Noah Jesse – All Of Me | The Voice Teens Sri Lanka

Noah Jesse – All Of Me | The Voice Teens Sri Lanka by Luckshman Aranwala 


වොයිස් ටීන්ස් ෆයින්ල්ස් වේදිකාවේ දකින්නම ලැබෙයි කියල බලාපොරොත්තුවෙන් හිටපු ප්‍රියතමයෙක් ඉවත් වුණා ඊයෙ සෙමි ෆයිනල්ස් වටයෙන්. ස්ටයින් ස්ටුඩියෝ එකේ ඉඳන්ම සජීවීව නරඹන්නට ලැබුණ අවස්ථාව මඟනොහැරියෙත් මේ අපූරු හැඩකාර පොඩි කොල්ලව හැබැහින්ම දකින්නට අවශ්‍ය වූ නිසායි. නෝවා ගේ හඬ ඇහුණ මුල්ම වතාවෙදිම ඒ හඬට ආසා කළ නමුත් නෝවා ට ඇත්තටම ප්‍රිය කරන්නට බලපෑවේ ජෝන් ලෙජන්ඩ් ගෙ “ඕල් ඔෆ් මී” ගීතය පර්ෆෝම් කරපු දා ම තමයි. නෝවා ෆයිනල් වේදිකාවේ ඉන්නම ඕන හෝ වොයිස් ටීන්ස් 2022 ජයග්‍රහණය කළයුතුමයි කියල තදින්ම විශ්වාස කරන්නට හේතුවන තරම්ම මේ ගායනය ප්‍රබලයි. මේකෙන් පස්සෙත් නෝවා එයාගෙ වෙනස්ම හඬ පෞරුෂයෙන් සිංහල ගීත ඉදිරිපත් කළා. ප්‍රේක්ෂකයින් තරමක් පුදුමයට පත්වුණා. සෙමි ෆයිනල්ස් වේදිකාවේ හින්දි ගීතයක් ගායනා කරල ඉවත්වෙලා ගියා. ඒ කියන්නේ නෝවා ගේ ප්‍රේක්ෂකයෙක් විදිහට අපි නෝවා ගෙන් බලාපොරොත්තු වෙනවට වඩා වැඩි දේවල් නෝවා අපිට දුන්නා. ඉතින් සුබ පතනවා ඉක්මනින්ම සංගීත ක්ෂේත්‍රයේ අලුත් වැඩකින් හමුවෙන්නට ලැබෙන්න කියලා. නෝවා වගේ ටැලන්ට් එකකට අවසන් වටය අනිවාර්යයෙන්ම හිමිවිය යුතු ඇයි කියන හේතුව පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා.

ලක්ෂ්මන් අරංවල

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *