Move to Heaven (2021) Korean | Sinhala Article

Move to heaven (2021) kotean by Dumindu Viduranga

94% liked this TV show Google users
හැමදාම අපි බලන විදියෙ කතා වලින් ටිකක් වෙනස් කතාවක් බලන්න මං හිතන්නෙ අපි කවුරුත් කැමතියි. “Move to heaven” කියන්නෙ අන්න එහෙම කතාවක්. මේ වසරෙ මැයි මාසෙ Netflix original series එකක් විදියට තමයි මේක release වෙලා තියෙන්නෙ. ගොඩාක් අඩුවෙන් කතාබහට ලක්වෙලා තියන එත් බලන්නම වටින කතාවක්. වෙනස්ම තේමාවක් එක්ක තමයි මේ කතාව ගලාගෙන යන්නෙ. ඒවගෙම හරිම Emotional කතාවක්. සාමාන්‍යෙන් ගොඩක් හැඟීම්බර වෙන කෙනෙක්ටනම් බලන්න ටිකක් අමාරු වෙන තරමටම මේක මාරම විදියට දැනෙන්න නිර්මාණය කරල තියනවා.
කතාව ගැන කිඋවොත්, “Hang geu-ru” කියල අවු. 20ක තරුණයෙක් තමංගෙ තාත්තා එක්ක bussiness එකක් කරගන යනව. “Move to Heaven” කියල. මේක Trauma cleaning service එකක්. ඒ කියන්නෙ මෙයාල කරන්නෙ කවුරුහරි කෙනෙක් කුමන හෝ ආකාරයකින් මැරුණම එයා ජීවත් වුණ තැන පිරිසිදු කරල , එතන හිස් කරන එක. එතන ලේ වැගිරුණු තැනක් වෙන්න පුලුවන්, ගොඩාක් ජරා වෙච්ච තැනක් වෙන්න පුලුවන් ඕනම විදියෙ crime scene එකක් මෙයාල නියමාකාරයෙන්ම පිරිසිදු කරනවා. හැබැයි සාමාන්‍ය Trauma cleaning service වලින් මෙ තාත්තගෙයි, පුතාගෙයි cleaning service එක වෙන්ස් වෙනව. මොකද එයාල නිකංම මෙතන පිරිසිදු කරල යනවට එහා ගිය හරි අපුරු දේවල් ටිකක් කරනවා. ඒමොනාද කියල මම කියනවට වඩා මම හිතන්නෙ ඔයාලම ඒක බලන එක තමයි වටින්නෙ. කතාව ගැන තව ටිකක් කිඋවොත් මේ service එක කරගන යන අතරෙදි Hang Ge-ru ගේ තාත්තා හදිසියෙම නැති වෙනව. Geru කියන්නෙ ඔටිසම් රෝග කාණ්ඩයට අයත් “Asperger’s syndrome” කියන මානසික රෝගි තත්වය තියන කෙනෙක්.
මේ කියන්නෙ මන්ද මානසික තත්වයක්ම නෙවෙ, සාමාන්‍යෙන් මේ රෝගය තියන අයගෙ IQ අගය ඉතා ඉහළයි. Ge-ru කියන්නෙත් දෙයක් දැකපු , ඇහුණු සැනින් ඉතා හොඳින් එය මතක හිටින, ඉක්මනින් බොහො දේවල් ඉගෙනගන්න පුලුවන්,නිතරම පිළිවලට ඉන්න කැමති නමුත් හරිම ඉක්මනට කලබල වෙන, මිනිස්සු එක්ක හරියාකාරයෙන් සන්නිවේදන කටයුතු කරගන්න බැරි, තනිවම සමහර දේවල් කරන්න බැරි අසාමාන්‍ය තරුණයෙක්. ඉතින් මේ නිසාම Ge-ru ගෙ තාත්තා තමංට කරදරයක් වුණොත් එයාව බලාගන්න භාරකාරයා විදියට නම් කරල තියෙන්නෙ Ge-ru ගෙ මාමා “cho sung-gu” ව. Sung-gu කියන්නෙ අපිළිවෙලට ඉන්න, කිසිම වගකීමක් නැති කෙනෙක්. මේ වගෙ කෙනෙක් කොහොමද Ge-ru වගෙ ළමයෙක් බලාගන්නෙ, Trauma service එකත් එක්ක මෙයලා මොනවද කරගන යන්නෙ, මෙච්චර emotional වෙන තරමෙ කතාව මොකද්ද කියල ඔයාලම බලන්න.
කතාව බලන්නම වටිනව කියන්න හෙතුව තමයි විනොදාස්වාදය වගේම ඉගෙනගන්නත් ගොඩක් දේවල් තියනව මේ කතාවෙ. Emotional කියල මේක දුක හිතෙන දේවල්ම තියනව කියනව නෙවෙ, කතාව පුරාවටම දුක වගෙම සතුට මැද්දෙ ප්‍රේක්ෂක අපිව දෝලනය කරමින් කතාව ගලාගන යන එක හරිම අපූරුයි. ඒකට කොහොමත් කොරියානු සිනමාව අති දක්ෂයිනෙ. සිනමාකරණය පැත්තෙන් ගත්තම බලන් ඉන්න ආසා හිතෙන විදියෙ වර්ණ සංකලන භාවිතයක් තියනව. ඒවගෙම කතාවෙ ආරම්භයෙ සිට ගලායෑමත් හරිම අපුරුයි. ප්‍රධාන චරිත වල යට ගිය කතා දිග හැරීම හරිම අපුරුවට කරනවා. මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නෙත් ඇත්තම trauma cleaner කෙනෙක් ලියපු සටහනක් inspire කරගන. දැනට season 1ක් පමණක් release වෙලා තිබුණත් කතාවෙ අවසානයෙ පෙන්වන දර්ශනයෙන් තවත් season එකක් ඒවි කියලත් හිතන්න පුලුවන්. ඉතින් විනාඩි 50ක පමණ episode 10ක් පුරා දිවෙන මේ අපුරු කතාව බලනවද නැද්ද කියන එක ඔබට බාරයි.
First episode dateMay 14, 2021
GenreDrama
Written byYoon Ji-ryeon

දුමිඳු විදුරංග

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *