Nerkonda Paarvai (2019) Tamil by Dilru Yashodhada
ගැහැනිය එහෙමත් නැත්නම් කාන්තාවට අද සමාජයේ හිමි තැන …?
නවීකරනය වූ ලෝකයේ ඇයට නිසි තැන ලැබෙනවාද යන්න කියන එකනම් ගැටලුවක්.සතුටු වෙන්න පුලුවන් මට්ටමක නැහැ කිව්වොත් නිවරැදියි ..
ඇත්තටම මේ සමාජ ප්රශ්නයට වැඩි පුරම මුහුන පාන්නේ තුන්වන ලෝකයේ රටවල් වල කාන්තාවන්.බටහිර රටවලනම් බොහෝ දුරට මේ තත්වය යම්කිසි මට්ටමකට අඩුයි කියන්න පුලුවන්..
කාන්තාවන්ට තමන්ට රිසි සේ ගමනක් බිමනක් යන්න බැහැ .පිරිමි පුද්ගලයන් හා මනුස්සකමට හිනාවෙන්න කතා කරන්න බැහැ..පිරිමි අයත් එක්ක මිතුරුකම් පවත්වන්නත් අමාරුයි…
මන්ද යත් එහෙම උනොත් ඔවුන් ඒ ගැන වැරදියට හිතනවා..නැත්නම් සමාජයෙන් ඒ ගැන කතා අහන්න වෙනවා…ගැරහුම් ලබන්න වෙන්නෙ ගැහැනියට…
ඔන්න ඔය හේතු මත තමයි අද කාන්තාවන්ට සමාජයේ දීල තියන තැන හොද නැහැ කිව්වෙ..ඔවුන්ට නිසි තැන ලැබිලා නැහැ..කිසිම සමානාත්මතාවයක් නැහැ.ඉතින් කවදා මේ දේවල් වෙනස් වේවිද …?
කවුද මේ අසාදාරනකම් අහන්න ඉන්නේ..? කවුද ඊට එරෙහිව නැගී සිටින්නේ..?
ඒ වගේ අසාදාරනයට අපවාදයට ලක් වන කාන්තාවන් තිදෙනෙකු වටා ගෙතුනුකතාවක් මේ.සමාජයට ප්රභල පනිවිඩයක් දෙන කතාවක්.කතාව පැත්තට හැරුනොත්..
ආදික් කියන්නේ මන්ත්රී වරයෙකුගේ ඥාතියෙකු වන පෝසත් තරුණයෙක්. ඔවුන්ට පාටියකදී මීරා ක්රිෂ්ණන් ෆාමිත සහ ඇන්ඩ්රියා යන තරුණයින් තිදෙනාව මුණ ගැසෙනවා…
එහිදී ඇතිවන ප්රශ්නයක් නිසා මීරා ආදික්ට හිසට බෝතලකින් දරුණු ප්රහාරයක් එල්ල කර මිතුරියන් සමග පලා එනවා. මේ මිතුරියන් තිදෙනා තම නිවෙස් වලින් ඈත්ව රැකියා කිරීමට ඇති පහසුව නිසා කුලී ගෙදරක තමයි නැවතිලා ඉන්නේ…
පසුව දෙපාර්ශවය විසින්ම මේ බව පොලීසියට නොදන්වා සිටියත් ආදික්ගේ මිතුරෙකුගේ බලකිරීම නිසා ඔවුන් මීරාව පැහැරගෙන ඇයට අතවර කරනවා. පසුදින උදෑසන මීරාව පොලීසියට කැඳවන අතර එහිදී ඇයට විරුද්ධව විවිධ චෝදනා යටතේ පැමිණිලි කර ඇයව රඳවා ගන්නවා.
පසුව ඇයව ඇප දී බේරා ගන්නේ ඔවුන්ගේ නිවස අසල පදිංචිව සිටින භාරත් සුබ්රමනියම් නම් වූ නීතීඥ්ඥයා විසින්. තම බිරිඳ කල්යාණි භාරත් ගේ මරණයෙන් පසුව මානසික රෝගයකින් පෙළෙන ඔහු ඒ සඳහා ප්රතිකාර ගන්නවා…
වසර කීපයකට පසුව මෙසේ නඩුවක් බාර ගන්නා ඔහු මීරා සහ ඇයගේ යහළුවන්ට විරුද්ධව ඇති බොරු චෝදනා වලින් ඔවුන්ව ගලවා ඔවුන්ව නිර්දෝෂ බව ඔප්පු කරන්න විවිධ තර්ක ඉදිරිපත් කරමින් ඔහු ගන්නා උත්සාහය සාරතක වෙයිද ?
ඒ පිලිබදව දැනගන්නම් මේ චිත්රපටය නරඹන්න ..