Monalisa (2022) Sinhala Short Film | Sinhala Article

Monalisa (2022) Sinhala Short Film by Ramitha Vimukthi

මේ අවුරුද්දේ නරඹන්නට ලැබුණු වෙනස්ම රස වින්දනයකින් සමන්විත චිත්‍රපටයක් මොනාලීසා. මෙය අධ්‍යක්ෂණය කළ Anushka Rasanjana Desilva සහෝදරයා, ඔහුට සිනමාව සම්බන්දව ඇති passion එක ප්‍රභලව පෙන්නුම් කළ නිර්මාණයක්‌. සරලවම කිව්වොත් මේක මූඩ් වැඩක්. අපේ සිනමාවේ මෑත කාලයේ නෙත ගැටුණු තිර පිටපත් ගැන සලකා බලද්දී, වෙනස්ම ආරයක නිර්මාණශීලී පැතිකඩක් පෙන්නුම් කරපු වැඩක්.

ස්පොයිල් වීමට ඉඩකඩ වැඩි නිසා කතාව සම්බන්දව වැඩි විස්තරයක් කියන්න යන්නේ නැත. කතාවේ නමටම කෙලින්ම සම්බන්ද වනවා ලියනර්ඩෝ ඩාවින්චී විසින් චිත්‍රයට නැගුණු මොනාලිසාව. මොනාලිසා සැබවින්ම ජීවමාන වූ කාන්තාවක් ලෙස අප අසා තිබුනත්, එම චිත්‍රය විවිද දෘෂ්ටි කෝණයන්ගෙන් අධ්‍යනය වුනු ලෝක ප්‍රකට නිර්මාණයක්‌ බවට පත්වුනා. එම නිසා එහිදී එලෙස ජීවමාන වුනු කාන්තාව වටා ඩාවින්චීගේ පුද්ගලික පරිකල්පනයද ප්‍රධාන වශයෙන් දායක වන්නට ඇති යන අදහසද අපට ඉවත දැමීමට අපහසුය. චිත්‍ර ශිල්පියෙකුට නැතිනම් ඕනෑම ආකාරයක කලා ශිල්පියෙකුට අත්‍යවශ්‍යම අංගයක් මෙම පරිකල්පන හැකියාව. එම පරිකල්පන හැකියාව මෙම කෙටි චිත්‍රපටය තුලින්ද දැක ගන්නට පුළුවන්.

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දක්වන රෙබේකා දිල්රුක්ෂිගේ පෙර රංගනයන් තවම දැකලා නැත. නමුත් මේ චිත්‍රපටය ගලා ගිය විනාඩි 16 ක කාලය පුරාවටම, ඇගේ රංගනය මගේ අවධානය ආරම්භයේ සිට අවසානය දක්වා දිනා ගැනීමට සමත් වුනා. අපේ රටේ මෑත කාලයේ සිටින රංගන ශිල්පිනියන්ගෙන්, හොඳ හඬ මෙහෙයවීමක් තියෙන ශිල්පිනියක් ලෙස ඇයව හඳුන්වන්නට පුළුවන්. එම නිසා ඇය දුර ගමනක් යා හැකි ශිල්පිනියක් බව ඔප්පු කරන නිර්මාණයක්‌ මෙය. මෙහි ප්‍රධාන නළුවා වන සංජන පෙරේරාද සමස්තයක් වශයෙන් හොඳ රංගනයක් ලබා දුන්නා. ඒ සමගම දෙබස් රචනයද ඉතා ඉහල මට්ටමක තිබුනා. දෙබස් තුල කිසිදු ආකාරයක කෘතිම බවක් දනුණේ නැහැ.

මෙහි කැමරාකරණය, සංස්කරණය සහ සංගීත අධ්‍යක්ෂණය කතාවට අවශ්‍ය ඒ මූඩ්වයිබ් එක ලබා දීමට ප්‍රධාන දායකත්වයක්‌ ලබාදී තිබෙනවා.

මග නොහැර නරඹන්න

Monalisa – Short Film | Official Trailer (2022)

රමිත විමුක්ති

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *