කලාව ලොවට හඳුන්වාදුන්නෙ මොවුන් ) මූලික කරගෙන නිර්මාණය කරලා තියෙනවා. මේ පාර්ශව දෙකේම මූලික මූලධර්මයන් උන සාමය සුරැකීම සහ ජීවිත රැකගැනීම කියන දේ Jedi Order එකෙත් දකින්න ලැබෙනවා. මොවුන්ගේ මූලධර්මයන් ඉහත සඳහන් පාර්ශව දෙක ආශ්‍රයෙන් ලබාගනිද්දි Jedi Order එකේ දේශපාලනික පැතිකඩ සහ පාලනය සිදු උන ආකාරය පාදක කරගෙන තියෙන්නෙ Templar නයිට්වරුන්ගෙනුයි. ඉහලම Ranks වල සිටින Jedi නයිට්වරුන් ඔවුන්ගේ ඉහලම පාලන තන්ත්‍රය උන Jedi Council තුල අසුන්ගෙන පාලනය සිදුකල ආකාරය එදා පරිණත Templar නයිට්වරුන් දෙලොස් දෙනෙකු විසින් අනිකුත් සමස්ථ Templar Order එකම පාලනය කල ආකාරය සිහිකැඳවනවා. එසේම Palpatine අධිරාජ්‍යයා විසින් Revenge of the Sith හිදී සිදුකල Jedi Purge එක වගේම ප්‍රංශයේ සිව්වන පිලිප් රජු විසින් Templar නයිට් වරුන්වද සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට කටයුතු කලා. මේ ඓතිහාසික කරුණු සහ ප්‍රබන්ධ Star Wars අතරෙ මොනතරම් ගැලපීමක් තියෙනවද කියල දැන් තේරෙනවා නේද..

4. Master Yoda කියන්නෙ Star Wars වලට නැතුවම බැරි චරිතයක්. දැනුමින් පරිපූර්ණ උන ඒ දැනුම නිසාම තැන්පත්, නිවුණු ගතිගුණවලින් පිරුණ චරිතයක් උන Yoda ව නිර්මාණය කිරීමේදි සැබෑ ලෝකයේ සිටි අති විශිෂ්ඨතම දැනුමැත්තෙක් උන Albert Einstein ව, ඔහුගේ හැඩරුව පාදක කරගත්තා කියලා දන්නවද. ඇත්තටම Yoda ව නිර්මාණය කල කෙනා තමන්ගේ කාමරයේ Albert Einstein ගේ විශාල පින්තූරයක් එල්ලගෙන ඉදලා තියෙනවා. ඔහු Yoda ව නිර්මාණය කිරීමේදී නිරායාසයෙන්ම මේ පින්තූරයෙ දකින්න ලැබුණ බොහෝ සුවිශේෂී අංග තමන්ගෙ නිර්මාණයට එකතුකරලා තිබුනා. ඒ අතර විශේෂයෙන්ම කැපීපෙනෙන දේවල් විදියට Einstein ගේ ඇස්, හතර අතට විහිදිලා අවුල් උන සුදු කොණ්ඩය වගේම මුහුණ පුරා ඇති රැලි පෙන්වා දෙන්න පුලුවන්.. ඉතින් ඔන්න ඔහොමයි ලෝකයේ ඉදපු හොඳම මොලයක් තිබුන විද්‍යාඥයෙක් ගෙන් Star Wars විශ්වයේ ඉදපු බුද්ධිමත්ම චරිතය නිර්මාණය උනේ..

5. Star Wars කිව්වම ඒකටම සුවිශේෂී උන අමතක කරන්න බැරි දෙයක් තමයි Lightsabers සහ ඒ ආශ්‍රිත සටන් කියන්නෙ. පොඩිකාලේ මේක බැලුවම පොඩි S-Lon බට අරගෙන ඒවා Lightsabers කියලා හිතාගෙන හරි හරියට කඩු සටන් කරන්න අපිත් පුරුදුවෙලා හිටියා. Star Wars වලින් බොහෝ දෙනෙක් මේක දැක්කට ඇත්තටම ඒකටත් සැබෑ ලෝකයේ සටන් ක්‍රමයක් පාදක කරගෙන තියෙනවා. ඒ තමයි ජපානයේ සටන් ක්‍රමයක් වන Kendo හි ඇතුලත් උණ බම්බු වලින් සිදුකරන සටන් විශේෂය. ඉතින් Star Wars සිනමාපට මාලාව පුරාවටම දකින්න ලැබෙන Lightsaber Fight වලින් Kendo සටන් ක්‍රමයෙ සුවිශේෂී පහරදීම්, ආරක්ෂාවීම් වගේම විශේෂ අත් පා චලනයන් පවා දකින්නට ලැබෙනවා. ඊට අමතරව මෙහි ආධ්‍යාත්මික පැතිකඩ තුලින්ද සිරුර හැසිරවීමේ දී තිබිය යුතු රිද්මය පවත්වාගැනීම වගේම ශරීරය හා ආත්මය අතර තිබිය යුතු සමබරතාවය පවත්වාගැනීම ගැනද බොහෝ කරුණු කාරණාවන් Star Wars වෙතට මුසුකරගෙන තියෙනවා.

6. Star Wars prequel trilogy ගත්තොත් ඒක සම්පූර්ණයෙන්ම වගේ පැරණි රෝමානු ජනරජය බිඳවැටීම සහ එයින් රෝමානු අධිරාජ්‍යය පැනනැගීම පාදක කරගෙන නිර්මාණය උන සිනමාපට ත්‍රිත්වයක්. අපිට චිත්‍රපටියෙත් දකින්න ලැබෙන්නෙ මුලින්ම පවතින සාමකාමී Galactic Republic එක තුලින් ඇතිකරපු ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි තිබෙන විශ්වාසය ක්‍රමයෙන් අඩුවී යාමත් එය ප්‍රයෝජනයට ගෙන ඒකාධිපතියෙකු නැගී සිට Republic එක Galactic Empire එකක් බවට පරිවර්තනය කිරීමේ කතාවයි. ඉතින් යුරෝපානු ඉතිහාසය ගැන යම් මට්ටමක දැනුමක් තියෙන කෙනෙක්ට අනිවාර්‍යයෙන්ම මේ දෙකේ තිබෙන සමානකම වැටහෙන්න ඕන. ඊලඟට මේ සිනමාපටවල නිතර දකින්න ලැබුනු වචන වෙන Senate, Republic, Empire වැනි වදන් සේම Palpatine වැනි නාමයන්ද පුරාණ රෝම අධිරාජ්‍ය සමය සිහියට නැංවීමට සමත්වෙනවා. එසේම Naboo ග්‍රහලෝකයේ දකින්න ලැබෙන බොහෝ ඉදිකිරීම් ද පුරාණ රෝම බයිසැන්තියානු අධිරාජ්‍යයේ ඉදිකිරීම් සිහිපත් කරනවා.

