Movies for Father’s Day
අද පියවරුන්ගේ දිනය වෙනුවෙන් කොලිවුඩය තුල එදා මෙදා බිහි වූ පියවරුන්ගේ නිහඬ සෙනෙහස කැමරාකරණය වූ චිත්‍රපට කිහිපයක් පිළිබඳව කෙටියෙන්.
විවාහ වීමට නියමිත කාන්තාව සහ ඇගේ දැරිය සමඟ ගමන්ගන්නා ආකාරය. ආගන්තුකයකුව සිට හොඳම මිතුරන් දක්වා ද දැරිය ඔහු වෙත දක්වන ආදරය වටා කතාව ගොඩනැගී ඇත.
02. අභියුම් නානුම්
තම දරුවා ඇති දැඩි කර ලෝකයා පිළිබඳව තේරුම් ගන්නා තෙක් ඈ සමඟ පැමිණ ජීවිතයේ වැදගත් අවස්ථාවක හොඳින් හිතා බලා තීරණය ගෙන ඇගේ පරිණතභාවය ගැන සිතා හදවතින් සතුටු පියෙකු හා ආදරණීය දියණියක් වටා ගෙතුණු කතාවකි..
03. මහානදි
ජිවිතයේ කර්කශ වූ අවස්ථාවක අතර මග අතැරුණු දහසය හැවිරිදි පුංචි කුසුම සොයා යන පියෙක්. දැරිය ඝණිකා මඩමක වෙසෙන බව දැන හදවත දෙදරා ගියද ඈ නැවත නිවසට ගෙන යාමට තැත් කරද ඈ වෙනුවට තවත් පහළොස් හැවිරිදි දරුවෙකුව ඔබහට බලහත්කාරයෙන් භාර දුන්නානම් ඔබ ඔබේ දරුවා පමණක් බේරාගෙන පැමිණෙනවාද? වචනයේ පරිසමයෙන් ඔහු පියෙක් වග චිත්‍රපටයේ තහවුරු කර ඇත.
04. කණා
තම දියණියගේ සිහින සැබෑ කර ගැනීමට වගබලා ගැනීම සඳහා තම ගමට හා සමාජයට පරස්පරව නැගී සිටින පියෙක්, පියාගේ සිහිනය සැබෑ කරන්න වෙර දරණ දියණියක්. ආදරණීය කතාවක්..
05. දෙයිව තිරුමගල්
මානසික ව්‍යාකූල වූ පියෙකු හට ඔහුගේ දියණිය හදාවඩා ගැනීමට දිය නොහැක බව ලෝකයා හංවඩු ගැසුවද හය හැවිරිදි දැරියගේ අසීමිත ආදරය සියල්ලොම නිහඬ කරමින් උසාවිය තුළදි පිය දූ සම්බන්ධතාව උසස් යන වග පෙන්වූ කතාවකි.
06. කන්නතිල් මුත්තමිට්ටාල්
මව් පිය අනාථ වූ දැරියකගේ පීතෘත්වය ලබාගැනීමට විවාහයක් සිදු කරගන්නා සැබෑ පියෙකුගෙ කතාවකි. තමා විවාහ වී තව දරුවන් දෙදෙනෙකු සිටියද අංශුමාත්‍රයකින් වත් වෙනසක් නොකර තිදෙනාටම ආදරය කල, දරුවා වැඩීමත් සමඟ සත්‍ය සියල්ල දැනගත් පසුව ඇගේ මව සොයා සමුදුර තරණය කර වෙඩි ප්‍රහාර මැද ඈ සමඟම සිටි පියෙකි..
07. තංග මීන්ගල්
නූගත්, හරියමං රස්සාවක් නොමැති පියෙකු ලෝකයේ වැඩියෙන්ම ආදරය කරන තම දියණියගේ සතුට වෙනුවෙන් රැයක් දහවලක් නොබලා වෙහෙස මහන්සි වෙන ආකාරය, ඉගෙනීමට කැමැත්ත ඇතුලාන්තයෙන් පැමිණිය යුතු බවත් එය බලහත්කාරයෙන් කෙනෙකුට ලබා දිය නොහැකි බව පෙන්වා දී තිබේ.
08. නායගන්
තරමක් පරිණත වූ දියණියට තම පියා පිළිබඳව ඇති වැරදි වැටහීම් හේතුවෙන් වෛරී හැඟීම් ඇති වුවත්, දියණියක් ලෙස ඈ වෙත පැවසිය නොහැකි කරුණු කාරණා හේතුවෙන් ඉවසීමෙන් යුතුව කටයුතු කළ පියෙකුගේ කතාවකි.
09. රාජා රාණී
අම්මා නැති ලොව අම්මා සහ තාත්තා යන දෙදෙනාගේ ආදරය රැකවරණය ලබා දී, අවංකව තම දියණියගේ යහපැවැතම උදෙසා කටයුතු කරන පියෙකි.
10. කබාලි
දෙදෙනා හදුනානොගත් කාලයේ එකිනෙකා ගැටුනද, පසුව ඔහු ඈ සමඟ ආශ්‍රය කරන්නේ මිත්‍රයෙකු ලෙසය. දුෂ්කර අවස්ථාවලදී ශක්තියක් වී පිටුපසින් සිටි ඔහු ද ආදරණීය පියෙකි.
11. වාරනම් ආයිරම්
තම ආදරය සොයා විදේශ ගත වීමට පිටත් වන තම පුතා හට මිතුරෙකු වී අවවාද ලබා දී දිරිමත් කළ අපේ කාලයේ පියෙකු වාරනම් ආයිරම් චිත්‍රපටයෙන් දුටිමි..
12. තෙරි
තම පවුලම සමූල ඝාතනය කල පසු තම ලොවම කරගත් දියණියගේ සුඛ උදෙසා සාමකාමී ලස්සන දිවිපෙවෙතක් ගත කලද, ඇයටම අනතුරෙක් පැන නගිද්දි නැගී සිටි පියෙකි..
13.විශ්වාසම්
ගමක කඩු කිණිසි සමඟ ජීවිතයගත කල අයෙකු විවාහයෙන් පසු බිරිඳ සහ දරුවා සමඟ හොඳින් ජීවත් වුවද ඔහුගේ මැර ජීවිතයෙන් දරුවාගේ ජීවිතයට හානි වෙයි කියා බිරිය ඈත් වුවද, දරුවාගේ ආරක්ෂාව සඳහා ඇපකැප වන ආදරණීය පියෙකුගේ කතාවකි..
14.බිගිල්
තම පුතා පාපන්දු ක්‍රීඩාව කෙරෙහි දක්වන ඇල්ම දිරිගන්වා තමා මෙන් මැරකම් නොකර, අපරාධකරුයෙකු නොවී හොඳ යහපත් ජීවිතයක් ගත කිරීමට මන්පෙත් තැනූ සෙනෙහෙබර පියකුගේ කතාවකි..
15. තවමායි තවමිරුන්දු
සිත් රිදවන පුතෙකු තම ආදරණීය පියා සමඟ ගත කළ ළමා කාලය සිහිපත් කර දුක් වන ආකාරය, ජීවිතයේ එකම ප්‍රමුඛතාවය වූයේ දරුවන්ගේ යහපැවැත්ම පමණක් යන වග පෙන්වා දුන් ශක්තිමත් පියකුගේ කතාවකි.
????????????????
ඔයාලත් දන්න චිත්‍රපට තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න..