Naradan (2022) Malayalam by Ramitha Vimukthi
Spoiler Alert!
Aashiqu Abu අධ්‍යක්ෂණය කළ Naradan, මෙම වසරේ නැරඹීමට බලාපොරොත්තුවෙන් සිටි මලයාලම් චිත්‍රපටයක්. මෙම චිත්‍රපටයට පාධක වන්නේ ජඩ මාධ්‍ය සහ එයට පසුබිම සාදා දෙන දූෂිත සමාජ දේශපානික සංස්කෘතිය සම්බන්දවය. මෙයට ලාංකිකයෙකු වශයෙන් වඩාත් සමීපත්වයක් ගෙන දෙන්නේ, මෙහි පෙන්නුම් කරන එම පැතිකඩ අපගේ දූෂිත මාධ්‍ය කලාවටද සම්බන්ද වීමයි. විශේෂයන්ම කිසිදු නිවැරදි බවක් නැති පුවත් සහ මාධ්‍ය ඔස්සේ තම චැනලයේ ශ්‍රේණිගතකිරීම් ඔස නැම්වීමට, ඕනෑම ආරයක පුවත් විකෘති කිරීමක් සිදු කරන ආකාරය අප ඇස් ඉදිරිපිටම දැක තිබෙනවා. 22 Female Kottayam, Mayaanadhi සහ Virus වැනි අමතක නොවන නිර්මාණයන් ඉදිරිපත් කළ Aashiq Abu, Naradan හරහාද වෙනස් පැතිකඩක් පෙන්නුම් කරනවා. ඔහුගේ මෙම නවතම නිර්මාණය සමස්තයක් වශයෙන් මා තුල ඇති කළේ මිශ්‍ර හැඟීමක්.

කතාවෙන් බිඳක් :
චන්ද්‍රප්‍රකාශ් යනු News Malayalam නම් ප්‍රවෘති නාලිකාවක සේවය කරන සාර්ථක ප්‍රවෘති නිවේදකයෙක්. එම නාලිකාව තුල තව තවත් ඉදිරියට යාමටත් ඔහුගේ ඉදිරිපත් කිරීම් හමුවේ නාලිකාවේ ශ්‍රේණිගත කිරීම් ඔස නැම්වීමටද චන්ද්‍රප්‍රකාශ් තුල දැඩි අදිෂ්ඨානයක් තිබෙනවා. එම නාලිකාවේ ඉහල තනතුරු වල සිටින ලොක්කන්ගේ පීඩනය සහ පෞද්ගලික ජීවිතයේද ඇති අර්බුදකාරී තත්වය චන්ද්‍රප්‍රකාශ් තුල මානසික පීඩනයක් ඇති කරනවා සේම භයානක ලෙස විවිද අන්තයන් වලටද ගමන් කරවීමට පොළොඹවනවා. චන්ද්‍රප්‍රකාශ්ගේ මාධ්‍ය ජීවිතය මුළුමනින්ම කණපිට පෙරලෙන්නේ වෙනත් නාලිකාවක සේවය කළ ප්‍රදීප් නම් මාධ්‍යවේදියෙක් ඔවුන්ගේ ආයතනයට බඳවා ගැනීමයි. ප්‍රදීප්ගේ පැමිණීමත් සමග චන්ද්‍රප්‍රකාශ්ට එම ආයතනය තුල හිමිවූ තැන අහිමි වනවා. එයට විකල්පයක් ලෙස ඔහු තෝරාගන්නේ මුළුමනින්ම මුදලට විකුණන මාධ්‍ය සදාචාරයක්. ඔහු Narada News නමින් නව පුවත් නාලිකාවක් ආරම්භ කරන්නේ දැවැන්ත ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුගේ මග පෙන්වීමක් සමග. මෙය හමුවේ නිර්මාණය වන්නේ තමා පුද්ගලිකව අනුගමනය කළ මාධ්‍ය සදාචාරයන්ද සිල්ලර කාසියකට දමන මාධ්‍ය ව්‍යාපාරිකයෙක්. මෙය හරහා ඔහුගේ මූලික අරමුණ අංක එක වීම පමණයි. චන්ද්‍රප්‍රකාශ් විසින්ම තෝරා ගත් මෙම භයානක අන්තය කෙලවර වන්නේ කොතැනින්ද?.
අධ්‍යක්ෂක Aashqiu Abu Naradan හරහා ගොඩ නැගීමට උත්සාහ කර ඇත්තේ, වත්මන් මාධ්‍ය තුල දක්නට ලැබෙන කාලීන මාතෘකාවක්. නමුත් මෙහි පෙන්නුම් කළ අංගයන්ට වඩා ඔබ්බට යාමට හැකි අවස්ථාවක් ඔහු ඇතුළු තිර රචකයා වූ Unni R. අහිමි කර ගත්තාද යන ප්‍රශ්නාර්ථය මතු වුනා. ඔබ අර්නබ් ගොව්ස්වාමි නම් ආන්දෝලනාත්මක මාධ්‍යවේදියාගේ වැඩසටහන් නරඹා ඇති නම්, මෙහි ඇතුලත් වන චන්ද්‍රප්‍රකාශ්ගේ චරිතය සමග යම් සමීප බවක් ඔබටද වැටහේවි. විශේෂයෙන්ම ව්‍යාජ ප්‍රවෘති සහ ඇතැම්
සිද්දීන් විකෘති කර මාධ්‍ය නඩු විභාග කරවීම, අර්නබ් ගොව්ස්වාමි නම් මාධ්‍යවේදියාට එල්ල වන බරපතල ගණයේ චෝදනාවන්. Naradan චිත්‍රපටය තුලද මෙම ව්‍යාජ පුවත් සහ මාධ්‍ය නඩු විභාගයන් සම්බන්දයෙන් හටගත හැකි බරපතල ගැටළුන් පිලිබඳ අධ්‍යනයක් ඇතුලත්වී තිබෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන තේමාව එය වූවත්, මෙහි ප්‍රධාන චරිතය ගොඩ නැගීමට වැඩි අවධානයක් දීම නිසා එම මාතෘකාව සැබවින්ම අධ්‍යනය වූයේ මතුපිටින් පමණයි. හෝරා දෙකහාමාරක දර්ශන කාලයකින් සමන්විත මෙම චිත්‍රපටය, හෝරාවක පමණ කාලයක් චන්ද්‍රප්‍රකාශ්ගේ චරිතය ගොඩනැගීමට වැය කර තිබෙනවා.මෙම මුල් හෝරාව ඉතාම සෙමින් ගලා ගිය නිසාවෙන්, කතාවේ අවධානය යම් මට්ටමකට බිඳ වැටුනා. ඒ කෙසේ නමුත් චිත්‍රපටය මැද භාගයේ පටන් හරි මාර්ගයේ ගමන් කළා.

Tovino Thomas කලකට පසුව කළු සුදු මිශ්‍ර සංකීර්ණ චරිතයකින් Naradan හරහා ඔබට දැකගත හැක. Tovino මෙම චරිතය සමස්තයක් වශයෙන් සාර්ථකව ඉදිරිපත් කරත් , එක්තරා ආකාරයක අධිරංගනයක නියැළුණු අවස්ථාවන් කිහිපයක්ම දක්නට ලැබුනා. Anna Ben සහ Sharafudheen ඔවුන්ගේ චරිතයන්ට සාදාරණයක් ඉෂ්ට කළත්, එම චරිතයන් ප්‍රභලව ඉස්මතු කිරීමට මෙහි තිර රචනය අවකාශයක් ලබාදී නැත. සහාය චරිතයන් නිසි ලෙස වර්ධනය නොවීමත් මෙහි කැපී පෙනුණු අඩුපාඩුවක්. මෙහි තාක්ෂණික අංශයන් වන සිනමාකරණය, සංස්කරණය සහ සංගීත අධ්‍යක්ෂණය ඉහල මට්ටමක දක්නට ලැබුනා.
මෙහි ඇතුලත් වූ තේමාවෙන් සහ දක්ෂ නළු නිළියන්ගෙන් මින් ඔබ්බට යමක් ගන්නට තිබුනාය යන ප්‍රශ්නාර්ථය මතු වුනත්, සමස්තයක් වශයෙන් හොඳ නිර්මාණයක් මෙය.