7. Star Wars: The Empire Strikes Back (Episode V) හිදී ඉතාම පුදුමාකාර විදියට මෙහි ප්‍රධාන දුෂ්ඨයා සහ වීරයා වෙන Darth Vader සහ Luke Skywalker කියන්නෙ පියා සහ පුතා බව ප්‍රේක්ශකයාට දැනගන්න ලැබෙනවා. ඉතින් ඊටපස්සෙ මේක කතාමාලාවෙ අවසානය දක්වාම දිවෙන සුවිශේෂී සම්බන්ධයක් බවට පත්වෙනවා. ඇත්තම කිව්වොත් Star Wars නිර්මාණකරු උන George Lucas ගේ පෞද්ගලික ජීවිතයෙ පැතිකඩක් තමයි ඒ විදියට සිනමාපටයට එක් කරලා තියෙන්නෙ. ඒක මෙහෙමයි. George ගේ තාත්තා තමන්ගේ පුත්‍රයා කවදාක හරි ජීවිකාව කරගනී කියලා කිසිම විදියකින් අපේක්ෂා නොකරපු ක්ශේත්‍රයක් තමයි සිනමා ක්ශේත්‍රය. දැන් කාලේ තරම් විශාල වානිජ වටිනාකමක් නොතිබුන මේ ක්ශේත්‍රයට සැබෑවටම ඇම්මක් තිබුන අය පමණක් සිනමා කර්මාන්තය හා එක්වෙලා ඉදපු ඒ කාල සමයෙදි තමන්ගේ පුතත් ඒ ක්ශේත්‍රයම තෝරගත්තා කියලා දැනගත්තම මේ පියා සෑහෙන කෝපයට පත්වෙලා තියෙනවා. (අපේ රටෙත් ඉස්සර ඔහොම නෙ. ගොඩක් නලු නිලියො පවුලත් දාලා ඇවිත් තමයි නලුකම තෝරගෙන තියෙන්නෙ) ඉන්පසුව George Lucas ත් තමන්ගෙ කැමැත්ත වෙනස් කරන්න අකමැති වීම නිසා විශාල කාලයක් පුරාවටම මේ දෙන්නා අතරෙ ඒතරම් ලොකු සම්බන්ධයක් තිබිලා නෑ. Darth Vader ඇවිත් Luke ට අඳුරු පැත්ත හා එක්වන්නැයි ඉල්ලීම් කල ආකාරයටම තමන් අකමැති පවුලේ ව්‍යාපාරය සමග එක්වන්නැයි George ට ඔහුගේ පියා බොහෝ බලකිරීම් කර තිබෙනවා. ඉතින් Luke ඒ ඉල්ලීම ප්‍රතික්ශේප කලා වගේම George ත් තම පියාගෙ ඉල්ලීම ප්‍රතික්ශේප කරලා තිබුනා. නමුත් අවසානයෙදි මේ දෙපල එකිනෙකාව තේරුම් අරගෙන සාමදාන වෙලා තියෙනවා. අන්න ඒ දේ තමයි Darth Vader විසින් Star Wars: Episode VI – Return of the Jedi හිදී තම ජීවිතය පරදුවට තියලා තම පුත්‍රයාගේ ජීවියට බේරාගැනීම වෙනුවෙන් කැපවීමෙන් පෙන්නලා තියෙන්නෙ. ඇත්තටම පිය පුතු සබඳතාවයක් කියන්නෙ කොයිතරම් හැලහැප්පීම් මධ්‍යයේ උනත් සදාකාලිකවම තිබෙන අපූරු බැඳියාවක් බව තම ජීවිත අත්දැකීම් ඇසුරෙන් ඔහුගේ විශිෂ්ඨතම සිනමා නිර්මාණයට මුසු කරන්න George Lucas සමත් උනා. මේ දේවල් නිසා Star Wars කියන්නෙ තවත් එක අරුමෝසම් විද්‍යා ප්‍රබන්ධ සිනමාපටයක් නොවී දියුණු අභ්‍යවකාශ යුගයක පවා ආදරය, බැඳියාවන්, දුක, වෛරය වගේ මූලික මනුශ්‍ය හැඟීම් අතරෙ දෝලනය වන අපූරු සිනමා වෘතාන්තයක් අපවෙත ලබාදෙන්නට සමත් උන සිනමා නිර්මාණයක් බව විශේෂයෙන්ම කියන්න ඕන. එහි තිබුන ඒ කාලයට සාපේක්ශව ඉදිරියෙන් පැවති තාක්ෂණික භාවිතාවන් හා සමානවම ආධ්‍යාත්මික පැතිකඩ තුලින්ද විශාල කතාන්දරයක් පවසන්න Star Wars සිනමා වෘතාන්තයට හැකියාව ලැබුනා. අදටත් බොහෝ

George Lucas

දෙනා මේක ආගමක් වගේ සලකන්නෙ ඒ නිසයි. ඒවගේම අවසානයෙදි George Lucas මේ නිසාම ඔහුගේ පියාගේ සිතුවිල්ල බොරුවක් කරමින් ලෝකයේ එතෙක් මෙතෙක් නිර්මාණය උන ජනප්‍රියම Franchise එකක නිර්මාණකරුවා සහ අයිතිකරුවා බවට පත්ව අසීමිත ධනස්කන්ධයක් උපයාගන්නටද සමත් උනා. ඉතින් ඔයාලත් මේ වගේම හීන දකිනව ඇති. ඒ හීන කවදාක හරි හැබෑකරගන්න අනිවාර්යයෙන් උත්සාහ කරන්න. තමන්ගේ ආශාව පසුපස යන්න. ඒක තමන්ට හැකි උපරිමයෙන් සාර්ථක කරගන්න උත්සාහ කරන්න කියලයි කියන්න තියෙන්නෙ. සමහරවිට අනපේක්ශිත අසාර්ථකවීම් මුලදිම වෙන්න පුලුවන්. නමුත් හිතින් වැටෙන්නෙ නැතුව කවදහරි තමන්ගේ ඉලක්කයට යන්න. එතකොට එදාට ඔබට පෙරලා ලැබෙන දේවල් ගැන ඔබටම පුදුම හිතේවි. එහෙනම් මෙතනින් Star Wars ගැන කතාන්දරය අහවර කරනවා. ආයෙම මේ වගේ අපූරු තොරතුරකින් හමුවෙමු. එතෙක් සියලු දෙනාටම ජයවේවා !!

ප්‍රගීත් ශාන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *