Nowhere Special (2021) English | Sinhala Article

Nowhere Special (2021) English

93% liked this film Google users

Drama (Uberto Pasolini )

සරල එහෙත් හැගීම්බර කතාවකට පුලුවන් හදවතට කතාකරන්න.

John ජනෙල්, වීදුරු පිසදමන්නෙක්. බිරිද හැර ගොසිනි.
වසර 4ක කුඩා දරුවෙකුට පියෙකි.

කුඩා දරුවා මයිකල්. ලෝකය පිලිබදව හරි අවබෝධයක් නැති වැඩෙන්නෙක්. මවගේ සෙනෙහස අහිමි වූවෙක්.
දකින සමවයසේ සියල්ලන්ටම මවක් සිටීමත් තමන්ට නොසිටීමත් ප්‍රෙහෙලිකාවක් වු මයිකල්…

මයිකල් හා ජෝන් ගේ ලෝකය සරලයි. එදිනෙදා ජිවීතය ගෙවන ලමාකල සුන්දරත්වයට ඉඩ දුන් ජීවිත…

හැබැයි සැමදාම මයිකල්ව බලා ගැනීමට නම් ජෝන්ට හැකිවන්නේ නැත.
ජෝන්ට ජීවත් වීමට ඇත්තේ තව මාස කීපයක් පමණක් වන විට.

අසාධ්‍ය රෝගයකින් පෙලෙන්නෙක්වන විට…

මයිකල් ගේ අනාගතය…

ඔහුට සාදා දෙන් අනාගතය කෙසේ විය යුතුද?

අයන්නේ සිට සියල්ල ලබාදිය හැකි පවුලක්, දෙමාපියන් ලබාදිමට හැකිනම්?

සියල්ල සමග ලෝකය සමග තරගයක , සටනක යෙදෙනවාද?
නැත්නම් සියල්ල උපේක්ෂාවෙන් දරාගන්නවාද?

මරණය, ජීවිතය, අවබෝධය හා වටහා ගැනීම (පිලිගැනීම) ප්‍රධාන වශයෙන් සිනමාපටය තුල සාකච්ඡාවට භාජනය වේ…

ප්‍රධාන නලුවා john ලෙස James Norton
සම්පූර්ණයෙන්ම පාහේ සිනමාපටය තම කරමත ගෙනයයි.
කුඩා දරුවා මයිකල් ලෙස Daniel Lamont ඔහුගේ කාර්‍යභාරය අකුරටම ඉටු කරනවා.
කුඩා කුඩා අඩුපාඩු තිබුනද නැරඹුවාට කිසිසේත්ම පාඩුනැති නිර්මාණයක් ලෙස කිවහැක.

පත්තරයක පලවූ වසර 4ක කුඩා දරුවකුව සාදාගැනිමට කැමති දෙමාපියන් ව සොයා single father කෙනෙක් විසින් පලකරන ලද දැන්වීමක් Uberto Pasolini ගේ මෙම සිනමාපටයට පාදකව ඇත.

හෂාන් දුලංග

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *