Nayattu (2021) Malayalam by Upul Dissanayake
Nayattu/ hunt./දඩයම් කිරීම..
අති විශිෂ්ටයි මේ චිත්‍රපටය ,, වගකීමෙන් කියන්නෙ..මේ වගේ ගඟ ගලනවා වගේ එකදිගට ගලායන චිත්‍රපටයක් බැලුවෙ ගොඩක් කාලෙකින්..ලක්ෂ්මන්ට ස්තූති වේවා..
සමහර චිත්‍රපට අපට කලාතුරකින් හමුවෙනවා..කුතුහලය කොපමණද කියතොත්..තත්පරෙන් පන්ගුවක්වත් ඇහැ අහකට ගන්න හිතෙන්නැති..එහෙම ගත්තොත් පාඩුවෙයි කියල හිතෙන/ ඒ වගේම පාඩු වෙන..
මෙන්න ඒ වගේ මහා සංකීර්ණ දේශපාලනික මූලයක් පදනම කරගත් ඇඟ කිලිපොලා යන ක්‍රයිම් ත්‍රිලර් එකක්..
අපි ඉංදියාව ගැන දන්නවා, එහෙ දේශපාලනය ගැන දන්නවා, එහෙ ජනජීවිත / සංස්කෘතීන්/ ආර්ථිකය / අධ්‍යාපනය ගැන දන්නවා..රාජ්‍ය කුමන්ත්‍රණ ගැන අයිඩියා එකක් තියෙනවා.පොලිසිය සහ නීතිය ගැන ලොකු අදහසක් තියෙනව…
ඒත් ඒ දන්න ටික ඇද්ද….හරියට බැලුවොත් ඉන්දියාව ගැන අපි දන්නෙ මොනවද කියල හිතෙනව මේ ඉන්දියන් චිත්‍රපට බලද්දි..අපට ඒව ගැන ඉගෙන ගන්න තියෙන පහසුම සහ සුන්දරම ක්‍රමෙත් ඒකම තමා..මේ සිනමාව..
මම හිතන්නෙ චිත්‍රපට වලට කතන්දර සඳහා ප්‍රස්ථුත යම් රටක බහුලයි නම් ලෝකෙන්ම අංක 1 ට බහුලම ඉන්දියාව..
ඒකෙනුත් මේ කේරල ප්‍රාන්තෙ උදවියට මාරම සිනෙමැටික් ඇහැක් තියෙනව..ඕනම ප්‍රස්ථුතයක් සිනමා ප්‍රෙක්ෂකයාව ඩැහැ ගන්න විදිහට සෙලෝලයිඩයට ගන්නට..නිර්මාණය කරන්නට..ඒකට හේතු අපි වෙන වෙලාවක හොයල බලමු..මේ ඒකට වෙලාව නෙමේ.
පොලිසිය ප්‍රධානම මූලය. මේ කතාවෙ..අම්මෝ පොලීසිය කියන්නෙ මහ කරුම රස්සාවක්.තමා..පොලිසියෙ ඉන්න කෙනෙක් හෝ පවුලෙ කෙනෙක්ගෙන් අහල බලන්නකො..මම හිතන්නෙ අමාරුම රැකියාවලින් එකක්..ඒකෙනුත් මේ දකුණු ආසියාතික කලාප වල පොලිසි වල රාජකාරිය තවත් අමාරුයි..දරුණුයි, දූෂිතයි, මහ භයානකයි..ඉන්දියන් පොලිසි ගැන අපි චිත්‍රපට බලල ඇති හිසේ කෙස් ගානට..හොඳ පොලිසි ලැන..නරක ගැන, හොඳ අය ගැන නරක අය ගැන..මේ පොලිසි ගැන චිත්‍රපට හදන්නට පුළුවන් මේ ලෝකෙන් මේ මිනිස්සු තුරන් වෙලා යනකම්..ඒ තරමට සිනමාවට ලැබුන මහ අරුමපුදුම තැනක් මේ පොලීසිය සහ පොලිස් නිළධාරීන් ..
මේ නායට්ටු කියන රෝමෝද්ගමනය වෙන කතාවෙන් කියවෙන්නෙත්..පොලිසිය, සමජනතාව සහ දේශපාලනය කියන තුන්හුලස ගැනයි..ඒ තුන්හුලස පත්තු කරල ඩෝං ගාල පුපුරල ගිය අවස්ථාවක් ගැනයි..
බලන්න..ඉතාම වගකීමෙන් කියන්නෙ ඔබ මොහොතකටවත් ඇස අහකට නොගනු ඇත..
ඔබ මට තුති පුදනවා සිකුරුයි..ඒ තරමට ෆුල් ත්‍රිල් එකක් ගත හැකි අවස්ථාවක්.මග හැර ගන්න එපා..
සමාජ ක්‍රමයක් තුළ ජීවත් වන මිනිසුන්ගේ සමාජ යහ පැවැත්ම පාලනය කිරීම සඳහා අධිකාරී බලය පදනම් කොට ගෙන රාජ්‍යය මඟින් පනවා ඇති රෙගුලාසි දේශපාලන විද්‍යාවේ නීති ලෙස හැඳින් වේ. සමාජ සිරිත් විරිත් හා සම්ප්‍රදායන් ආදිය මගින් ද සමාජ යහ පැවැත්ම පාලනය කළත් දේශපාලන විද්‍යාවේ දී නීති ලෙස අප සලකනු ලබන්නේ මිනිසුන්ගේ බාහිර පැවැත්ම පාලනය කිරීම සඳහා රජය මඟින් පනවන රෙගුලාසි පමණකි. මෙසේ මිනිස් සමාජයේ යහ පැවැත්ම පාලනය කිරීම සඳහා නීතියක පැවැත්ම වර්තමානයේ දී තිබිය යුතු ම බව පිලිගත් මතයකි. එසේ නොවුනහොත් සමාජ අශිෂ්ඨත්වය පත් වීම නොවැළැක්විය හැකි කරුණක් වන හෙයිනි.
නමුත් නීතියක පැවැත්ම අනවශ්‍ය යැයි සලකන පිරිසක් ද දැකිය හැකි ය. ඔවුන් පෙන්වා දී ඇත්තේ නීති විරහිත සමාජ ක්‍රමයක් පිළිබඳ දාර්ශනික පාලකයෙක් පිළිබඳ හා එවන් අයෙක් පාලනය කරන රාජ්‍යයක් පිළිබඳ කතා කරන ප්ලේටෝ පරමාදර්ශී රාජ්‍යයක් පාලනය කිරීම සඳහා නීති අනවශ්‍ය බව කියයි. නමුත් එවැනි සිහින දේශයකට පියනැගීම සිහිනයක් වන්නෙ..මේ ලෝකයේ සෑම සමාජ කොටසකටම සම අධ්‍යාපනයක් තුලින් උසස් සමාජීය මානුෂික දේශපාලනික ආකල්පයන් වර්ධනය කර ගැනීම කල නොහැකි දැක්මක් නිසාය..එවැනි අන්තවාදී ආකල්ප දරන්නන් සිටින සමාජ කුලක වල සමාජ සාධාරණත්වය බලාපොරොත්තු නොවිය හැකි නිසා..එවැනි මධ්‍යස්ථ නොවන ආකල්ප දරන තැනක..ආත්මාර්ථය මිස පරාර්ථකාමය බලාපොරොත්තු විය නොහැක..ක්‍රියාත්මක වන්නේම ගොත්‍රිකත්වයමයි..එතනදී තමන්ගෙ පැවැත්ම සහතික කරගැනීම වෙනුවෙන් දිවා රෑ නොබලා දඩයම් කිරීමට සිදු වේ..