Nikkhil Advani Indian Film Director | Sinhala Article

Nikkhil Advani Indian Film Director by Ravindu Sampath Wickramasekara 

අති සාර්ථක අධ්‍යක්ෂකවරයෙකු වීමට “සහය අධ්‍යක්ෂකවරයෙකු” ලෙස කටයුතු කර තිබීම ඉතාම ප්‍රබල සාධකයක් බව ඕනෑම සිනමා ක්ෂේත්‍රයක පිලිගන්නා කාරණයක්.

“නිකිල් අද්වානි” කියන අද අපේ අතිශය සුවිශේෂී කථා නායකයා ගේ ආරම්භය සිද්ධ වෙන්නෙත් Assistant Director කෙනෙක් විදිහට.
?1971 දී මුම්බායි හීදී උපත ලබන Nikkhil Suresh Advani ඉන්දියානු සිනමාවට පිවිසෙන්නේ KUNDAN SHAH , SAEED MIRZA , AZIZ MIRZA වැනි අධ්‍යක්ෂකවරුන් යටතේය.
?1996 වසරේ දී “RAAT KI SUBAH NAHIN” චිත්‍රපටය සදහා සම තිර රචකයෙක් ලෙස ඔහු සම්බන්ධ වෙනවා.
?පසුව ඔහු මුළු මහත් හින්දි සිනමාවේම අමන්දානන්දනීය සිනමා වෘතාන්තයක් වෙනුවෙන් සහය අධ්‍යක්ෂකවරයා ලෙස සම්බන්ධ වෙමින් වෘත්තීය සහය අධ්‍යක්ෂකවරයෙක් බවට පත්වෙන්නේ “KUCH KUCH HOTA HAI” නම් වූ අතිශය ජනප්‍රිය සිනමාපටය හරහාය. පසුව ඔහු “MOHABBATEIN” සහ “KABHI KUSHI KABHIE GHAM” චිත්‍රපටය තුලද වැදගත්ම භූමිකාවක් වන සහය අධ්‍යක්ෂකවරයා ගේ භූමිකාවට පන දෙනවා. ඉන්පසු ඔහුගේ ජීවිතයෙහි වැදගත්ම කඩඉම ඔහුට හමුවෙන්නේ 2003 වසරේදීය. එනම් ඔහුගේ සිහිනය සැබෑ වෙමින් තම පලමු සිනමා අධ්‍යක්ෂණය ඔහු 2003 වසරේදී සිදුකරනු ලබනවා. සිනමාපටයේ නම “KAL HO NA HO”  ඔව්… මුලු මහත් රසික රසිකාවියන් ලෝකයක් අමන්දානන්දයට පත් කරනු ලැබූ අතිශයින්ම ජනප්‍රිය සිනමාපටයක් හරහා ඔහු අධ්‍යක්ෂකවරයෙකු බවට පත්වෙනවා
අතිශය ජනප්‍රිය මෙන්ම හින්දි සිනමාවේ රජු ලෙස හැදින්වෙන “SHAH RUKH KHAN” ප්‍රධාන චරිතය ලෙස දායක කරගනිමින් ඔහුගේ පලමු චිත්‍රපටය වර්ණවත් කරගැනීමට ඔහුට හැකියාව ලැබෙනවා. තමා සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙස දායකත්වය ලබා දුන් Kuch Kuch Hota Hai සහ K3g යන චිත්‍රපට වල අධ්‍යක්ෂකවරයා වූ සුපිරි සිනමාකරු KARAN JOHAR විසින් KAL HO NA HO චිත්‍රපටයේ තිර රචනය නිර්මාණය කරනු ලැබූ අතර , එම චිත්‍රපට ද්විත්වයේම නිශ්පාදන ආයතනය වූ DHARMA PRODUCTIONS විසින් KAL HO NA HO නිශ්පාදනය කරනු ලැබුවා. ඉතින් කරන් ජෝහර් ගේ උදව් උපකාර නිකිල් අද්වානි හට අධ්‍යක්ෂකවරයෙකු වීම සදහා බොහෝ සෙයින් ඉවහල් වූ බව සදහන් කරන්නම ඕන.
තම පලමු චිත්‍රපට අධ්‍යක්ෂණයෙන්ම අති සාර්ථක වූ ඔහු මුලු ක්ෂේත්‍රයේම කැපී පෙනෙන අධ්‍යක්ෂකවරයෙකු වුනා. පසුව විශාල නලු නිලියන් පිරිසක් සම්බන්ධ කරගනිමින් ඔහු 2006 වසරේ SALAAM E ISHQ චිත්‍රපටය අධ්‍යක්ෂකණය කරනු ලැබුවා. ඉන් අනතුරුව ඔහු සුප්‍රකට HOLLYWOOD නිශ්පාදන ආයතනයක් වන Warner Brothers නිශ්පාදන ආයතනය සම නිශ්පාදනය සදහා දායක වූ පලමු BOLLYWOOD චිත්‍රපටය ලෙස CHANDNI CHOWK TO CHINA චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවා. 
හින්දි සිනමාවේ ඉතාම දක්ශ හා ජනප්‍රිය සිනමාකරුවෙක් ලෙස කැපී පෙනුන NIKKHIL ADVAANI විසින් මේ වන විට බොහෝ චිත්‍රපට ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කර තිබෙන අතර , තිර රචකයෙක් ලෙස මෙන්ම නිශ්පාදක වරයෙක් විදියටත් ක්ෂේත්‍රය තුල දුර ගමනක් පැමිණ තිබෙන බව ඔහුගේ නිර්මාණ ජීවිතය සාක්ෂි දරාවි PATIALA HOUSE , DELHI SAFARI , D DAY , HERO , KATTI BATTI , GUDDU ENGIINEER , BATLA HOUSE , UNPOUSED යනු ඔහු අධ්‍යක්ෂකණය කරනු ලැබූ චිත්‍රපට වේ. Mumbai Dairies යනු ඔහු විසින් මෙම වසරේදී අධ්‍යක්ෂණය කරනු ලැබූ ජනප්‍රිය TV Siries එකක්.
Apsara සිනමා උළෙලේ දී Kal Ho Na Ho චිත්‍රපටය වෙනුවෙන් Best Debut Director ලෙස ඔසු සම්මාන ලබනවා . සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙස සිනමාවේ මංපෙත් සොයා ගිය ඔහු අද ඉන්දියානු සිනමාවේ අති විශිෂ්ඨ අධ්‍යක්ෂකවරයෙක්.

රවිඳු සම්පත් වික්‍රමසේකර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *