Nayanthara Indian Film Actress

#ඩයනා_මරියන්_කුරියන් එහෙමත් නැත්තම් #නයන්තරා කොලිවුඩයේ අතිදක්ෂ සිනමා නිළියෙකි.. ඇය 1984 නොවැම්බර් මස 18 දින බැංගලූර් කර්නාටක වල උපත ලැබු අතර ඇගේ පියා එවකට හමුදාවේ සේවය කලේය..ඒ හේතුව නිසාවෙන් ඇය විවිධ ප්රදේශ වලදි අධ්යාපනය ලබන අතර පියාගේ විශ්රාමික දිවියත් සමඟ නැවත කේරලා ප්රාන්තයට පැමිනෙන අතර එහිදි ඇය වැඩිදුරටත් B.A.English Literature ඩිග්රිය සම්පූර්ණ කරගනු ලබනවා..ඒ අතරතුරදීම ඇය නිරෑපන ක්ෂෙත්රයට ද පා තබනවා.. තවද මලයාලම් රෑපවාහිනි නාලිකාවක නිවේදිකාවක් ලෙසද කටයුතු කරනු ලබනවා.. ඇගේ නිවේදන හැකියාවන් නිසාම මලයාල සිනමා අධ්යක්ෂකවරයෙකු වන සත්යන් විසින් 2003 වසරෙදී #මනසන_කරේ යන මලයාලම් චිත්රපටය හරහා නයන්ව සිනමා ක්ෂෙත්රයට ඇතුලත් කරනු ලබනවා.. මෙහි දී සිදුවන විශේෂත්වයනම් අධ්යක්ෂක විසින් මැයගේ නමට අකැමැති නිසාවෙන් ඇගේ නම #නයන්තරා යනුවෙන් වෙනස් කිරීමයි.. එම චිත්රපටයෙ සාර්ථකත්වයත් සමඟම ඈ මලයාලම් චිත්රපට දෙකකට අවස්ථාව නැවත ඈ සතු කර ගන්නවා.. ඇගේ අහිංසක චරිත ලක්ෂණ හේතුවෙන් අධ්යක්ෂක හරී විසින් ඇයව 2005 තිරගත වු #Aiiya දමිළ චිත්රපටයේ ප්රධාන නිලිය ලෙස ඇයව කොලිවුඩයට හදුන්වා දෙනු ලබනවා..එතනදී ඇයටම වු ෆෑන් බේස් එකක්ද ඇය හදා ගන්නවා.. ඇගේ දෙවෙනි දමිල චිත්රපටය ලෙස චන්දෘමුකි 2005 වසරෙදීම තිරගත වීම සහ එය බ්ලොක්බස්ටර් මූවී එකක් වීම නයන්ගේ සිනමා ජීවිතයේ ඊලග අඩිතාලමට හේතු පාදනවා..
ඉන් අනතුරව නිලියක් ලෙස සිනමා ක්ෂේත්රයේ දිගු ගමනකට Glamour Roll අත්යවශ්ය කාරනයක් බැවින් ඇයටම ආවේණික වූ ශෛලයක් ඈ විසින් ලබා ගන්නවා..

Gajini
Kalwanin kaadhal
Vallawan
ඒ අනුව ඇය රගදැක්වු චිත්රපට වේ.. පසුකාලීනව Vallawan මූවී එකේ රගදැක්වු Simbu සමඟ ඇතිවු සබදතාවයක් නතර වීම නිසා කොලිවුඩයට තිත තබන ඈ Tollywood වල Top heroins ලැයිස්තුවට එකතු වෙනවා.නැවත වරක් රජිනිගේ සිවාජී මූවී සොන්ග් එකක් තුලින් නැවත Come back එකක් කොලිවුඩයට තියනවා.. ඒ අනුව
Billa
Sathyam
Aegan
හරහා රසික හදවත් තුලට පැමිණෙන ඈ 2009 ප්රභූදේවා අධ්යක්ෂණයෙන් තිරගත වු විල්ලු මූවී එකේදි ප්රභූදේවා සමග ආදර සම්බන්දය නැවත පෞද්ගලික හේතුන් මත නවතා දමන අතර ඇය නැවත Tollywood සහ Mollywood හී තම රංගන දායකත්වය දක්වා ඇත..නමුත්
Aadawan. Boss engira basskaran සාර්ථක විය.. තම ආදර කතා නිසා වසර තුනක් කොලිවුඩයෙන් ඈත් වුන ඇය නැවත වරක් Raja Rani හරහා කොලිවුඩයට Come back එකක් ලබා දුන්නා..ඒ අතරතුරදී තෙලිගු මූවී එකක් වන ශ්රි රාම රාජ්යම් හී සිතා දේවියට පණ පොවමින් නන්දු සම්මානයෙන් ද පිදුම් ලැබීය.. ඒත් එක්කම උදයනිදි ස්ටාර්ලින් සමඟ චිත්රපට දෙකකට දායක වන ඇය එතනදීද අවමානයටත් හිත්වේදනාවටත් පත් වන ඇය පසුව Heroine base චිත්රපට වලට වැඩි නැඹුරැතාවක් දක්වන්නට විය.. එසේ නිර්මාණය වු චිත්රපටයකි #මායා. එතනදී තමාටම ෆෑන් බේස් එකක් හදාගත්ත නයන් විග්නේෂ් විසින් අධ්යක්ෂණය කල #නානුම්_රවුඩි_තාන් රගදැක්වීය.. එතනදී සිදු වු ආදර කතාවෙන් නයන්ගේ ජීවිතයේ ප්රධානම සංසිද්ධානයකි.එමෙන්ම #අරම් චිත්රපටය නයන්ගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂයයි..මින් පසු ඇය රගපෑ සියලු චරිත Heroine base චිත්රපටයි.. එනම්
Kolamavu kokila
Aiira
Imeikka nodigal
Dora
ඒත් සමඟම විස්වාසම් දර්බාර් බිගිල් යන චිත්රපට වලටද heroine base චරිත වලට පණ පොවනු ලැබීය..
ඉතිං ඇය මෙතෙක් රංගන දායකත්වය ලබා දුන් චිත්රපට සංඛ්යාව 67 වන අතර ඊට සුපර් හිට් මූවීස් 9ක්ද බ්ලොක්බස්ටර් 12ක්ද වනවා.. ඇය මෙතෙක් සම්මාන 65 ඈ සතු කරගන්නවා.. තවද ඇයේ රංගනයෙන් ඉදිරියට ඒමට ඇති චිත්රපට
Annaathe
Trishna
මීට අමතරව ඇය සමාජ සේවිකාවක් ලෙසද ලොව ජය ගෙන ඇත..අගේ සිනමා ජීවිතයට මේ වන විට වසර 18 වන අතර ලොකු කුඩා බේදයකින් තොරව ප්රේක්ෂකයන් ඈව වැලදගෙන ඇත..තම දක්ෂතාවය අසීමිත කැපවීම ඉවසීමෙන් දිගු ගමනක් පැමිණි ඇය ඇත්තෙන්ම ඕනිම චරිතයක් තුල ජීවත් වන ආදරණීය චරිතයක්..