Nadeeka Gunasekara Sri Lankan Actress by Rohan Senevirathne
1980 දී එම් ඒ.සංඝදාස මහතා අධ්‍යක්ෂණය කල ‘කාංචනා’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි නදීකා ගුණසේකර මහත්මිය සිංහල සිනමාවේ කුසලතා පුර්ණ සිනමා නිළියක් බව නොකිවමනාය.
වත්සලා අක්කා ‘සිංහබාහු‘ ‘බිත්ති හතර, තනිතරුව ,වජිරා, චංචල රේඛා, සිතාරා, යුගයෙන් යුගයට ,සමනළ සිහින , රිදී නිම්නය, අධිෂ්ඨාන, බට්ටි, ඩොරින්ගේ සයනය, කිරි මදු වැල්, බැද්දේගම, යහළු යෙහෙළි, සිව් රඟ සේනා, පෙම් රජ දහන, අහිංසා, හොඳින් නැත්නම් නරකින්, රන් හදවත, ඔක්කොම රජවරු, ඔබ මට විශ්වාසයි, චෙරියෝ ඩොක්ටර්, සිහින විමානේ රාජ කුමාරි, චායා, යසෝමා, දඬුවම, සෙනසුරු මාරුව වැනි චිත්‍රපට රැසක විවිධ චරිත නිරුපනයන් කල දක්ෂ සිනමා නිළියකි.
මුල් යුගයේදී ඇය කලාත්මක සිනමාව සේම විනෝදාත්ම සිනමාවත් හොඳින් ග්‍රහණය කරගත් නිළියකි.
සේන සමරසිංහගේ ‘චංචල රේඛා’ හී දං චූටී ඇය ඉහල ජනප්‍රියත්වයකට ඔසවා තැබු සිනමා පටයකි. සිනමාවේ ඇයටම ආවේනික රංගන රටාවක් තුල ඉතාම දක්ෂ ලෙස ඇය එම රංගනය ප්‍රේක්ෂක සිත් තුල සනිටුහන් කලාය. චිත්‍රපටය තිරගතවි වසර තිස් නමයක් ගත වු වද අදත් සෑම අවුරුද්දකම සරත් දසනායකයන්ගේ සත්සර රාවයෙන් සංගීතවත් වූ ආචාර්ය අජන්තා රණසිංහයින් ලියු ,මිල්ටන් මල්ලවාරච්චි සමග නිලා වික්‍රමසිංහ ගැයු මී අඹ අත්තේ කොහෝ කොහෝ ගිතය සතර අතින් රාව ප්‍රතිරාව නංවන හැම සිංහල අවුරුදු සමයකදීම සැබැ සිනමා රසික සිත් තුල චංචල රේඛා හී දං චුටී නිරන්තරයෙන් මතකයට නැගෙන්නේය.ඇය එම චිත්‍රපටයේ එම රංගනයේ ජිවත් වෙන්නට සමත් වුවාය. සැබැ දක්ෂ රංගන ශිල්පිණියකගේ දක්ෂතාවය ද එයමය.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස්ගේ ‘බැද්දේගම’ හින්නිහාමිගේ චරිතය තුල පැ විශේෂ කුසලතාවය උදෙසා 1982 සරසවි සම්මාන උළලේදි හොඳම නැගී එන නිළිය ලෙස සම්මාන ලැබුවාය. බැද්දේගම සිනමා පටයට පසු සුමිත්‍රා පිරිස් මහත්මියගේ ‘යහළු යෙහෙළි’ සිනමා පටයේ මුදිතලතා ලෙස තවත් කුසලතාපුර්ණ රංගනයක් කිරීමට ඇයට හැකි විය. එසේම ව්ජිරා හී වජිරා ලෙසද, රිදී නිම්නය , බට්ටි, අහිංසා, යසෝමා, චායා, හොඳින් නැත්නම් නරකින් වැනි සිනමා පටවල සැලකිය යුතු විශේෂ දක්ෂතා රැසක් ප්‍රේක්ෂකයා හමුවේ ඉදිරිපත් කලාය.
සිනමා නිෂ්පාදිකාවක් ලෙස මාලීනී ෆොන්සේකා මහත්මිය සමග ‘අහිංසා’ සිනමා පටයත්, ඇය විසින් තනිවම ‘ඇය ඔබට බාරයි’ සිනමා පටයත් නිෂ්පාදනය කරමින් සිනමා කර්මාන්තය රැක ගන්නට සේවයක් කිරීමට ඇය සමත් වුවාය. අහිංසා චිත්‍රපටයේ කල දක්ෂ රංගනය උදෙසාත්. චායා චිත්‍රපටයේ කල ප්‍රශස්ත රංගනය උදෙසාත් සරසවිය සම්මාන උළෙලයන් හී දී හොඳම සහාය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වීමට ඇයට හැකි වුවාය.
සිනමා කලාව තුල තමන්ටම ආවේනික රංගන ශෛලයක් තුල ප්‍රේක්ෂක සිත් තුල රංගනයෙන් සිනමා මතක සටහන් තැබීමට සමත් වූ මේ ප්‍රවීන කලා ශිල්පිනිය අපේ සිනමාවේ සිටිනා උගත් උපාධිදාරිනියකි. එහෙත් ඇය කිසි දිනක පුහු මාන්නයෙන් හිස උදුම්මා ගත් තාරකාවියක් නොවීම ඇගේ මා දකින සුවිශේෂී ගුනාංගයයි. කවදත් නිහතමානී ගතිගුන වලින් පොහොසත් එතුමියගේ කතා විලාසයද ඇයටම ආවේනික ඉතා සිත් ගන්නා සුලුය.
සිංහල සිනමාවේ අපට කිසිදා අමතක නොවනා
දං චූටී ද ඇයයි
හින්නි හාමිනේද ඇයයි
මුදිතලතා ද ඇයයි
වජීරා ද ඇයයි
බට්ටී ද ඇයයි
යසෝමා ද ඇයයි
කල්පනා ද ඇයයි
සෙල්ලී ද ඇයයි
මෙකී නොකී චරිතාංග රංගනයන් රැසකින් සිනමා ප්‍රේක්ෂක හදවත් වල ජීවත් වන ඇය නදීකා සන්ධ්‍යා ගුණසේකර නම් වන්නීය. සිංහල සිනමාවේ සදාතනික දං චූටී ආදරණිය නදීකා අක්කා
ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන් දිනක් වේවා
සිනමා පුවත් පත් පින්තුර සංරක්ෂනය
ප්‍රදීප් චතුරංග