Mookuthi Amman (2020) Tamil | Sinhala Article

Mookuthi Amman (2020) Tamil 

 

ගූගල් පරීශිලක දර්ශකය 95%
IMDB 6.9/10

දෙවියන් ඔයා ගාවට එයි කියලා හිත හිතා ඉන්න එපා.
එයා අනිවාර්යයෙන් ඔයා ලගට එනවා මොකද, ඔයා දෙවියන් වහන්සේ විසින් තොරාගත් දරුවෙක් නිසා.

මම ඔයාගෙන් අහනවා ඔයා සතුටින්ද ඉන්නේ කියලා.ඔයා කියයි සමහර විට නැ කියලා. එකට හෙතුවක් විදියට කියයි මට සල්ලී නැ කියලා.එතකොට මම ගොඩක් හොදට සල්ලී තියෙන කෙනෙක්ගෙන් අහනවා ඔයා සතුටින් ද ඉන්නේ කියලා.එයා කියයි නැ මට සල්ලී තිබ්බට සතුට නැ කියලා.මිනිසුන් ජීවිතේ සතුටින් හිටියානම් දේවාලවල ඔච්චර පළතුරු වට්ටි එකතු නොවෙන්න තිබුනා නේද ?

මේ ලොකේ දෙවියෝ ඉන්නවා ද? එක ගැන තමයි අද අපේ කතාවෙන් කතා කරන්නේ.ඉතින් කතාව ගැන කියන්න කලින් අපි මේ ලොකේ දෙවියෝ ඉන්නවාද කියලා ටිකක් බලලා ඉමු.මේ ලොකේ අද වෙනකන් දෙවියෝ දැකපු කෙනෙක් නැ.එත් බුදුදහමට අනුව ලොකේ එකම එක දවසක ඔයාට පුළුවන් දෙවියෝ දකින්න.ඒ තමයි ලොක විවරණ මහා ප්‍රාතීහාර්‍ය වෙන දවසට. එක ලස්සන කතාවක් මම එක ටිකක් ඔයාලට කියන්නම්. අපේ බුදුන් වහන්සේ තමන්ගේ අම්මාට දර්මය දේශනා කරලා ආයේ සංකස්ස පුරයට වඩිනවා. ඒ වේලාවේ පියවි ඇසින් මිනිසුන්ට දෙවියෝ දකින්න පුළුවන් වෙනවා. ඔයාලා පංසල් වල දැකලා ඇති බුදුන් වහන්සේ ඉනිමගකින් වඩින සිතුවමක් අන්න ඒ තමයි මම ඔය කියපු සිදූවිම.ඉතින් ඒ අනුව අපිට කියන්න පුළුවන් දෙවියෝ කියලා කොටසක් ඉන්නවා කියලා. ඉතින් මෙහෙම ඉන්න දෙවියෝ කොයි වගේද කියලා අපිට කියන්න බැ.එත් අපිට දේවාල වලින් දේව පිංතූර බලා ගන්න පුළුවන්.මිනිසුන් පුද පූජා පවත්වලා දෙවියන්ට වන්දනාමාන කරනවා.එක වරදක් නැ.එත් ඒ භක්තිය අපේ සීමාවක් එක්ක තියා ගන්න ඔනා.එතනින් එහාට ගියාම අපිව අපිට හොරෙන්ම රැවටීමට ලක් වෙනවා.

මේ ලොකේ හැම දේකටම මිලක් තියෙනවා.අපේ හැගීම් වලටත් එක එහෙමම තමයි කියලා මට හිතෙනවා. ඉතින් මේ ගැන තමයි අද අපේ කතාවෙන් කතා වෙන්නේ.

Long schedule of Nayanthara's 'Mookuthi Amman' wrapped up | Tamil Movie News - Times of Indiaඑංගල් රාමසාමි කියන්නේ දරුවන් හතර දෙනෙක්ගේ පවුලේ වැඩ්මහල්ම පුතා. තාත්තා හැර ගිය නිසා පවුලේ වගකීම් එයාගේ කර මතට පැටවෙනවා.ඒ අතර ඔහුගේ අම්මාත් දෙවියන්ගේ බැතිමතෙක්. පවුලේ කරදර වලින් තැලී ජිවත් වෙන මෙයාලට පිහිටට මුක්කුති අම්මාන් දෙවියන් එනවා.ඉතින් එතනින් එහාට එයාලාගේ ජීවිතය වෙනස් වෙනවා එක කොහොමද වෙන්නේ කියලා ලස්සන කතාවක් විදියට ගලා ගෙන යනවා.

කතාව අරම්භ වෙනකොටම අපිට අරමුණක් හදලා දෙනවා. එක නිසා මෙය නරඹන කෙනෙක්ට කුතුහලයක් හෝ හිතින් මවා ගැනීමක් සිදු කරන්න ඔන වෙන්නේ නැ.ආරම්භක් දර්ශනය ඉතාමත් සිත් ඇද ගන්නා සුළු නිසා.අපිව මොහොනතකට සංසුන් කරවනවා. එතන ඉදන් පළවෙනි අඩ හොරාව පුරාවටම කතා වෙන්නේ රාමසාමිගේ පවුලේ දුප්පත්කමත් එක්ක එයාලාගේ ආගමික භක්තිය ගැනයි.එය එතරම් සංවේදී නොවන විදියට තමයි නිර්මාණය කරලා තියෙනවා. ඇයගේ අම්මාගේ නිතර කියවිල්ල නිසාම සමහර අවස්තාවලදී චිත්‍රපටයට අනවශ්‍ය පීඩනයක් එල්ල කරලා තියෙනවා.පළවෙනි අඩ හොරාව එකාකාරී විම නිසා ආරම්භය සාර්ථකයි කියලා කියන්න බැ නමුත් විහිළු තහළු එක්ක එකතු විම නිසා තරමක් සතුටු දායක විදියට බලන්න පුළුවන් වෙලා තියෙනවා.

පවුලේ දරුවෝ හතර දෙනෙක්, එකෙනුත් තුන් දෙනෙක් ගැණු දරොවො ඉන්න ගෙදරත් ගොඩක් දුප්පත් මේ ඔක්කම ඒ වගෙම එකම ඉන්න පුතාටත් කසාදයක් හරියන්නේ නැ එතකොට අම්මා කෙනෙක් කරන්නේ නොපෙනෙන දෙවියන් යදින එක නේද ? එක අපිට හරී ද වැරදිද කියනවාට වඩා මමනම් දකින්නේ අසරණ කම කියලා.මේ කතාවේදී මේ සංවේදී සිදුවිම් නිර්මාණය කිරිමේදී සංවේදී කම අයින් වෙන විදියට නිර්මාණය කරලා තියෙනවා. එක චිත්‍රපටය තුලින් මම දකින විශේෂ ලක්ෂණයක් කියන්න පුළුවන්.නමුත් එය එතරම් සාර්ථක තොරා ගැනීමක් නොවිම කණගාටුවට කරුණක් විදියට මම දකිනවා.

සියලු ප්‍රශ්න වලට විසදුම් හොයන්න පවුලේ දේවාලෙට ගිය අවස්තාවේ මුක්කුති අම්මාන් දෙවියෝ රාමසාමි ඉදිරියේ පෙනී සිටිනවා ඒ දර්ශනය ඉතාමත් අලංකාරයි කියලා කියන්න පුළුවන් වෙනවා. සැබෑ ලෙසම අප කිසිදා දෙවියන්ගේ රූපයක් දැකලා නැ.එහිදී බොහො දෙනාගේ සිතේ මැවුන ආකාරයෙන් තමයි දෙවියන්ව නිර්මාණය කරලා තියෙන්නේ. දෙවියෝ අහසේ ඉන්නවා කියලා කියන සංකල්පය නිවරදී කියලා නිර්මාණය තුලින් පෙන්වා දී තියෙනවා. නයනතාරා තුලින් දේව රූපය නිර්මාණය කිරිමේදී ඉතාමත් ලස්සන කොටස් එකතු කරලා තියෙනවා.දකුණු අත ත්‍රීෂූලය , රත් පැහැ ගැන්වූ සාරීය , අඩ නිල්වන් දෙනෙත් , හිස පලදනාව, මාල හත, කොන්ඩ මොස්තරය මේ සියල්ලගෙන්ම දෙව සංකලපය ඉතාමත් අලංකාර ලෙස නිර්මාණය කරලා තියෙනවා.දේව රූපය නිර්මාණය අතින් නිර්මාන කරුවා සාර්ථක වෙලා තියෙනවා කියලා කිවොත් මම හරී කියලා හිතනවා.

දෙවි කෙනෙක් හමු වු විට අප සියලු දේ ඉල්ලා සිටිම සාමාන්‍ය දෙයක්.රාමසාමිත් එය එලෙසම සිදු කරනවා.ඒ දර්ශනයන් නරඹන විට අපට ඇලඩින්ව මනසට නැගෙනවා.නමුත් මෙහි එක් දර්ශනයක රාම සාමී හට ආස බයික් එකක් දෙවියන් ලබා දෙනවා එවිට ඔහු එහි නැගී යන ආකාරය නිර්මාණ කරුවා පෙන්වා දී තියෙනවා. එහිදී බයිසිකලය නිශ්චලව තබා පසුබිම චලනය වන ආකාරයෙන් එය නිර්මාණය කරලා තියෙනවා.නමුත් එය එතරම් සාර්ථක ලෙස සිදු කරලා නැ එම නිසා මෙය නරඹන කෙනෙක් හට ඉතාමත් අකීකරු දර්ශනයක් විදියට පෙන්නුම් කරනවා.එම කොටස් තවත් අලංකාර උනානම් චිත්‍රපටයට ආලොකයක් වෙන්න තිබ්බා කියලා මට හිතෙනවා.

එතන් සිට දෙවන අඩ හොරාව ගතවෙනතුරුම දෙවියන් සමග යන දෙබස් එකතු කරලා තියෙනවා.සමහර කොටස් ඉතා අලංකාර වෙනකොට තවත් කොටස් නරඹන අපට අපහසුතා ඇති කරනවා.ඉට උදාහරණයක් විදියට රාමසාමි මේ පැය බාගෙන් බොහෝ වෙලාවක් එක දිගට කියවිම පෙන්නුම් කරන්න පුළුවන්.එය මුහුනට හිනාවක් ගෙනාවත් අනවශ්‍ය කොටස් විදියටයි මම දකින්නේ. චිත්‍රපටය පලවෙනි හොරාවෙන් අනතුරුව තරමක් වෙනස් ආකාරයෙන් ගමන් කරනවා.මිනිසුන් දෙවියන් යදින්නේ ඇයි යන්න ඉතාමත් හොදින් කතා කරනවා. මුක්තු අම්මාන් කොවිලට මිනිස්සු නොපෙමිනෙන විට තුඹසකින් කිරි ගලන්න සලස්වනවා.ඒ තුලින් කෙලින්ම නිර්මාණ කරුවා මිනිසාගේ කනට පහරක් ගසනවා කියලා කියන්න පුළුවන්.එය භක්තියද? මොඩ කමද යන්න ඔහු අපෙන් ප්‍රශ්න කරනවා.

Mookuthi Amman movie download Isaimini {2020}// Mookuthi Amman full movieචිත්‍රපටයේ සැබෑ කතාවට එකතු වෙන්නේ බාබා හදුන්වා දිමත් එක්කයි.ඔහු බක්තිය කියාගෙන මිනිසුන් රවට්ටන්න පටන් ගන්නවා.ඒ තුලින් සල්ලී හොයාගෙන ඔවුන් සුර සැප විදින ආකාරය පෙන්වා දී තියෙනවා.එය ඉතාමත් සූක්ෂම වගෙම විනොදාකාරී විදියට පෙන්වා දෙනවා.අන්ධ විශ්වාස හා භක්තිය එක්ක දොලනය වෙන විදියට මේ කොටස් නිර්මාණය කරලා තියෙනවා.කෙලින්ම බාබාගෙන් ප්‍රශ්න කරන කොටසේදී පවා අන්ධ භක්තියයට කනේ පහරක් ගහන්න නිර්මාණ කරුවා සමත් වෙලා තියෙනවා.ඒ කොටස් නිසා පලවෙනි හොරාවෙදී නැති ඌ ජව සම්පන්න ගතිය කතාවට එකතු වෙලා තියෙනවා.

එය උච්චතම අවස්තාව සමග එකතු කරන නිර්මාණ කරුවා මුක්කුති අම්මාන් හා බාබාගේ මිනිසුන් අතර සටනක් පෙන්නුම් කරනවා.එහිදී දේව ශක්තිය ගැන නිර්මාණ කරුවා ඉතාමත් තදින් කතා කරනවා. දෙවියන්ගේ පහර අකුණු සැරකට වඩා ශක්තිමත් කියලා අපට පහදා දෙනවා.එම දර්ශන ඉතාමත් තාත්වික විදියට නිර්මාණය කරලා තියෙනවා.ඒ වගෙම නරඹන කෙනෙක්ට දේවියන් කෙරෙහී භක්තියක් ඇති කරන්න ඒ දර්ශන සමත් විම සතුටට කරුණක් කියන්න පුළුවන්.

දෙවියන් පෙනී සිට ඇවිදිමට ගන්නා මොහොතේ ආගමික දේව ගීතයක් පසුබිමෙන් වාදනය කිරිම නිසා මේ දර්ශනය මනසට ඉතාමත් තදින් කා වදිනවා.මෙය චිත්‍රපටයේ ලස්සනම දර්ශනය කිවොත් මා නිවරදීයි. මේ වෙනකොට චිත්‍රපටය ඉතාමත් ඉහල හැගිම් වලින් පරීපූර්ණ කරලා තියෙනවා. අවසානයේ සියලු දේ වෙනුවෙන් දෙවියන් සාමාන්‍ය ස්ත්‍රී සූරූප දරාගෙන බාබා ඉදිරියේ පෙනි සිට්මින් අන්ධභක්තිය හා විශ්වාසය අතර තීරණාත්මක සටනක් සිදු කරනවා.එය ඉතාමත් ප්‍රායෝගීක ප්‍රශ්න සමග සංසදනය වන නිසා චිත්‍රපටයේ කතා තෙමාව හරවත්ව පෙන්වා දීමට සමත් වෙලා තියෙනවා.

We need movies that teach good values: Mookuthi Amman director RJ Balaji | Entertainment News,The Indian Expressමේ චිත්‍රපටය මිනිසුන්ගේ මානුෂික හැගිම් වලට තැන දීමට ගත් උත්සහයක් කියන්නත් පුළුවන්.එක් අවස්තාවකදී රාමසාමි තමාගේ වැඩ්මහල් නැගනිය වර්ණනා කර ඇයගෙන් ආසාවන් ගැන විමසන දර්ශන ඉතාමත් සංවේදී කියලා කියන්න පුළුවන්. චිත්‍රපටයේ පලවෙනි හොරාව ටිකක් පසුගාමී තත්වයක් තිබුනත් සමස්ත කතාවම එක්ක ගත්තාම සාර්ථක චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්.මේ චිත්‍රපටය මගින් දෙවියන් නැත යන අදහස දීමට වඩා අන්ධ විශ්වාස වෙනුවෙන් හඩක් නගන්නට උත්සහගෙන තියෙනවා කියලා කියන්න පුළුවන්. නයනතාරාගේ රංගනයත් ඉතාමත් විශිෂ්ඨ මට්ටමකට තිබුනා.ඇය තුලින් ජීවමාන දේව රූපය ඉතාමත් අලංකාර ලෙස පෙන්නුම් කිරිම නිසා චිත්‍රපටයේ හරය තවත් ලස්සන උනා කියලා මට හිතෙනවා.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ආර් ජේ බාලාජී විසින් වන අතර මෙහි විශේෂත්වය වන්නේ ඔහුම රංගනයෙන් දායක විමයි.එමෙන්ම චිත්‍රපටයේ ප්‍රදාන නිලිය විදියට නයනතාර රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය 2020 නොවැම්බර් 14 දින ඩිස්නී+ හොට්ස්ටාර් නිකුත් කරා.

චිත්‍රපටය අලංකාර ගීත හයකින් වරණවත් වෙනවා.සියලු ගීත වෙනුවෙන් චිත්‍රපටය තුල විනාඩි 21 වඩා කාලයක් වෙන් කර තිබිමත් විශෙෂ කරුණක් විදියට දක්වන්න පුළුවන්.

පවුලේ සියලු දෙනාටම එකතු වෙලා මේ චිත්‍රපටය ගොඩක් ආසාවන් බලන්න පුළුවන්.

තාරුක නිරෝෂාන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *