Netrikann (2021) Tamil | Sinhala Article

Netrikann (2021) Tamil by Peter Barthelot

88% liked this film Google users

ලේඩි සුපර්ස්ටාර් නයන්ගේ
නෙට්ට්‍රික්කන් නොහොත් තුන්වන ඇස.

මෙය නයන් – විග්නේෂ් නිෂ්පාදනයක්.

” BLIND” කොරියානු චිත්‍රපටයේ නීතිමය නැවත නිෂ්පාදන අයිතිය ලබා ගැනීමෙන් පසුව මොවුන්ගේම නිෂ්පාදන සමාගම වන රවුඩි පික්චර්ස් මගින් ” නෙට්‍රික්කන් ” යන නමින් නිෂ්පාදන කටයුතු කරන ලදි.

” අවල් ” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද මිලින්ද් රාව් විසින්ම මෙම චිත්‍රපටය ද නිෂ්පාදනය කරන ලදි.

ක්‍රයිම් ත්‍රිලර් චිත්‍රපටියක් මගින් කොතරම් බලපෑමක් කල හැකිද යන වග නයන් දැන සිටි අතරම මෙහි මුල් චිත්‍රපටය වන බ්ලයින්ඩ් මෙන් නෙට්‍රික්කන් නිමකිරීම සදහා කොතරම් මහන්සියක් ගෙන ඇද්දැයි කියා රසිකයන් සොයා බලා ඇත.

මෙහි නයන් ඇස් නොපෙනෙන CBI නිළධාරිනියක් ලෙස රංගනයේ යෙදී ඇති අතර ඇයට පෙනීම නොලැබීයන්නේ තම සහෝදරයගේ යහපත තකා ගන්නා යම් ක්‍රියාමාර්ගයක් හා එහි ඇතිවන ඝට්ටනය සමගයි.

මේ සිද්ධිය නිසා තම රාජකාරියට වාර්තාකිරීමට නොහැකි තත්වයේ ඉන්නකොට ඇයට මුහුණ දීමට සිදුවන බාදා කරදර , තනිකම හා ඒවාට තම බුද්ධිය මෙහෙයවා මුහුණ ආකාරය තමයි මෙහි කතා තේමාව වී ඇත්තේ.

අජ්මල් මෙහි රංගනයෙන් දායකවන්නේ ගැහැනු ළමුන් පැහැරගන්නා මනෝ ව්‍යාධික දුෂ්ඨයා ලෙසයි. නමුත් දමිළ සිනමාවේ මෙවෙනි චරිත දැක අති අපට මෙම චරිතය බලපෑමක් කලද කියන එකනම් ප්‍රශ්නයක් ? ඒ කෙසේ වෙතත් මේ කතාව හා සමභන්ධව ඔහුගේ රංගනයනම් ඉහල තත්වයක බව කිව හැකිය.

දුර්ගා (නයන්තාරා ) හා මිනිමරුවා අතර ප්‍රබල චරිතයක් නිරූපනය වෙනවා. ඒ උප පොලිස්පරික්ෂක ලෙස මනිකන්ඩන්. මොහුගේ සත්‍ය නමින්ම චරිතය මෙහෙයවනු ලබනවා මනිකන්ඩන් විසින් .

මෙහි සංගීතය ක්‍රිෂ් විසිනි. අවශ්‍ය තැනට සුදුසු විදියට සංගීතය සපයා චිත්‍රපටයට යම් ජීවයක් ක්‍රිෂ් විසින් ලබා දීල තියෙනවා.

හබායෑම්, පහරදීම්, පහරදී පලායෑම් යයි කිව හැකි මාර්ග අනතුරක් පසුබිමේ, කුමක්ද සිදුවූයේ , කෙසේද සිදුවූවේ , කවුරුන්ද මේ හා සම්බන්ධ වූවේ යන පරික්ෂණ ඒ හා නව තොරතුරු ලැබෙන ආකාරය අනුව කතාව ගලා යෑමක් සිද්ද වෙනවා.

මේ අතරේ නයන් හා අජ්මල් අතර වෙන ඝට්ටනය, හබායෑම් හා පහරදීම් නරඹන්නන්ව ත්‍රාසයට හා භීතියට පත් කිරීමට තරම් සමත් වී ඇතිබව නම් කියන්න පුලුවන් .

මෙහි කතා ධාරාව දුවන්නේ නයන්, අජ්මාල් හා මනිකන්ඩන් වටායි. නමුත් මෙහි තවත් විශේෂ චරිතයක් සැමෝගේම සිත් ඇදගැනීමට සමත්වෙනවා. ඒ නයන්ගේ සුරතල් බල්ලා. ඇගේ තනි නොතනියට තම දරුවෙක් වගේ ලගින්ම සිටින ඒ බල්ලගේ රංගනය නම් සුලුකොට තකන්න බැහැ.

නයන්….. ඇස් නොපෙනෙන කාන්තාවක් ලෙස ඇගේ රංගනය විශිෂ්ට මට්ටමක තිබුනා කියන්න පුලුවන්. හැගීම්, ඇදුම් , හැසිරීම් , ඇවිදීම වැනි දේවල් වලින් අගේ දක්ෂතාවය නැවත්ත ප්‍රදර්ශනය කර ඇත. මේ කතාවට සෑහෙන දුරට සාධාරණයක් කිරීමට නයන් සමත්වී ඇතිබවනම් කිය යුතුමයි.

මේ ෆිල්ම් එක ගැන කතා කරද්දී කතා නොකරම බැරි කෙනෙක් R. T . රාජශේකර්. ඒ මේ චිත්‍රපටයේ කැමරාකරු. දිවා රාත්‍රී දර්ශනයන් ඒ ඒ දර්ශන තලයන්ට සරිලන සේ ක්‍රයිම් ත්‍රිලර් ෆිල්ම් එකකට සරිලන විදියට නිමවා තිබීම මේ චිත්‍රපටයේ දකිය හැකි විශේෂයක්. විශේෂයෙන් දුෂ්ඨයාගේ කාර් එකේ දර්ශන වගේම ඔහුගෙ මානසිකත්වය , නයන්ගෙ ආවේගයන් , සමීම දර්ශනයන් අපේ මනසට දැනෙන සේ කැමරාවට හසුකරගෙන තිබීම ඔහුගේ දක්ෂකමක් ලෙස දැකිය හැක.

Blind චිත්‍රපටය හා සසදන කොට මුල් කොටස ඒ හා සමානව වුනත් දෙවන කොටසේදී අමතර දර්ශන එකතුකර චිත්‍රපටය දික් කරගෙන ඇතිබවක් දකින්නට පුලුවන්. එය ත්‍රිලර් ඝණයේ චිත්‍රපටයට සුදුසුද යන්න ප්‍රස්නයක් ?

ඉතින් ඔයාලත් බලලම දනගන්න මනෝ ව්‍යාධික මිනිමරුවා අල්ලගන්න පුලුවන් වුනාද ? ඒ කොහෝමද ? ඇයි එයා කාන්තාවන් පැහැරගන්නේ ? ඔවුන්ට මොනවද කලේ ?

මෙය නරඹන ඔබ කොරියන් චිත්‍රපටය සිතේ තියාගෙන නරබන්නේ නැතිව දමිළ සිනමාවක් කියා සිතේ තබා නරබන්න….

Girishh Gopalakrishnan
Initial releaseAugust 13, 2021

DirectorMilind Rau

Music byGirishh Gopalakrishnan

Adapted fromBlind

Produced byVignesh Shivan; Hyunwoo Thomas Kim

Production; companiesRowdy Pictures; Kross Pictures

Download
Subtitle Download

පීටර් බාත්ලට්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *