#Nizhal (සෙවණැල්ල) – 2021
*****************************
Mystery/Thriller ‧
6.5/10 IMDb
මලයාලම් සිනමා අඹරේ පායපු තවත් අලුත්ම සුපිරි සිනමා සිත්තමක් තමා #Nizhal කියන්නේ…! ඇත්තටම කිව්වොත් මේ ගැන ලියන්න හිතුනට, ලියන්න කලින් මම දෙපාරක්ම ෆිල්ම් එක බැලුවා. මොකද මේ චිත්රපටය ගැන ලියන්න මුල මැද අග ගලපගන්න ටිකක් අමාරුයි. හරිම පටැලවිල්ලක් වගේ තමා පේන්නේ.. ඒ වුනාට ෆිල්ම් එක පටන් ගත්ත වෙලේ ඉදන් අවසන් වෙනකල්ම කුතුහලය නම් උපරිමයි.
හරි….එහෙනම් වැඩි කතා නැතුව මම මෙහෙම ආරම්භය ගන්නම්කෝ..!
************************************************
“#කොළ_පාට_පොකුණක..
#කොළ_පාට_ගෙම්බෝ…!!
#කරුවට්ටා_පල්ලියේ_සීනු_හඩ..!!!
#බිඳුනු_බෙහෙත්_බෝතල්_වලින්_මරා_දැම්මට_පස්සේ..!!
#ඉහළට_පාවී_ඒම_වැළක්වීම_සදහා..!!
#පපුවට_ගලක්_බැද_වතුරේ_ගිල්වා_දැමු_විට..!! ?
#දෑස්_පුලුල්_ලෙස_විවර_වේවී.. ?
#කියූ_සියල්ලේම_බර_ප්රමාණවත්…”
මේ මම උඩින් ලියලා තියෙන්නේ වයස අවුරුදු 7, 8 ක පමණ කුඩා පිරිමි දරුවෙක් එයාගේ දිනපොතේ, කැඩුන මලයාලම් භාෂාවෙන් ලියලා තිබුන දින සටහන් කිහිපයක්. ???
ටිකක් අපභ්රංශයි වගේ නේද.. ? ඔව්.. ඇත්තටම ඔව්.. !!!
ඔහු නමින් නිතින්.. ඒත්, මේ අගක් මුලක් නොතේරෙන සටහන් වලට හේතුව මොකද්ද.?
කොහොමද මේ සටහන් ගැන අනිත් අය දැනගන්නේ..? ??? ???
නිතින් දවසක් ඉස්කෝලේ දී කියපු මිනී මැරුමක් පිලිබද කතාවක් නිසා තමා ඒ ගැන හැමෝම හොයන්න ගන්නේ..
ඉතිං මේක එයා නිකම්ම නිකම් ගොතපු කතාවක් වෙන්නත් පුලුවන් නේද..?
පොඩි ළමයි එහෙමනේ.. හරිම නිර්මාණශීලියි.. ටීවි එකේ දැකපු දෙයක් උනත් ඇත්තටම උනා වගේ කියන්න ඔය වයසේ ළමයි හරි දක්ෂයිනේ.. ඕකට ඔච්චර කලබල වෙන්න ඕනද..?
ඇත්තටම ඔව්.. මොකද නිතින්ගේ කතාවේ යම් යම් සැක සහිත තැන් කිහිපයක් තියෙන නිසා.ඉතිං මේ ගැන බලන්න ඔහුව මනෝවෛද්යවරියෙක් වන ශලනි වෙත යොමු කෙරෙනවා..
එතකොට තමා තහවුරු වෙන්නේ, නිතින්ගේ කතාවේ කියන පාසි බැදුන විශාල පොකුණ , කරුවට්ටා පල්ලියේ සීනු හඩ, මේ ඔක්කොම ඇත්තටම දුර බැහැර ප්රදේශයක තියෙනවා කියලා…! එහෙනම් කවදාවත් එහෙම පැත්තකට ගිහින් නැති නිතින් ඒක දන්නේ කොහොමද ??? ???
ඔය කියන මිනී මැරුම ඇත්තටම වෙලාද? නැත්තං ඒක නිතින්ගේ හිතලුවක් විතරමද..? එහෙමත් නැත්තං මේකත් තවත් එක ආත්ම කතාවක්ද..? නෑ මේක වෙනස්ම කතාවක්..!!!
???
හරි…එහෙනම් ඒ කතාව එතනින් පොඩ්ඩක් නවත්තලා මම ආයම යනවා චිත්රපටයේ මුලට…!
කට්ට කලුවර රැයක,කාත් කව්රුත් නැති මහා මූසල වනාන්තරයක් මැද්දේ නිසොල්මනේ බලා ඉන්න බකමූණෙක්…..! ??
හරියට අසුභ නිමිත්තක් බලාපොරොත්තුවෙන් බලා ඉන්නවා වගේ..!
එවෙලේම, ඌට පිටුපසෙන් තියෙන පාළු පාර දිගේ වේගයෙන් ඇදීගෙන එන, පාලනයෙන් තොර කාර් එකක්..
ඔව් ඒක ඉතාම දරුණු රිය අනතුරක්. ???
(කොහොමද පටන් ගැන්ම..කුතුහලය උපරිමයි නේද..? )
කව්ද ඒ කාර් එකේ ඉන්නේ…?
ඔහු නමින් ජෝන් බේබී. වෘත්තීයෙන් මහේස්ත්රාත්වරයෙක්.
ඉතිං මේ බේබී අනතුරට ලක්වීමෙන් පස්සේ එයා මුහුණ පානවා “පාශ්චාත් කම්පන ආතති ආබාධය කියලා තත්වයකින්”. ඒ මොකද්ද ඒ… ??? ???
ඒ කියන්නේ ඔහුට පේන්න ගන්නවා ඉතාම දීප්තිමත් සූර්යාලෝකයක් පවතින වෙලාවක පවා එළිමහනේ මහා වර්ෂාවක් ඇද හැලෙන බව. ??
එයාට එහෙම ගැටලුවක් තියෙනවා කියලා අවබෝධ වුන වහාම එයා යනවා ඩොක්ටර් බර්ෂි කියලා මනෝචිකිත්සකවරයෙක් ලගට. ඒත්, ඒ ඩොක්ටර් ලබාදෙන උපදෙස් පිලිගන්න බේබි කැමති වෙන්නේ නෑ.. ඉතිං මෙයාට මතක් වෙනවා එයාගේ හොදම යාලුවගේ බිරිද ව. ඇයත් මනෝවෛද්යවරියක්. ඒ වගේම ඇය පවුලේ හිතවතියක්.. කව්ද ඒ….? ඒ තමයි නිතින්ව බලන #ඩොක්ටර්_ශලනි..
හිතන්නකෝ නිතින්ගේ අගක් මුලක් පැහැදිලි නැති කතාවලට ශලනි කොයි වගේ උදව්වක් මහේස්ත්රාත්වරයෙක් වෙන බේබිගෙන් බලාපොරොත්තු වෙයිද කියලා…???
අනික, නිතින් ගාව තියෙන්නේ ඒවගේ එක කතාවක් විතරක්ද….??? නෑ…!!! ? ??
” #රාධාම්මා_මරපු_කතාවත්_මම_දන්නවා…”
—- අන්න එහෙමයි නිතින් කියන්නේ…!!! —-
—————————————————————————
එතනින් එහාට මම කියන්නේ නෑ.. කතාවේ හොදම ටික බලලාම අවුල ලිහා ගන්න කියලා හැමෝටම ආරාධනා කරනවා..!
මලයාලම් රසයට ත්රාසය එක් වුනාම කොහොම තියෙයිද..? කට ඇරගෙන බලන්න පුලුවන්.. !!! විනාඩි 158 යනවා දැනෙන්නේ නෑ..
Lady Super Star #නයන්තාරා එක්ක #කුන්චකෝ_බොබන් තමා මේකේ ප්රධාන චරිතවල ඉන්නේ.. #ඉසී(z)න් හෂ් කියන හුරතල් දරුවා තමා නිතින්ට ඉන්නේ..
එතකොට මේකේ නයන් ඉන්නේ නිතින්ගේ අම්මා #ශර්මිලාට. හරි එහෙනම් නොබලපු අය අනිවාර්යයෙන්ම බලන්න.
කතාව ගැන නොකියා, ඔයාලට ෆිල්ම් එක දැනුන විදියත් කියන් යන්නකො…!!
????????????????
Appu N. Bhattathiri
