Neerja (2016) Hindi | Sinhala Article

Neerja (2016) Hindi by Charith Moragoda

මඟීන් 340 කගේ ජීවිත සහ සෝනම් කපූර්ගේ සිනමා ජීවිතය ගලවා දුන් නීර්ජා !!

දැන් ඔයාලා බලයි මම ඒ කිව්වෙ මොකක්ද කියලා.. ඔව්.. නීර්ජා බැන්නට් කියන්නෙ කවුද කියන එක මේ සමූහයේ කෙනෙක් නොදන්නවා වෙන්න බෑ.. නීර්ජා කියන්නෙ රූප සුන්දරියක්.. ඒ නිසාමයි ඈ එයාර් හොස්ට්‍රස් කෙනෙක් විදිහට ඉන්දියානු ගුවන් සේවයට එකතු වෙන්නෙ.. එයාර් හොස්ට්‍රස් කෙනෙක් කියන්නෙ බොහොම සියුමැලි චරිතයක් නෙ නමුත් කොහොමද නීර්ජාට මේ තරම් ගටක් ආවේ..?

ඈ ගුවන් සේවිකාවක් වන්නට පෙර අර්ධ කාලීනව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතේ ජනමාධ්‍යවේදිනියක් ලෙස සේවය කරනවා…ඒ ඇගේ පියාගේ අඩිපාරේ යමින්… මේ නිර්භීතකම ඈට ඇගේ පියාගෙන් ලැබුනු පන්නරයක් විය හැකි නොවේද…? කොහොම නමුත් ඇගේ මරණය නම් හරිම ඛේදනීය එකක්.. ඒකෙ පොඩි කෝ-ඉන්සිඩන්ස් එකකුත් තියෙනවා.. හරියටම ඇගේ 23 වැනි උපන්දිනයට පැය කිහිපයක් තියා ඈට ඇගේ අවසන් සුසුම් හෙලන්න වෙනවා.. ඈ මොන තරම් බලාපොරොත්තු ඇගේ ඉදිරිය ගැන තියාගන්නට ඇද්ද..? අනික විසිතුනක් කියන්නෙ හිරිමල් වයසේ කෙල්ලෙක් මැරෙන්න හිතන වයසක් ද? 

නීර්ජා බැන්නට් යන ගුවන් යානය 1986 සැප්තැම්බර් 5 වෙනිදා පාකිස්ථානයේ කරච්චි ගුවන් තොටේදී ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදීන් පිරිසක් විසින් පැහැරගැනෙනවා. ඒ අනුව ගුවන් යානයේ සිටි 382 ක් වූ මඟීන් සහ කාර්‍ය මණ්ඩලය ඔවුන්ගේ අඩස්සියට පත් වෙනවා. මේ අතරේ සිටි 40 ක් තරම් වූ සියළු ඇමෙරිකානු මඟීන් ඔවුන් විසින් අමානුශික ලෙස ඝාතනය කෙරෙනවා.. ත්‍රස්තවාදී සැලසුම් ව්‍යාර්ථ කරමින් ගුවන් යානා පැහැරගැනීම අසාර්ථක වෙද්දි පළායාමට තැත් කරන මඟීන්ට උදව් කරමින් සිටි නීර්ජා ත්‍රස්ථ වෙඩි පහරට ලක්ව මිය යන්නේ මේ අතරේ..

ඇගේ මරණය ඈව අමරණීය චරිතයක් කරනවා.. ඉන්දියාව තුල පමණක් නෙමේ පාක්ස්තානය තුල පවා ඈ නමට වීර සම්මාන පදක්කම් ගණනාවක් පිරිනැමෙනවා..

” සින්දගී ලම්බී නහී …  බඩී හෝනී චාහියේ…”

ජීවිතය දික් වෙන්න ඕනෙ නෑ.. ඒත් ජීවිතය ලොකු වෙන්න ඕනෑ… ලිටරලි මොකක්ද ඈ කිව්වෙ කියන එක ඔබටත් තේරෙන්න ඇති.. එදා එහෙම වුනත් නීර්ජා කියන චරිතය ගැන ලෝකය දැන ගන්නෙ මෑතකදී.. ඒ සෝනම් කපූර් රංගනයෙන් දායක වුන මේ බයෝපික් එකත් එක්ක.. ඒ අතරෙ නීර්ජා නැවත වීරවරියක් වෙන්නෙ ගිලෙමින් තීබුනු සෝනම් නෞකාව බේරාගනිමින්.

සෝනම් කපූර් සිනමවට එන්නෙ බන්සාලි එක්ක.. ඒ දේව්දාස් චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂක වරියක් ලෙසින්.. ඈ මුලින්ම රංගන ශිල්පිණියක් ලෙස එකතු වෙන්නෙත් බංසාලිගෙ සාවරියා චිත්‍රපටය තුලින්.. වරක් බංසාලි මෙහෙම කියනවා.. මම හිතන්නෙ නම් ඒ සෝනම් ගැන වියයුතුමයි.. ” මම නළුවන්ට වඩා නිළියන්ගෙන් වැඩ ගන්න කෙනෙක්.. ඒත් ඇඟේ රිද්මයක් නැති නිළියක් එක්ක මම කොහොම වැඩ කළාද කියලා මට හිතාගන්නත් බෑ.. “

ඔහු ඒක කියන්නෙ මෑතකදී… ඔහු නමක් නම් සඳහන් කරන්නෙ නෑ…. නමුත් ඔහු ගේ චිත්‍රපට වල රඟපෑ නිළියන් හා සැසඳීමේදී සෝනම් ඉන්නෙ පූර්ව ළමා වියේ නිසා ඒ කිව්වෙ ඈ ගැන කියන එක හිතන්න අපිට මොළ හතක් ඕනෙ වෙන්නෙත් නෑ.. කොහොම නමුත් දිනෙන් දින වල පල්ලට යමින් තිබූ සෝනම් කපූර්ගේ සිනමා ජීවිතයට ආයෙ ජීවය දෙන්නත් නීර්ජා සමත් වෙනවා.. ඒ නිළියක් ප්‍රධාන චරිත නිරූපණය කළ චිත්‍රපටයක් පළමු වරට ඉන්දීය රුපියල් කෝටි 100 සීමාව ඉක්මවීමත් සමඟයි. නීර්ජා කියන චරිතය ඈ ආයාසයෙන් රඟපෑවාද නැත්නම් සෝනම් තුල නීර්ජාගේ ගති පැවතුම් ඒ ලෙසින්ම තිබුනාද කියන තරමටම නීර්ජා සහ සෝනම් එකම චරිතයක් වුනා.. ඈ දක්ශ නිළියක්ද කියන්න අදටත් ගැටළුවක් වුනත් නීර්ජා තුල නම් අපි මොහොතකටවත් සෝනම් දුටුවේ නෑ…

කොහොම නමුත් ඒ ආපු ගැම්ම ඒ විදිහටම සෝනම්ට ඉදිරියට ගෙනියන්න බැරි වුනත් ඈ නිළියක් ලෙසින් අදටත් සිනමා තිරයෙ ඉන්නෙ නීර්ජා නිසා කිව්වොත් හරි.. නීර්ජා නොවූවා නම් සෝනම් කියන්නෙ අදට අපිටත් අමතක වුන චරිතයක්.

Download
Subtitle Download

චරිත් මොරගොඩ

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *