Naduvula Konjam Pakkatha Kaanom (2012) Tamil | Sinhala Article

Naduvula Konjam Pakkatha Kaanom (2012) Tamil 

My Rating : 8.5/10

Comedy/Tamil cinema ‧ 2h 41m

96% liked this film Google users

Vijay Sethupathi ගැන නොදන්නේ කවුද ? ඔබ දමිළ චිත්‍රපට නරඹන අයෙකු නම් අනිවාර්යයෙන්ම ඔහු පිළිබඳව දනී. වර්ථමාන දමිළ සිනමාවේ දක්ෂතාවය සහ ජනප්‍රියතාවය යන සාධක දෙක තනි තනිව හෝ එක්ව ගෙන සසඳා බලන කල “සේතුපති” නම් ප්‍රශස්ථ රංගන ශිල්පියා සිටින්නේ ඉතාම ඉහළ ස්ථානයකයි.

පෞද්ගලිකව මගෙන් කෙනෙකු විමසුවහොත් “ඔබට අනුව දමිළ සිනමාවේ දක්ෂතම නළුවන් වන්නේ කවුරුන්ද ?” කියා, මගේ පිළිතුර වන්නේ 1. Kamal Haasan, 2. Vikram, 3. Dhanush, 4. Vijay Sethupathi යන්නයි.

සේතුපති හිට් වෙන්න පටන් ගන්න කාලෙ ආපු “සුපිරි” ෆිල්ම් එකක් මේක. “අනර්ඝ” කියන වචනය වෙනුවට මම “සුපිරි” කියන වචනය භාවිතා කළේ ව‍ර්ථමානය වන විට අපේ භාෂාවේ සුපතල වචන පෙළක් තිබෙනා බැවින්, කිසිවෙකු මෙය නැරැඹීම සඳහා පෙළැඹවීමට “සුපිරි” යන වචනය ප්‍රබල ලෙස ඉස්පාසුවක් වෙන නිසාවෙනි.

2012 වසරේ නිකුත් වූ Naduvula Konjam Pakkatha Kaanom යනු ලෝ බජට්, නමුත් හයි බජට් චිත්‍රපටවලට වඩා ගව් ගාණක් ඉදිරියෙන් තිබෙන, ප්‍රේක්ෂකයන් ලෙස අපට උපරිමයට විඳ ගත හැකි සිනමා නිර්මාණයකි. අධ්‍යක්ෂකවරයා සහ ඔහුගේ සගයන් විසින් මුහුණ පෑ සත්‍යය සිදුවීමක් ප්‍රස්තුතය කොටැ ගෙන නිර්මාණය කරන ලද්දකි.

ප්‍රහසනය උපරිම අයුරින් විඳ ගත හැකිවා සේම සංකීර්ණ මානව මොලය හා සම්බන්ධ කාරණාවක් පිළිබඳවද සාකච්ඡා කරයි. රංගන ශිල්පීන්ගෙන් අපට හුරු පුරුදු සේතුපති පමණයි. සෙස්සන්ගෙන් බහුතරය නවකයින් සහ ප්‍රධාන ධාරාවේ නොවුණු අයයි. අත්දැකීම් අඩු වුවත් ඇතැමුන්ගේ රංගනය ප්‍රශංසනීයයි.

සේතුපති, ප්‍රේම් කුමාර් ලෙස ඉදිරිපත් කරන රංගනය ඇගැයීමට නම් වචන සොයා ගැනීම අසීරුයි. ඔහුහේ දෙබස් උච්චාරණය, ප්‍රහසනය ඉපැදවීම, අභින සියල්ල ප්‍රශස්ථ සීමාවත් ඉක්මවා ගියා මිසෙක කිසිම තැනෙක ආධුනිකබවක් නම් දැනුනේ නැති තරම්. සෙස්සන්ගෙන්, සත්‍ය සිදුවීමට සම්බන්ධ මිතුරන් සිව්දෙනාගෙන් එකෙකු වන “භක්ස” හෙවත් Bhagawathi, “බාලාජී” ලෙස චරිතය නිරූපණය කරන Rajkumar යන දෙදෙනා ප්‍රශස්ථ රංගනයක් ඉදිරිපත් කරයි. ඒ අතරිනුත් Rajkumarගේ රංගනය පැසැසුම්සහගතයි. “ධනලක්ෂ්මී” ලෙස චරිත නිරූපණය කරන සුන්දර Gayathri ව නම් අප සේතුපති සමගම නිර්මාණ රාශියකම දැක තිබේ.

සත්‍ය සිදුවීමට සම්බන්ධ මිතුරන් සිව්දෙනාගෙන් එකෙකු මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරයි. තවකෙකු කැමරාකරණය සිදු කරයි. (ඔහු අප විසින් මහත් ආදරයෙන් වැළඳගත් ආදරණීය සිනමාපටයක් වන 96 හී අධ්‍යක්ෂකවරයායි). තවකෙකු සිනමාපටයේ රඟපානු ලබයි.

Plot එක හෙවත් ප්‍රස්තුතය ප්‍රේක්ෂකයා ඇද බැඳ ගන්නට සමත්ය. නිර්මාණයේ පදනම වී තිබෙන “මතකය අහිමි වීම” යන කාරණය අලලා නිර්මාණය කරන ලද සිනාමපට අතුරින් මවිසින් නරඹන ලද හොඳම එකක් ලෙස මෙය නිර්දේශ කරන්නට කැමැතියි.

සේතුපති සිය අනන්‍යතාවය සනාථ කර ගන්නට පටන් ගත් සමයේ සිනමා නිර්මාණයක් ලෙස මෙය ඔබ විසින් අනිවාර්යයෙන්ම නැරැඹිය යුතු එකකි. කාරණා දෙකක් හේතු ලෙස සපයන්නම්. එකක් මේ සේතුපතිගේ වැඩක්. දෙක මේ සිනාමපටය අනිවාර්යයෙන්ම නැරැඹිය යුතු ගණයේ එකක්.

2012 වසරේදීම මවිසින් පළමුවරට නැරැඹූ මෙය ඉන් අනතුරුව තවත් වරෙක නරඹා තිබුණි. දින කිහිපයකට පෙරාතුව ආයෙත් වරක් නරඹන්නට සිත් දුන්නේ “මේ ආතල් එක” විඳ ගැනීමට සීමා කරන ලද වාර ගාණක් අපට පැනැවිය නොහැකි බැවිනි.

Balaji Tharaneetharan
Initial releaseNovember 30, 2012 (Chennai)
Budget₹8 million
Download
Subtitle Download

කෝසල D මධුරවීර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *