Nayattu (2021) Malayalam | Sinhala Article

Nayattu (2021) Malayalam

දඩයමට හසු වූ දඩයක්කරුවන්

මට මේ චිත්‍රපටියේ කතා කරන්න කියල දේවල් ගොඩක් නෑ.අපි ජීවත් වෙන සමාජය පිලිබද කලකිරිමක් තමා තියෙන්නෙ.අපි ජීවත් වන සමාජෙ අපේ රටඇතුලුව තවත් රටවල් වල ගොඩක් වෙලාවට පවතින්නෙ මුදල් හා බලතල මත මිනිස්සුන්ගෙ තත්වය තීරනය කරන රටාවක්.ලොකු මිනිස්සු අතින් මොන වැරැද්ද උනත් ඒක හරි ගස්සවන්න ඕන තරන් කට්ටිය ඉන්නවා,ඒත් පොඩි මිනිහෙක් අතින් වරදක් උනොත් කවුද ඒ මිනිහට උදව්වට එන්නෙ.කවුරුත් නෑ ඒ මිනිහට එක්කො වරද බාර ගන්න වෙනවා,එහෙම කරත් එයාට ගැලවෙන්න වෙන් නෑ.ඒ මොකද කීවොත් අපි ජීවත් වන සමාජයේ නීතිය කියන දෙය ඒ තරන් දරුණුයි(සාමන්‍ය මිනුස්සුන්ට විතරයි)

 

මෙහෙම කියන්නම්.මේ අපි ජීවත් වන රටවල් තියනව නේද.මේව,සoවර්දනය කරන්න පුලුවන් විදි තියනවා.මීට අවුරුදු ගානකට කලින්.ඒ කියන්නෙ අවුරුදු 50-60-70 කලින් කියල හිතන්න.මේ ලෝකෙ ඇතුලෙ තියන රටවල් ඔක්කොම තිබ්බෙ ඒ කාලෙ එකම සoවර්ධන මට්ටමක.ඩොලර් එකට සාපේක්ශව අපේ මුදල් තිබ්බෙත් ඒ හා සමානව.ඉතින් අද වෙනකොට මොකක්ද වෙලා තියෙන්නෙ.අපි ඉන්නෙ කොතනද අනිත් මිනිස්සු අනිත් රටවල් තියෙන්නෙ කොතනද.ඔන්න ඔය පාලකයො කියන මිනිස්සු තෝරාගැනීමේදි ඔයිට වැඩිය ගොඩක් හිතන්න වෙනවා.ෆිල්ම් එක බලල නැත්නම් කියවන්න එපා.

චිත්‍රපටිය පැත්තට හැරුනොත් ප්‍රවීන් කියන්නෙ පොලිස් නිලදාරියෙක්(අවිවාහක).මනිඅප්පු කියන්නෙ ප්‍රවීන්ට වඩා ඉහල පොලිස් නිලදාරියෙක්.ප්‍රවීන් වැඩ කරේ මනිඅප්පුගෙ රියදුරා විදිහට.ඔය පොලිස් ස්ථානයෙම ඉන්නව සුනීතා කියල පොලිස් කාන්තාවක්.ඔය සුනීතට ඇමති කෙනෙකුගෙ ගමේ චක්ගෝලයෙක් වෙච්ච බිජු කියල කොල්ලෙක් කරදර කරනවා.ඉවසල ඉවසල බැරිම තැන සුනීතා ඒක පොලීසියෙ පැමිනිලි කරල බිජු කියන ඇමති චක්ගෝලයයි ඔහුගේ යාලුවො ටික්කුයි පොලීසියට කැදවනවා.ඔය ආපු අතරවාරයේ බහිම් බස් වීමක් වෙලා බිජු,ප්‍රවීන් සහ මනිඅප්පු අතර ගැටුමක් වෙනවා බිජු පොලීසියෙ සිරගත කරනවා.ඇමති බලතල නිසා කොහොම හරි බිජු නිදහස් වෙලා සුනීත සහ අනෙකුත් දෙදෙනා එක්ක වෛර බදිනවා.

 

කාලය ටිකක් ගෙවිල ගිහින් හදිසියෙ උත්සවේකට සහභාගී වෙලා එද්දි ඇක්සිඩන්ට් එකක් වෙනවා.එතකොට ඒ වාහනේ ඩ්‍රයිවර් කෙනෙක් ඇතුලුව ප්‍රවීන්,සුනීතා සහ මනිඅප්පුත් ඉන්නවා.ඇක්සිඩන්ට් එකෙන් බිජුගේ හොදම යාලුවෙක් මිය යනවා.හැමෝම හිතන්නෙ මේක පලි ගැනීමකට වෙච්ච මරණයක් කියල.ඇමතිගේ මාර්ගයෙන් පුවත් පත් මාධ්‍යනාලිකා ඔක්කොටම ඒ News එක යනවා.මේක තමා නොකරපු වරදක් නිසා මේකෙන් බේරීමට ටික කලක් සැගවසිටීමට හිතන් මේ යාලුවො තුන් දෙනා පොලීසියෙන් පැනල යනවා.ඔව් පොලීසියෙ තුන් දෙනෙක් පොලීසියෙන් බේරීමට.කිසිම හොයාබැලීමකින් තොරව ඇමතිගේ කීමට මොවුන් මිනීමරුවන් ලෙස ගෙන ඔවුන් සෙවීමට විශේශ කමිටුවක් පත් කරල ඔවුන්ව හොයන්න මෙහෙයුමක් දියත් කරනවා.

පැනල යන ප්‍රවීන්ට,සුනීතට සහ මනිඅප්පුට කෙතරම් දුරක් පැන යන්න ලැබෙයිද.මොන වගේ ක්‍රියාමාර්ග පොලීසිය විසින් ගනීද.ඔවුන්ගේ ජිවිතයෙ ඉරණම කුමක් වේද.ඕව ඔක්කොම දැන ගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.

තව දෙයක්.කොහොම උනත් ඔය ලොකු ලොකු මිනිස්සුන්ට ඕන වෙලාවක නීති හදන්න වගේම බොරු ඇත්ත කරල,ඇත්ත බොරු කරල නීති වෙනස් කරන්න පුලුවන්.ඒ වගේම ලොකු ලොක්කන් වැඩේ වෙනකන් කරන්න ඕන හැමදේම කියවල වැඩේ වැරදුනොත් ඒක පොඩි එකා පිට පටවන එකත් හොදාකාරව දකින්න පුලුවන්.සමාජය සම්පූර්ණයෙන් යැපෙන්නෙ බලතල හා මිල මුදල් වලට යටත්ව කියලත් ෆිල්න් එක බලපු හැමෝම දන්නවනෙ.(බොරු සාක්ශි හැදීම 100%)හැම ප්‍රශ්නෙකදිම අන්තිම තැලිල පොඩි වෙන්නෙ අහිoසක සාමන්‍ය ජනතාව විතරයි.

ප්‍රධාන චරිත විදියට Kunchacko, Joju, Nimisha, Jaffer…වගේ චරිත කිහිපයක් එකතු වෙලා තියනවා.පැය දෙකක් වගේ කාලයක් පුරා දිවෙන මෙම චිත්‍රපටය IMDb දර්ශකයේ 8.2 ක් වගේ ඉහල අගයක් ගන්න සමත් වෙලා තියනවා.ඒකනෙ කියන්නෙ මලයාලම් සිනමාපටයන් සිනමාව ආක්‍රමණය කරනව කියලා.හොද උපදෙස් රැසක් දෙන නිර්මාණයක්.බලපු නැති හැමෝම බලන්න.

 

Martin Prakkat
Initial releaseApril 8, 2021

සoදීප ලක්ශාන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *