Old (2021) English by Malintha Imalka Vithanage
“නයිටි ශ්‍යාමලාන්ගේන් කාලෙකට පස්සේ “ද විලේජ්” පන්නයේ අමුතුම වැඩක්”
නයිට් ශ්‍යාමලාන් (Night Shyamalan) කියන්නේ මා ඉතාමත් කැමතිම සිනමාකරුවෙක්. ඔහු භීම සහ අබිරහස් (Horror/Mystery) සිනමාවේ අපූරු නිර්මාණ කිහිපයක් ලෝක සිනමාවට දායාද කරපු කෙනෙක් වගේම ඔහුටම ආවෙිණික සිනමා ශෛලියකින් සහ ශානරයකින් තමාගේම වූ ‘ගූඪ මුද‍්‍රාවක්’’ හොලිවුඩි සිනමාවෙි තියන්න සමත් වූ නිර්මාණකරුවෙක්. ඔහුගේ චිත්‍රපට අතර මම අදටත් ප්‍රියතාවක් දක්වන්නේ “The Village “චිත්‍රපටය. නයිටි ශ්‍යාමලන්ගේ නවතම චිත්‍රපටය වන “Old” චිත්‍රපටය හරහා නවතම සන්දර්භයකින් සහ අලුත් පන්නයේ කතාවක් ගෙනත් තිබෙනවා කාලෙකට පස්සේ. චිත්‍රපටයේ කතා (plot) සාරාංශය මෙයාකාරයෙනි.


අභිරහසක් බවට පත් වෙචිච නිරැවත් මළ සිරර නෙමෙයි මෙි පවුල් තුනට අත්විඳින්න වෙන ලොකුම ඛෙිදවාචකය. කිසිවිටකත් නොහිතපු විදියට මෙි පවුල් තුනේ කුඩා දරුවන් වේගයෙන් වයසට යන්න පටන් ගන්නවා. ළමයි විතරක් නෙමෙයි වැඩිහිටියනුත් වෙිගයෙන් වයසට යන්න පටන් ගන්නවා. මෙම පවුල් ත්‍රිත්තවය සමඟ පැමිණි වයස අවුරැදු හැත්තෑවක් පමණ ගැහැණියක් මෙි හදිස්සි වයස්ගතවීමත් එක්ක මිය යනවා. මිය යනවා විතරක් නෙවෙයි, පැයක් විතර ගියාට පස්සේ සිරැර දිරාපත්ව ඇටකටු බවට පත්වෙනවා. අවසාන වශයෙන් පවුල්වල නිගමනය වන්නේ මෙම වෙරළ විසින් ඔවුන් වේගයෙන් වයස්ගත තත්ත්වයට පත් කරන බවයි. සෑම විනාඩි 30 කට වරක් වයස අවුරුදු එකකට සමාන වන බව ඔවුන් නිගමනය කරනවා. ඉන් පස්සේ තමයි චිත්‍රපටයේ කතාවෙි කුතුහලයේ ශ්‍රාවය ක්ෂණයෙන් වෑස්සෙන්නට පටන් ගන්නේ. චිත්‍රපටය විසින් ගොඬනඟන දැවැන්ත කුතුහලයක් සහ ප්‍රශ්නාර්ථයක් තිබෙි.
ඇයි මෙි මිනිස්සු වයසට යන්නේ?
මෙයාකාරයෙන් මෙි වෙරළ විසින් ඉක්මනින් වයස්ගත තත්ත්වයට පත් කිරීමට ඇති හේතුව කුමක්ද?
මෙම පවුල් තුනට වෙරළෙන් පැනලා යන්නට බැරි ඇයි?
මෙම පවුල් තුන තමන්ගේ ජීවිතය බෙිරගෙන මෙම වෙරළෙන් පළා යන්නේ කොහොමද?
මොවුන්ට අවසානයේ අත්වන ඉරණම කුමක්ද?
මෙි අටෝ්රාසියක ප්‍රශ්න බලන ප්‍රේක්ෂකයාට දැනෙන්න පටන් ගන්නවා. මෙි ප්‍රශ්නවලට උත්තර ලැබෙන්න ෆිල්ම් එකේ අවසන් විනාඩිය වෙනකමි ඉවසිල්ලෙන් බලන්න කියන්න උගුලට දැනටමත් ප්‍රේක්ෂකයා අහු කරලා ඉවරයි. අර්බුදයෙන් අර්බුදයට යන මෙි සමාගමය එකිනෙකා මරාගන්නා අධම සටනක මැදිවන ආකාරය පිළිබඳ Horrific විදියට චිත්‍රපටය ඇතුළේ පෙන්නනවා.

ඇත්තටම ගත්තොත් ෆිල්ම් එක මරැ. පර්ෆෙක්ට්. වෙිගයෙන් කතාව ගලාගෙන යනවා. කිසිම බෝරින්ග් ගතියක් නෑ. කුතුහලය නමි උපරිමයි. සප්‍රායිස් පිට සප්‍රායිස් දෙනවා. ට්‍රැක් ෂොටි, පෑන් ෂොට් වගේ සිනමැටික් කැමරා ඇන්ගල්වලින් ෆිල්ම් එක ආටිස්ටික් වැඩක් විදියට කරලා තියෙනවා. සිනමොටෝග්‍රැපි පැත්ත මරැ. අනෙක් අතට ස්ටෝරිය ඇතුළේ ආදරය සහ පවුල පිළිබඳ තියෙන බයට වඩා බලවත් “වයසට යාමේ බය” සහ “මැරෙන්න තියෙන බය” කියන දෙක හොඳට පෙන්නපු ෆිල්ම් එකක්. දැඩි ආතතිය, පවුල්වල තියෙන සංකීර්ණත්වය, ආදරය, වගේ දේවල් ෆිල්ම් එක ඇතුළේ පෙන්නනවා. ෆිල්ම් එකේ අඩුපාඩු ටිකක් තිබුනා. ප්ලොටි හෝ්ල් වගේ දේවල්. ඒ මොනාද කියලා කියන එක බලන කෙනාට කරන අපරාධයක් හින්දා ඒ ගැන මම කතා නොකර ඉන්නමි. නයිට් ශ්‍යාමලාන් කියන්නේ මම ආසම ඩිරෙක්ටර් කෙනෙක් විදියට මම මෙි ෆිල්මි එක ගැන මීට වඩා බලාපොරොත්තු තිබුනා. හැබැයි මෙි ෆිල්ම් එකට ලැබිලා තියෙන්නේ බහුතරයක් නෙගටිවි කමෙන්ට්ස් සහ රියැක්ෂන්ස්. හැබැයි සමස්තයක් වශයෙන් ගත්තාම ෆිල්ම් එක බලල හොඳ කුතුහලමය ආස්වාදයක් ලැබුනා කියලා තමා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. 2021 වසරට අදාළ බලපු අමුතුම ස්ටෝරියක්, අමුතුම සිනමැටික් කන්සෙප්ට් එකක් එක්ක, අමුතුම ත්‍රීලර් ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්.

Initial release: July 19, 2021
Director: M. Night Shyamalan
Budget: $18 million
Based on: Sandcastle; by: Pierre Oscar Levy; Frederik Peeters
Cinematography: Michael Gioulakis
Distributed by: Universal Pictures, Blinding Edge Pictures