Mouse (2021) Korean by Luxman Aranvala
95% liked this TV show Google users
වසරේ වඩාත්ම ජනප්රිය වූ තවත් කොරියන් සීරීස් එකක්. දකුණු කොරියාවේ පඳුරකට පයින් ගැහුවොත් සීරියල් කිලර්ස් ලා කීපදෙනෙක්ම විසිවෙන තත්ත්වයක් ද තියෙන්නෙ කියලත් හිතෙනවා. කොරියන් සීරීස් වලට ආධුනික නිසා සීරියල් කිලර්ස් ලා සම්බන්ධ සීරීස් තාම බලල තියෙන්නෙ නම් මේකත් එක්ක 3 යි. අර විදිහට හිතෙන්න ඒ බලපු ටිකත් ප්රමාණවත්.

කතාවට අනුව ලෝකෙ පුරාම හිටපු නමගිය සයිකෝපාත් ඝාතකයින්ගෙ ජාන ඇසුරෙන් කරපු පරීක්ෂණයක ප්රතිඵලයක් විදිහට හොයාගෙන තියෙනවා මව් කුසේ දීම ඒ දරුවා අනාගතයේදී සයිකෝපාත් කෙනෙක් වීමේ සම්භාවිතාවය ගැන. ඒ කියන්නෙ උපදින්න ඉන්න දරුවාගෙ ජාන සයිකෝපාත් ජාන හා සැසඳීමේදී 99% ක් ම සයිකෝපාත් කෙනෙක් වෙන බවට තහවුරු කරගන්න පුළුවන්. හැබැයි ඉතිරි 1% මඟින් ඒ දරුවා ජීනියස් කෙනෙක් වෙන්නත් පුළුවන්.
වැඩි ඉඩකඩ තියෙන්නෙ සයිකෝපාත් කෙනෙක් වෙන්න නිසා හඳුනාගත් එවන් දරුගැබ් විනාශ කරල දාන්න නීතියක් සම්මත කරගන්න උත්සහ කරන රාජ්ය තාන්ත්රික විවාදයකිනුයි කතන්දරය ආරම්භ වෙන්නේ. තර්කය පැහැදිලියි. උපදින්නේ දරුණු ඝාතකයෙක් කියල කලින්ම දන්නවනම් උපදින්න කලින්ම මරල දාන්න ඕන. නමුත් උපදින්න කලින් මරල දාන්නේ අනාගත අයින්ස්ටයින් කෙනෙක් වෙන්නත් පුළුවන්. උභතෝකෝටික ප්රශ්නයක්.

සීරීස් එකක් විදිහට මේක ඉතාම සංකීර්ණයි. ඕනාවටත් වඩා අනවශ්යාකාරීව සංකීර්ණ කරපු බවක් දැක්කා. මුල් එපිසෝඩ් 5-6 ට විතර පස්සෙ මේ ඇතුළෙ අනවශ්ය බරක් පටවලා. ප්රධාන දහරාව ගලාගෙන යන අතරේ කතාව මැද්දේ සීරියල් කිලර්ස්ලා මවනවා. ට්විස්ට්ස් මතුකරන එක හරි. නමුත් ට්ව්ස්ට් හදන්නම කරපු අවුල් ගොඩක් මේ ඇතුළෙ තියෙනවා. මට නම් ඒක එක්තරා අන්දමක වෙහෙසකාරී බවක් ගෙනාවා. ප්රධාන කතාවේ හොඳ ට්විස්ට්ස් රැසක්ම තියෙනවා. ඒවා එක්ක පාඩුවේ විස්මයට පත්වෙලා අවසානයක් දකිනකම් කුතුහලයෙන් ඉන්නකොට මේ මැදින් ඔබන අමතර ඝාතකයෝ සහ අතීත සිදුවීම් නිසා මට නම් මේක බලල ඉවර කරනකන් හිසරදයක් වෙලා තිබුණේ.
වර්තමාන සිදුවීමත් එක්ක අමතර අතීත සිදුවීම් ඈඳාගන්න එක තුළ ලොකු ඉෆෙක්ට් එකක් නෑ. අනික් අයගෙ මතය වෙනස් වෙන්න පුළුවන්. කොහොමත් හැමදාමත් වගේ පුදුම වෙනවා මේ කතා ලියන ලිවිල්ලට නම්.
කොහොමහරි 17 වෙනි එපිසෝඩ් එකේ ඉඳන් අවසානය වන තෙක් ගලායෑම හොඳයි. අවසානයත් හිතුවට වඩා හොඳයි. හැබැයි ‘Beyond Evil’ වගේ එකක් එක්ක සංසන්දනය කරාම සමස්තයක් විදිහට ගත්තම මට නම් මේක තියන්න වෙන්නෙ ගොඩක් පහළින්. එහෙම එකක් එක්ක බැලුවම මේකේ අභව්යයි කියල හිතෙන තැන් ගොඩයි. මෙයාලා සාක්ෂි හොයාගෙන යනවට වඩා වෙන්නෙ සාක්ෂි මෙයාලව හොයන් එන එකයි. දැකපු හොඳ දේවල් විදිහට ‘Mouse’ කියන ටයිට්ල් එක කතන්දරයට අදාළ වෙන හැටි අපූරුයි. ඝාතකයාගේ ළමා කාලය නිරූපණය කරන පොඩි එකා සුපිරියි. ‘The Live Broadcast’ හෙවත් 5 වෙනි එපිසෝඩ් එක මම සීරීස් එකකින් බලපු උද්වේගකාරීම එපියයි. එතන ප්රධාන පොලිස් පරීක්ෂකයාගෙ රංගනය අතිවිශිෂ්ටයි. කොහොම වුණත් මට නම් හොඳම එකක් නම් නෙමේ, හොඳ එකක් පමණයි.
****************************************************
Written by : Choi Ran
Directed by ; Choi Joon-bae
Kang Cheol-woo
Produced by
Jeong Hoe-seok
Nam Gun-jung
Starring
Lee Seung-gi
Lee Hee-joon
Park Ju-hyun
Kyung Soo-jin
Composer
Park Si-Joon
Country of origin
South Korea
Original language
Korean
No. of episodes
20 + 3 (special episodes) + 2 (spin-off)
A great post without any doubt.