Murattu Kaalai (1980) Tamil | Sinhala Article

Murattu Kaalai (முரட்டுக்காளை) 1980

6.8/10IMDb

84% liked this film Google users

කාලෛයන් සහෝදරයින් සිව් දෙනෙකුට වැඩිමල් ⁣සහෝදරයා ය. ඔහු ප්රදේශයේ සුප්රසිද්ධ ගොන් පොර කරුවෙකි. එසේම කාලෛයන් යනු ගෞරවනීය ලෙස ජීවත් වන, අයුක්තිය අසාධාරණ නොඉවසන, නිර්භීත සහ බුද්ධිමත් මිනිසෙකි.

එම ප්රදේශයේ ජමින්දාර් වන සුන්දරවේලු හා සමාන වත්කමක් සහ දේපොළ අැති කාලෛයන්ට සහ ඔහුගේ සහෝදරයින් සිව් දෙනාට ඉතා සුව පහසු ජීවිතයක් ගත කිරීමට හැකි නමුත් ඔවුන් ඉතා සරල සාමාන්ය ජීවිතයක් ගත කරති.
කාලෛයන් සතු අක්කර පහක ඉඩමක් පිහිටා ති⁣බෙන්නේ මෙම සුන්දරවේලුට අයිති ඉඩම් දෙකක් අතර මැදය. ගමේ දුප්පත් මිනිසුන්ගේ ඉඩම් අයුතු සහගත ලෙස අත්පත් කරගනිමින් සිටින ජමින්දාර්ට තම ඉඩම් දෙකට යාබදව පිහිටි කාලෛයන් සතු ඉඩමද අයිති කරගැනීමට අවශ්ය වෙයි. සුපුරුදු පරිදි සාමාන්ය ගැමියන් කෙරෙහි යොදන උපාය කාලෛයන් ඉදිරියේ අසාර්ථක වීම නිසා ජමින්දාර් සුන්ද⁣රවේලුගේ කළමණාකරු වන සාමිපිලෛ විසින් කාලෛයන් හසු කර ගැනීම පිණිස අපූරු උපායක් යෝජනා කරයි.
S.P. මුතුරාමන් විසින් අධ්යක්ෂණය කරන රජිණිකාන්ත් සහ කමල් හාසන් දෙදෙනාම රඟපාන චිත්රපටියක් තමාගේ සමාගමෙන් නිෂ්පාදන කිරීම සුප්රසිද්ධ AVM Productions හි ධිපති A.V. මෛයප්පන් මහතාගේ අභිප්රායක්ව පැවතුණි. ඔහු විසින් එය S.P. මුතුරාමන් අධ්යක්ෂකවරයාට පවසන ලද නමුත් චිත්රපටියක වැඩ කටයුතු ඇරඹීමට පෙර A.V මෛයප්පන් මහතා අභවප්රාප්ත විය. ඔහුගේ අවසන් ඉල්ලීම ඉටු කරන්නට නොහැකි වීම පිළිබඳව මුතුරාමන් මහතා දැඩි ලෙස කම්පාවට පත්වූයේ ය.
පසුව A.V.මෛයප්පන් මහතාගේ වැඩිමල් පුත්රයා වන M. සරවනන් විසින් තම පියාගේ ඉල්ලීම පිළිබඳව නැවතත් S.P. මුතුරාමන් මහතා සමග කතාබහ කලේය. නමුත් මෙම කාලය වන විට තමන් රජිණිකාන්ත් සමග නැවතත් එක් චිත්රපටියක රඟපාන්නෙ නැති බවට තීරණය කර සිටි කමල් හාසන් තමා සහ රජිණි වෙනුවෙන් වෙන වෙනම චිත්රපටි දෙකක් නිර්මාණය කරන ලෙස මුතුරාමන් මහතාට පැවසූ නිසා AVM නව අධිපතිතුමා විසින් පළමුව රජිණිකාන්ත් වෙනුවෙන් චිත්රපටියක් නිශ්පාදනය කිරීමට තීරණය කලේය.
එලෙස S.P. මුතුරාමන් මහතාගේ අධ්යක්ෂණය යටතේ රජිණිකාන්ත් වෙනුවෙන් නිපැයූ චිත්රපටිය වන්නේ මෙම මුරට්ටු කාලෛ චිත්රපටිය යි. අති සාර්ථක ලෙස දින සියයද ඉක්මවා තිරගත වුනු මෙම චිත්රපටිය නිසා දිගු කාලයක් තිස්තේ තරමක පසුබැසීමකට ලක්ව තිබූ AVM සමාගමද නැවතත් පුනර්ජීවයක් ලැබූ බව කියැවෙනවා.
එසේම AVM ප්රඩක්ෂන්ස් යටතේ රජිණිකාන්ත් රඟපෑ පළවෙනි චිත්රපටිය මෙම චිත්රපටිය වන අතර එය රජිණිකාන්ත්ගේ ද දීර්ඝකාලීන බලාපොරොත්තුවක් සඵල වීමකි. මුරට්ටු කාලෛ චිත්රපටිය යනු සාමාන්ය නළුවෙක්ව සිටි රජිණිකාන්ත් ඇක්ෂන් හීරෝ කෙනෙක් සහ සහ සුපර්ස්ටාර් කෙනෙක් බවට පත්කිරීම සඳහා අඩිතාලම දැමූ චිත්රපටිය ද ⁣වනවා.
පිටපතට අනුව අවශ්යව තිබුනු කුඹුරු, ගංගා, කඳුවැටි,පොල්වතු සහ කැලෑබද ප්රදේශ ආදී ආදී සියල්ලන්ගෙන්ම සමන්විත සුන්දර Pollachi ප්රදේශයේ චිත්රපටිය රූගත කර තිබෙනවා. අද මෙන් තියුණු සූක්ෂම කැමරා සහ දියුණු ආලෝකකරණක් නොතිබුන අසූව දශකයේ මුල භාගයේ රූගත කලා වුවද එම ප්රදේශයේ සුන්දර භූමි දර්ශන ඉතා මනරම් ලෙස කැමරා කාචයට හසු කරගැනීමට සමත්වී තිබෙනවා. විශේෂයෙන්ම අද චිත්රපටියක දකින්නට නැතිම දර්ශනක් වන උණුසුම් දවසක දහවල් කාලයේ අහසේ දැකිය හැකි නිල් පැහැති ස්වභාවික චමත්කාරය පසුබිම් කරගත් ඉතා අලංකාර රූප රාමු රාශියක් මෙහි දකින්නට පුලුවන්.
ඉලෛරාජා මාස්ටර් විසින් චිත්රපටියේ සංගීතය අධ්යක්ෂණය කර තිබෙන අතර මැලේසියා වාසුදේවන් විසින් ගායනා කල
“Pothuvaaga En Manasu Thangam” නමැති අතිශය ජනප්රිය ගීතයද ඇතුලුව තවත් ගීත හතරක් මෙහි අඩංගු වනවා. මාස්ටර් ඉලෛරාජාගේ ගැමි නාද රටා සංකල⁣නයෙන් බිහිවුනු Pothuvaaga En Manasu Thangam යනු අද ද තමිල්නාඩුවේ රජිණිකාන්ත් රසිකයින් අතර ජාතික ගීයක් හා සමානව ගැයෙන ගීතයකි.
Murattu Kaalai චිත්රපටිය 2012 වසරේ එම නමින්ම ප්රතිනිර්මාණය වුනු අතර කාලෛයන් ලෙස සුන්දර්C සහ ජමින්දාර් සුන්දරවේලු ලෙස සුමන් රංගනයෙන් දායකවී ඇත.

රජිණිකාන්ත්ගේ රංගනය ජීවිතේ ‘රඟපෑම’ වෙනුවෙන් ඔහු වඩාත්ම සාධාරණයක් ඉෂ්ඨ කලේ එනම් සැබැවින්ම ඔහු රඟපෑවේ හැත්තෑව සහ අසූව දශක වලත් අනූව දශකයේ මුල භාගයේත් චිත්රපටි වල පමණක් යැයි කීම වරදක් නොවේ යැයි සිතමි. 1992 වසරේ තිරගත වුනු මන්නන් චිත්රපටියෙන් පසුව රජිණිකාන්ත්ගේ සිනමා ජීවිතය උඩු යටිකුරු වුනා. එතෙක් කාලයක් ඔහුව දේවත්වයෙන් අදහමින් සිට රසිකයින් එදා සිට ඔහුව නිශ්චිත සාමාජිකයෙක් ලෙස තමිල්නාඩු දේව සභාවට ඇතුළත් කිරීමට ක්රියා කිරීම හේතුවෙන් ඔහු චිත්රපටියක පෙනීසිටීම වුවද පමණක් සෑහුණු අතර ඔහු තුළ සිටි නළුවා ක්රමයෙන් අඩපණ වුනා.

විශේෂයෙන්ම 2010 වසරෙන් පසු එම පැරණි රජිණිකාන්ත්ගේ ශේෂයන් සෙවණැලි ලෙස නැවත සිනමාවට ගෙන ඒමට යම් උත්සාහයක් හෝ දැරුවේ Pa. රන්ජිත් විසින් අධ්යක්ෂණය කළ කබාලි සහ කාලා චිත්රපටි ද්විත්වය තුළින් පමණක් බවද කණගාටුවෙන් වුවත් පැවසිය යුතුයි.

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *